~

විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරියක් රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක..! රාජ්‍ය රහස් ජපානයට ලීක් කරලා..!

(ලංකා ඊ නිව්ස් -2019.ජූලි.31, ප.ව.10.30) තම ජපන් ජාතික සැමියා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් වශයෙන් සේවය කරද්දී බිරිඳ විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වරියක් ‌ලෙස ‌සේවය කරමින් ශ්‍රි ලංකාවේ රාජ්‍ය රහස් ජපානයට ගලා යාමට ඉඩ සලස්වා තිබීමෙන් එකී අධ්‍යක්ෂ වරිය රාජ්‍ය ‌සේවයේ ‌කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කරමින් රටේ ස්වාධිපත්‍යය පාවා දී ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ‌සේවක‌යෝ විදේශ ‌ලේකම් වරයාට ලිඛිතව පැමිණිලි කරති.

ජපන් ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන 'තකා යුමි කමා කුමි' සමග විවාහ වී සිටින විදේශ අමාත්‍යාංශයේ ආර්ථික සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ 'සේසත් තාඹුගල' නමැත්තිය Conflict of Interest යටතේ අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ‌සේවක‌යෝ ප්‍රශ්න කරති.    

ලංකාවේ සියලු නීති උල්ලංඝනය කරමින් හා ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සම්මුතීන් කඩ කරමින් ‌මෙකී ‌දෙදෙනා කරගෙන යන රාජ්‍ය ‌ද්‍රෝහී ක්‍රියාවට එරෙහිව වහා පියවරක් ‌නොගතහොත් මාධ්‍ය හමුවක් පවත්වා සියල්ල ජනතාවට ‌හෙළිදරව් කරන බවද ‌සේවකයෝ පවසති.  ‌සේවකයන් විසින් ‌බොහෝ ‌දෙනෙකුට ද පිටපත් සහිතව විදේශ ‌ලේකම් ‌වෙත යවන ලද ලිපිය පහත දැක්වේ. 

2019.07.20
විදේශ ලේකම් තුමා,
විදේශ කටයුතු අමාත්‍යාංශය,
කොළඹ.

ලේකම් තුමනි,

විදේශ අමාත්‍යාංශයේ ආර්ථික සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සේසත් තාඹුගල මිය Conflict of Interest යටතේ අත්අඩංගුවට නොගැනීම සම්බන්ධවයි. 

2007 වර්ෂයේ විදේශ සේවයට එක්වූ සේසත් තාඹුගල මහත්මිය, විවාහ වී සිටින්නේ ජපන් ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන තකා යුමි කමා කුමි (Taka Yuki Kama Kami) මහතා සමඟයි. ඇය විවාහ වීමේදී මෙරට විදේශ අමාත්‍යාංශයෙන් පනවන ලද කොන්දේසි වූයේ ඔවුන් දෙදෙනාට එකම රටක තානාපති සේවයේ කටයුතු නොකරන ලෙසයි. එහෙත් එම කොන්දේසි සියල්ල අමු අමුවේ උල්ලංඝනය කරමින් තකා යුමී වන ඇයගේ සැමියා මේ වන විට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් වශයෙන් සේවය කරයි. මෙමගින් සියලු විදේශ සම්මුතීන් උල්ලංඝනය කරනු ලැබ ඇති අතර, ලංකාවේ අභ්‍යන්තර ස්වාධිපත්‍යයට හා බාහිර ස්වාධිපත්‍යයට කරන ලද බලපෑම පිළිබඳව තොරතුරු සවිස්තරව අප සතුව ඇත. 

රාජ්‍ය රහස් රැසක් ජපානය සතු වී හමාරයි..

සේසත් තාඹුගල මහත්මිය විදේශ අමාත්‍යාංශයේ ආර්ථික සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ධූරය මේ වන විට දරමින් සිටින අතර ඇයගේ සැමියා වන තකා යුමී කමා කුමි මහතා ලංකාවේම ජපන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් වශයෙන් රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියැලී සිටියි. ඒ හේතුවෙන් මේ වන විටත් ලංකාවට බලපාන ඉදිරි විදේශ ගිවිසුම් හා රාජ්‍ය රහස් රැසක තොරතුරු වෙනත් රටකට හා රාජ්‍ය නොවන සංවිධාන සතුවී හමාරය. ඒ පිළිබඳ සියලු තොරතුරු අප සතුය. 

මැය ආර්ථික සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වීමට ප්‍රථම විදේශ පරිපාලන අංශයේ (OAD) අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් තම සැමියාට අවශ්‍ය ලෙස විදේශ සේවයේ නිලධාරීන් හසුරුවා ඇත. සමහර නිලධාරීන් මේ පිළිබඳව එරෙහි වීම නිසා ඔවුන්ට මානසික හා වෘත්තිමය ප්‍රශ්න ඇති කොට ඇත. බණ්ඩාරනායක අධ්‍යයන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, ජෝර්ජ් කුක් වෙත කරන ලද දේ සැවොම දනී.

දඬුවම් දෙකට යටත් විය යුතු වරදක්... 

බිරිඳ මෙලෙස ලංකාවේ පුරවැසියෙකු ලෙස හා සැමියා වෙනත් රටක් නියෝජනය කරමින් Conflict of Interest යටතේ රාජ්‍ය නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට හෝ අධිකරණමය ක්‍රියාමාර්ගයක් හරහා දඬුවම් ලැබීමට හෝ මෙම දඬුවම් දෙකටම යටත් වීමට සිදු විය හැකි වරදකි. 

තාඹුගල මහත්මිය විදේශ සේවයේ සිටිමින් කරන මෙම ක්‍රියාව වැළැක්වීමට දේශපාලන බලධාරීන්ට පවා නොහැකි තත්වයක් ඇත. 

ලංකාවේ සියලු නීති උල්ලංඝනය කරමින් හා ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සම්මුතීන් කඩ කරමින් තාඹුගල මහත්මිය හා ඇගේ ජපන් ජාතික සැමියා ගෙනයන කූට මෙන්ම රාජද්‍රෝහී වැඩපිළිවෙල පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඇයගේ සැමියා මෙරට රාජතාන්ත්‍රික සේවයේ සිටීනම් තරාතිරම නොබලා අනිවාර්ය නිවාඩු යැවිය යුතු අතර, සිදුවූ පාඩුව ප්‍රතිපූර්ණය කර ගත යුතුය. එමෙන්ම ඇයගේ වත්කම් ඉපයූ ආකාරය සොයා බැලීම මගින් මැයගේ දූෂිත ක්‍රියාකලාපය සොයා බැලිය යුතුය. ඉදිරියේදී ඔබ තුමන් ගන්නා තීරණය සම්බන්ධයෙන් අප බලා සිටින අතර හැකි නම් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සියල්ල අනාවරණය කිරීමටද අප සූදානම් බැව් පවසනු කැමැත්තෙමු. 

අමාත්‍යාංශයේ දේශපාලන අධිකාරියටත් ඉහළින් සිටිමින් අදිසි බලයක් යොදා ගනිමින් රටේ මතු පරපුර සඳහා රටක්  නැති කිරීමට මැය දරන උත්සාහය පරාජය කිරීමට සැවොම එක්වෙමු. 

මීට,

විදේශ අමාත්‍යාංශයේ සේවකයින්. 

පිටපත් :
1. ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව. 
2. රජයේ ඔම්බුඩ්ස්මන් තුමා, 
3. නියෝජ්‍ය අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
4. අග්‍රාමාත්‍ය ලේකම්
5. ජනාධිපති ලේකම් 
6. විපක්ෂ නායකතුමා, විපක්ෂ නායක කාර්යාලය, පාර්ලිමේන්තුව.
7. අනුර කුමාර දිසානායක මහතා, නායක / ජ.වි.පෙ. 
8. විමල් වීරවංශ මහතා, නායක / ජාතික නිදහස් පෙරමුණ
9. උදය ගම්මන්පිල මහතා, නායක / පිවිතුරු හෙළ උරුමය.
10. නීතිපති තුමා, නීතිපති දෙපාර්තමේන්තුව 
11. අමාත්‍ය මණ්ඩල ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය.
12. සියලුම පුවත්පත් කතුවරුන්. 

 

---------------------------
by     (2019-07-31 20:07:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links