~

ගෝටාගේ ඡන්දෙට ‌ගෙනා කේරළ ගංජා කිලෝ 130 ක් සමඟ නැගෙනහිර පොහොට්ටු ප්‍රධාන සංවිධායක අත්අඩංගුවට..! නාවික හමුදා ‌වෙඩිල්ලෙන් නූලෙන් ‌බේරේ

(ලංකා ඊ නිව්ස් -2019.ඔක්.31, ‌ප.ව.9.45) ගෝටාබය රාජපක්ෂ ගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකරන තරුණයන්ට ලබාදීම සඳහා රැගෙන එමින් තිබූ බවට සැකකෙරෙන කේරළ ගංජා කිලෝ 130 ක් සමග හිටපු එල්ටීටීඊ නායකයකු හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) නැගෙනහිර ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී ඉනෙයි භාරතී නැමැත්තා නාවික හමුදා අත්අඩංගුවට පත්ව තිබේ. 

පොලිස් ආරක්ෂාවක් ද සහිතව සුඛෝපභෝගී ලෑන්ඩ්ස් කෲසර් ජීප් රථයකින් මන්නාරමේ සිට කොළඹ දක්වා කේරළ ගංජා ප්‍රවාහනය කරන අතරතුරදී ‌මොහු අත් අඩංගුවට පත්ව තිබේ. නාවික හමුදාවට ලද ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකළ අතර අණ නොතකා පලාගිය ජීප් රථයට වෙඩි තැබීමට ද නාවික හමුදාවට සිදුව තිබිණි. නාවික හමුදා භාරයට ගැණුනු ලෑන්ඩ්ස් කෲසර් ජීප් රථය ගෝඨාභය විසින් නැගෙනහිර ප්‍රදේශයේ මැතිවරණ මෙහෙයුම් සඳහා මෙම පුද්ගලයාට ලබා දී තිබූ වාහනයක් බවට හෙළි වී ඇත. 

නාවික නිලධාරීන් රථය නවත්වන්නයැයි සංඥා කළ ද පොලිස් නිලධාරියා නාවික නිලධාරීන්ට අත වනමින් යාමට තැත් කර ඇති බවත් මේ අවස්ථාවේ දී රථයට වෙඩි තබා එය නතර කළ බවත් නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායකයකු ද වූ ඉනෙයි භාරතී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන කරුණා අම්මාන්ගේ ද සමීපතමයකු ලෙස සැළකේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ධූරය දරන විට මෙම ගංජා ජාවාරම්කරු ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස ද කටයුතු කර ඇත. එසේ ම නැගෙනහිර පළාතේ සිදුවූ මිනී මැරුම්, මංකොල්ල හා අතුරුදන් කරවීම් රාශියක් පිටුපස මොහු සිටින අතර ද්‍රවිඪ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.චන්ද්‍රනේරු මහතාව පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ද මොහු සම්බන්ධ වී ඇත. ඉනෙයි භාරතී කාලයක් තිස්සේ කේරළ ගංජා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වීමේ ජාවාරම සිදුකර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ පසු මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන බවට ප්‍රකාශ කරන්නේ මෙවැනි ජාවාරම්කරුවන් ළඟ තබාගෙන ද යන්න ජනතාව ප්‍රශ්න කරති. තමන් ගංජා උරණ බව ප්‍රසිද්ධියේ පවසන දිලිත් ජයවීර නමැති ජඩමාධ්‍ය හිමියා ‌ගෝටාගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රබලයෙකු වීමද ජනතාවගේ ප්‍රශ්න කිරීමට වඩාත් ‌හේතු වී තිබේ.  

සේයාරූ වලින් දැක්වෙන්නේ අත් අඩංගුවට පත් ගංජා ජාවාරම්කාර ඉ‌නෙයි භාරතී මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සමග සිටි අවස්ථා ‌දෙකකි.

---------------------------
by     (2019-10-31 16:31:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links