~

ගෝටා ආවොත් ඇමරිකාවට ස්වීප් එකක් ඇදුනා වගේ; ලංකාවට සිදුවන වින්නැහිය; ශ්‍රී වික්‍රම රාජසිංහ ‌වෙල්ලෝරයට ගෙනගිය සන්තෑසිය ගෝටාටත්..!

හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී කීර්ති රත්නායකගේ ‌හෙළිදරව්ව..!

(ලංකා ඊ නිව්ස් -2019.අගෝ.29, ප.ව.9.20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝටාබය රාජපක්ෂ නම් කර අවසන්ය. ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ගැන තර්ක විතර්ක මේ දිනවල දේශපාලන පොරපිටිවල කන පැලෙන්න දෝංකාර දේ. නමුත් අප බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් වන්නේ ගෝටාබය ඇමරිකානු පුරවැසි භාවය අත් හල පමණින් නොවිසඳෙන භයානක පැත්තක් මෙහි ඇති බවය.

ආගමන සහ පුරවැසි පනත 1965

1965 වසරේ සිට බල පැවැත්වෙන ඇමරිකාවේ ආගමන සහ පුරවැසි පනතෙහි (Immigration & Nationality  Act ) 212 වන පරිච්ඡේදය, ස්වකැමැත්තෙන් පුරවැසි භාවය අත් හරින පුද්ගලයන්ගේ හිමිකම්, වගකීම් සහ නෛතික බැඳීම් ගැන කතා කරයි. බොහෝ කරුණු කාරණා ඇතුළු වන සේ ඉතා දිගු විස්තර සහිත එහි, අපට අදාළ වන කරුණු කිහිපයක් පහතින් විස්තර කෙරෙනු ඇත.

ආරක්ෂණ වගකීම් (Military Obligations)

"එක්සත් ජනපදයේ පුරවැසියකු සිය පුරවැසිභාවය අත් හල පමණින් රටේ ජාතික ආරක්ෂාවට සහ ආරක්ෂක සේවා සඳහා ඔහුගේ හෝ ඇයගේ ඇති වගකීම් වලින් නිදහස් කරනු නොලැබේ. ඔබ කවදා හෝ රටෙහි පුරවැසියෙක්ව සිටියේ නම්, ඔබ මේ වනවිට  කුමන රටක ජීවත් වුවත් කුමන රටක පුරවැසි භාවය  දැරුවත්, එක්සත් ජනපදය වෙත  ඔබගේ පක්ෂපාතිත්වය පවත්වා ගෙන යාමට ඔබ බැඳී සිටී." එහි දැක්වේ.  එවැනි ‌ගෝටාබය ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියා කිරීම කෙතරම් නුවණට හුරුද යන්න රටේ මහජනතාව  තීරණය කළ යුතුය.

පෙර වැරදි සඳහා දඬුවම් කිරීම..

උක්ත පරිච්ඡේදයෙහි ඇති තවත් වැදගත් කරුණක් වනුයේ පෙර පුරවැසියකු එක්සත් ජනපදයේ පුරවැසි භාවය දැරූ කාලයේදී කළ වැරදි සඳහා ඕනෑම අවස්ථාවක නීතිය මගින් කටයුතු කිරීමට ඇමරිකානු ෆෙඩරල් නීතියට ඇති හැකියාවයි. ‌මේ නීතිය අනුව ගෝටාබය ලංකාවේ ජනපති වී ඇමරිකාව අකමැති  තීරණයක් ගැනීමට යන ඕනෑම අවස්ථාවක ඔහුට එරෙහිව ඇමරිකාවේ පවරා ඇති නඩුවක් එසේ නොමැතිනම් බොරු නඩුවක් දමා හෝ ඔහුව අල්ලේ නැටවීමේ හැකියාව ඇමරිකාව සතුය. එවැනි ‌ගෝටාබය ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියා කිරීම කෙතරම් නුවණට හුරුද යන්න රටේ මහජනතාව  තීරණය කළ යුතුය.

උදර්පණ අයිතිය (Right to Extradition)

ඉහත ඇමරිකානු පනතෙහි තවත් භයානක පැත්තකි මේ. ඇමරිකාවේ පෙර පුරවැසියකු ඕනෑම අවස්ථාවක නෛතික හේතුන් මත හෝ ජාතික ආරක්ෂාවට වැදගත් වන හේතුන් මත සිය භාරයට ගෙන එක්සත් ජනපදය වෙත බලහත්කාරයෙන් රැගෙන යාමට මෙයින් අවස්ථාව ලබා දේ. මේ අනුව ගෝටාභය රාජපක්ෂ ඇමරිකානු න්‍යාය පත්‍රයට පිටින් යන ඕනෑම අවස්ථාවක සිය භාරයට ගෙන ඇමරිකාවට ගෙන ගොස් නීත්‍යානුකූලව කටයුතු කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. එවැනි යමක් සිදු වුවහොත් ‌ගෝටාබය කර තියාගෙන යන සිංහල ‌බෞද්ධයාට පමණක් ‌නොව ශ්‍රී ලාංකික ජාතියටම මොන නව නින්ගිරාවක්ද? ‌මොකද අපේ කට්ටිය ඇමරිකාව සමග යුද ප්‍රකාශ කරන්නද? එවැනි ‌ගෝටාබය ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියා කිරීම කෙතරම් නුවණට හුරුද යන්න රටේ මහජනතාව  තීරණය කළ යුතුය. 

ගෝටාගේ යුද අපරාධ සාක්කි ඇමරිකාව සතුය..

ගෝටාබය යනු 89 ජවිපේ කැ‍රැල්ල සමයේ සිටි දරුණුතම ජන ඝාතකයෙකි. මාතලෙන් මතුවූ විශාලතම සමූහ මිනී වලේ හිමිකරු ගෝටාබය රාජපක්ෂය. උතුරු නැගෙනහිර යුද්ධය ක‌ෙළේ සරත් ෆොන්සේකාය . යුද්ධය පුරාවටම ගෝටාබය උතුරට ගොස් තිබුනේ එක් වරක් පමනි. ගෝටා නැමති ජනඝාතකයා කොළඹ ඒසී කාමර වලට වී ක‌ෙළේ අමුතුම සෙල්ලමකි. කප්පම් ගැනීම පැහැර ගැනීම මාධ්‍යවේදීන් දඩයම් කිරීම ඔහු‌ගේ ‌'සෙල්ලම්' අතර විය.  ත්‍රිවිධ හමුදාව දිවි පුදා ලබා ගත් ජයග්‍රහණයේ පැසසුම් ‌'ගෝටාස් ‌වෝ' කියමින් උදුරා ගත් පුස් රණවිරුවා ඔහුය. යුධ ජයග්‍රහණය නැමති කිරි කලයට යුද අපරාධ නමැති ගොම දැමුවේ ගෝටාබයයි. ශවේන්ද්‍රලා ‌ෆොන්සේකාටත් ‌නොදන්වා ඉටු ‌කෙළේ '‌සෙකට්‍රි‌ගේ' ‌හෙවත්  ‌ගෝටාබයගේ නීති විරෝධී නියෝගයන් ය. ගෝටාබය කළ අපරාධ අළුයට ගිනි මෙනි. ඕනෑම මොහොතක ඇමරිකාවට ඒවා පත්තු කළ හැකිය. මන්දයත් සාක්කි ඔවුන් සතුව තිබෙන බැවිනි. එවැනි ‌ගෝටාබය ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියා කිරීම කෙතරම් නුවණට හුරුද යන්න රටේ මහජනතාව  තීරණය කළ යුතුය.  

රූකඩයෙහි නූල ඇමරිකාව අතේය..

ඇමරිකාවට මේ හිමි වී ඇත්තේ 'දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා' හා සමාන වාසියකි. ඉන්දියන් සාගරයේ චීන බලය මහින්ද සහ සිරිසේනගේ පිහිටෙන් අහස උසට ගොස් ඇති මොහොතක ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් කරන හමුදාව යවන්නේ කොහෙටදැයි  අහස පොළොව ගැටලන්න කල්පනා කරමින් සිටින මොහොතක, සිය රූකඩයක් කොට පහසුවෙන් නැටවිය හැකි ගෝටාබය වැන්නෙකු ශ්‍රී ලංකාවේ ජනපති වීම ඇමරිකාවට ස්වීප් එකක් ඇදුනා හා සමානය.  දේශපාලන වහල්භාවය  සන්තර්පනය කිරීම වෙනුවෙන්  රට මේ සා විශාල අවදානමක හෙලනවාද නැද්ද යන්න ඔහුගේ ආධාර කරුවන් සහ පක්ෂයේ නායකයන්  නැවත වරක් කල්පනා කළ යුතුය. 

ශ්‍රී වික්‍රම රාජසිංහ වෙල්ලෝරයට ‍ගෙන ගිය සන්තෑසිය ‌ගෝටාටත්.. 

ලංකාවේ චීන ආධිපත්‍යය මැඩ පැවැත්විය හැකි  බලයක් හොඳින් හෝ නරකින් ස්ථාපිත කිරීමට ඇමෙරිකාව සැලසුම් කොට හමාරය. ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් කරන හමුදාව යවන්නේ කොහාටදැයි කල්පනා කරමින් සිටින මොහොතක ගෝටා යනු ඇමෙරිකාවට ඇදුනු ලොත‍රැයියකි. ගෝටාගේ නාස් ලනුව ඇමෙරිකාව සතුය. කථාව සරලය. ගෝටා ඇමෙරිකන් පුරවැසිභාවය අත්හැරියද  එය කොන්දේසි   සහිතය.  එක්කෝ ඇමෙරිකාව  ඉල්ලන දේ  දිය යුතුය; නැත්නම් කල පව් වල පොලියත් සමග ගෙවිය යුතුය.  ගෝටා ජනපති වුව හොත්  ශ්‍රී වික්‍රම රාජසිංහ සිරකරුවෙකු ලෙස වෙල්ලෝරයට ‍රැගෙන ගිය සන්තෑසිය  ඔහුට අත් වීමට ඇති ඉඩ කඩ සුළු ප‍ටු නොවේ.

සජිත් සහ ඔහුගේ පිලේ ඔළු බක්කන් සත්‍ය රාජපක්ෂ විරෝධීන් නම් අද ජනතාවට ‌හෙළිකළ යුත්තේ ‌මේ කරුණු මිස උදේ සිට රෑ වන තුරු තම ‌ජ්‍යෙෂ්ඨ නායකයන්ට මඩ ගසමින් ඇවිදීම ‌නොවේ. 

කීර්ති රත්නායක විසිනි

හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී

ලියුම්කරුගේ ‌පෙර ලිපි පහත දිගුවෙන් කියැවිය හැකිය
https://www.lankaenews.com/category/48

---------------------------
by     (2019-08-30 08:43:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links