~

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව රටින් පනින්න යනවා..!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.01, ප.ව‍.4.20) කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණට එරෙහිව මේ වන විට අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිසම, පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය සහ වෙනත් අපරාධ විමර්ශන ඒකක මගින් සිදුකරගෙන යන පරීක්ෂන හේතුවෙන් මේ තක්කඩියා රහසේම රටින් පැන යෑමට සියල්ල සැලසුම් කර ඇතැයි ලංකා ඊ නිව්ස්  වෙත වාර්තා වේ.

මොහු සතුව ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ද තිබෙන බව වැඩි දුරටත් තතු දත් ආරංචි මාර්ග පවසයි. මොහු රටින් පනින්නට යන්නේ එම ව්‍යාජ විදෙස්ගමන් බලපත්‍ර භාවිතා කරමිනි.

2020 වසරේ දී කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මහාධිකරණයෙන් වරදකරු වී වසර තුනක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම වී සිටි තුෂාර සංජීව විතාරණ පසුව අභියාචනාධිකරණයට ඉදිරිපත්කරන ලද ඇපෑල අනුව ඔහුගේ සිර දඬුවම  අභියාචනාධිකරණය මඟින් අවුරුද්දකින් ගෙවී යන ලෙස අත්හිටුවීමෙන් අනතුරුව ඔහු සිර දඬුවමෙන් මුදාහරිනු ලැබුවේය. එසේ වුවත් ඔහු මේ වන විට ඉන්නේ 2032 දක්වා ප්‍රජා අයිතිය අහෝසි වෙමිනි.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව යටතේ පරණ සෙල්ලම් දැන් නොහැකි බව දන්නා තුෂාර සංජීව විතාරණ හොර රහසේම රටින් පැන යෑමට සැලසුම් කර තිබේ. අදාල බලධාරීන් මීට එරෙහිව පියවර ගනු ඇතැයි නීතිගරුක ජනතාව අපේක්ෂා කරති.

තුෂාර සංජීව විතාරණ කෙතරම් දූෂිතයෙකුදැයි මතක් කර ගැනීම පිණිස ලංකා ඊ නිව්ස් පළ කළ පහත ඇති පෙර පුවත කියවන්න.

කුරුණෑගල මහ නගර සභාවේ හිටපු උන්ගේ කැරැට්ටුව මෙන්න..! මැයි 6 ඡන්දයේදී මුන්ව නම් යවන්න එපා..!!

-කුරුණැගල නාගරික බදු ගෙවන්නන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙයි.

---------------------------
by     (2025-07-01 10:58:04)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links