~

ජනාධිපති සිරිසේන සහ ශවේන්ද්‍ර සිල්වා ජනවාරි 1දා සිදුකළ ‘හෙණ ගහන අපරාධයක්’‍‍‍‍‍‍‍..! (Video)

(ලංකා ඊ නිව්ස් -2019.මාර්තු.09, ප.ව.9.30) ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක් නඩත්තු කළ, ඒ පවුලට තිබූ එකම නීත්‍යාණුකූල ආදායම් මාර්ගය ජනවාරි 01 වෙනිදා දිනයක ගිනි තබා විනාශ කළ හැක්කේ කවර නම් නරුමයෙකුට ද? ඒ නරුමයා ඒ රටේ පාලකයා නම් එවන් රටකට යන කල දසාව කෙසේ විය හැකිද?

මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන් පවුලේ පියා සහ මව යන දෙදෙනාම කොළඹ මහ නගර සභාවේ නගර සභිකයන්ද වන්නේ නම් සාමාන්‍ය අසරණයෙකුට මෙවන් නරුම පාලකයෙකුගෙන් කුමන පිහිටක් ලැබේද? 

සිද්ධිය මෙසේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ධූරය වන මාණ්ඩලික ප්‍රධානී ධූරයට සුදුසුකම් තිබෙන අය කොතෙකුත් සිටියදී නීතියකට ගරු නොකරන සේනාධිනායකයා වන ජනාධිපති සිරිසේන යුද අපරාධ චෝදනා ඇති ශවේන්‍ද්‍ර සිල්වා කම්බි පස් පොටින් පන්නා පත් කරන ලද්දේ ය. ඒ ශවේන්ද්‍රගේ නව බිරිඳ සහ සිරිසේනගේ දුව චතුරිකා අතර තිබෙන යාලු මිත්‍රකමට පිං සිද්ධ වෙන්නට ය. 
 
ශවේන්ද්‍ර සිල්වා ද කිසිදු නීතියකට ගරු නොකරන පුද්ගලයෙකි. ඒ නිසාම රජයේ සේවයේ සිටියදී ව්‍යාපාර කළ නොහැකි වුවද ඔහු ‘බැරකුඩා’ නමින් වෙරළ අයිනේ අවන්හල් ජාලයක් පවත්වාගෙන යයි. දෙහිවල වාසල පාරේ අංක 41/2 දරණ ස්ථානයේ මෙවන් එක් ‘බැරකුඩා’ අවන්හලක් තිබේ. ඊට යාබද 41/3 දරණ හිස් ඉඩම ශවේන්ද්‍ර විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගත් අතර ඊටත් එහායින් 41/4 දරණ ස්ථානයේ පිහිටියේ අප පෙර කී පවුලේ එකම ආදායම් මාර්ගය වූ අවන්හලයි. ශවේන්ද්‍ර මාන බැලුවේ ඒ අවන්හල සහිත භූමියද ගිල ගන්නට ය.   
 
එම පවුල නම් සුනන්ද ලියන පතිරණ සහ එම්.ඒ. දේවිකා යන දම්පතීන්ගේ පවුලයි. මේ දෙදෙනාම පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ නගර සභාවට පොහොට්ටු පක්ෂයෙන් පත් වූ නගර සභිකයෝ වෙති. එම්.ඒ.දේවිකා පෙර තිබූ නගර සභාවේ ද නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කර තිබිණ. මේ දෙදෙනා පෙර කී තමන්ගේ අවන්හල පවත්වාගෙන යන්නේ දැන් වසර 8 ක පමණ කාලයක් තිස්සේ ය.
 
මෙම ඉඩම් වල අයිතිය ඇත්තේ දෙහිවල ගල්කිස්ස නගර සභාවට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට ය. දේවිකා සහ සුනන්ද මෙම ව්‍යාපාරික ස්ථානය සඳහා දෙහිවල ගල්කිස්ස නගර සභාවට වරිපනම් බදු ගෙවන අතර දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කොටසට බදු ගෙවීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඒ සඳහා ඉඩමේ සැලසුම සකස් කර බදු ලිපි ගොනුවක් සැකසීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහකාර වානිජ අධිකාරී (ඉඩම්) වී.එච්.එන්.එන්.විස්සුන්දර මහතා විසින් ප්‍රාදේශීය බදු කමිටුව වෙත යොමු කර ඇතැයි දැක්වෙන ලිපියක්ද සුනන්ද වෙත නිකුත් කර ඇත. මොවුන්ගේ මේ ව්‍යාපාරය නීත්‍යාණුකූල එකක් වන බැවින් ඒ වෙනුවෙන් රජයෙන් ජලය සහ විදුලියද සපයා තිබේ. ඔව්හු ඒ සඳහා බිල් ගෙවති. නීත්‍යාණුකූල නොවන එකක් නම් ජලය සහ විදුලිය සපයන්නේ නැත. නගර සභාවක් වරිපනම් අංකයක් නිකුත් කරමින් වරිපනම් බදු අයකරන්නේ නැත. (අදාල බිල්පත් සහ ලිපි ලේඛන මෙහි දැක්වේ)  
 
එසේ වී නමුත් ජනවාරි 1 වෙනිදා ජනාධිපති සිරිසේන හමුවී සුබ පැතීමට ගිය ශවේන්ද්‍ර සිල්වා මෙකී ව්‍යාපාරය සහිත ඉඩම ද ගිල ගැනීමට මාන බලන බැවින් මෙම ස්ථානය වෙරළ සංරක්ෂණ අධිකාරියට අයත් යැයිද එහි නීති විරෝධී ආපන ශාලාවක් පවත්වාගෙන යනවා යයිද සිරිසේනට පවසා සිටියේ ය. සිරිසේන ද රජ ගොනෙකු වන බැවින් කිසිවක් සොයා නොබලා ශවේන්ද්‍ර ඉදිරියේ පොර වීම සඳහා ඒ වෙලාවේම වෙරළ සංරක්ෂණ අධිකාරියේ ලොක්කාට දුරකථනයෙන් අමතා එදින දවල් 12 වෙන්නට පෙර අර පවුලේ එකම ආදායම් මාර්ගය වූ ආපන ශාලාව කඩා ඉවත් කර ගිනි තබා විනාශ කරන ලෙස නියෝග කෙළේය.
 
ඒ අනුව වෙරළ සංරක්ෂන අධිකාරියෙන් පැමිණ ජනවාරි 1 වෙනිදාම සුනන්ද සහ දේවිකාගේ ආපන ශාලාව කඩා ගිනි තැබුවේ ය. (අදාල වීඩියෝව ඇත)
 
කොම්පඤ්ඤවීදියේ දුම්රිය මග දෙපස තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල ගොඩ නගා තිබූ නිවාස 2009 දී ගෝඨාගේ නියෝග මත කඩා බිඳ දමනවා ලංකා ඊ නිව්ස් සජීවීව වාර්තා කර ඇත. නමුත් ඒ අවස්ථාවේ දී ගෝඨා වැනි මෘගයෙකු පවා ඒ මිනිසුන්ට ඉවත් වීමට අවසාන දිනයක් කල් තබා නිවේදනය කර තිබිණි. ගෝඨා පැරදූ සිරිසේන මෙකී අවන්හල කඩා ගිනි තබන්නේ කිසිදු දැනුම්දීමකින් තොරව ය. නීතිමය කරුණු කාරණා සලකන්නේ නැතිව ය. සේනාධිනායකයා ලෙස ඔහු කළ යුතුව තිබුනේ නීත්‍යාණුකූල අවන්හලක් කඩා ගිනි තැබීම නොව තමන් යටතේ සිටින හමුදාවේ දෙවැනියා හමුදාවේ හිඳිමින් බැරකුඩා ව්‍යාපාරය කරන්නේ කෙසේද කියා වහාම ශවේන්ද්‍රට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීම ය. නමුත් දූෂිත පාලකයෙකුට ඒවා අරහං ය. 
 
මේ අසාධාරණය ගැන පෙර කී සුනන්ද සහ දේවිකා ජනාධිපතිවරයාට කනපින්දම් කියා පසුදාම ලිපියක් ඉදිරිපත් කර ඇතත් මේ වන විට මාස 2 ක් ඉකුත් වී ගියද කිසිදු පිළිතුරක් නැත. (එකී ලිපියේ පිටපතක්ද මෙහි දැක්වේ.)
 
ඉදිරියට එන්නේ බක් මාසය බැවින් සිරිසේනත් ශවේන්ද්‍රත් බක් මහ අකුණු වලින් පරිස්සම් වීම සඳහා හිසට උඩින් අකුණු සන්නායකයක් සවිකර ගත්තාට වරදක් නැත. මන්ද යත් මේවා ‘හෙණ ගහන අපරාධ’ වන බැවිනි 

---------------------------
by     (2019-03-10 03:12:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links