~

ආරක්ෂක ලේකම් යහපාලනය කණපිට ගස්සන බව යලි සනාථ කරයි: 29 වතාවක් රට ගිය යෝෂිත නිරුපද්‍රිතව සිටියදී එක් වතාවක් රට ගිය රජයේ සාක්කිකරුවාට මහින්දගේ නීතිඥයා ලවා දඬුවම් දෙයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.17, පෙ.ව‍‍‍‍.7.30) ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි නමැත්තා යහපාලනය කණපිට ගස්සමින් 29 වතාවක් නාවික හමුදාවට නොදන්නවා රට ගිය යෝෂිත රාජපක්ෂ නිරුපද්‍රිතව තබා එක් වතාවක් රට ගිය රජයේ සාක්කිකරුවෙක් වූ ලුතිනන් කොමදෝරු කේ.සී වෙලගෙදරට හමුදා අධිකරණයකින් වසර 4 ක දඬුවමක් ලබා දී තිබේ.

ලංකා ඊ නිව්ස් මෙවැන්නක් සිදුවන්නට යන බව පසුගිය 8 වෙනිදා “පුදුමයි ඒත් ඇත්තයි..! රාජපක්ෂලාගේ බයියෝ සේනාධිනායකයාට කොකා පෙන්වති..!! රාජපක්ෂගේ බයියෙක් නාවික හමුදාවේ නඩුත් අසා යහපාලනවාදීන් හිරේ දමන්නත් යයි“ යන පුවතින් අනාවරණය කළද පසුගිය 14 වෙනිදා හමුදා අධිකරණය විසින් දඬුවම් දී තිබේ. ඒ අනුව වෙලගෙදර මහතාට වසර 4 ක් යන තුරු කිසිදු උසස්වීමක් ලබා නොදෙනු ඇත.

නාවික හමුදාවේ රාජපක්ෂ යුගයේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් මෙහෙයවන ලද ඝාතකයන් පිරිසක් විසින් 2010 දී ත්‍රිකුණාමලයේ සිසුන් 7 දෙනෙකු ඇතුළු 28 ක් කප්පම්  සඳහා පැහැරගෙන, කප්පම් ලබා ගැනීමෙන් පසු මරා දැමීම සම්බන්ධයෙන් වූ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු පරීක්ෂණයේදී ලුතිනන් කොමදෝරු කේ.සී වෙලගෙදර සාක්කි දෙමින් ඝාතකයන් කව්ද යන්න හෙලි කර සිටියේ ය. ඒ අනුව යහපාලන ආණ්ඩුවට වැදගත් සාක්කි කරුවා නිහඬ කර දඬුවම් දීමට නාවික හමුදාවේ රාජපක්ෂවාදීන් කුමන්ත්‍රණය කළ අතර එහිදී නඩු ඇසූ ජජ් ඇඩ්වකේට් වූයේ අද මහින්ද රාජපක්ෂගේ නඩු වලට පෙනී සිටින ශවීන්ද්‍ර ප්‍රනාන්දුය. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවෙන් අස් වී තිබියදී නාවික හමුදාවේ ජජ් ඇඩ්වකේට් ධූරය දරන්නේ කෙසේද? 

මේ කිසිදු කරුණක් සැලකිල්ලට නොගත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි රාජපක්ෂවාදීන්ට පක්ෂව කටයුතු කර ඇත. වෙලගෙදරට එරෙහිව නඩුව අසද්දී සිසු ඝාතක හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ සිව් වතාවක් ත්‍රිමලය නාවික හමුදා කඳවුර වෙත ගොස් ඇත. 

වෙන කිසිවක් නොව 29 වතාවක් නිසි අවසරයකින් තොරව විදේශ ගතවූ යෝෂිත රාජපක්ෂට එරෙහිව හමුදා අධිකරණයක් පත් නොකළ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි කරන්නාගොඩට එරෙහි සාක්කිකරුවා එක් වතාවක් විදෙස් ගතවීම ගැන හමුදා අධිකරණයක් පත් කෙළේ ඇයි? එහි නඩු ඇසීමට මහින්ද රාජපක්ෂගේ නීතිඥයාට ඉඩ දුන්නේ ඇයි.? 

ජල සම්පාදනයේ සිටියදී රාජපක්ෂලා සමග හිටු කියා හොරකම් කළ කරුණාසේන හෙට්ටිආරච්චි අවසන් කාලයේදී රාජපක්ෂලා සමග ආරෝවක් හදා ගන්නේ හොරකම් කළ මුදලින් නියමිත පරිදි රාජපක්ෂලාගේ කුට්ටිය ලබා නොදුන් බැවිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වූ පසු යන අත බලා අවසාන සති කිහිපයේදී ඔහුට සහාය දීමට පැමිණියද කරුණාරත්න හෙට්ටිආරච්චි යනු දූෂිතයෙකි. හොරෙකි. අද දවසේද ඔහු ආරක්ෂක ලේකම් ධූරයේ හිඳිමින් කරන්නේ දූෂිතයන් ඝාතකයන් ආරක්ෂා කිරීමය. දූෂිත රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට කරන කුමන්ත්‍රණ පිටුපසද, අලි හොරා විනි-සොරා තිලින ගමගේ සඟවා ගැනීම පිටුපසද සිටි කරුණාසේන හෙට්ටිආරච්චි යහපාලනයේ කකුලෙන් අදිමින් ඩබල් ගේමක සිටින බවට ඉහත සිදුවීම අනගි සාක්කියකි.

සබැඳි පුවත - “පුදුමයි ඒත් ඇත්තයි..! රාජපක්ෂලාගේ බයියෝ සේනාධිනායකයාට කොකා පෙන්වති..!!“  

---------------------------
by     (2016-06-17 17:51:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

hetti arachchi vs mahendran. we are watching the game. may be a draw........?
-- by open mind on 2016-06-17

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links