~

ලසන්ත ඝාතනයට කණ්ඩායම් දෙකක් යොදවලා: කරුණාගේ අය බාරව සිටි සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම වමාරයි..! මෙතෙක් හෙලි වූ සුල මුල

ඝාතන කණ්ඩායම් ලීඩර් සාජන්ට් මේජර්ගේ සේයාරුවක් පළමුවරට මෙන්න

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.18, පෙ.ව‍‍‍‍‍‍.4.10) සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරද්දී එකිනෙකා නොහඳුනනා කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි අත් අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම හෙවත් ආනන්ද උදලාගම නමැති අවනීතික ඝාතන කණ්ඩායම් ලීඩර්ගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

ඝාතකයන් කණ්ඩායම ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඩයලොග් සිම් කාඩ් 5 ක් ඊට සතියකට පෙර මිලදී ගෙන ඇති අතර ඝාතනය සිදුකිරීමෙන් පසු ඒ එකදු සිම් කාඩ් පතකින්වත් යලි අද දක්වා කිසිදු ඇමතුමක් ගෙන නැත. 

පසුගිය 15 වෙනිදා රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම අද යලිත් වතාවක් ගල්කිස්ස මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 27 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී.

ප්‍රේමානන්ද උදලාගම යනු එල්ටීටීඊයෙන් කරුණා පිල වෙන් වූ පසුව කරුණාගේ පිරිස් සමග රහසිගත මෙහෙයුම් බාරව සිටි යුද හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියෙකු වේ. ඔහුගේ ගම් පළාත මාතලේ ප්‍රදේශය වූ බැවින් ඔහුට සිංහල දෙමළ භාෂාවන් මනා ලෙස හැසිරවීමේ හැකියාවක් තිබිණ. මිලේනියම් සිටි සිද්ධියේදී ද ඔහු අත් අඩංගුවට පත්ව තිබිණ. 

උදලාගම සිටියේ කොහුවල කඳවුරේ බුද්ධි ඒකක 3 කින් එකක 

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ 2009 ජනවාරි 08 දා වන විට ප්‍රේමානන්ද උදලාගම සේවය කරමින් සිටියේ කොහුවල පිහිටි බුද්ධි අංශ ඒකකයක් සමගය. එවක කොහුවල කඳවුරේ බුද්ධි ඒකක 3 ක් තිබූ අතර එකක් කර්නල් ප්‍රසන්න නමැති නිලධාරියෙක් යටතේද තවත් එකක් ‘අන්සාර්‘ නමැති නිලධාරියෙක් යටතේද අනෙක් ඒකකය රියැදුරන් ආදීන්ගෙන් සමන්විත ‘පසුපස හඹා යෑම්‘ සිදුකරන ඒකකයක් විය. කර්නල් ප්‍රසන්න යටතේ තිබූ ඒකකයේ නිලධාරියෙක් සමග සෙබලුන් 17 ක් සිටි අතර කරුණාගේ පිරිස් කටයුතු කළේ ‘අන්සාර්‘ යටතේ ය. ප්‍රේමානන්ද උදලාගම යනු අන්සාර් යටතේ කරුණාගේ පිරිස් සමග ක්‍රියා කළ අයෙකි. කරුණාගේ පිරිස් වලට ආරක්ෂිත නිවස්න ආදිය සපයමින් ඔවුන් බාරව සිටියේ සහ ඔවුන්ව මෙහෙයැවුයේ ප්‍රේමානන්ද උදලාගම ය. 

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ඒ දිනවලදීම අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කරන ලද හමුදා සෙබලුන් 17 දෙනා වූයේ පෙර කී කර්නල් ප්‍රසන්න යටතේ ක්‍රියාත්මක වූ බුද්ධි අංශ සෙබලුන් 17 දෙනා ය. ඒ අවස්ථාවේදී අන්සාර් යටතේ ක්‍රියාත්මක වූ කරුණාගේ පිරිස් සමග උදලාගමද සිටි බුද්ධි අංශ කණ්ඩායම ගැන කිසිදු පරීක්ෂනයක් පවත්වා නැත. 

ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන පරිදි කර්නල් ප්‍රසන්න යටතේ ක්‍රියාත්මක වූ බුද්ධි අංශ නිලධාරියා සහ සෙබලුන් 17 දෙනාගේ ඒකකය ඍජුවම පාලනය වී ඇත්තේ එවක යුද හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා මහතා වෙතිනි. ඔවුන් ක්‍රියා කර ඇත්තේ යුද හමුදාපතිගේ ආරක්ෂාව සඳහා ය. අන්සාර් යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායම යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ වරයා යටතේ පාලනය වී තිබේ. එවක යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇත්තේ වර්තමානයේ ත්‍රිකුණාමලයේ සේවය කරන මේජර් ජෙනරාල් (එවක බ්‍රිගේඩියර්) අමල් කරුණාසේකර ය. කෙසේ වෙතත් මේ සියල්ලටම ඉහලින් උපදෙස් දෙමින් ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධි අංශ උපදේශක වරයා ලෙස කටයුතු කරන ලද්දේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ ය. ඔහු එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අතිජාත මිත්‍රයා ය. 

ලසන්ත ඝාතනයටම අලුතින් ගත් සිම් කාඩ් 5

ආරම්භයේ දී සඳහන් කරන ලද පරිදි ඝාතකයන් භාවිතා කළ ඩයලොග් සිම් කාඩ් 5 මිලදී ගෙන තිබුනේ මරදානේ ට්‍රිපොලි කඳවුරේ සිටි බුද්ධි අංශ රියැදුරෙක් වන කන්දෙගෙදර පියවංශ නමැත්තෙකි. ඔහු තමාගේ හිතවතෙක් වූ නුවරඑළිය ප්‍රදේශයේ ගරාජ් හිමියෙකු වූ පිච්චේ නමැති දෙමළ ජාතිකයෙකුගේ හැඳුනුම්පතක් සොරකම් කරගෙන සිම් කාඩ් 5 මිලදී ගෙන තිබිණ. රාජපක්ෂ රෙජීමය විසින් ලසන්ත ඝාතනය ගැන පරීක්ෂන කරන බව පෙන්වීම සඳහා පියවංශ සහ පිච්චේ දෙදෙනාම වසර කිහිපයක් රිමාන්ඩ් බාරයේ තබාගෙන සිටි අතර කිසිවක් නොදැන සිටි ගරාජ් හිමි පිච්චේ රිමාන්ඩ් භාරයේදී මිය ගියේ ය. පියවංශගෙන් තමා ලබා ගත් සිම් කාඩ් පත් දුන්නේ කාටදැයි පරීක්ෂන කළ වුන් සොයා බැලුවේ ද නැත. එම සිම් කාඩ් පත් වලින් දුරකථන ඇමැතුම් ලබා ගත්තේ කාටදැයි සොයා බැලුවේ ද නැත. රාජපක්ෂ රෙජීමය කෙළේ පියවංශ පෙන්වා ජනතාව ගොනාට ඇන්දවීම ය.

ඒ සියලු පරීක්ෂණ යලි ආරම්භ කෙරුණේ වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවය. පසුගිය කාලයේ සිදුකළ අපරාධ සඳහා බහුතරයක් යොදාගෙන තිබුනේ ඩයලොග් සිම් කාඩ් පත්ය. ඒවායින් ලබා ගත් දුරකථන ඇමැතුම් මොනවාදැයි රහස් පොලිසිය සොයද්දී මුලදී ඩයලොග් සමාගමේ අයිතිකාර හාන්ස්  විජේසූරිය ඊට බාධා කළා මිස සහායක් දුන්නේ නැත. ලංකා ඊ නිව්ස් පසුගිය 2015 දෙසැම්බර් 06 වෙනිදා “ඩයලොග් අධිපති හාන්ස් විජේසූරිය විහින් අනතුරේ“ යනුවෙන් තත්ත්වය හෙලිකරමින් ලිපියක් පළ කෙළේය. ඉන් පසුව හාන්ස් විජේසූරිය තම ස්ථාවරය වෙනස් කරමින් රහස් පොලිස් පරීක්ෂණ වලට සහාය දීමට ඉදිරිපත් විය. ඒ අනුව ලසන්ත ඝාතකයන් භාවිතා කළ සිම් කාඩ් පත් වලින් වසර 7 කට පෙර ලබා ගත් දුරකථන ඇමැතුම් මොනවාදැයි රහස් පොලිසියට සොයා දීම සඳහා ඔහුට අලුතින් යන්ත්‍ර සූත්‍ර පවා පිටරටින් ගෙන්වා ගැනීමට සිදුවිය. හාන්ස් විජේසූරිය සහ ඩයලොග් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය එම යන්ත්‍ර සූත්‍ර සඳහා රු මිලියන 60 ක් පමණ අධික අතිරේක වියදමක් දැරීමට කැමැති වීම ගැන ඔවුනට ස්තූතියක්ද පළ කළ යුතුය. 

කෙසේ වෙතත් පසුගිය 15 වෙනිදා ලසන්ත ඝාතන කණ්ඩායමේ ලීඩර් වූ යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම අත් අඩංගුවට ගැණුනේ එවැනි බිඳලිය නොහැකි පරිවේශනීය සාක්කි මත ය. ඉදිරියට තවත් අය අත් අඩංගුවට ගැණෙනු ඇත. 

උදලාගම ජර්මනියේ දී දෙමළ ජනතාවගෙන් කප්පම් අරන්

පරීක්ෂණ පැවැත්වෙන බැවින් වැඩි විස්තර හෙලි කළ නොහැකි නමුත් දැනට හසුවී සිටින සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම ගැන ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ලැබී ඇති වැදගත් වේ යැයි සිතන තොරතුරු කිහිපයක් හෙලි කරමින් මෙම ලිපිය අවසන් කරමු.

මැදමූලනේ රාජපක්ෂ මෘගයන් මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල කළ මාරාන්තික ප්‍රහාර 2011 මැද පමණ වන විට ක්‍රමයෙන් අඩු වන්නේය. ලංකා ඊ නිව්ස් ගිනි තැබුවේ 2011 ජනවාරි 30 දා ය. ඉන්පසුව රාජපක්ෂ රෙජීමය විසින් සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගමව ජර්මනියට යවන්නේ බර්ලිනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සාමාන්‍ය සේවකයෙකු ලෙසය. වසර 3 හමාරක පමණ කාලයක් එහි සේවය කරන උදලාගම යලි සිය රට කැඳවන්නේ 2014 මැද භාගයේ ය. ඒ අතර කාලයේදී අලුතින් ශ්‍රී ලංකා පාස්පෝට් ඉල්ලුම් කරන ජර්මනියේ වෙසෙන දෙමළ ජනතාවගෙන් ඔහු කප්පම් මුදල් ලබා ගන්නේ හිතක් පපුවක් නැතිවය. කප්පම් නොදුන හොත් කොළඹ සිටින ඔහුගේ කල්ලිය සමග එක්වී ඒ අය එල්ටීටීඊ කාරයන් ලෙස හං වඩු ගසා පාස්පෝට් නොදෙනවා පමණක් නොව ඔවුන්ගේ ලංකාවේ සිටින ඥාතීන්ට නොයෙකුත් හිරිහැර කරවන්නේය. එම නිසාම ඔහු ජර්මනියේ දෙමළ ඩයස්පෝරාව අතර ප්‍රසිද්ධව සිටියේ “කප්පම් ආනන්ද“ ලෙසයි. 

තමාගේ පුද්ගලික සතුරෙක් නොවන අහිංසක මාධ්‍යවේදීන් මරා දැමීමට හැකි පුද්ගලයෙකු අහිංසකයෙකුගෙන් කප්පම් ලබා ගැනීම යනු ‘අහිංසක අපරාධයක්‘ සේ පෙනුනා විය හැකිය. 

කෙසේ වෙතත් යුද හමුදාවක බුද්ධි අංශයක් යනු රටක කොඳු නාරටිය වැනිය. ශ්‍රී ලංකාවේ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සහ සෙබලුන් 4000 කට අධික පිරිසක් ජීවිතය නොතකා රට වෙනුවෙන් සේවය කළහ. ඉදිරියටත් කරති. එබැවින් මෘග රෙජීමයක පුද්ගලික වුවමනාවන් මත අපරාධ කළ අතේ ඇඟිලි ගණනකට අඩු තිරශ්චීන මිනිසුන් කිහිප දෙනෙකු නිසා සමස්ථ බුද්ධි අංශයක වටිනාකම් කැප කිරීම් නිගරු වීමට ඉඩ නොතැබීමට වත්මන් යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාත් යුද හමුදාපතිවරයාත් වග බලා ගත යුතුය. වරදකරුවන් සහ වරදට මෙහෙයැවූ නායකයන් අල්ලා උපරිම දඬුවම් ලබා දී යුද හමුදාවේ කීර්තිය ආරක්ෂා කර ගත යුතුය. වින්දිතයන්ට සාධාරණය ඉටු කළා වන්නේ එවිට ය.

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි- 

---------------------------
by     (2016-07-18 16:37:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  8 discussion on this news

the perpatrators should be severely punished and justice should prevail.
-- by siripala on 2016-07-18

Spies could be in different forms; what are the actions of CIA KGB or M16 or Mozzard or RAW does noboady question upon them. Now Blair cries for Iraqis, but all happened, No USA or UK . Iraq has to suffer alone. In this case also Ex- Army commander will be released from all. Others will be directed to jail or sentence.
-- by Arjun on 2016-07-18

අපි නං දන්නෙ 'කප්පං නන්ද' කියල
-- by ආයු on 2016-07-18

අන්තිමට අපි කොටු වෙනෝ, ...සාධාරණ මිනිස්සු මරන්න අපිට අණ දීපු ගෝඨලා මරාල නිදහස් වෙනෝ! - Kandegedara piyawansa
-- by piyawansa on 2016-07-18

Is it true that Champika Ranawaka will be arrested this week for this murder?
-- by asfsafsafasf on 2016-07-20

ලසන්ත මහත්තය ඝාතනය කරන්න දින කිහිපයකට කලින්, ඔහුට දුරකතන ඇමතුමකින් 'මං තෝ මරනව' කියල තර්ජනය කරපු ගෝඨගෙන් මේ ගැන ප්‍රශ්න කරන්නෙ නැත්තෙ ඇයි? ලසන්ත සර් පුද්ගලිකවම මට මේ ගැන කියල තියෙනව.
-- by Malith on 2016-07-20

යුද හමුදාවක බුද්ධි අංශයක් යනු රටක කොඳු නාරටිය වැනිය. ශ්‍රී ලංකාවේ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සහ සෙබලුන් 4000 කට අධික පිරිසක් ජීවිතය නොතකා රට වෙනුවෙන් සේවය කළහ. ඉදිරියටත් කරති. එබැවින් මෘග රෙජීමයක පුද්ගලික වුවමනාවන් මත අපරාධ කළ අතේ ඇඟිලි ගණනකට අඩු තිරශ්චීන මිනිසුන් කිහිප දෙනෙකු නිසා සමස්ථ බුද්ධි අංශයක වටිනාකම් කැප කිරීම් නිගරු වීමට ඉඩ නොතැබීමට වත්මන් යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාත් යුද හමුදාපතිවරයාත් වග බලා ගත යුතුය. වරදකරුවන් සහ වරදට මෙහෙයැවූ නායකයන් අල්ලා උපරිම දඬුවම් ලබා දී යුද හමුදාවේ කීර්තිය ආරක්ෂා කර ගත යුතුය. වින්දිතයන්ට සාධාරණය ඉටු කළා වන්නේ එවිට ය.
-- by Champika Ranawaka on 2016-07-20

Gotabaya, you can fool anyone but Satan
-- by Satan on 2016-07-20

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links