රතනගේ අඳනකඩය අස්සෙන් මතුවූ මෙතෙක් නෑසූ ගඳ ගහන කතාවක්
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.29, ප.ව.8.45) දුටු තැන අල්ලන ලෙස අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන නම් සිවුරුකාරයා අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ නමුත් අද (29) නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ බාර වීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 12 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙළේ ය.
අමු ජාතිවාදියෙකු වූ 'රන්ජිත් වැලිකන්ද' හෙවත් 'අතුරලියේ රතන' නමැත්තාට තිබෙන චෝදනාව නම් 2020 මහ මැතිවරණයෙන් 'අපේ ජනබල' පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබා ගනිමින් මරණ තර්ජන එල්ල කිරීම යි. පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි වේදිනිගම විමලතිස්ස මුදා හැර තිබුනේ ඒ වන විටත් හිස්ව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට අතුරලියගේ නම සඳහන් කළ ලේඛනයකට විමලතිස්සගේ අත්සන ලබා ගැනීමෙන් අනතුරුව ය. ඒ අතරවාරයේ දී එකී පක්ෂයේ සභාපති සමන් පෙරේරා නමැත්තා ඝාතනය කර ද තිබිණ. වේදිනිගම විමලතිස්ස සිය දිව්රුම් ප්‍රකාශයෙන් කියන්නේ තමන් වෙනුවට වැරදී වෙනත් හිමිනමක් මරා දමා තිබූ බවයි. මේ පැහැරගැනීම සම්බන්ධයෙන් වේදිනිගම ගේ දිව්රුම් ප්‍රකාශයේ ටිරාන් අලස්ගේ සහ දේශබන්දු තෙන්නකෝන්ගේ නම් ද සඳහන් වේ.
වේදිනිගම විමලතිස්ස 2022 දී තරම් ඈත කාලයේ දී මේ සම්බන්ධයෙන් පොලිසියටත් මානව හිමිකම් කවුන්සිලයත් ලිඛිතව සේම දිව්රුම් ප්‍රකාශ මගින් ද පැමිණිලි කරන ලද නමුත් ඒ පැමිණිලි යට ගසා තිබිය දී මාලිමා ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව එකී පැමිණිල්ල ගැන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කෙරිණ.
එම විමර්ශන සිදුවෙද්දී 'රන්ජිත් වැලිකන්ද' හෙවත් 'අතුරලියේ රතන' අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු පදිංචිව සිටි රාජගිරියේ සඳහම් සෙවණ නමැති ස්ථානයට පොලිසිය කිහිප වරක් ගියද, තමන්ට එරෙහි චෝදනා වල බරපතලකම දන්නා අතුරලියේ රතන එහි නොරැඳී දුරකථනය ද විසන්ධි කර පලා ගොස් සිටියේ ය.
ඒ අනුව 'රන්ජිත් වැලිකන්ද' හෙවත් 'අතුරලියේ රතන' අධිකරණය මඟහරිමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීමකට අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අගෝස්තු 18 වෙනිදා ඔහු දුටු තැන අල්ලන ලෙස වරෙන්තු නිකුත් කළේය.
අද දක්වා අධිකරණය මඟහරිමින් සිටි 'රන්ජිත් වැලිකන්ද' හෙවත් 'අතුරලියේ රතන' අද පෙරවරුවේ නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර අනතුරුව මහෙස්ත්‍රාත්වරයා ඔහුව ලබන සැප්තැම්බර් 12 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙළේ ය.
'රන්ජිත් වැලිකන්ද' හෙවත් 'අතුරලියේ රතන' කවර වර්ගයේ දේශපාලන ගේම් ගහන සතෙක්දැයි වැඩි දුර දැනගැනීම සඳහා ලංකා ඊ නිව්ස් 2017 දී තරම් ඈතක දී පළකළ පහත ලිපිය කියවන්න.
---------------------------
by (2025-08-29 15:45:06)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි