~

සභාපති සිරිසේනගේ කෝල් ටර්මිනේෂන් ජාවාරම: ඊ නිව්ස් ඉල්ලීම ඵල දේ: පරීක්ෂණ CID යට: චෝගම් කාලයේ ගෙන්වූ දියුණු යන්ත්‍ර සූත්‍ර අතුරුදහන්..! කෝල් ටර්මිනේෂන් ජාවාරම්කරුවන් අතට ගිහින්?

(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.16, ප.ව‍.11.30) ටෙලිකොම්/මොබිටෙල් සමාගම් හි කෝල් ටර්මිනේෂන් ජාවාරම හෙලිදරව් කරමින් ලංකා ඊ නිව්ස් මෙම පරීක්ෂණ CID ය වෙත බාර දෙන්නැයි කරන ලද ඉල්ලීම ප්‍රතිඵල දෙවමින් එකී පරීක්ෂණ CID ය වෙත පවරා ගෙන තිබේ. 

ඒ අනුව අද සවස එකී අභ්‍යන්තර පරීක්ෂණ කළ නිලධාරීන් CID ය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර තිබේ.

කලක් තිස්සේ කරගෙන ආ මෙම කුප්‍රකට ජාවාරම කුමාරසිංහ සිරිසේන ටෙලිකොම්/මොබිටෙල් සභාපති ධූරයට පැන ගැනීමෙන් පසු අතු ඉති ලා දළු ලා මුල් බැස ගනිමින් ටෙලිකොම්/මොබිටෙල් සමාගම් වල විදේශ දුරකථන ඇමැතුම් කාලය සියයට 50 කට පමණ ඇද වැටිණ. ඒ බව ලංකා ඊ නිව්ස් ප්‍රථම වරට හෙලිකිරීමෙන් පසු දිනකට විනාඩි ලක්ෂයකට අධිකව ගසා කෑ අජිත් සිල්වා නමැති සාමාන්‍යාධිකාරී ඉංජිනේරුවකු හසු විය. ඉන්පසුව පරීක්ෂණ දැන් CID ය වෙත පවරා ගෙන තිබේ. 

පරීක්ෂණ CID යට පවරා ගැනීමෙන් පසු සභාපති කුමාරසිංහ සිරිසේන කලිසමේ හුලිජ්ජ යන තරමට බිය වී ඇති අතර ඔහුගේ ජාවාරම් කාර ගජයන් වන වෑගපිටිය සහ රංජිත් රුබසිංහ සමග රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි දැන ගන්නට තිබේ. 

මේ අතර පසුගිය කාලයේ චෝගම් නාඩගම පැවැති කාලයේදී ටෙලිකොම් සමාගම විසින් ජාත්‍යන්තර දුරකථන ලබා ගැනීමේ පහසුව සඳහා දියුණු වටිනා යන්ත්‍ර සූත්‍ර රාශියක් ආනයනය කර තිබූ නමුත් ඒ එකක් හෝ දැන් ටෙලිකොම් සමාගම සතුව නොමැති බවත් ඒවාට සිදුවූ දෙයක් කිසිවෙක් නොදන්නා බවත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. එම වටිනා යන්ත්‍ර සූත්‍ර ද මෙකී කෝල් ටර්මිනේෂන් ජාවාරම් කරුවන් අතට පත් කර ඇතැයි මේ වන විට සැක කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් මෙකී කෝල් ටර්මිනේෂන් ජාවාරමේ නව මං පෙතක් විවෘත වනු ඇතැයි පරීක්ෂකයන් වෙත ඔත්තුවක් වශයෙන් දන්වා සිටිමු.  

(ටෙලිකොම් සභාපතිවරයා තමා සභාපතිත්වය දරණ ටෙලිකොම්/මොබිටෙල් සමාගම් වල බලය යොදවා මෙම ප්‍රවෘත්තිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් කියවීම ලංකාවේ ටෙලිකොම්/මොබිටෙල් ග්‍රාහකයන්ට වාරණය කිරීමට ඉඩ ඇති බැවින් මෙම ප්‍රවෘත්තිය ලංකා ඊ නිව්ස් ෆේස් බුක් අඩවියේ සම්පූර්ණයෙන්ම පල කිරීමට කටයුතු යොදා ඇත.)

සබැඳි පුවත් - 
ඊ නිව්ස් හෙලිදරව්ව ඔප්පු වේ: ටෙලිකොම් ‘කෝල් ටර්මිනේෂන්‘ ජාවාරමෙන් දිනකට විනාඩි ලක්ෂයකට අධිකව මංකොල්ල කෑ කුමාරසිංහ සිරිසේනගේ සාමාන්‍යාධිකාරී ගෝලයෙක් අල්ලයි: මෙම පරීක්ෂන වහාම CID යට බාර දෙන්න

ටෙලිකොම් මොබිටෙල් IDD විනාඩි මිලියන ප්‍රමාණය 50% කින් කඩා වැටිලා: ජනාධිපති මලයා ‘කෝල් ටර්මිනේෂන්‘ ජාවාරමෙන් දිනකට ලක්ෂ 20-30 ත් අතර මුදලක් දිනපතා ගසා කන හැටි මෙන්න

---------------------------
by     (2016-02-17 01:07:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links