~

රාජපක්ෂලා ‘සන්ඩේ ලීඩර්‘ කර්තෘ මරා, “නෑ මේ අපිටත් ගහනවා“ යි අඟවන්න ‘රිවිර‘ කර්තෘට පහරදුන් බව හෙලිවේ: උපාලි තෙන්නකෝන් සහ බිරිඳ තමන්ට පහර දුන් එකා හඳුනාගනී: පුදුමයි.., ඒ ලසන්ත ඝාතකයාමයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.26, ප.ව‍‍‍‍‍‍.11.00) මැදමූලනේ රාජපක්ෂ මෘගයන්ගේ වනචාරී පාලනය විසින් වසර 7 ක් පුරා වසන් කරන ලද කුරිරු තිරශ්චීන මාධ්‍ය මර්දනයක සුල මුල හෙලිකරමින් රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් තමන්ට මීට වසර 7 කට පෙර පහරදුන් ඒ තිරිසන් ප්‍රහාරකයා කව්දැයි අද හඳුනා ගන්නා ලදී. හේ අන් කිසිවෙක් නොව සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතකයා ලෙස ද මේ වන විට හඳුනාගෙන ඇති යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද  උදලාගම ය.

අද (26) දහවල් ගම්පහ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් මලිත් හේරත් මහතා ඉදිරියේ පැවැත්වු  හඳුනාගැනීමේ පෙරට්ටුවකදී තෙන්නකෝන් යුවල විසින් ප්‍රහාරක උදලාගම කිසිදු සැකයකින් තොරව හඳුනාගන්නා ලදී. (කවීන්ද්‍රා නමැති ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙකී පෙරෙට්ටුව කල් දැමීමට කුමන්ත්‍රණය කළද ලංකා ඊ නිව්ස් 24 දා “ආමි කොල්ලො අපි බේර ගන්න ඕනේ..!“ රිවිර කර්තෘට පහර දුන් එකා බේරාගන්න ගම්පහ විනිසුරු බඩුව වලිකයි“ මැයෙන් කරන ලද  හෙලිදරව්වෙන් පසු කුමන්ත්‍රණය අකුලා ගෙන අද පෙරෙට්ටුව පැවැත්වීය.)

තෙන්නකෝන් මහතාගේ බිරිඳ ධම්මිකා මල්කාන්ති විසින් ප්‍රකාශ කර සිටියේ තෙන්නකෝන් මහතාට පහර දෙද්දී තමා අද හඳුනාගත් පුද්ගලයා ඉදිරියේ ‘ගහන්න එපා‘ කියමින් එදා වැඳ වැටුනු නමුත් ඔහු ඒ කිසිවක් නොතකා තිරිසනෙකු මෙන් පොලු වලින් පහර දුන් බවත් එය වසර 7 ක් නොව 14 ක් ගියද තමාට කිසිදා අමතක නොවන බවයි.

රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ බිරිඳට පහර දුන්නේ 2009 ජනවාරි 23 වෙනිදා උදෑසන ඉඹුල්ගොඩ දී ය. තෙන්නකෝන් යුවල සිය මෝටර් රථය නිවසේ සිට මාර්ගයට ගන්නවාත් සමග මෝටර් සයිකල් වලින් පැමිණි, අද හඳුනාගත් ප්‍රේමානන්ද උදලාගම සහ පිරිස රථයේ වීදුරු වලට පොලු වලින් පහර දී බිඳ දැම්මෝය. පසුව තෙන්නකෝන් මහතාට පොලු වලින් පහර දුන්හ. බිරිඳ මල්කාන්ති සිය සැමියා වසා ගනිමින් ඔහුට එල්ල වන ප්‍රහාර වැළැක්වීමට යද්දී ඇයටද පහර දුන්හ. කෑ ගැසීම් ඇසී වට පිටාවේ පිරිස රොක් වනවාත් සමග උදලාගම සහ මැරයෝ මෝටර් සයිකල් වල නැගී පළා ගියහ.

උපාලිට පහර දී පාහරයා මාධ්‍ය ප්‍රධානීන්ට කීදේ...

රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට එදා පහර දුන්නේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහ මග මරා දමා සති දෙකකට පසුව ය. ලසන්ත ඝාතනය  කෙළේ 2009 ජනවාරි 08 වෙනිදා ය. උපාලිට පහර දුන්නේ ජනවාරි 23 දාය. උපාලි තෙන්නකෝන් සහ රිවිර ඒ වන විට කටයුතු කෙළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නොවේ දැඩි සේ පක්ෂපාතීව ය. උපාලිට පහර දීමෙන් පසු 2009 ජනවාරි 27 වෙනිදා අරලිය ගහ මන්දිරයේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සුපුරුදු ලෙස මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. ඒ අවස්ථාවේදී රාජිත සේනාරත්න සහ කෙහෙලිය රඹුක්වැල්ලද ඔහු සමග සිටියහ. එහිදී මහින්ද රාජපක්ෂ කියා සිටියේ රිවිර පුවත්පත් ආයතනය තම ඥාතියකුට අයත් බවත් එය පොලීසියට හෝ හමුදාවට හානි වන අයුරින් කටයුතු නොකළ බවත් එහි කර්තෘ උපාලි තෙන්නකෝන් තමාගේ ද ලෙංගතු මාධ්‍යවේදියෙකු වන අතර ඔහුට කළ පහර දීම තමාට කළ පහරදීමක් සේ සලකන බවයි. ඔහු මෙසේ කී බවට එදා ලංකා ඊ නිව්ස් වාර්තා කළ අතර කෙහෙළිය රඹුක්වැල්ල කෙසේ වෙතත් රාජිත සේනාරත්න සහ අනෙකුත් මාධ්‍ය ප්‍රධානීන් අද වුව ඊට සාක්කි සපයනු ඇත.

දැන් සිද්ධි දෙකේම වග උත්තර කරුවන් එකම පිරිසක් බව ඔප්පු වී තිබේ. ලසන්ත ඝාතනය සේම තෙන්නකෝන් ප්‍රහාරය මෙහෙයැවූයේ යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම බව පාර්ශවයන් දෙකක් විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටු දෙකකදීම තහවුරු කර තිබේ. එදා ත්‍රිවිධ හමුදාවේම සේනාධිනායකයා අන් කවරෙක් හෝ නොව මහින්ද රාජපක්ෂය. ආරක්ෂක ලේකම් අන් කවරෙක් හෝ නොව ඔහුගේ මලයා ගෝඨාභය රාජපක්ෂය. රාජපක්ෂලාගේ අණ දීමකින් තොරව ප්‍රේමානන්ද උදලාගමට කර්තෘ වරුන් මරන්නට සහ පහරදෙන්නට පුද්ගලික කෝන්තරයක් තිබිය නොහැකිය. 

රාජපක්ෂලා උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ අන් කිසිවකට නොව ඊට සති දෙකකට පෙර ඝාතනය කළ ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් රාජපක්ෂලා වෙත දිගු වූ ඇඟිල්ල වෙනතක හරවා “එහෙම නෑ මේ අපේ අයටත් කව්දෝ ගහනවා“ යැයි ලෝකයාට පෙන්වීමට ය. 

නමුත් අද ඔප්පු වූ කරුණත් සමග “උපාලි තෙන්නකෝන්ට පහර දීම මට පහරදුන්නා හා සමාන යැයි“ කියමින් තම බුද්ධි අංශ සට්ටැඹියන් ලවා උපාලි තෙන්නකෝන්ට පහර දීම කෙතරම් සාහසික මෘග කමක්ද..? මැදමූලනේ රාජපක්ෂලා යනු කුමන වර්ගයේ දුෂ්ඨ තිරිසනුන් පිරිසක් දැයි හඳුනා ගැනීමට මීටත් වඩා වෙනත් දෑ අවශ්‍ය ද? 

එදා මර්දනයට තවත් සාක්කියක්...!

මේ වාර්තාව අවසන් කිරීමට පෙර එදා තිබූ රාජපක්ෂගේ මාධ්‍ය මර්දනය කෙතරම්දැයි අද රාජපක්ෂලා වෙනුවෙන් කඩේ යන ජඩමාධ්‍යකරුවන්ට වටහා ගැනීම සඳහා තවත් සාක්කියක් ඉදිරිපත් කරමු..

ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර 4 වන තට්ටුවට කැඳවා රහස් පොලිසිය විසින් පැය 6 ක් පුරා ප්‍රශ්න කරන ලද්දේ ද තෙන්නකෝන්ට පහර දුන් දිනයේ දී මය. එනම් 2009 ජනවාරි 23 දා ය. ඒ ගෝඨාභය රාජපක්ෂ විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මතය. කතුවරයාව මාස 3 ක රඳවා ගැනීමේ නියෝගයක් මත රඳවා ගැනීමට සැලසුම් කර තිබුනද අවසන් මොහොතේ එය වෙනස් විය.  

තෙන්නකෝන් මහතාට එල්ල කළ ප්‍රහාරයටත් ලංකා ඊ නිව්ස් කතුවරයා 4 වන තට්ටුවට කැඳවා පැය 6 ක් ප්‍රශ්න කිරීමටත් එරෙහිව ජාත්‍යන්තර ඇමනෙස්ටි සංවිධානය පසුදා එනම් 2009 ජනවාරි 24 වෙනිදා නිවේදනයක් නිකුත් කෙළේය. එහි මෙසේ සඳහන් විය.

“ශ්‍රී ලංකාවේ රජය මාධ්‍යයේ සුරක‍්ෂිත භාවය සඳහා ඉටු කරන්නේ ඉතා සුළු වැඩ කොටසකි. මාධ්‍යවේදීන් ඝාතනය කරන හා මාධ්‍යවේදීනට හිරිහැර කරන පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමට රජය සෘජුවම වග කිව යුතුය.

අපරාධ පරීක‍්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ නිලධරයකු ‘ලංකා ඊ නිව්ස්‘ කර්තෘ සඳරුවන් සේනාධීර මහතා ඊයේ පැය හයක කාලයක් ප්‍රශ්න කිරීමට ලක් කිරීම හා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා ලබන සතියේ පැමිණෙන බවට එම නිලධාරීන් දන්වා තිබේ. මෙම ප්‍රශ්න කිරීම සිදුවන්නේ ‘රිවිර‘ ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට පහර දීමත්, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාට මේ මස මුලදී වෙඩි තැබීමෙන් අනතුරුව ය.

2006 වසර ආරම්භයේ සිට මේ වන විට මාධ්‍යවේදීන් 14 දෙනකු මරා දමා තිබේ. තවත් පිරිසක් නඩු නොමැතිව රඳවා ඇති අතර, තවත් සමහරුන් ආරක‍්ෂක අංශ බාරයේ සිටියදී හිරිහැර කිරීම් වලට හා අතුරුදහන් වීම්වලට ලක්ව තිබෙන අතර මරණ තර්ජන නිසා මේ වන විට මාධ්‍යවේදීන් 20 ක් පමණ රට හැර ගොස් සිටී.“

-යොලන්ඩා ෆොස්ටර්- ඇමනෙස්ටි ජාත්‍යන්තරය-

---------------------------
by     (2016-08-26 19:57:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  10 discussion on this news

සාමාන්‍ය අදිකරණ සම්ප්‍රදාය වනුයේ උසාවියක ස්ථීර හෙවත් අදිකරණ සේවා කොමිසමින් පත් කරනු ලැබූ මහේස්ත්‍රාත් වරයා විසින් හදුනාගැනිමේ පෙරට්ටුව පැවැත්විම වේ. මෙම පෙරෙට්ටුව පවත්වනු ලැබූ අද දින ගම්පහ මහේස්ත්‍රාත් කවීන්ද්‍රා නානායක්කාර සිටියේ ඇය විසින් මුඛ සන්සර්ගයේ යෙදීම නිසා පින් ශිශ්‍යත්වයක් ඩොලර් පන්දාහක් සමග ලබා දුන් ගඩොලා හෙවත් විනිශ්චය කරුවන් පුහුණු කරණ ආයතනයේ වසන්ත කුමාර නැමති පාහර ගස් බලු වේසිගේ පුතා සමග බොම්බායේ ගුවන් තොටුපලේ ප්‍රසන්ත මහනිල් සිල්වාට බ්‍රැන්ඩි බෝතලයක් ගනිමිනි. ඇය ඒ අවස්තාවේ ලලිත් කන්නන්ගර අතිරේක මහේස්ත්‍රාත් වෙත උපදෙස් ලබා දුන්නේ හදුනා ගැනිමේ පෙරෙට්ටුව පුද්ගලික ලෝයර් කෙනෙක්ට දි ලන්කා ඊ නිව්ස් ගහන නිසා ඇග බේරා ගන්නා ලෙසය. හදිසියේවත් මෙය පත්තු වි අවුලක් උනහොත් ගොඩ දා ගන්න එම අවස්තාවේ එතන සිටි ලෆාර් ගෙන් උපදෙසක් ගෙන පමිල සහ ප්‍රදීප් වෙත දෙන්න වයින් බෝතල් දෙකක්ද ගන්නා ලදි. මේ කාල කන්නි හට හෙන ගැසිය යුතුය.
-- by ගඩොලා on 2016-08-26

අපට ඕනෑ තරාතිරම් නොබලා මේ අපරාධ කාරයින්ට දඩුවම් පමුනුවන්ටයි
-- by Nayana on 2016-08-26

දැන් සිද්ධි දෙකේම වග උත්තර කරුවන් එකම පිරිසක් බව ඔප්පු වී තිබේ. ලසන්ත ඝාතනය සේම තෙන්නකෝන් ප්‍රහාරය මෙහෙයැවූයේ යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම බව පාර්ශවයන් දෙකක් විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටු දෙකකදීම තහවුරු කර තිබේ. එදා ත්‍රිවිධ හමුදාවේම සේනාධිනායකයා අන් කවරෙක් හෝ නොව මහින්ද රාජපක්ෂය. ආරක්ෂක ලේකම් අන් කවරෙක් හෝ නොව ඔහුගේ මලයා ගෝඨාභය රාජපක්ෂය. රාජපක්ෂලාගේ අණ දීමකින් තොරව ප්‍රේමානන්ද උදලාගමට කර්තෘ වරුන් මරන්නට සහ පහරදෙන්නට පුද්ගලික කෝන්තරයක් තිබිය නොහැකිය.
-- by Amali Silva on 2016-08-27

අපි නං දන්නව රාජපක්ෂ කියන්නෙ කවුද කියල! ...වැඩේ ගත්ත වැඩේ දුන්න!
-- by ධර්මෙ on 2016-08-27

2009 ජනවාරි 23 වෙනිදා උදෑසන උදලාගම ඇතුළු මැර කණ්ඩායමට තව විනාඩි කීපයක් ලැබුන නම් උපාලි තෙන්නකෝන් හා බිරිඳ මරු තුරුලෙ! රාජපක්ෂගෙ මාධ්‍ය හා සට්ටැඹි මාධ්‍ය මුදලාලිල මෙහෙයුමක් අරඹාවි රජාගෙ හිතවතෙකු හා දේශප්‍රේමී මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු හා බිරිඳ ඝාතනය කර ඇති බවත් මෙය මාධ්‍යවේදී ලසන්ත ඝාතකයන්ගේම කුමන්ත්‍රණයක් බවත් මෙය රජය පෙරලා බලය අල්ලා ගැනීම සඳහා විරුද්ධ පක්ෂ කුමන්ත්‍රණකාරීන් ජාත්‍යන්තර බලවේග හා එක්ව සිදු කරනු ලබන කුමන්ත්‍රණයක කොටසක් බවත් අපරාධ කරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන බවටත් ප්‍රකාශ කරමින්!
-- by Jayantha Nonis on 2016-08-27

මට මතකයි ජනාධිපති ඡන්දෙ දවස්වල හම්බන්තොට මරාගෙ රැස්වීමකදි රෑ සංගීතෙ වෙලාවෙ වේදිකාව උඩ හිටපු කාන්තාවකට ගල් ප්‍රහාරයක් එල්ල වුනා. ඒක කලේ වේදිකාව ඉදිරියෙන්ම හමුදාව හා පොලීසිය අතර හිටපු පුද්ගලයෙක්. හමුදාව හා පොලීසිය අතර වේදිකාව ඉදිරියෙන්ම ඒ වගෙ දෙයක් කරන්න සාමාන්‍ය පාක්ෂිකයෙකුටවත් බෑ, ඒක අනිවාර්යෙන්ම කලේ මරාගෙ හෙංචයියෙක්, ඔහුට ලැබුනු උපදෙස තමයි ඔහු ක්‍රියාත්මක කලේ වරද විපක්ෂයට බැර කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ ගෑණි මැරුණත් එවුන්ට ප්‍රශ්ණයක් නෑ එතකොටත් මල මිනිය අලෙවි කරන්න පුලුවන් විපක්ෂයට පහර දෙන්න. වාසියක් ගන්න පුලුවන් නං එක බත්පත කන එකා වුනත් බිලිදෙන්න මරාල අකමැති නෑ, ඒක තමයි උන්ගෙ ජන්ම ගතිය!
-- by gasali on 2016-08-27

උපාලි තෙන්නකෝන් සහ බිරිඳ තමන්ට පහර දුන් එකා හඳුනාගනී: පුදුමයි.., ඒ ලසන්ත ඝාතකයාමයි!
-- by jonston on 2016-08-27

raajapaksha mona tharam pahath pele ballekda kiyala hithenawa den?
-- by sirisumana perera on 2016-08-27

මැද මුලනය මිනිස්සු බිලි දීපු වනචර තිරිසනෙක් ජඩයෙක්...
-- by buula on 2016-08-27

කතාවක් තියෙනවනෙ කීප දෙනෙක් හැමදාම රවට්ටන්න පුළුවන් , ඕන නං හැමෝම ටික දවසකට රවට්ටන්නත් පුළුවන්, ඒත් හැමෝම හැමදාම රවට්ටන්න බෑ! කියල.
-- by Rajitha Chamikara on 2016-08-27

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links