(ලංකා ඊ නිව්ස්- 2019.ජුනි.18, ප.ව.4.20) ජපානය ශ්‍රී ලාංකිකයන්ට ස්වීප් එකක් ලබා දී තිබේ. මෙය ලබා දී ඇත්තේ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත් වීම නිසා ය. මෙකී ස්වීප් එක නම් මැද පෙරදිග රටවල් සේ ජපානය ද ශ්‍රී ලාංකිකයන් සඳහා සිය රැකියා වෙළඳ පොළ සීමාවකින් තොරව විවෘත කිරීමයි. එනම් වසරකට රැකියා ලබා දෙන කෝටාවක් නැත.
දැනට ක්ෂේත්‍ර 14 ක් සඳහා මෙකී රැකියා විවෘත වන අතර ඒ සඳහා පුහුණු සේම අර්ධ පුහුණු ශ්‍රී ලාංකික සේවක සේවිකාවන්ට විදේශ රැකියා කාර්යාංශය හරහා ඉල්ලුම් කළ හැකි වනු ඇත.
මෙහි ඇති ශ්‍රී ලාංකිකයන්ට වඩාත් වාසි සහගත තත්ත්වය නම් පුහුණු වීමකින් පසු රැකියා ලබා ගැනීම සඳහා පුහුණුවටද ජපානයට යෑමට වරම් ලැබීමයි.
මේ සඳහා ගිවිසුම හෙට අත්සන් කෙරෙනු ඇති අතර ඒ වෙනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජපානය බලා ගොස් සිටී. රැකියා ක්ෂේත්‍ර 14 ප්‍රවෘත්තිය අවසානයේ දැක්වේ. (අත්සන් කිරීමෙන් පසුව අප සතුව ඇති අදාල ගිවිසුමද ප්‍රසිද්ධ කළ හැකිය)
මෙවන් සහනයක් ජපානය ලබා දීමට තීරණය කර ඇත්තේ රටවල් 9 ක් සඳහා පමණක් වන අතර ශ්‍රී ලංකාව එහි 7 වන ස්ථානයයි. ඒ සඳහා යහපාලන ආණ්ඩුව මෙතෙක් අනුගමනය කර ඇති විවෘත සහ විනිවිද භාවය හේතුවක් වී තිබේ.
මේ වන විට ලක්ෂ 3 ක් පමණ ශ්‍රී ලාංකිකයන් මැද පෙරදිග සේවය කරන අතර ඒ හා සමාන සංඛ්‍යාවකට හෝ ඊටත් වඩා වැඩි සංඛ්‍යාවකට ජපානය විවෘත වීම ශ්‍රී ලාංකිකයන්ට මහත් වාසියකි. මෙහි ඇති වඩාත් වාසි සහගත තත්ත්වය නම් මැද පෙරදිග මෙන් නොව වසර 8 ක් ජපානයේ සේවය කෙළේ නම් ජපානයේ පුරවැසිභාවය සඳහා අයැදුම් කළ හැකි වීමයි. දැනටමත් 2000 ක පමණ පිරිසක් ජපානයේ සරණාගත භාවය සඳහා අයැදුම් කර ඇති අතර ඔවුනට පවා නව තත්ත්වය යටතේ රැකියා සඳහා නීත්‍යානුකූලව අයැදුම් කළ හැකි වනු ඇත. එය සරණාගත භාවයට ලැබෙන දීමනාවන්ට වඩා වැඩි වාසි සහගත තත්ත්වයකි.
ජපානය මෙවන් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත්තේ මිලියන 120 ක් වන එරට ජනගහනය තව දශක කිහිපයකින් මිලියන ගණනකින් අඩුවන බවට ලැබී ඇති පුරෝකථන දත්ත වාර්තා අනුව ය.
ජපානයේ සිටින හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේ ජපානය මෙසේ රැකියා වෙළඳ පොළ විවෘත කිරීම ශ්‍රී ලංකාවට ලැබුණු මහත් වාසි සහගත තත්ත්වයක් නමුත් එලෙස රැකියා වෙළඳ පොළ අසීමාන්තිකව විවෘත කිරීමෙන් ලංකාවේ බුද්ධි ගලනයට එය අනර්ථකාරීව බලපෑ හැකි බැවින් වසර 5 ක බැඳුම්කර ගිවිසුමකට යටත්ව ජපාන රැකියා විවෘත කිරීමට සිදුවිය හැකි බවයි. කෙසේ වෙතත් වසර 10 ක සේවා කාලයක් ස්ථිරය.
Care workers
Building cleaning management
Machine Parts and Tooling industries
Industrial Machinery Industry
Electric, Electronic and information industry
Construction Industry
Ship Building & Ship Machinery Industry
Automobile and repair maintenance
Aviation industry
Accommodation Industry
Agriculture
Fishery & Aquaculture
Manufacture of food & Beverages
Food Service Industry
---------------------------
by (2019-06-18 14:55:08)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි