(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.18, පෙ.ව.8.40) රජයේ මුදල් පන් කෝටි දාහත් ලක්ෂයකට අධික මුදලක් හොරකම් කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද රාජපක්ෂගේ ඥාති පුතෙකු වන ජාලිය වික්‍රමසූරිය රටින් පැන යාමට උත්සාහ කරද්දී FCID ය විසින් ඊයේ රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු අද අධිකරණය ඉදිරියට පැමිණවීමට නියමිතය.
ජාලිය වික්‍රමසූරිය වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපතිව සිටියදී තිබූ තානාපති කාර්යාලය වෙනුවට අලුතින් තානාපති කාර්යාලයකට කියා No' 3025, White Haven Street, Washington 20008. දරණ ස්ථානයේ ගොඩනැගිල්ලක් මිල දී ගත්තේය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් ලබා ගත් මුදල ඇ.ඩො. මිලියන 6.65 කි. එම මුදලින් ඇ. ඩො. 3,45,000 ක් හෙවත් රුපියල් 5 කෝටි 17 ලක්ෂ පනස් දහසක මුදලක් ඔහුගේ තේ සමාගමකට බැර කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඇමරිකානු බලධාරීන්ගේද සහාය ඇතිව FCID ය විසින් විමර්ශන කරන ලද අතර තමාව අත් අඩංගුවට පත් වන බව දැන ගත් ජාලිය වික්‍රමසූරිය ඊයේ (17) පාන්දර රටින් පැන යෑමට උත්සාහ ගත්තේය. ඒ වන විටත් FCID ය විසින් ඔහුට රටින් පිටවීම වාරණය කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ බැවින් කටුනායක ගුවන් තොටුපොලට පැමිණි ජාලිය වික්‍රමසූරියට රටින් පැන යෑමට නොහැකි විය.
පසුව ඊයේ උදෑසන සිට ජාලිය වික්‍රමසූරියගෙන් ප්‍රශ්න කරන ලද FCID ය රාත්‍රී 10 ට පමණ ඔහුව අත් අඩංගුවට ගන්නා ලදී. අද උදෑසන අධිකරණය ඉදිරියට පැමිණවීමට නියමිතය.
ජාලිය වික්‍රමසූරිය නමැති මහජන මුදල් කොල්ල කෑ අපරාධකාරී රාජපක්ෂගේ මස්සිනා පසුපස දීර්ඝ කාලයක් හඹා ගොස් නියම තොරතුරු ලබාගෙන නීතිය ඉදිරියට පැමිණවීම FCID ය සහ CID ය පසුගිය වනචර දශකයේ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන්නේ නැතැයිද, ඒවා දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව සිදුකරන්නේ යයිද, හාල්මැස්සන් අල්ලන්නේ යයිද කියමින් තක්කඩියන් නගන අවලාද වලට ලබා දුන් හොඳ පිළිතුරකි.
---------------------------
by (2016-11-21 00:19:07)
Leave a Reply
Len muuth ara hora namba tiranta wage apa labai, Ape adikarane inna ayya wisvasa karanna puluwanda
-- by lion on 2016-11-18
podu jana peramune nayakakama MaRata deela,upanayakakama mey porata demu!!!!
-- by suri on 2016-11-18
විජේදාස පැමිණ බේරා ගනු ඇත.
-- by Mala on 2016-11-18
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි