~

දූෂිතයන් ඝාතකයන් එක දිගට අල්ලද්දී FCID සහ CID ප්‍රධානීන් දෙදෙනා මාරු කිරීමට බලගතු කුමන්ත්‍රණයක්..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.28, පෙ.ව‍‍‍‍‍‍.8.15) වනචර දශකයේ අවනීතියෙන් බේරී සිටි නීල කාස හොරුන් වූ බැසිල්, යෝෂිත, ගම්මන්පිල, මුසම්මිල්, සජින් වාස් ඇතුළු කිහිප දෙනෙකුම පසුගිය දින කිහිපයේදී අත් අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පරල වූ කිහිප දෙනෙකු FCID සහ CID ප්‍රධානීන් දෙදෙනා මාරු කිරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. 

මෙම කුමන්ත්‍රණ කරුවන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඇමැති රාජිත සේනාරත්න සහ ‘පොලිස්පති කෝලම‘ පූජිත ජයසුන්දර වන අතර ඔවුන් FCID සහ CID ප්‍රධානීන් වන රවි වෛද්‍යාලංකාර සහ රවි සෙනෙවිරත්න යන නීති ගරුක නිලධාරීන් දෙදෙනා මාරු කර ඒ වෙනුවට ඔවුන්ගේ හෙංචයියන් දෙදෙනෙකු වන රන්මල් කොඩිතුවක්කු සහ මෙවන් සිල්වා පත් කිරීමට කැස කවමින් සිටිති.

රාජිත සේනාරත්න විශේෂයෙන් FCID ප්‍රධානියා මාරු කිරීමට කැස කවන්නේ රාජිත සේනාරත්නට එරෙහිව  FCID යට කර තිබෙන පැමිණිලි යට ගසා දැමීමට රවි වෛද්‍යාලංකාර පියවර නොගන්නා නිසාය. “රාජිත ධීවර ඇමැති කාලයේ සියයට 2000 ක ‘පවර් ඒෂියා‘ ගැහිල්ලක්: FCID ය මෙතෙක් විභාග නොකෙළේ ඇයි?“ යනුවෙන් ලංකා ඊ නිව්ස් රාජිත සේනාරත්නට එරෙහි දූෂණ චෝදනාව ගැන හෙලිදරව් කිරීමෙන් පසු FCID ය එහි පරීක්ෂණ ආරම්භ කර ඇතැයි දැන ගන්නට තිබේ. මෙම පරීක්ෂණ යට ගසා දැමීමට අවශ්‍ය බැවින් තමන්ට පක්ෂපාතී හෙංචයියෙක් FCID යේ ප්‍රධානියා ලෙස පත් කර ගැනීමට රාජිත සේනාරත්නට අවශ්‍ය වී ඇත.

‘පොලිස්පති කෝලමට‘ මොවුන් දෙදෙනා ඉවත් කර ගැනීමේ වුවමනාව වෙනත් එකකි. එය නම් ඇත්තටම ‘කෝලම්‘ වුවමනාවකි. පූජිත ජයසුන්දර පොලිස්පති වරයා වීමට තටමද්දී ඔහු විසින් අනෙකුත් තරඟ කරුවන් අරභයා මඩ ව්‍යාපාරයක් ගෙන ගියේය. එහිදී එකී තරඟ කරුවන් ගැන චෝදනා ලිපි ගොනු ඇතිනම් තමා වෙත දෙන්නැයි පූජිත විසින් FCID සහ CID ප්‍රධානීන් වන රවි වෛද්‍යාලංකාර සහ රවි සෙනෙවිරත්න දෙදෙනාගෙන් ඉල්ලා ඇතත් ඔවුන් එවැනි නීති විරෝධී සහ සදාචාර විරෝධී පීච්චං ක්‍රියාවකට සහාය දක්වා නැත. 

ඒ අතර පූජිත ජයසුන්දර පොලිස්පති වරයා වීමට තටමන කාලයේදී පවත්වන ලද බෝධි පූජා ප්‍රචාරක ව්‍යාපාරයට ද FCID සහ CID ප්‍රධානීන් දෙදෙනා සහභාගී වී නැත. 

මෙවැනි නීච කෝලම් හේතු මත පූජිත ජයසුන්දරට FCID සහ CID ප්‍රධානීන් දෙදෙනා වන රවි වෛද්‍යලංකාර සහ රවි සෙනෙවිරත්න දෙදෙනාගෙන් පලි ගැනීමට අවශ්‍ය වී ඇති නිසා පූජිත ද මෙම කුමන්ත්‍රණයට සහාය දක්වා තිබේ. 

ඉහත හේතුවලට අමතරව රාජිත සහ පූජිත දෙදෙනාටම පසුගිය රාජපක්ෂ යුගයේ වනචරයන්ගේ සම්බන්ධතා තිබෙන බැවින් එකී වනචරයන් ද FCID සහ CID ප්‍රධානීන් දෙදෙනා කෙසේ හෝ ඉවත් කර දෙන්නැයි රාජිතට සහ පූජිතට බලපෑම් එල්ල කර තිබේ. 

රාජිත සහ පූජිත දෙදෙනා ඉහත සැබෑ හේතු සඟවා ව්‍යාජ හේතු පෙන්වා FCID සහ CID ප්‍රධානීන් දෙදෙනා මාරු කර රන්මල් කොඩිතුවක්කු සහ මෙවන් සිල්වා පත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති නමුත් ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉල්ලීම පිළිගෙන නැත. කෙසේ වෙතත් අතීතයේ දී මෙන් පොලිස් ප්‍රධානීන් මාරු කිරීම දැන් තමා සතු වගකීමක් නොවන බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. 

ජනාධිපතිවරයාගේ මනස වෙනස් කිරීම අසාර්ථක වූ තැන මෙම කුමන්ත්‍රණ කරුවන් පොලිස් කොමිසමට බලපෑම් එල්ල කිරීමට තැත් කරන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.  

රාජිත සහ පූජිත සදා කුජීත වන්නේ මේ දහදුරා කුමන්ත්‍රණයට දායක වීමෙන් බව අනතුරු අඟවා තැබිය යුතුය.

ජනවාරි 8 දේදුනු විප්ලවයට දායක වූ යහපාලනප්‍රේමී ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් මෙන්ම ප්‍රාර්ථනාවක් වූ දූෂිතයන්ට මිනීමරුවන්ට දඬුවම් දීමට කවර නම් බලවේගයක් අකුල් හෙලන්නේ නම් සහ කුමන්ත්‍රණය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ගත යුතු නිසි ක්‍රියාමාර්ග ගැනීමට වීරෝධාර යහපාලනප්‍රේමී ජනතාව පසුබට නොවනු ඇත. 

---------------------------
by     (2016-06-28 03:24:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

rajitha yanu kisima gathayuththak nethi amu hora thakkadiyek , eheth pujitha ijp poleeciye eda indalama inna honda mahathmayek kohoma unath mevage baluveda karanna epaa
-- by Athula on 2016-06-28

Rajitha koley iraganna langai wage.
-- by suriya on 2016-06-29

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links