-නීති ක්ෂේත්‍රයේ අය ප්‍රශ්න කරති
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.03, ප.ව.11.40) නීතිවිරෝධී අන්දමින් 'සකුරා' නමින් අලි පැටවකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම මගින් මොරටුව දිසා සහ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළින ගමගේ ගේ රාජකාරි ඊයේ සිට තහනම් කළේ නම් ඒ චෝදනාවටම සම්බන්ධ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නිදැල්ලේ සිටින්නේ කෙසේ දැයි නීති ක්ෂේත්‍රයේ අය ප්‍රශ්න කරති.
කාරණය මෙසේ ය.
තිළිණ ගමගේ සතුව සිටි අලි පැටවා මව් කෙනෙර මරා අල්ලා ගත් එකෙකු බව තහවුරු වීය. එහි වැරදි කිහිපයක් බැලූ බැල්මට නිරීක්ෂණය වෙයි. මව් කෙනෙර මැරීම, අලි පැටවා පැහැර ගැනීම, වනජීවියේ ලේඛණ ( අලි පොත) ව්‍යාජ ආකාරයෙන් සකස් කිරීම වැනි වැරදි ගණනාවක් එම සිදුවීම පසු පස තිබිණ.
තිළිණ ගමගේ මෙම අලිපැටියා රඳවා සිටියේ මහරගම ඔහු පදිංචිව සිටි නිවසේය. අලිපැටවා ඔහුට විකුණා තිබුණේ 'මහරගම අලි රොෂාන්' නැමැත්තාය. අලි රොෂාන් යනු ලංකාවේ අංක එකට නම කියවෙන ජාවාරම් කාරයෙකි. එම අලිපැටියාට අදාලව ඇති සියළු ලේඛණ අසත්‍ය ඒවා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තහවුරු කර ගත්තේ ය. අලිපැටියාගේ මුල් අයිතිකරු ලෙස ලේඛනවල සඳහන් 'චන්ද්‍රරත්න යටවර' නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ 'තමාට කිසිදිනක අලි පැටවෙක් නොසිටි බව' පවසා තිබිණ.
තිළිණ ගමගේ ඇති දැඩි කළ අලි පැටවා නීත්‍යානූකූල නොවන බව තහවුරු වීමත් සමග ඔහුට සහ තවත් තිදෙදෙනකුට එරෙහිව මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ගොනු කරමින් නඩු පැවරුනි. වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ 22 අ (7) 22 අ (12) 22 අ (13) යටතේද ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකළ හැකි බව අධිකරණය ඉදිරියේ ප්‍රකාශ විය. තිළිණ ගමගේ ගේ වැඩ තහනම් විය. අලි පැටවා පින්නවල අලි අනාථාගාරය වෙත යොමු කිරීමට අධිකරණයෙන් නියෝග කෙරිණ.
පසුකලෙක රාජපක්ෂලා යළි බලයට පැමිණීමත් සමග රාජපක්ෂ වළල්ලේ කූඨකයෙකු වූ තිළින ගමගේ ගේ නඩුව අමුතුම ආකාරයකට විභාග විය. ඒ වන විට මහාධිකරණයේ තිබූ අලි නඩුව විභාගයට ගැණුනේ තවත් රාජපක්ෂවාදියෙකු සේම දූෂිතයෙකු ලෙස නම කියැවෙන විනිසුරුවරයෙකු වන දමිත් තොටවත්ත ඉදිරියේ ය. දමිත් තොටවත්ත හදිසියේම නඩුව මැද දී තීන්දු කෙළේ තිළිණ ගමගේට එරෙහිව ගොනු කර ඇති කිසිදු අධිචෝදනාවක් පැමිණිල්ල විසින් ඔප්පු කරනු ලැබ නොමැති බවයි. එසේ නිගමනය කළ විනිසුරුවරයා ඉදිරි සාක්ෂි කැඳවීමකින් තොරවම තිළිණ ගමගේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කළේය. තිළිණ ගමගේ යළි නඩු අහන්නට විනිශ්චය ආසනයට නැග්ගේ ය.
එහිදී වඩාත් සැළකිය යුතු කාරණය නම් පින්නවල සිටි අලි පැටවා යළි තිළින ගමගේටම බාර දීමට දමිත් තොටවත්ත දුන් නියෝගයයි. 'සකුරා' නම් එකී අලි පැටවාට නීත්‍යාණුකූල ලියාපදිංචියක් නොමැතිව සිටිය දී ඒ සතා යළි තිළිණ ගමගේට ම බාර දුන්නේ කවර නම් නීතිමය ප්‍රතිපාදනයක් අනුව ද?
අද දවසේ ද ඒ අලි පැටවාට නීත්‍යාණුකූල භාවයක් නැත. මෙහි දී විනිසුරු දමිත් තොටවත්ත අනීතික නියෝගයක් ලබා දී ඇති බව සක් සුදක් සේ පැහැදිලි ය.
නීතිවිරෝධී අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තිළිණ ගමගේ අද දිනයේ චෝදනා ලබා වැඩ තහනම් කර සිටී නම් නීති විරෝධී අලි පැටවා යළි බාර දීමට නීති විරෝධී නියෝගයක් ලබා දුන් දමිත් තොටවත්ත ගේ ද වැඩ තහනම් කර විමර්ශනයක් සිදුකළ යුතු ය.
තිළින ගමගේ ගැන සිදුකරන පරීක්ෂන වල දී විනිසුරු වැටුපෙන් කළ නොහැකි වියදම් ඔහු කෙළේ කෙසේ ද කියා ද සෙවිය යුතුය. අලිපැටියා ගැනීම සඳහා ඔහු ගෙවා ඇති මුදල ලක්ෂ 30 කි. සාමාන්‍ය වශයෙන් ඇත් ගොව්වෙක් සඳහා රුපියල් 50000 ක පමන මාසික වැටුපක් ගෙවිය යුතුය. ඊට අමතරව අලිපැටියාගේ ආහාර සහ බෙහෙත් හේත් සඳහාද ඊටත් බොහෝ සෙයින් වැඩි මුදලක් යෙදවිය යුතුය. මේ වියදම් ඔහු සපයාගත් ආකාරය ද සොයා බැලිය යුතුය. නඩු තීන්දු සඳහා ඔහු අල්ලස් ලබා ගත්තේ ද?
අපරාධයකින් උපයා ගත් දේපොළ පිළිබඳ අලුත් නීතිය තිළිණ ගමගේට ද වලංගු ය.
(සේයාරුවේ ඉන්නේ දමිත් තොටවත්ත ය)
සබැඳි පුවත්
* අලි හොරකමේ ගිය විනිසුරු තිළිණ ගමගේ පාතාලය එක්ක ඩීල්...!
* මහාධිකරණ විනිසොරා දමිත් තොටවත්ත රජයේ නීතිඥවරියක් ලිංගික අපයෝජනය කරලා ..! නීතිපති අගවිනිසුරුට කළ පැමිණිල්ලට මොකද වුනේ..?
---------------------------
by (2025-08-03 20:01:42)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි