~

අතෙකින් ‌බොදු බලයට කිරිපොවා අනෙක් අතින් තවුහිද් ජමාත් අන්තවාදීන්ට කිරි‌‌පොවා පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බය දක්වා ගෝඨාභය කළ ‌ගෝනි ‌සෙල්ලම..!

හිටපු හමුදා බුද්ධි නිලධාරියෙකුගේ ‌හෙළිදරව්ව

(ලංකා ඊ නිව්ස් -2019.අප්‍රියෙල්.29, ප.ව.5.30) මොහොමඩ් සහ්රාන්ගේ මෙහෙයවීමන්  ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව මුලින්ම අනාවරණය කර ගත්තේ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ පොලිස් බුද්ධි අංශය විසිනි . ඒ මහා ‌ලොකු පරීක්ෂනයකින් ‌නොව සහ්රාන් විසින්ම නිකුත් කළ වීඩියෝ වලිනි. ඒ වීඩියෝ වල ඔහු ‌ස්ථාන පවා කියමින් ඒවාට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බව බවසයි. ‌මේ තොරතුරු ඉන්දියානු මධ්‍යම රජය වෙත ලබා දුන්නේ ද තමිල්නාඩු ප්‍රාන්ත රජයේ පොලිස් බුද්ධි අංශය යි. රෝ සංවිධානය අතට පත්වූ එම තොරතුරු වැඩි දියුණු කොට ශ්‍රී ලංකා රජය වෙත ලබා දුන්නේය.  ''රෝ'' බුද්ධි අංශය ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයට මෙම තොරතුරු ලබා දුන්නේ අප්‍රියෙල් මස 3 වන දිනය. ආරක්ෂක ලේකම්  ඒ පිලිබඳව සිරිසේන දැනුවත් ක‌ෙළේ නැතැයි කියන කථාව අමූලික බොරුවකි. හේමසිරි ප්‍රනාන්දු මේ පිලිබඳව සිරිසේනට සැල කළ විට '' මම තිරුපති යනව,  පොලීසියයි හමුදාවයි ඉන්නෙ ඒවටනෙ  '' කියා සිරිසේන ලිස්සා ගියේය.  ‌සිරිසේන මෙවැනි ලිපි සාමාන්‍යයෙන් ‌යොමු කරන ඔහුගේ උපදේශක ශිරාල් ලක්තිලක ‌වෙත ‌මේ ලිපියද ‌යොමු කර තිබිණ. ආරක්ෂක ලේකම් පමනක් නොව පොලිස්පති ද ''වියහැකි'' ප්‍රහාරය පිලිබඳව සිරිසේන දැනුවත් කොට තිබුණි . කරුණු එසේ හෙයින් අවුරුද්දට බුලත් දෙන්න ගිය විට කිසිවෙකුට යලි යලිත් ඒ ගැන සිරිසේන සමග කථා කරන්නට අවශ්‍යතාවයක් ‌නොවීය.

පැජට් පාරේ වළං හෝදන්නා දුන් අයිඩියා එක

පාස්කු දිනයේ ''විය හැකි ප්‍රහාරය'' පිලිබඳව සිරිසේන සහ සුද්දයෙන්ම දැනුවත් වී තිබුණි. එපමනක් නොව  සිරිසේන, ජනපති කාර්යාලයේ කිහිප දෙනෙකු සමග ඒ පිලිබඳව සාකච්ඡාවක්ද කර තිබුණි. නමුත් එම සාකච්ඡාවේදී කථා ක‌ෙළේ රටේ ආරක්ෂාව ගැන නොවේ. එහිදී කථා ක‌ෙළේ සිරිසේනගේ ප්‍රතිරූපය පිම්බිය හැකි ක්‍රම පිලිබඳවය. ප්‍රහාරයක් එල්ල වුව හොත් එය මත්ද්‍රව්‍ය මා‍ෆියාවේ පිට දමා සිරිසේන වීරයයෙකු  කිරීමට එහිදී තීරණය විය. මෙම  මෙහෙයුමට පැජට් පාරේ වළං හෝදන ගුවන් හමුදාපති කපිල ජයම්පතීද සහභාගී වූයේය. සිරිසේන  ගොඩ බහින විට  ගුවන් තො‍ටුපොලේ බෝම්බයක් අටවා ඔහුව තවත් ''අප්'' කිරීමේ කෙස් කෙලින් කරන සැලසුම ඉදිරිපත් ක‌ෙළේ ද ඔහුය. ගුවන් හමුදාවට මෙවැනි සෙල්ලම් ආගන්තුක නැත.

ඉතිහාසගත ගෝනි සෙල්ලම්

චන්ද්‍රිකා රජයේ අවසාන කාලයේදී  රජයේ හමුදා දිගින් දිගටම ලැබුවේ පරාජයන්ය. ආරක්ෂාව බාරව සිටි  අනුරුද්ධ රත්වත්තේ බින්දුවට වැ‍ටුනේය. නංනත්තාර  වූ රත්වත්තේ ''අප්'' කිිරීමේ කොන්ත්‍රාත්තුව  බාරගත්තේ ගුවන් හමුදාපති වලත්ත වීරක්කොඩිය. රත්වත්තේ ‍රැගත්  VVIP  හෙලිකොප්ටරය වව්නියාව අසල ආරක්ෂිත ප්‍රදේශයකට හදිසියේ ගොඩ බෑවේය. දැන් හෙලිකොප්ටරය අතුරුදහන්ය. ආරක්ෂක ඇමති ගැන තොරතුරක් නැත. හමුදා මූලස්ථාන නොසන්සුන්ය. ආන්ඩුව වික්ෂිප්තය . මාධ්‍ය  එකම ලැව් ගින්නකි . පැය කිහිපයකින්  මඩ දූලි නා ගත් රත්වත්තේ ඇතුලු පිරිස  වව්නියාවෙන් මතුවිය . කාර්මික දෝෂයක් නිසා යානාව ඝන කැලෑවේ ගොඩ බෑ බවත් කොටි භූමිය හරහා පයින් ආ බවත් ඔවුහු ත්‍රාසජනක කතාවක් කීවෝය. පසුදා වන විට  අනුරුද්ද රත්වත්තේ ජාතික වීරයෙකි . ගෝටාබයගේ පිත්තල හන්දියේ මරාගෙන මැරෙන බෝම්බයද මෙවැන්නකි. 

සිරිසේන ''අප්'' කිරීමට සෙල්ලම් බෝම්බ

පාස්කු දින ප්‍රහාරය කිසිවෙකු නොසිතූ තරම් බරපතල එකක් විය. නමුත් සිරිසේනට එහි බරපතලක් නොවිණි .  ඔහු බැලුවේ  ප්‍රහාරය මත්ද්‍රව්‍ය මා‍ෆියාව පිට පටවා ''මං පොර'' වීමටය. ඇඳිරි නීතිය දැමීමට පවා ඔහු පළමු වටයේ දී විරුද්ධ වූයේ එබැවිනි. සිරිසේන ක‍ටුනායකට ගොඩබහින විට පොරොන්දු වූ පරිදි ජයම්පතී බෝම්බය අටවා තිබුනි. ක‍ටුනායක ගුවන්තො‍ටුපල බෝම්බය අටවා තිබුනේ පී.වී.සී බටයක් තුල යයි සහ එය අඩි 6 දිග යයි ගුවන් හමුදාව කීවේය. ජනමාධ්‍ය අවිචාරවත්ව  වාර්තා ක‌ෙළේ ගුවන් හමුදාව කී කථාවය. නමුත් පොලිස්  විශේෂ කාර්ය බලකාය කීවේ  ගුවන් තො‍ටුපල බෝම්බය සෙල්ලම් එකක් බවය. සිරිසේනගේ  ගෝනි සෙල්ලම නිසා රජයට වූ පාඩුව කෝටි ගණනකි. ගොඩබෑමට නියමිත වූ ගුවන් යාන ගණනාවක් හරවා යැවිණි. ජනතාව මුහුන පෑ දුෂ්කරතා කෝටියකි. 

මාව අස් කළොත් ඇත්ත කතාව ''ලීක්'' කරනව

ලංකාවට පැමිණි සිරිසේන ආරක්ෂක ලේකම් හෝ පොලිස්පති කැඳවා අස්වෙන්න කීවේ නැත. සිරිසේන ක‌ෙළේ දිගින් දිගටම ගෝනි සෙල්ලම් පෑමය. ආරක්ෂක ලේකම් හේමසිරිගෙන් අස්වෙනවාද කියා විමසා සිටියේ දූතයෙකු මාර්ගයෙනි.  ''මාව අස්ක‌ළොත් ඇත්ත කථාව 'ලීක්' කරනව ''. හේමසිරිගෙන් ලැබුනේ එවන් පිළිතුරකි. අවසානයේ ඔහු ඉල්ලා අස්වූයේ තානාපතිකමක් දෙනවා කියා සිරිසේන දුන් පොරොන්දුව නිසාවෙනි. පොලිස්පතිට අස්වෙන්න කීවද ඔහු අස්වූයේ නැත. අස්කළ ආරක්ෂක ලේකම් වෙනුවට වෙනත් අයෙක් පත් කිරීම සහ නව පොලිස්පති වරයෙකු පත් කිරීම සිය ධූරකාලයේ සිරිසේන මුහුන දුන් දුෂ්කරම අභියෝගය විය. සිරිසේනගේ මානසික ආතතිය කොතෙක්ද යත් කොන්ඩය ඩයි කිරීම පවා අමතක වී තිබුණි . වෙනදා මොන වැඩේ තිබුනත් අංක 1 ප්‍රමුඛතාව හිමිවූයේ කොන්ඩය ඩයි කිරීමටය. ‌

දැන් ‌මේ තරම් බරපතල තත්ත්වයක දී රටට ආරක්ෂක ලේකම් ‌කෙනෙකු නැත. සිරි‌සේන වැනි පජාත ‌දේසපාලුවෙක් යටතේ ආරක්ෂක ‌ලේකම් ධූරය බාර ගැනීමට කිසිවෙකු කැමැති නැත.

සිරිසේන පිස්සෙක් නොව අපරාධ කාරයෙකි

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් සුරැකීමේ ජාත්‍යන්තර ගිවිසුමට (ICCPR) ශ්‍රී ලංකා රජය බැඳී සිටියි. එය අත්හල නොහැකි වගකීමකි.  ප්‍රහාරය පිලිබඳ තොරතුරු ආරක්ෂක අමාත්‍යංශය වෙත ලබාදුන් බවට ඉන්දියානු රජය සාක්ෂිය. ‌කොළඹ ඉන්දීය මහ ‌කොමසාරිස් කාර්යාලයෙන් සිරිසේනට පුද්ගලිකවමද ‌මේ ගැන දැන්වූ බවට සාක්ෂිය. සිරිසේන සිය වගකීම සාහසික ලෙස පැහැර හැර ඇති බව දැන් ඔප්පුවී ඇත. සිරිසේන ICCPR  ප්‍රඥප්තිය අමු  අමුවේ උල්ලංඝනය කොට ඇත. ‌ලොව අංක එකේ ධන කුවේරයන්ද බලවතුන්ද ඇතුළු 350 කට අධික ජීවිත බිළිගැනීමට  ජාත්‍යන්තර ත්‍රස්තවාදයකට දැන දැන අවස්ථාව සලසා දී‌‌මේ අපරාධයට සිරිසේන ජාත්‍යන්තර අධිකරණයට පැමිණවිය හැකි යයි ඉන්දියාව සිරිසේනට අනතුරු අඟවා තිබේ. සිරිසේන ආරක්ෂක ‌ලේකම්ගේ සහ ‌පොලිස්පතිගේ ‌පිට තියා ඔවුන්ගේ බෙල්ල කන්නට තටමන්නේ ‌මේ නිසා ය.

අයි.එස්. පිට දමා ප්‍රහාරයක් එල්ලවන බව ලංකා ඊනිවුස් ප්‍රකාශ කලේ පසුගිය ජනවාරි මාසයෙදීය. එහි මූලික ඉලක්කය මැතිවරණ සිතියම උඩුයටිකුරු කිරීමය. මෙකී මෙහෙයුම දියත්කරන්නේ ගෝටාබයගේ දේශීය අනුග්‍රහයෙන් බව එහි ලියා ඇත. කැමති වුවද අකමැති වුවද ඊ නිවුස් ලියූ දෙය සිදු වී හමාරය. නමුත් අතීතය වැළඳීමේ පුරුද්දක් ඊ නිවුස් අපට නැත. අවැසි අයෙක් වෙතොත් පෙර ලිපි කියවා බැලිය හැක.  (https://m.facebook.com/story.php?story_fbid=2235217139876772&id=219430344788805&refid=18&__tn__=*s-R)

මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය දක්වා ගෝටාබය මුස්ලිම් ජනතාව කෙටවූ හැටි

ගෝඨාභය අතෙකින් ‌බොදු බල ‌සේනා අන්තවාදයට කිරි ‌පොවමින් අනෙක් අතින් මුස්ලිම් අන්තවාදයට කිරි ‌පෙව්වේ ය. එකිනෙකා එකිනෙකාගේ අන්තවාදය විකුණමින් වර්ධනය ‌කෙරෙව්වේ ය.

අෂ්රොෆ් ඝාතනයෙන් ආරම්භ වූ මුස්ලිම් බිලි පූජාව සෑම මැතිවරණයකම  අනිවාර්ය අංගයක් විය. එහි ආසන්නතම සිදුවීම පාස්කු දින ප්‍රහාරයයි. මෙකී ප්‍රහාරය එක් ‍රැයකින් සිදුවූවක් නොවේ. එකී විකාෂණයේ සංක්ෂිප්තය පහත පරිදිය.

1. යුදෙව් කේන්ද්‍රය නොහොත්  ‘‘ෂබාඞ් නිවස’’ (යුදෙව්  මූලධර්මවාදී ගුරු කුලය)  කොල්ලූපිටියේ ග‍්‍රීන් පාත්හි පිහි‍ටු වීමට අවසර දුන්නේය.
 
2. යුදෙව් ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා පහසුකම් සැලසීම. මඩකලපුව දිස්ත්‍රික්කයේ සියොන් පල්ලි 30 කට ආසන්න ප්‍රමාණයක් ගොඩ නැංවීම. එපමනක් නොව ඊශ්‍රායෙල් සහ ඇමෙරිකන් කොඩි ‍රැගෙන යන ‍රැලි සංවිධානය ‌කෙළේය.  කාතන්කුඩි සහ මඩකලපුව අතර ඇත්තේ විනාඩි 10ක දුරකි. ඊශ්‍රායෙල් කොඩි ‍රැගත් පෙලපාලි මුස්ලිම් ජනතාව ප්‍රචන්ඩත්වය කරා කැඳවීමට ඇටවූ කෙමනකි . පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාරයක්  මඩකලපුවේ සියොන් පල්ලියකටද එල්ල වූයේය (අවසානයේ ඇති වීඩියෝව බලන්න) 

3. බොදු බල සේනා නායකයින් NOREF  ආයතනයේ මූලිකත්වයෙන් නෝර්වේ රටේ  සංචාරයක නියැලීම. එහි දී ඔවුන් අමාත්‍ය එරික් සොල්හයිම් සහ තවත් පාර්ලීමේන්තු මන්ත්‍රීන් පිරිසක් හමුවූවෝය. නෝර්වේ  යනු  ඊශ්‍රායෙලයට  ලාම්පුව අල්ලන රටකි . ලෝකය පුරා ඔවුන්  විසිකරන්නේ ඊශ්‍රායෙල් මුදල්ය.

4. ගලගොඩඅත්තේ ඥාණසාරගේ ප‍්‍රධානත්වයෙන් විතාරන්දෙණියේ නන්ද සමග දිලන්ත විතානගේ ඇතුලූ නියෝජිත පිරිසක් බුරුමයට ගොස් අස්වින් විරතු භික්ෂුව හමුවීම.

5. ලංකාව පුරා පැතිරෙමින් පවතින මුස්ලිම් අන්තවාදය මර්ධනය කිරීමේ භාර දූර කටයුත්තට යොමු වීමට දැන් රජයට සිදුව ඇතැයි  යන බරපතල ප්‍රකාශය   ගෝටාබය විසින් ලෝක ප්‍රජාව හමුවේ කිරීම.  ගෝටාබය මෙම ප්‍රකාශය කළේ  2013 සැප්තැම්බර් 3 වැනි අඟහරුවාදා කොළඹ ගලදාරි හෝටලයේ පැවැති ආරක්‍ෂක සම්මන්ත‍්‍රණයේදීය.

6. බොදු බල සේනා විසින් මුස්ලිම් හලාල් විරෝධය ජනගත කිරීම, මුස්ලිම් පල්ලි වලට පහර දීම.

7. ගෝටාබය එක් පසෙකින්  බොදුබල සේනා  ප්‍රවර්ධනය කරන විට  අනෙක් අතින් තවුහීද් ජමාත් සංවිධාන බලවන්ත ‌කෙළේ යුද හමුදා බුද්ධි අංශයේ ‌ගෝඨාභයගේ  බත් බැලයා වූ 'සුරේෂ්  සලේ' යොදවා  ගනිමිනි. ඊට සහාය දුන්නේ නැගෙනහිර ‌ගෝඨාගේ හමුදා ප්‍රධානියා වූ ‌මේජර් ‌ජෙනරාල් ‌බොනිපස් ‌පෙරේරා ය. ‌කරුණාගේ සන්නද්ධ කණ්ඩායම් සිටියේ ‌‌බොනිපස්ගේ ආධාර ආරක්ෂාව යටතේ ය. තවුහිද් ජමාත් අන්තවාදීන්ට සන්නද්ධ පුහුණුව දුන්නේ කරුණාගේ පිරිස් බව දැන් ‌හෙළි වී තිබේ.  
 
8. තව්හීද් ජමාත් ප්‍රධාන කාර්යාල ඉදිකිරීම සඳහා 241/ඒ ශ්‍රී සද්ධර්ම මාවත, කොලඹ යන ලිපිනයේ ඉඩම ලබා දුන්නේ ද අද වීරයා ‌වෙන්නට තටමන නන්දසේන ගෝටාබය රාජපක්ෂ විසිනි. මොහොමඩ් සහ්රාන් නම්  මරාගෙන මැරෙන ත්‍රස්තවාදී සංවිධානයේ නායකයාගේ මහ ගෙදර වූයේ ‌මේ ස්ථානයයි. 

9. හමුදා බුද්ධි අංශ ගිණුම් යටතේ තව්හීද් ජමාත් සාමාජිකයන්ට මුදල් ගෙවා ඇති බවද දැන් ‌හෙළි වී තිබේ. එවැනි 26 කගේ නම් ලැයිස්තුවක් ද තිබේ. ‌මේ  තව්හිද් ජමාත්  කාඩරයන් බොදු බල සේනා සංවිධානයට එරෙහිව ‌යොදවා ඇත.

10. තව්හීද් ජමාත් සංවිධානය 2014 අගෝ 13 දින ඊශ්‍රායෙලයට එරෙහිව කොළඹදි උද්ඝෝෂණයක් ක‌ෙළේය . එහිදී ඊශ්‍රායෙලය වෙනුවෙන් පෙරට ආවේ ඥානසාර භික්ෂුව ය. එදින කිසිදු පෙළපාලියක් නොපැවැත්වීමට උසාවි නියෝගයක් පවා  තිබුණි. උසාවි නියෝගයක් තිබුනද තව්හීද් ජමාත් පෙළපාලිය පැවැත්වුණි. තව්හීද් ජමාත් පෙළපාලියට අනුග්‍රහය දැක්වූයේ අන්කිසිවෙක් ‌නොව ගෝටාබය රාජපක්ෂයි. බෞද්ධයන් සහ මුස්ලිමුන් කෙටවූයේ ගෝටාබය බව වටහා ගැනීමට තවත් උදාහරණ අවශ්‍ය නැත. (ඊට සාක්කි සපයන හිරු නිව්ස් හි 2014 අගෝස්තු 13 විකාශය කර ඇති 'Thavhid Jamad Protest - Bodubala sena' නම් යූ ටියුබ්  වීඩියෝව බලන්න) 
 
11. අලුත්ගමදී මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදාහල රාජපක්ෂලා කෝටි 400 ක ප්‍රදානයක් පලස්තීනය වෙත ලබා දුන්නේ ය.
 
12. ගෝටාගේ සැලසුම් ආපිට කැරකී ජනවාරි 8 මැතිවරණ‌යේ දී රාජපක්ෂලා පරාජය විය. මැතිවරණය පරාජය වූ පසු '' 2020 ජනපති සිරිසේන - අගමැති ගෝටා'' තේමාව යටතේ එකගෙයි කෑම ඇරඹින. සිරිසේනගේ අනුදැනුම මත මහනුවර ප්‍රහාරය දියත් ‌කෙළේය. සතියක් පුරා මෙහෙය වූ භීෂණය හරහා ‍රැඩිකල් මුස්ලිම් තරුණයන් අවි අතට ගන්නා තැනට පත් ‌‌කෙළේය. කරුණාගේ පිරිස් හරහා ‍රැඩිකල්  ජමාත් තරුණයින්ට අවි පුහුණුව ලබා දීම ‌වේගවත් ‌කෙළේය. 

13. සිරිසේනට පොල්ල තැබූ ගෝටා AAGC (ඒෂියන් ඇෆ්‍රිකා ග්‍රෝත් කොරිඩොර්) ගනුදෙනුවට ඇමෙරිකාව හා ගොනුවිය.

14. කාඩරයන් දෙසීයකගෙන් පමන සමන්විත වූ ජමාත් මිලිටරි කල්ලිය මරාගෙන මැරෙන ප්‍රහාර 9 ක් එල්ල කළහ.
 
15. මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෝටා දේශපාලනයට පැමි‌ණෙන බව ‌‌‌  නිවේදනය ‌කෙළේය.

16. ගෝටාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කෙරුණු බව හා ඊට අදාළ ලිපිය මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ලබා දුන් බව ගෝටාගේ ගජයා වන දිලිත් ජයවීරට අයත් මාධ්‍ය හරහා වාර්තා කෙළේය.

පාස්කු ප්‍රහාරය දක්වා ගෝටාබයගේ වැඩ පිළිවෙල සහ ප්‍රහාරයෙන් පසුව ‌ගෝටාබයගේ වැඩ පිළිවෙල අනුව සිදුවූයේ කුමක්ද කියා බුද්ධිමත් ජනතාව වටහා ගත යුතුය.

චීනයට එරෙහි ඇමෙරිකානු ප්‍රතිරෝධය  

2011 වර්ශයේදී බටහිර කඳවුරේ ඇස් නිලංකාර කරමින් චීනය මියන්මාරය සමග  දැවැන්ත ව්‍යාපෘතියකට එළැඹුනේය. රෝහින්ග්‍යා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ තෙල් නිධි කැනීම, ක්යින්පුයු වරාය සංවර්ධනය කිරීම, ඒ ආශිතව විශේෂ ආර්ථික කාලාපයක් ගොඩනැගීම, ක්යින්පුයු වල සිට චීනයට නල මාර්ගයක් එලීම ආදි කරුණු ඇතුලත් අවබෝධතා ගිවිසුමක් ‌දෙරට අත්සන් ‌කෙළෝය. කි.මී 771 දිග මෙම නල මාර්ගය එලීමත් සමගම ගල්ෆ් කලාපයෙන් චීනයට එන තෙල් නැව් වලට තව දුරටත් මලක්කා සමූද්‍ර සන්ධිය වටේ යා යුතු නොවීය.  කි.මී 1000 කින් පමණ මුහුදු ගමන කෙටි විය. ඩොලර් වලින් නොව යුවාන් ගෙවා ඉරානයෙන් තෙල් මිලදී ගැනීමේ සැලස්මක්ද විය. එය සෞදි අරාබියට සහ ඇමෙරිකාවට මරු පහරක් විය. 

නත්තිමේ සරණං අඥං ඇමෙරිකාවේ සරණ වරං

චීනයේ නව ව්‍යාපෘතිය අඩපන කිරීමට  සෞදි- ඇමෙරිකා-ඊශ්‍රායෙල්  හවුල  සැලසුම් ක‌ෙළේය. මොවුන්ගේ අනුග්‍රහය යටතේ අල් අර්සා‘ නමුන් ඉස්ලාමීය මිලිටරි කල්ලියක් ගොඩ නැගුවේය. අල් අර්සා ප්‍රහාර බොහොමයක් එල්ල වූයේ බෞද්ධ සිද්ධස්ථාන වලට නොව චීන -මියන්මාර්  ව්‍යාපෘතියේ මර්මස්ථාන වලටය. එක් පසෙකින් 'අල් අර්සා' මුස්ලිම් කාඩරයන් සන්නද්ධ කළ බටහිර කඳවුර අනෙක් පසින් මියන්මාර් රජයටද උදව් ක‌ෙළේය. අවසානයේ මියන්මාර් රජය 'අල් අර්සා' ත්‍රස්තයන්ට එරෙහි යුධ මෙහෙයුමක් දියත් ක‌ෙළේය. එය කෙළවර වූයේ ලේ ගංගාවකිනි. 'රෝහින්ග්‍යා ඛේදවාචකය' ලෙස ලොව ප්‍රකට වූයේ මෙම සිද්ධියයි.  මියන්මාර් රජයට  මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ චෝදනා ගොනු වූයේය. මියන්මාරය බිත්තියට හේත්තු කළේය . අවසානයේ චීනය හැරදමා ඇමෙරිකා‌වේ සරණ යාමට මියන්මාර් නායිකාව වූ අවුන්සාන් සුකීට සිදුවිය. දින කිහිපයකට කලින් සුඩානයේ සහ  ඇල්ජීරියාවේ සිදුවූයේ ද මෙවැනිම  සෙවනැලි  මෙහෙයුමකි.  අද ලංකාවේ සිදුවනුයේ මෙයම නොවේද?

කීර්ති රත්නායක විසිනි

හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී

ලියුම්කරුගේ ලිපි එකතුව පහත දිගුවෙන් කියවන්න
https://www.lankaenews.com/category/48

මුස්ලිම් ජනතාව ප්‍රචන්ඩත්වය කරා කැඳවීමට ‌කෙමන ඇටවූ හැටි වීඩියෝව 

---------------------------
by     (2019-04-29 12:17:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links