(ලංකා ඊ නිව්ස් -2019.ජූලි.03, ප.ව.11.00) ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ වනාහී දේශද්‍රෝහී දුෂ්ඨයෙකු වග මුල් වටයේම හඳුනාගෙන තමන් දැරූ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයකින් ඉල්ලා අස්වූ ප්‍රකට සමාජ ක්‍රියාධරයෙකු වන ඕෂල හේරත් මහතා විසින් කිසිදු සුදුසුකමක් නොමැතිව තමා ජනාධිපති අපේක්ෂකයෙකු යැයි කියා ගනිමින් මහජනතාව රවටා මුදල් ගරණ නාගානන්ද කොඩිතුවක්කු නමැති තහනම් නීතිඥයාට එරෙහිව ඊයේ(02) පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
කටමැත දොඩවන නාගානන්ද නමැත්තාට ලියාපදිංචි පක්ෂයක් නැත. ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙකු වීමට නම් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබිය යුතු වුවද නාගානන්දට ඒ සුදුසුකමද නැත. අනෙක් ප්‍රධාන කාරණාව නම් නාගානන්ද ද්විත්ව පුරවැසියෙකි. ඒ අනුව ඔහුට කිසිසේත්ම මෙසිරි ලංකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වීමට සුදුසුකමක් නැතිව තිබියදී ඔහු ප්‍රසිද්ධියේ ජනතාව මුලා කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙනවා යයි කියා තම පුද්ගලික ගිණුමකට මුදල් එකතු කරයි.
ඕෂල හේරත් මහතා පොලිසියට පැමිණිලි කර ඇත්‌තේ නාගානන්ද නමැත්තා මෙලෙස මහජනතාව මුලා කිරීමට එරෙහිව ය.
නාගානන්ද යනු නීති වෘත්තියෙන් මුදල් හම්බ කරනවාට වඩා ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කරමින් මුදල් හම්බ කරන පුද්ගලයෙකි. කෙසේ වුවද අධිකරණයට අපහාස කිරීමේ වරද පිළිගැනීම හේතුවෙන් ඔහුගේ නීතිඥ භාවය අධිකරණය විසින් වසර 3 කට තහනම් කර තිබේ.
ඕෂල හේරත් මහතාගේ පැමිණිල්ල සම්පූර්ණයෙන් පහත දැක්වේ.
පොලිස්පති තුමා
ශ්‍රී ලංකා පොලිසිය
කොළඹ
පොලිස්පතිතුමණි,
02/07/ 2019 දින ශ්‍රී ලංකා පොලිසියේ වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කළ පහත පැමිණිල්ල ඔබේ අවධාන සඳහා මෙසේ ද යොමු කරමි. (Referance Number : 10d2f3cfdcv184065367)
නො 22, වට මාවත පිළියන්දල ලිපිනයේ පදිංචි, හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත් වන මම ඉහත මාතෘකාවට අදාළව මගේ පැමිණිල්ල මෙසේ යොමු කරමි.
99, සුභද්‍රාරාම පාර, නුගේගොඩ නාගානන්ද කොඩිතුවක්කු නම් පුද්ගලයා විසින් තමා ඉදිරියේ දී පැමිණෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට සඳහන් කරමින් වංචනික ලෙස මුදල් එක්රැස් කිරීමේ කටයුත්තක නිරත වේ. ඔහු ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට රුපියල් මිලියන 500 - 750ක් පමණ මුදලක් අවශ්‍ය බව සඳහන් කරමින් නුගේගොඩ ලංකා බැංකුවේ ඔහුගේ නමින් ගිණුමක් ස්ථාපනය කර මුදල් එක්රැස් කරමින් සිටිනවා. ඔහු මෙම මුදල් එකතු කිරීම අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා සිදු කරමින් සිටිනවා.
ගැටලුව වන්නේ මොහු ප්‍රකාශ කරන පරිදි ඉදිරියේ එන ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්ව ලැබීමට මැතිවරණ නීතිවලට අනුව මූලික සුදුසු කම් සපුරා නෑ. එනම් ඔහු ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකේම ද්විත්ව පුරවැසිලාභියෙකි. පවතින නීතියට අනුව එය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසුකමකි. දෙවන කාරණය ජනාධිපතිවරණ අපේක්ෂයකයකු විය හැක්කේ ලියා පදිංචි දේශපාලන පක්ෂයක් හරහා පමණි. එසේ නැත්නම් ස්වාධින අපේක්ෂකයකු ලෙස කටයුතු කිරීමට ඔහු දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබිය යුතුය. නගානන්ද කොඩිතුවක්කු වන මොහු හට කිසිම ලියාපදිංචි පක්ෂයක අනුග්‍රහය ලැබෙන බවට හෝ ඔහු සම්බන්ධ බවට කිසිම සඳහනක් නොමැත. ඒ අනුව ඔහු ඒ සුදුසුකම ද සපුරා නොමැත. ඔහු 'විනිවිද පදනම' නමින් රාජ්‍යය නොවන සංවිධානයක් පවත්වාගෙන යන ලබන අතර දැන ගැනීමට ලැබී ඇති තොරතුරු අනුව විනිචිද පෙරමුණ නමින් ඔහු පක්ෂයක් ලියා පදිංචි කිරීමට උත්සහ දාරා ඇති අතර එය මැතිවරණ කොමිසම මගින් ද ප්‍රතික්ෂේප කර තිබේ. තවද ඔහු මෙම මුදල් එක්රැස් කරනුයේ ලියාපදිංචි පක්ෂයක නමකින් වත් සංවිධානයක නමකින් වත් වන ගිණුමකට නොවීම මෙය වංචනික ක්‍රියාවක් බවට වඩාත් සැකයක් දනවයි
කරුණු කාරණා එසේ තිබියදී ඔහු දිගින් දිගට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා මහජනතාව නොමග යවමින් මුදල් එකතු කිරීම වංචනික ක්‍රියාවකි. ඔහු ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ පවත්වාගෙන යනු ලබන මුදල් එකතු කරන ඔහුගේ පෞද්ගලික ගිණුමේ අංකය. 829 68 430. මොහු කරනු ලබන මෙම වංචනික ක්‍රියාවේ අන්තර්ජාල සටහන් ඔහු විසින් ම විනිවිද පදනම නමින් පවත්වාගෙන යන youtube ගිණුමේ අඩංගු වේ. ඔහු සඳහන් කරන තොරතුරුවලට අනුව වංචනික ක්‍රියාවක් ලෙස සැලකිය හැකි මෙම ක්‍රියාව ලංකා බැංකුවේ සාමාන්‍ය අධිකාරිවරයා සහ ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ කළමනාකාර වරයාගේ අනුදැනුම ඇතිව කරන වංචනික ක්‍රියාවකි.
ඔහු වෘත්තියෙන් නීතිඥයෙකු ලෙස සඳහන් කළත් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසකිරීමේ චෝදනා මත වරදකරුවකු වී දැනට ඔහු වසර තුනක් සඳහා වෘත්තීය නීතිඥයකු ලෙස පෙනිසිටීම වළක්වමින් අධිකරණය විසින් දඬුවමක් ලබා දී තිබේ. (SC/Rule/1/2016)
මෙම කරුණු සැලකිල්ලට ගෙන මගේ මෙම පැමිණිල්ල විභාග කර තව දුරටත් මෙම වංචනික ක්‍රියාව ඉදිරියට සිදු වීම වළකා මහජනතාව මෙම වංචනික කටයුත්තෙන් ගලවා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මීට
විශ්වාසී
ජාහැඅං : 763560481v
ජංගම දුරකතන අංකය : 0773062021
---------------------------
by (2019-07-03 19:18:14)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි