(ලංකා ඊ නිව්ස් -2019.මාර්තු.29, ප.ව.9.30) දිවංගත ගාමිණී දිසානායක මහතාගේ ප්‍රිය බිරිඳ මෙන්ම වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ දයාබර මෑණියන් වූ ශ්‍රීමා දිසානායක හෙවත් වජිරා ශ්‍රීමතී දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත වූවා ය.
ගාමිණී දිසානායක මහතා 1994 ජනාධිපතිවරණයේ අපේක්ෂකයාව සිටියදී ත්රස්තවාදීන් විසින් ඔහු ඝාතනය කිරීම හේතුවෙන් ඒ සටනට උර දීමට ශ්‍රීමා දිසානායක මහත්මියට සිදුවිය. එක්සත් ජාතික පක්ෂයට අවාසනාවන්තම මෙන්ම මාරාන්තික වූ ඒ බිහිසුණු අවස්ථාවේ දී ඇයගේ ධෛර්ය සම්පන්න ඉදිරිපත් වීමට ඒ පක්ෂය පසුකලෙක ඇයට දිය යුතු නිසි ගෞරවය දුන්නා දැයි එජාප පාක්ෂිකයාම කල්පනා කළ යුතුය. කෙසේ වෙතත් ඒ අවස්ථාවේ දී පවා ඇය ඡන්ද ලක්ෂ 27 කට අධික ප්‍රමාණයක් ලබා ගත්තා ය.
අන් දේශපාලන වැන්දඹුවන් මෙන් පසුව දේශපාලනයට නොපැමිණි ඇය තම ගෞරවයත් ත්රස්තවාදීන් විසින් මරා දැමූ සිය සැමියාගේ ගෞරවයත්, දේශපාලනයට පිවිසි දරුවන්ගේ ගෞරවයත් රැක ගෙන ජීවත්වෙමින් රටට දුන් ආදර්ශය වැදගති.
අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ වරුණි තාරුකා මහත්මියගේ මව වූ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය මිය යන විට 77 වැනි වියේ පසුවූවාය. මෙහි දැක්වෙන දිසානායක පවුලේ සේයාරුව නවින් දිසානායක මහතා විසින් අද ප්‍රසිද්ධ කරන ලද්දකි.
තම මෑණියන්ගේ වියෝවෙන් තැවෙන නවීන් සිය පුද්ගලික ෆේස් බුක් පිටුවේ මෙසේ සඳහන් කර ඇත.
“පියාණන්ගේ අකල් වියෝවෙන් අප හට නැතිවූ පිය සෙනෙහසේ අඩුව පිරවූ මෑණියනි, මා ඔබගේ වියෝව කෙසේ දරන්නද? ඔබෙගේ ගුණ කීමට හෝ ලිවීමට මගේ වෙවුලන දෑතට ඉකිබිඳින හදවතට ශක්තියක් නොමැත. ඉතින් අවසරයි, උපදින සෑම ආත්මයකම ඔබේම පුතු වේවා..!
---------------------------
by (2019-03-29 16:37:45)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි