(ලංකා ඊ නිව්ස් -2019.මාර්තු.08, ප.ව.5.30) නීතිපති ජයන්ත ජයසූරිය නීතිය නොදන්නා අබ්බයෙකු බව යලිත් වතාවක් මහජනතාවට ප්‍රදර්ශනය කර තිබේ. ඒ නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව අලි ඇතුන් 04 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 24 ක් ඉදිරිපත් කරමින් සමරක්කුලිගේ නිරාජ් ප්‍රසාන් හෙවත් ‘අලි රොෂාන්’ නමැතු කුප්‍රකට අලි ඇතුන් ජාවාරමා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ විශේෂ මහාධිකරණයට සිදුවීම නිසාය.
නිදහස් කිරීමට හේතු වූයේ නඩුව ආරම්භයේදීම විත්තිකරුවන්ගේ නීතිඥ වරුන් ගෙන ආ මූලික විරෝධයක් පිළිගැනීමට සිදුවීමයි. විරෝධය වූයේ පොදු දේපල, වන සත්ව සහ වෘක්ෂ ලතා ආඥාපනත යටතට ගැණෙන වැරදි විභාග කිරීමට විශේෂ මහාධිකරණයට බලයක් නැතැයි යන්නයි. සත්‍ය වශයෙන්ම එක දිගට නඩු අසන විශේෂ ත්‍රිප්‍රද්ගල මහාධිකරණ පිහිටැවූයේ බරපතළ මූල්‍ය වංචා ඇතුළු නිශ්චිත කරුණු ප්‍රමාණයක් සම්බන්ධයෙන් පමණක් නඩු විභාග කිරීමට ය.
කෙසේ වෙතත් ඒ අධිකරණයෙන් නිදහස් වුවද නඩු ගොනු හා නඩු භාණ්ඩ අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත අපසු යැවීමට පියවර ගන්නා ලෙසට නියෝග කළ විනිසුරු මඩුල්ල මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණ 04 ක් හමුවේ පවරා ඇති නඩු වලට තම අධිකරණය අද නිකුත් කළ නියෝගය බලාත්මක නොවන බව කියා සිටියහ. එමෙන්ම මේ නඩුව කොළඹ සාමාන්‍ය මහාධිකරණයේ යලි පවරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ද පැවසීය.
එසේ වී නමුත් මේ තරම් සරල නීතිමය කාරණයක් නොදැන මේ නඩුව විශේෂ මහාධිකරණයට යොමු කිරීමෙන් නීතිපතිවරයා රටට පෙන්වා ඇත්තේ තමාගේ අඳබාල කම නොවේද? ඔහු පමණක් නොව ඔහුගේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්ලාද මකබාස් ලා බව මෙයින් ප්‍රදර්ශනය කර තිබේ.
මේ නීතිපතිවරයා නීතිය නොදන්නා අබ්බයෙක් බව මහජනතාවට ප්‍රදර්ශනය කළ දෙවැනි වතාව ය. ප්‍රථම අවස්ථාව වූයේ පසුගිය ඔක්තෝබර් කුමන්ත්‍රණයේ දී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවීමට බලයක් නැතැයි කියා පැවරු නඩුවේ දී ය. එහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ප්‍රථම දිනයේදී දැක්විය යුතු මූලික විරෝධය නොදක්වා දෙවන දිනයේදී මූලික විරෝධයක් මතු කරමින් ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු දැමිය නොහැකි යයි 19 වන සංශෝධනය ගැන අබසරණක් නොදන්නා අබ්බයෙකු මෙන් කීවේ ය. එය ප්‍රතික්ෂේප කළ ශ්‍රෙෂ්ඨාධිකරණය අවසානයේ කීවේ 19 වැනි සංශෝධනයෙන් පසුව යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයාට ඇති බලයට හැර ඔහුගේ අන් සියළුම ක්‍රියාකාරකම් නීතිය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බවයි. අවසානයේ නීතිපතිවරයාගේ අබ්බ තර්ක පිළිනොගත් සත් පුද්ගල විනිසුරුවෝ ජනාධිපති ව්‍යවස්ථාව කඩ කළ පුද්ගලයෙකු ලෙස තීන්දු කළ බව කවුරුත් දනිති. ඒ අවස්ථාවේ දී ද නීතිපතිවරයා රටට ප්‍රදර්ශනය කෙළේ තමා නීතිය නොදන්නා අබ්බයෙකු බවය.
නීතිපතිවරයෙකු දේශපාලනිකව රාජකාරි කරන්නට යෑමෙන් මෙවැනි ගොං කම් ප්‍රදර්ශනය කරන්නට වෙන බව දැන්වත් ජයන්ත ජයසූරිය තේරුම් ගෙන තනතුරින් ඉල්ලා අස්වී හරියට දන්නා වෙනත් රස්සාවක් සොයා ගත යුතුය
---------------------------
by (2019-03-08 12:02:29)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි