-මාණ්ඩලික ලේඛකයෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.13, ප.ව.10.00) මෙතෙක් 'වැඩ බැලූ පොලිස්පති' ලෙස රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය අද සිට 'වැඩ පෙන්වන පොලිස්පති' ලෙස රාජකාරි කරනු ඇතැයි ශ්‍රී ලංකාවේ නීතිගරුක පුරවැසියන් බලාපොරොත්තු වේ.
ඒ අද(13) සිට ඔහු ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පති වරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අතර ඔහුගේ පත්වීම් ලිපිය අද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙතින් බාර ගැනීමත් සමග ය.
1966 සැප්තැම්බර් 3 වැනිදා ලංකාවේ ප්‍රථම පොලිස්පති ලෙස 'ජෝර්ජ් විලියම් රොබර්ට් කැම්ප්බෙල්' පත්වීමෙන් පසු අද දක්වා සිටි පොලිස්පතිවරුන් 36 දෙනාගෙන් මීට පෙර නිවැරදිව නිල වශයෙන් අවසන් පොලිස්පති ලෙස රාජකාරි කෙළේ 35 වැනි පොලිස්පති වූ සී.ඩී. වික්‍රමරත්න ය. 36 වැනි කුප්‍රකට පොලිස්පතිවරයා වූයේ දේශබන්දු තෙන්නකෝන් ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වී දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීම ම නීති විරෝධී විය. ඒ ඔහුට නීතිමය වශයෙන් අදාල ව්‍යවස්ථා සභාවේ බහුතර කැමැත්ත ප්‍රකාශ නොවී තිබීම නිසා ය. ඒ බව නොතැකූ රනිල් වික්‍රමසිංහ දේශබන්දු 2024 පෙබරවාරි මාසයේ දී පොලිස්පතිවරයා ලෙස පත් කරන ලද්දේ වී නමුත් මාස 5 ක් තුල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දුට පොලිස්පතිධූරයේ රාජකාරි කිරීම තහනම් කළේ ය. වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති රනිල්ට දැන්වූ නමුත් උද්ධච්ඡ රනිල් වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් කෙළේ නැත. ඉන්පසුව පැවැති ජනාධිපතිවරණය පැවැත්වූයේ ද පොලිස්පතිවරයෙක් හෝ වැඩ බලන පොලිස්පතිවරයෙක් හෝ නොමැතිවය. එසේ තිබියදීත් පළාත් භාර ජ්‍යෙ.නි.පොලිස්පතිලාගේ මෙහෙයවීමෙන් ඉතා සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකි වූ අතර ජනාධිපතිවරණයෙන් පත් වූ නව ජනතාවගේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රථමයෙන්ම කෙළේ ජ්‍යෙෂ්ඨත්වයේ ධූරාවලිය ගැන නොසලකා රාජකාරියට වූ අවංකත්වය සහ අත්දැකීම් සම්භාරය සලකා ජ්‍යෙ.නි.පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීම ය. ඉන්පසුව ශ්‍රී ලංකා පොලිසිය තුල නිල පාතාල කණ්ඩායම් හදාගෙන රාජකාරි කළ කූඨක දේශබන්දු පාර්ලිමේන්තුව මගින් ධූරයෙන් නෙරපා හැරීමට ජනාධිපති අනුර ගේ ජනතාවාදී ආණ්ඩුව ක්‍රියා කෙළේ ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පාර්ලිමේන්තුව මගින් පොලිස්පතිවරයෙකු ධූරයෙන් නෙරපා හැරියේ දේශබන්දු තෙන්නකෝන් ය. 'දේශබන්දු' යන නාමය ශ්‍රී ලංකාවේ දිගු කාලයක් සිට පවතින නම්බුනාමයක් වූයේ නමුත් දේශබන්දුට ඒ නම දුන්නේ ඔහුගේ දෙමාපියන් ඔහු උපන් විට උප්පැන්න සහතිකයේ නම ලෙස ය. නමුත් වැඩිවියට පත් වූ කළ තම පුතාගේ ක්‍රියාකලාපය සහමුලින්ම දේශද්‍රෝහියෙකුගේ තත්ත්වයට වැටී රටේ රාජ්‍යය විසින්ම ඉතාමත්ම අපකීර්තියට පත් කර ප්‍රථමයෙන්ම නෙරපා හරින ලද පුද්ගලයා තම පුතා වනු ඇතැයි 'දේශබන්දු' නම තැබූ ඒ තෙන්නකෝන් දෙමාපියන් නොසිතන්නට ඇත.
කෙසේ වී නමුත් තෙන්නකෝන් ධූරයෙන් නෙරපා හැරීමෙන් පසු ජනාධිපති අනුර ඒ වන විට පොලිස්පති ධූරයේ වැඩ බලමින් සිටි ජ්‍යෙ.නි.පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම පොලිස්පතිධූරයට යෝජනා කරමින් අනුමැතිය සඳහා ව්‍යවස්ථා සභාවට නම් කර හැරිය අතර ව්‍යවස්ථා සභාවේ ඒකමතික කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු ජනාධිපති අනුර ප්‍රියන්ත වීරසූරියව ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස පත් කළේ ය. අද(13) ඔහු නිල වශයෙන් පත්වීම් ලිපිය බාර ගත්තේ ඒ අනුව ය.
1. මෙතෙක් 'වැඩ බලන පොලිස්පති' අද සිට 'වැඩ පෙන්වන පොලිස්පති' වනු ඇතැයි ජනතාව සිතන්නේ නිකම්ම නොවේ. ඊට එක් හේතුවක් වන්නේ සාමාන්‍ය පොලිස් කොස්තාපල් වරයෙකු ලෙස පොලිස් සේවයේ පහලම තනතුරට බැඳී එහි ඉහලම ධූරය වන පොලිස්පති ධූරය දක්වා පැමිණි ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ එකම නිලධාරියා ප්‍රියන්ත වීරසූරිය වීමයි.
2. තවත් හේතුවක් නම් ඔහු වැඩ බලන පොලිස්පතිවරයා වීමෙන් පසු රටේ නීතිය පිහිටුවනවා සේම පොලිසිය තුල නීතිය පිහිටුවීමට ක්‍රියා කිරීමයි. ඒ අනුව ඔහු මේ ටික කාලය තුල විවිධ විෂමාචාරයන්ට ලක් වු පොලිස් නිලධාරීන් 310 දෙනෙකුගේ වැඩ තහනම් කර විනයානුකූල ක්‍රියාමාර්ග ගෙන තිබේ. එය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ දෙයකි. වරක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ඉතාමත්ම දූෂිත ආයතනය ලෙස නම් කළ ශ්‍රී ලංකාවේ පොලිසිය ඒ තත්ත්වයෙන් මුදා ඉහලට එසැවීමට නම් එවැනි ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය වූයේ නමුත් මීට පෙර සිටි එකදු පොලිස්පතිවරයෙකුට එවැනි කොන්දක් හෝ දෘෂ්ඨියක් හෝ සැබෑ වුවමනාවක් හෝ තිබුනේ නැත.
3. මෙතෙක් සිටි බොහෝ පොලිස්පතිවරුන් 'කටින් බතල' පොරවල් විය. එහි කූඨප්රාප්ති තුනකි. එකෙක් නම් චන්ද්‍රා ප්‍රනාන්දු ය. ඔහු කටින් බතල පමණක් නොව පාලක රාජපක්ෂලාගේ අසූචිත් සුවඳයි කී නීලකාස සට්ටැඹියෙකි. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ද සට්ටැඹිකම අත්හැරීමට නොහැකි විය. ජෝකර් පූජිත ජයසුන්දර දෙවැන්නා වු අතර තුන්වැන්නා දේශබන්දු ය. ආසන්න පොලිස්පතිලා ගැන ඉහත අත්දැකීම් ඇති ජනතාව ප්‍රියන්ත වීරසූරිය 'වැඩ පෙන්වන පොලිස්පතිවරයකු' වනු ඇතැයි සිතීමට තවත් හේතුවක් නම් ඔහු වැඩි කතා නැතිව, ප්රචාරයට ගිජු නොවී තම රාජකාරිය දැඩිව, නිහඬව සිදුකරන බව වැඩ බැලූ කාලය තුල තහවුරු කර තිබීමයි.
නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය වැඩ බාර ගැනීමෙන් පසු ජනතාවට පොලිස්පතිවරයාට තම ප්‍රශ්න ඍජුවම දැනුම් දීම සඳහා නව වට්ස් ඇප් අංකයක් හඳුන්වා දී තිබේ. එම වට්ස්ඇප් අංකයට පොලිසියේම අයට වුව ද පොලිස්පතිවරයා සමග සම්බන්ධ විය හැකිය. එම වට්ස්ඇප් අංකයට ඇමතුම් ලබා ගත නොහැකි අතර වීඩියෝ, ඡායාරූප සහ ලිඛිත හෝ රෙකෝඩින් පණිවුඩ තැබිය හැකිය.
පොලිස්පති වීරසූරිය සමග ඍජුවම සම්බන්ධ විය හැකි එකී වට්ස්ඇප් අංකය නම්,
071 859 88 88 වේ
නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අනාගත නීතිගරුක නව ශ්‍රී ලංකාවක් හැදීමේ දී 'වැඩ පෙන්වනු' ඇතැයි අප ද බලාපොරොත්තු වෙමින්, මීට වසරකට පමණ පෙර ලංකා ඊ නිව්ස් පළ කළ පුවතක ඔහු සම්බන්ධයෙන් වූ කාරණයක් නිවැරදි කරමින් එවකට උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ඔහු අප වෙත එවූ දිගු ලිපිය පහත දිගුවෙන් කියවන මෙන් පාඨක ඔබට ආරාධනා කරමු. එය අප ඔහු ගැන කියනවාට වඩා ඔහුම ඔහු ගැන කී ලිපියකි.
-මාණ්ඩලික ලේඛකයෙකු විසිනි
---------------------------
by (2025-08-13 19:07:05)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි