~

ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් අත් අඩංගුවට ගන්නැයි නීති විරෝධී ජාත්‍යන්තර වරෙන්තුවක් : කුමන්ත්‍රණයේ සුල මුල සහ විහිළුකාර නඩු ඇහිල්ල

LeN කර්තෘ මණ්ඩල ප්‍රකාශය

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.26, පෙ.ව‍‍‍‍‍‍.6.25) ශ්‍රී ලංකාවේ අධිකරණය, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ තවත් කිහිප දෙනෙකුගේ වුවමනාව මත නීති විරෝධී සහ ක්‍රම විරෝධී නඩු තීන්දු ලබා දෙන බව මොනවට ඔප්පු කරමින් සතියකට පෙර අධිකරණ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී වහසි බස් දෙඩූ ලෙසින්ම ගම්පහ මහේස්ත්‍රාත් කවින්ද්‍රා නානායක්කාර විසින් ලංකා ඊ නිව්ස් කතුවරයා අධිකරණයට අපහාස කර ඇතැයි යන අපරාධ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තුවක් ඊයේ(25) නිකුත් කළාය. එම රතු වරෙන්තුව ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සහායෙන් ක්‍රියාත්මක කරවා ගැනීමට නියෝග කොට ඇත. 

ඒ සමගම ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර ශ්‍රී ලංකාවට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන පාලක වරයාටද ඇය විසින් නියෝග නිකුත් කරන ලදී. 

කවීන්ද්‍රා නානායක්කාර විසින් සඳරුවන් සේනාධීර අධිකරණයට අපහාස කර ඇති බවත් එම චෝදනාව යටතේ අභියාචනාධිකරණයේ නඩු පවරන ලෙසටද නියෝග කළ අතර එලෙස තීන්දු කරන ලද්දේ රිවිර පුවත් පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ නඩුවේ ප්‍රධාන සැකකරු ප්‍රේමානන්ද උදලාගම හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ඡායාරූපයක් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කිරීම යන හේතුව ය. 

මෙහි ඇති අපූරුව නම් රිවිර කර්තෘ තමාට පහර දුන් අය බවට හඳුනාගත් ප්‍රේමානන්ද උදලාගම ඇප මත නිදහස් කරන විනිසුරු කවින්ද්‍රා ඔහුගේ සේයාරුව පළ කළ ඊ නිව්ස් කතුවරයා වෙත ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කිරීමයි. ප්‍රේමානන්ද උදලාගම ලසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවා වීමද අමතක කළ නොහැකිය.

නීති විරෝධී සහ ක්‍රම විරෝධී නඩු ඇහිල්ල

ලංකාවේ අධිකරණ ක්‍රියාවලියම විහිළුවකට ලක් කෙරෙන කවින්ද්‍රා නානායක්කාර නමැති මහේස්ත්‍රාත්වරියගේ නඩු ඇහිල්ල නීති විරෝධී සහ ක්‍රම විරෝධී වන්නේ මෙසේය.

ප්‍රථමයෙන්ම මෙකී රිවිර කර්තෘට පහර දීමේ නඩුවට ඊට කිසිසේත්ම සම්බන්ධයක් නොමැති ලංකා ඊ නිව්ස් ඈඳා ගත්තේ ලංකා ඊ නිව්ස් විසින් ඊට පෙර ඇයව දැඩි ලෙස විවේචනය කිරීමේ වෛරය පිරිමසා ගැනීමට ය. අලි හොරා තිලින ගමගේ සම්බන්ධ නඩුවේදී නීතිපතිවරයා තිලින ගමගේට එරෙහිව ගත් ක්‍රියාමාර්ග විවේචනය කරමින් ඇය විසින් ඇයගේ මුහුණු පොතේ සටහන් යොදා තිබිණ. විනිසුරුවරියක ලෙස ඇය කර ඇත්තේ බරපතල වරදක් බව ලංකා ඊ නිව්ස් විසින් විවේචනය කළ අතර ඇයගේ මුහුණු පොතේ ඇය විසින් ඇයගේ විවිධ ඉරියව් වල පින්තූර පල කරමින් ඒවාට කොමෙන්ටු දමන අයට හායි, හූයි,  තැන්ක් යූ, ෆ්‍රොෆෙෂනල් කියුටි ආදී බහු බූත අදහස් පළ කිරීම විනිසුරු වරියකට නොව ‘විනිසුරු බඩුවකට‘ ගැලපෙන ක්‍රියා යැයි ලංකා ඊ නිව්ස් ඇයව විවේචනය කර තිබිණ. විනිසුරු ධූරය අවමානයට පත් කරන ඇයගේ ක්‍රියා පිලිවෙත ගැන ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති මගින් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කරද සිටියේ ය. එබැවින් කවින්ද්‍රා ලංකා ඊ නිව්ස් කෙරෙහි සිටියේ වෛරයකිනි. ඒ අනුව ඇය කෙළේ රිවිර කර්තෘට පහර දුන් නඩුවේ දී සැකකරුවාගේ පින්තූරය පළ කළා යැයි කියමින් එම නඩුව ලංකා ඊ නිව්ස්ට එරෙහිව නඩු විභාගයක් ලෙස වෙනතකට ගෙන යෑමයි. ඊට ඇය පාදක කරගත්තේ ඇයට නිර්නාමිකව ලැබුණු ලිපියකි. 

පොලිස් නිලධාරියෙකුට පවා නිර්නාමිකව ලැබෙන පැමිණිලි ගැන විභාග කළ නොහැකි අතර මහේස්ත්‍රාත්වරියකටද නිර්නාමික ලිපියක් පිලිබඳව විභාග කළ නොහැකිය. එසේ නමුත් ඇය මාස කිහිපයක් තිස්සේ ලංකා ඊ නිව්ස් වෙත දැන්වීම් දෙන්නේ කව්ද? එම ආයතන ප්‍රධානීන් ප්‍රශ්න කළ යුතුය ආදී අදාල නොවන නියෝග සීඅයිඩිය වෙත දුන්නා ය. 

එසේ තිබියදී ඊයේ (25) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී හදිසියේ  නඩුවට මැදිහත් වූ හේමන්ත වර්ණකුලසූරියගේ ඉල්ලීම මත රිවිර කර්තෘට පහර දුන් සැකකරුගේ පින්තූරය හඳුනාගැනීමේ පෙරෙට්ටුවට පෙර පළ කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි ඇය තීන්දු කර එය අභියාචනාධිකරණයට යොමු කළාය. ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කළාය. සීඅයිඩිය ලංකා ඊ නිව්ස් පසුපස හඹා නොගියා යැයි කියා සීඅයිඩියට ද දොස් පැවරුවා ය.

තුන් කට්ටුව අධිකරණය විහිළුවක් කළ හැටි

විජේදාස රාජපක්ෂ, හේමන්ත වර්ණකුලසූරිය, කවීන්ද්‍රා නානායක්කාර නඩය අධිකරණය විහිළුවක් කෙළේ මෙසේය

1. ලංකා ඊ නිව්ස් විසින් චෝදනා කර ඇති විනිසුරුවරියක් ලෙස ඇය අපට එරෙහිව ඇය විසින් නඩු ඇසීම මූළිකවම වැරදිය. තමන්ගේ නඩුව තමන්ම ඇසීම සිදු නොකළ යුත්තක් බව මූලික සිද්ධාන්තයකි. එ් අනුව අප ‘බරපතල යුක්තියේ අපගමනයකට‘ ලක්ව තිබේ.

2. උපාලි තෙන්නකෝන්ට පහර දුන් සැකකරු ප්‍රේමානන්ද උදලාගමගේ ගේ සේයාරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවට පෙර පළ කිරීම වැරදි යයි කියන්නේ උපාලි තෙන්නකෝන්ට සැකකරුවා හඳුනා ගැනීමට උපකාරී කළා වීම නම් අපට පෙර සැකකරුගේ රුවට සමාන රුවක් සිතුවම් කර ප්‍රසිද්ධ කළ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවද වැරදි විය යුතුය. අනෙක් අතට අප විසින් පළ කරන ලද සේයාරුව අපද උපුටා ගත්තේ අන්තර් ජාලයෙනි. එය ඊට පෙර ප්‍රසිද්ධ කර තිබුනේ ශ්‍රී ලංකාවේ රජය විසිනි. ඒ ඔහු ඊට පෙර සේවය කරන ලද තානාපති කාර්යාලයක උත්සවයක් අවස්ථාවේදී ගන්නා ලද්දක් ලෙස තානාපති කාර්යාලය විසිනි. එසේ නම් කවින්ද්‍රා අධිකරණයට අපහාස කළා යැයි නඩු දැමිය යුත්තේ අපට නොව රජයට ය. ලෝකයේ අපරාධ කරුවන් අල්ලා ගැනීමට අපරාධකරුවන්ගේ සේයාරූ පළ කරමින් මහජන සහාය ඉල්ලද්දී ලංකාවේ කවීන්ද්‍රා නමැති විහිළුකාරිය අපරාධකරුවෙකුගේ සේයාරුවක් පළ කිරීමෙන් ලංකා ඊ නිව්ස් අධිකරණයට අපහාස කළා යයි වරෙන්තු නිකුත් කරයි. මේ  විනිසුරුවරියගේ තර්කය අනුව ලෝකයේ අපරාධකරුවන් කිසිදා සේයාරුවකට මුහුණ නොදුන් අය විය යුතුය.

3. තවත් ප්‍රධාන කරුනක් වන්නේ ජාත්‍යන්තර වරෙන්තුවක් ඉල්ලා සිටීමේ නෛතික බලය ඇත්තේ ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙවත් සීඅයිඩිය වෙත මිස අන් ආයතනයකට හෝ පුද්ගලයෙකුට නොවේ. ඒ යම් අපරාධයක් සම්බන්ධයෙන් සීඅයිඩිය කරන ලද පරීක්ෂණ වල ප්‍රගතියක් අනුව එකී සැකකරුවා එම අපරාධයට සම්බන්ධ බවට අධිකරණයට ඉදිරිපත් කරන සාක්ෂි අනුවය. ඒවා නීතිපතිගේ උපදෙස් මත සිදුවිය යුතුය. පරීක්ෂණ තව දුරටත් සිදුකරගෙන යන බැවින් සැකකරුවා අවශ්‍ය බව  කියමින් වරෙන්තු නිකුත් කරන්නැයි සීඅයිඩිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටිය යුතුය. මෙහිදී එවැනි කිසිදු ක්‍රියාවක් සිදුව නැත. සීඅයිඩිය ලංකා ඊ නිව්ස් ට එරෙහිව එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති අතර නීතිපති උපදෙස් සහිත කරුණු ඉදිරිපත් කිරීමක් ද කර නැත. කොටින්ම  සීඅයිඩිය විසින් ජාත්‍යන්තර වරෙන්තුවක් කවීන්ද්‍රාගෙන් ඉල්ලා නොමැති අතර ඉල්ලන්නේ අතරමැදදී ඊයේ නඩුවට සම්බන්ධ වන හේමන්ත වර්ණකුලසූරිය විසිනි. එවැනි තත්ත්වයක් තුල ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට කිසිදු නීතිමය අයිතියක් නැත. ඒ අනුව කවීන්ද්‍රා තම අධිකරණ බලතල අව භාවිතයේ යොදා ඇත. අධිකරණ සේවා කොමිසම ඇයට එරෙහිව මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කළ යුතුය.

4. මෙහි ඇති තවත් අවනීතියක් නම් යමෙකුට විරුද්ධව ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කිරීමට පෙර සාමාන්‍ය වරෙන්තුවක් නිකුත් කර තිබිය යුතුය. එම වරෙන්තුව ක්‍රියාත්මක කළ නොහැකි යයි පොලිසිය අධිකරණයට දන්වා තිබිය යුතුය. පුද්ගලයා අධිකරණය මගහැර සිටින්නේ යයි තහවුරු විය යුතුය. අපරාධකරුවාගේ සේයාරුව පළ කිරීම සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙත කවීන්ද්‍රා නොතීසි නිකුත් කරාවි යයි බලාපොරොත්තුවෙන් අප සිටි අතර එසේ කෙළේ නම් රිවිර කර්තෘට පහර දීම සම්බන්ධ නඩුවට අපද ඉදිරිපත් වී අපගේ නිර්දෝෂීභාවය පෙන්වා සිටීමට ද සූදානමින් සිටියෙමු. නමුත් විජයදාස හේමන්ත කවීන්ද්‍රා කුමන්ත්‍රණකරුවන් විසින් යුක්තියේ සාධාරණත්වය අප වෙත ලබා නොදෙමින් ප්‍රථමයෙන්ම ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කර ඇත. 

5. කවීන්ද්‍රාගේ නඩු ඇහිල්ලේ තවත් විහිළුවක් වන්නේ ලංකා ඊ නිව්ස් අධිකරණයට අපහාස කළා යැයි අභියාචනාධිකරණයේ නඩු පවරන ලෙස නියෝග කළ කවීන්ද්‍රා ඉන්පසුව ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කිරීමයි. එයද සම්පූර්ණයෙන්ම වැරදිය. නඩුව අභියාචනාධිකරණයට තැබුවා නම් වරෙන්තුවද නිකුත් කළ යුත්තේ අභියාචනාධිකරණය විසින් මිස කවීන්ද්‍රා නොවේ.

මේ අවනීතිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම විසින් තීන්දුවක් ගත යුතු අතර සාධාරණ යුක්තිය පසිඳලීමකට මුහුණදීමේ අපට ඇති අයිතිය තහවුරු කළ යුතුය. 

ව්‍යාජ වරෙන්තු වලට ඉන්ටර්පොල් දඩ ගසනු ඇත.

ඉහත ප්‍රධාන කරුණු අනුව ලංකා ඊ නිව්ස් කතුවරයාට එරෙහි වරෙන්තුව නීත්‍යාණුකූල වරෙන්තුවක් නොවේ. රටේ අධිකරණ ඇමැතිවරයා පළමුවෙන් පාර්ලිමේන්තුවේ වහසි බස් දොඩා පසුව හෙංචයියන් විසින් එය ක්‍රියාත්මක කරන අධිකරණ ක්‍රියාවලියක් කිසිසේත්ම ස්වාධීන අධිකරණයක්ද නොවේ. එවැනි තත්ත්වයක් අනුව ප්‍රංශයේ පිහිටා ඇති ඉන්ටර්පොල් ආයතනය මෙවැනි අධිකරණ වලින් දේශපාලන වුවමනාවන් මත නිකුත් කරන ව්‍යාජ වරෙන්තු වලට ප්‍රතිචාර දක්වන්නේ නැත. ඔවුන්ද ස්වාධීන සොයා බැලීමක් සිදුකරන අතර එහිදී මෙම වරෙන්තුව ව්‍යාජ වරෙන්තුවක් බවට ඔප්පු වුවහොත් ශ්‍රී ලංකාවේ රජයට විශාල වන්දි මුදලක් ගෙවීමට ද සිදුවනු ඇත. 

අනෙක් අතට මෙතෙක් ඉන්ටර්පොල් ඉතිහාසයේ කිසිදු දිනෙක අධිකරණයට අපහාස කළා යැයි කවර නම් මාධ්‍යවේදියෙකුට හෝ එරෙහිව ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කර නැත. විශේෂයෙන් දේශපාලන රැකවරන මත සිටිනා මාධ්‍යවේදියෙකුට රැකවරණ ඉල්ලීමට හේතු කාරණා වූ රටෙන් නිකුත්  කරන වරෙන්තු සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කරද නැත.

දේශපාලන කුමන්ත්‍රණයේ හැඩ රුව

ඒ අනුව ලංකා ඊ නිව්ස් මෙය සලකන්නේ විජයදාස රාජපක්ෂ හේමන්ත වර්ණකුලසූරිය කවීන්ද්‍රා වැනි පහත් පෙළේ තක්කඩියන්ගේ උද්ධච්ඡ කුමන්ත්‍රණයක් ලෙසත් මොවුන්ට අවශ්‍ය වන්නේ ප්‍රචාරක මාධ්‍ය වාසියක් පමණක් බවය. 

මෙහි දේශපාලන කුමන්ත්‍රණයක්ද තිබේ. යහපාලන ආන්ඩුව බලය ගෙන ඒමට වෙහෙස වූ, රාජපක්ෂ රෙජීමය යටතේද දැඩි මර්දනයකට ලක්වූ, ලංකා ඊ නිව්ස් වැනි මාධ්‍යයක් යහපාලන ආණ්ඩුව යටතේද මෙලෙස පෙරටත් වඩා නීච අසාධාරණ මර්දනයකට ලක් කිරීමෙන් ආණ්ඩුව යහපාලනප්‍රේමී ජනතාවගේ දැඩි වෛරයකට ලක් වී තිබේ. අඟේ ඉඳන් කණ කන විජයදාස වැන්නෙකුගේ කුමන්ත්‍රණය සාර්ථක වී ඇත. අනෙක් අතට මාධ්‍ය නිදහස දැන් තිබෙනවා යැයි උඩ දමමින් කියන වත්මන් ආණ්ඩුවට මින් මතු එවැන්නක් කිව නොහැකිය. මන්ද යත් මෙම විගඩම් මර්දනය මේ වන විටත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රධාන පුවතක් ලෙස ප්‍රචාරය කර ඇති බැවිනි. තවත් අතෙකින් ‘සමාජ මාධ්‍ය වලින් අපිට ගහනවෝ‘ යයි බෑඟිරි ගසන ආණ්ඩුවේ සිටින අයද මෙයින් කිසියම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වනවා ඇත. එනම් ‘ඔන්න අපි ලංකා ඊ නිව්ස් එකටත් වැඩේ දුන්නා.. තොපිලත් බලා ගනිල්ලා‘ යන පණිවුඩය ලබා දෙමින් සමාජ මාධ්‍ය ජාලා වල සිටින සුවහසක් තරුණ තරුණියන්ගේ හිසට ඉහලින් දැන් මර්දනයේ අසිපත එල්ලා තිබීමය. 

අඟේ ඉඳන් කණ කන විජයදාස රාජපක්ෂ වැනි අවස්ථාවාදියෙකු ඇටවූ බොරු වලේ වැටෙනවාද? නැතිද ? යන්න ගැන ආණ්ඩුව තීරණයක් ගත යුතුය. එසේ නොවුව හොත් මෙය ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වනු ඇති බවටත් නිසැකවම හැරුම් ලක්ෂයක් වනු ඇති බවටත් අපි අනතුරු අඟවා තබන්නෙමු..! 

ජනවාරි 8 වෙනිදා ජනතාව ඇවිලූ නිදහසේ, ප්‍රජාතන්ත්‍රවාදයේ, නීතියේ ආධිපත්‍යයේ ගිනි සිළුව කුමන්ත්‍රණකරුවන් කිහිප දෙනෙකුගේ වුවමනාවට නිවා දැමීමට ඉඩ දීමට අප සූදානම් නැත. ඕනෑම පාලකයෙකු හෝ පාලක කල්ලියක් ජනමාධ්‍යය මර්දනය කරන්නේ ‘මෙන්න අපි ජනමාධ්‍ය මර්දනය කරනවෝ‘ කියමින් නොවේ. ඔවුන් ඒ සඳහා දේශප්‍රේමය හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ වෙනයම් හෝ පැණි තොගයක් මර්දන බෝම්බය වටා තවරන අයුරු ඉතිහාසය පුරා අප දැක තිබේ. ඒ කිසිවකට ලංකා ඊ නිව්ස් යටත් නොවන අතර කෙතරම් අමිහිරි වුවද, කුමන මර්දනයක් ආවද ජනතාවට සත්‍ය කියා පෑම අප ඉතිහාසය පුරාම ඉටු කර තිබේ. සැක නොසිතන්න.., අපගේ වගකීම අපි ඉදිරියටද එලෙසම ඉටු කරන බවට ශපථ කරන්නෙමු. 
   

(ලංකා ඊ නිව්ස් කතුවරයාට එරෙහිව ඉන්ටර්පොල් වරෙන්තු  පුවත ප්‍රචාරය වූ තැන් සිට පැය 14 ක් පමණ යන තුරු ලංකා ඊ නිව්ස් වෙත සහාය පළ කරමින් අප සතු සියළුම දුරකථන අවහිර වෙමින් එක දිගට ඇමැතුම් ගලා ආවේය. ඒ අතර අපගේ දැඩි විවේචනයන්ට ලක්වූවන්ද කීවේ මේ තීරණාත්මක අවස්ථාවේදී කොන්දේසි විරහිතව ඔවුන් ලංකා ඊ නිව්ස් වෙත සහයෝගය දක්වන බවයි. එකි නොකී සියලු සුධීමතුන්ට ලංකා ඊ නිව්ස්හි අප්‍රමාණ ස්තූතිය පිරිනමමු)


සඳරුවන් සේනාධීර ඇතුළු කර්තෘ මණ්ඩලය 

ඉන්ටර්පෝල් වරෙන්තු නිකුත් කෙළේ කුමන ජාතියේ විනිසුරුවරියක්දැයි පහත ලිපිය කියැවීමෙන් දැන ගත හැකිය.
රතුපස්වල මරා දැමූ ඥාතීන් අනුස්මරණයට බාධා කළ කවීන්ද්‍රා නානායක්කාර නීතිපතිටත් අපහාස කරලා: මෘග විනිසුරු බඩුවට දඬුවම් දෙනු..!

ලංකා ඊ නිව්ස් කතුවරයා බීබීසීය වෙත කළ ප්‍රකාශය පහතින් 

---------------------------
by     (2016-11-27 03:19:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  35 discussion on this news

Len early morning I go to the computer to see your response and now I am happy and elated;Your service to our nation cant be measured in value, My respect to you is due to your attempt to make this country a descent land of living. In this task you have no favorites you attack any one whom you see as a threat to this noble cause.Len for you BUDU saranai.
-- by lion on 2016-11-26

me patta wesaa bellee wahaama adikarana sewayen pannaa damaa adikaranaye gawrawaya rekeemata danwath chief justice waga balaagathayuthuya. JSC secretary the budiyan innaa wagak pene. me wage paratta wal balliyan nisaa adikaranaye sitinaa niyama vinisuranta da athimahath agawrawayaki. eka eka hora ballange athakoluwak vee vihilu sapayana niyoga dena meweni vinisuru badu wahaama, wahaaama adikarana sewayen pannaa demiya yuthuya. me eliyata enne Sarath Silva, Chandra jayathilaka adikaranayata waddaagath kanawendum genunge prathipalai.
-- by Independant on 2016-11-26

Haka Haka Hkaaaaass..... wal belliyange paratta balu warenthu.. jathanthara vihilu.. international mockeries . me wage gon bijje warrant nisaa dan sri lankaawe adikaranaya jathayantharaye da vihiluwata lakwee hamaaraya. adikaranaya vihiluwata lakkarana meweni wal balliyan wahaama gedara yawaa, nadukaarawarunta swaadeenawa nadu aseemata wathawaranaya ane karunaakara saadaa denna garu AGAVINISURU THUMENI...
-- by Nadukiyanno.. on 2016-11-26

mulu adikarana paddathiyama gandagassana, vihiluwata lakkarana niyoga dena, FB wesa balliyan gedara yawanne nedda yako....? thawath uda pena pena adikarane gandagassanda deela balaagana inna ponna wahelaa kawda yako..?
-- by GampahaJanathaawa on 2016-11-26

Aho.. ape rate ADHIKARANAYA...!!! mewaage mee-gon wessiyan getagasaa sudusu harak pattiyakata dakkagana yaamata thiranayak gannata kisiwek nedda aho..!!!
-- by Registrar on 2016-11-26

thamanhata dee thibena ADIKARANA BALAYA me.aakarayen vihiluwata, healluwata, lakkaramin, o.naa ma hora lawyer keneku illaasitina aakarayata , desapaalana, thakkadi niyoga nikuthkaranaa meweni vihilukaara VINISURU-BADU wahaama adikarana sewayen iwathkireemata wagakiwayuththan wagabalaagathayuthuya. Sarath Silva and Chandra jayathilaka dedenaa visin thoraa pathkaragath mewaage gon wesiyan (Ayesha Abdeen / Thilina Gamage/ Kanishka Wijerathna/ Gadol Wasantha athuluwa), wahaama adikarana sewayen, adikaranaye gavrawaye naamayen danwath pannaa damamu. nethahoth janathaawa ema vinisuran/wariyan pannaa demeemata paaratama basinu etha.
-- by FrontDesk on 2016-11-26

gon deel dasa wesige putha nisa kisidinaka newatha UNP/SLFP lata mage chandaya denne nee sanda ruwanta atha thiyanadata munge wala munma kapa gannawa
-- by Jayalath on 2016-11-26

THE WHOLE YAHAPALANAYA LOVING NATION IS WITH MR SANDARUWAN AND LANKA ENEWS. IT IS UP TO THE PRESIDENT AND THE PRIME MINISTER TO SHOW WHETHER THEY ARE TRUELY COMMITTED TO A YAHAPALANAYA GOVERNMENT OR TO THE WHIMS AND FANCIES OF DEALDASE AND THIS ILL-ADVISED JUDGE. THIS COULD BE A CRITICAL MOMENT FOR THE GOVERNMENT TO GATHER OR KILL ITS OWN MOMENTUM!
-- by citizen on 2016-11-26

“අධිකරණ කටයුතු අන්තර්ජාලය හරහා අභියෝගයට ලක් කිරීමට කටයුතු කළ ලංකා ඊ නිවුස් කතුවරයා (සඳරුවන්) අධිකරණ ඇමැතිවරයාගේ සිංහ නාදයත් සමඟ නකුට හකුළාගෙන ඇත. ඔහු විසින් අන්තර්ජාලය හරහා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ගෙන ගිය අසත්‍ය මඩ ප්‍රචාර දැනටමත් එම වෙබ් අඩවියෙන් ඉවත් කරගෙන ඇත“ ............වනචර දශකයේදී හිටපු ඒකාධිපති,මිනීමරු,කම්බා හොරෙක් වන රාජපක්ෂලාට විරුද්දව නොබියව සත්‍ය ප්‍රකාශ කල,ලෝකයේ සිටින දරුණුම ගනයේ කම්බා හෝරාව ගෙදරම යවපු,රටේ ජනතාවගේ ඇස් පාදපු ලංකා ඊ නිවුස් කතුවරයා (සඳරුවන්) ට අධිකරණ ඇමති විජේදාස කියන්නේ මොන"පගර නට්ටේක්ද","මොන ගොන් බිජ්ජෙක්ද",මොන "හුජ්ජ කොල්ලෙක්ද"?
-- by tikiri banda on 2016-11-26

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචෙලියන් ක්‍රියා කොට ඇත්තේ උමතු විනිසුරුවරයෙකු ලෙසින් යැයි සැකකරු සිය ෆේෂ් බුක් ගිණුම හරහා ප්‍රකාශ කොට තිබීම ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුව බව යාපනය පොලීසියේ නිලධාරියෙකු පැවසීය. Illancheliyan mahathaa nam umathu vinisuruwarayaku nove. eheth umathu vinisuru badu, vinisuru naluwan, FB eke o,naa taram sitithi. pasugiya kaalaye unge heluwella lokayatama penuni. unvisin karanaa vigadam , eliwoovita, ewwa elikarana LeN weni media ayathana , walata international warrants nikuthwe. vikata vigadam elikaranne adikaranayata apahaasa kireemata nam nowana bawa o,naa ma podi lamayakuta uwada terumgatha hakiya. LeN karanne adikaranaya gandagassana vihilukaara porawal haa badu adikaranasewayata gelapenne nathi waga penwaadeema pamani. eheth awaasanaawakata ema badu/ nalu battan, gon charitha thawamath nadu asamin siteemai. janathaawata adikarana kerehi kisidu viswasayak emagin athiwanne netha.
-- by Independant on 2016-11-26

me vinisuru baduwa nadu ahanne, niyoga denne kaage uwamanawata dei janathaawata monawata pehediliya. ali horeku woo vinisureku gena Neethipathi gath thiranayak da me wesige FB pituwe viwechanaya karannata puluwannam, hora thakkadi, balu, deal-dasa, hora thakkadi (FCID eke vimarshanayak thibena) Hemantha Warnakulasuriya kiyanaa hora lawyer yana kupaadi ballange niyoga walata weda karannata puluwannam, meweni hora vinisuru badu adikarana sewaye thiyagana inne kaage uwamanaawatadai janathaawata thadabala prashnayaki. me hora deal karayange telephone numbers walata adaala daththa, vinisuru baduwage telephone numbers wala daththa samaga wahaama pariskshaa kota, meweni niyoga dennata kalin unhaa samaga yedunu sanwaada thahavuru karageneemata puluwana. evita janathawata mun semadenagema heluwa elidakkannata hakiwenu atha.
-- by Cell-De-Tell on 2016-11-26

THE WHOLE YAHAPALANAYA LOVING NATION IS WITH MR SANDARUWAN AND LANKA ENEWS. IT IS UP TO THE PRESIDENT AND THE PRIME MINISTER TO SHOW WHETHER THEY ARE TRUELY COMMITTED TO A YAHAPALANAYA GOVERNMENT OR TO THE WHIMS AND FANCIES OF DEALDASE AND THIS ILL-ADVISED JUDGE. THIS COULD BE A CRITICAL MOMENT FOR THE GOVERNMENT TO GATHER OR KILL ITS OWN MOMENTUM! -- by citizen on 2016-11-26 True, but it is not the President or PM who is responsible for taking a firm action against this fancy judge. It is the CHIEF JUSTICE being the Boss of all the judges who must take a decision . Still not too late. The President and PM must take an action to send Deal-Dasa home, yes true. otherwise, people will surely teach a good lesson to all those, whose names are revealed here.
-- by CivilBale on 2016-11-26

මෙහි ඇති අපූරුව නම් රිවිර කර්තෘ තමාට පහර දුන් අය බවට හඳුනාගත් ප්‍රේමානන්ද උදලාගම ඇප මත නිදහස් කරන විනිසුරු කවින්ද්‍රා ඔහුගේ සේයාරුව පළ කළ ඊ නිව්ස් කතුවරයා වෙත ඉන්ටර්පොල් වරෙන්තු නිකුත් කිරීමයි. ප්‍රේමානන්ද උදලාගම ලසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවා වීමද අමතක කළ නොහැකිය. me wesa ballee nadu ahanne kaage padetada, kumana desapalana guspiyanta da yanna janathaawata memagin hondata pene. mun nadukaariyan karanaladde kaa visin da ? ane apata kiyaa denna?
-- by Nadukiyanno on 2016-11-26

ADIKARANA SEWAA KOMISONSABAWA DANWATH ME VIHILUKARIYAN ADIKARANA SEWAYEN PANNA NODEMMOTH, ADIKARANAYA VIHILU SAPAYANA AYATHANAYAK BAWATA PATHVEEMA WALAKKANNATA BARIYA.
-- by FrediSillaa on 2016-11-26

The bitch does not seem to understand the consequences of vexatious litigation. This is a pure abuse of the judicial process. Dealdasa is directly responsible for this joke, which can cost a lot to the government!
-- by gona on 2016-11-26

“අධිකරණ කටයුතු අන්තර්ජාලය හරහා අභියෝගයට ලක් කිරීමට කටයුතු කළ ලංකා ඊ නිවුස් කතුවරයා (සඳරුවන්) අධිකරණ ඇමැතිවරයාගේ සිංහ නාදයත් සමඟ නකුට හකුළාගෙන ඇත. ඔහු විසින් අන්තර්ජාලය හරහා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ගෙන ගිය අසත්‍ය මඩ ප්‍රචාර දැනටමත් එම වෙබ් අඩවියෙන් ඉවත් කරගෙන ඇත“ ............වනචර දශකයේදී හිටපු ඒකාධිපති,මිනීමරු,කම්බා හොරෙක් වන රාජපක්ෂලාට විරුද්දව නොබියව සත්‍ය ප්‍රකාශ කල,ලෝකයේ සිටින දරුණුම ගනයේ කම්බා හෝරාව ගෙදරම යවපු,රටේ ජනතාවගේ ඇස් පාදපු ලංකා ඊ නිවුස් කතුවරයා (සඳරුවන්) ට අධිකරණ ඇමති විජේදාස කියන්නේ මොන"පගර නට්ටේක්ද","මොන ගොන් බිජ්ජෙක්ද",මොන "හුජ්ජ කොල්ලෙක්ද"? -- by tikiri banda on 2016-11-26 samastha lankaa janathaawa jaathi bedayen thorawa me welaawe sitinne LeN samagai. yahapalanaya da kelawaaganne menna methanin bawa janathaawa denatamath thiranayakara hamaaraya. yahapalanaya balayata genennata le sollagana katayuthukala janthaawa amathaka kara, ahaka balaagana gamanak yanne nam, yahapalanayata waradinne ethanaya. janathaawa MAL-MAL paadamak ugannanawaa ugannanawaamai. adikaranaya suddakaragana, yahapath palanayak, swaadeena adikaranayak, wahaama sthaapitha nokaloth, ratata mahaa vipathak wana bawa nam janathaawata therum gos boho kalya.
-- by Civilbale on 2016-11-26

adikaranaya gandagassana me wage GOO-HELI nisaa , adikaranaye nama thiyaagana niyameta weda karana bahuthara vinisuru warun wariyantath dan paare behela yannata noheki thathwayak udaavee thibe, eya apa rata thula pamanak nowa, wenath ratawala sitinaa sri lankika vinisuran/wariyan tada dan balapaa thibenne yai apata denagannata lebee thibe. aho ape adikarana sewaya. !!! heelluwata lakwanne samastha adikarana paddathiyama misa mese pissu kelinaa FB vinisuru badu pamanak nowe. adikaranaya suwandawath wana dawasa udaawanne kawadaa da? Sandaruwan la ge da pathuma eya misa, adikaranayata apahaasa kireema nowe. janathaawata eya thrum giyada, kuprakata horunta nam eya terennema netha. therunaa uwada notherunaa se sitinne kumana ho waasiyak thibena nisaa wiyayuthuya. un waasi gannaavita, rata walapallata gos hamaaraya. HYBRID ADIKARANAYAKA seyaa dan dan monawata apata peneeyai...
-- by Civil-Fense on 2016-11-26

MaRa ge awadiye di, ektharaa junior vinisuru mahatheku ta JSC secretary kama labaa dee, anda baala lesa katayuthu karamin, newspapers walata news sapayannata yaama nisaa niskaarane gedara yannata siduwooye, ewakata chief justice ta ya. gedara yawana lada aakaaraya nam anumahakaranne netha. eheth awasaanaye siddavooye eyai. ithin adath a tikamaya. vihilukaara FB nadukaariyak haa Kudukaarayan balannata bandanagarayata giya nadukariyak nisaa adikaranayama gandassaara vee thibe. mewaa therum gena , adikaranaya suddakireemata katayuthu nokaranne mona kehelgediyak nisaadai janathaawatanam mahaa apabransayaki.
-- by Keselmalli on 2016-11-26

Jan 8 wenidaa mahaa janakandak yahapalanayata chandaya dunne mewaage news ahannata, dakinnata nam nove. adikaranaya swadeena aayathanayak bawa aththaya. eheth ehi sitinaa samahara vinisuran/wariyan visin ema aayathanaye nabbuwa, gavrawaya kelesanne nam, E ta wagakiwayuththe kisiwekuth nowa, eya palanaya karanaa athi garu CHIEF JUSTICE thuman visini. adikaranayata, ho, parlimentuwata ho, agavrawa kireemata kaahatawath nohekiya. agavrawa karanne ehima sitinaa suluthara pirisakma visini, ithin... uththaraya ithaa saralaya. agavravayata pathkaramin janthawage mudalin padi kakaa sitinaa a nogelapena vihilu kaariyan/kaarayan wahaama panna damanne neththe mona hethuwak nisaadei janathaawata uththara diya yuthuya.
-- by Nadukiyanno on 2016-11-26

සඳරුවන්, අවනීතික බල්ලන්ගේ බලු වැඩ වලට බය නැතුව ඔබගේ සමාජ සත්කාරය එසේම කරගෙන යන්න. ඩීල්දාසගේ බලලා දැන් මල්ලෙන් එලියට පැනලයි ඉන්නේ. ඔබ විතරක් නොවේ මුන්ට අර මීහරක්කුලසූරිය කලේ මොනවද කියලත් අමතක වෙලා. අප සියලුම දෙනා බලාගෙන ඉන්නේ ඔබට මේකල අපහාසයට හා අසාධාරනයට අගමැතිත් ජනාධිපතිත් ගන්නා පියවර කුමක්ද කියායි. මුල අමතක කරන, කලෙහිගුන අමතක කරන කිසිම කෙනෙකුට ස්වභාව ධර්මයාගෙන් කිසිම සමාවකුත්නෑ, වැඩි ආවිසත්නෑ. බලමු කවුද දිනන්නේ කියල. සඳරුවන්, මුන් දැන හෝ නොදැන කරන්නේ තව තවත් ඔබ ජනප්‍රිය කරන එක විතරයි. වෙන කිසිම දෙයක් නෑ. ඔබට සුභ පැතුම්.......
-- by Bathiya on 2016-11-26

මේකට කියන්නේ"යහපාලනය "කියල නෙමෙයි.අම්මගේ රෙද්දේ යහපාලනය කියලයි.සත්‍ය ලියපු සදරුවන් අල්ලන්න වරෙන්තු දාල.පට්ට හොරු ,කම්බා හොරු,ලෝකයේ කොටි ප්‍රකෝටි ගණනින් සල්ලි හංගපු/ඉඩම් නිවාස ගත්තු රාජපක්ෂලා එළියේ.රාජපක්ෂලා කියද්දී අපේ "ගොන් බිජ්ජෝ " දෙන්නට හුජ්ජ ගු ගිහින් ඉවරයි.තු නොදකින් මෙහෙම "වල් බල්ලෝ" දෙන්නෙක් නේ අපි සහයෝදය දුන්නේ.හරිනම් යහපාලනය දී සදරුවන්ට රුපවාහිනියේ "සබාපති" කමයි දෙන්න වටින්නේ.
-- by tikiri banda on 2016-11-26

balu wijedasa huxxxge putha me anduwen elawanne neththe eyi.....?
-- by tikiri on 2016-11-26

Sandaruwan Senadheera mahathage educational qualifications monawaada yanna nam apa danne netha. eheth, kumana thathwayak yatathe uwada ethumawa Lankawata genwaa wahaama ohuta ADIKARANA AMATHIKAMA diyayuthuya. ekko wenath amathikamak diya yuthuya. amethikam karana samahara hora gon bijjan, gon wassan panna damaa, yahapalanaya genennata uradun ayeku lesa ohuta eya labaadiya yuthuya. FB eke natanaa heluweli wesa belliyanta tharu penenne edaataya.
-- by YahapalanaVoters on 2016-11-26

ඊ-නිවුස් නැත්නම් අද සමහරවිට යහපාලනයකුත් නැහැ.තව අවරුදු 20 කාටවත් විපක්ෂයක් කියලා දෙයක් ඉතිරි වෙන්නෙත්/කරන්නෙත් නැහැ. ඒක තේරුම්ගත්තොත් හොඳයි
-- by tikiri banda on 2016-11-26

ඊ-නිවුස් නොතිබෙන්න අදටත් අපි සහ අපේ දරුවන්ට සිද්ද වෙන්නේ රාජපක්ෂ හැතිකරයට වහල්කම් කරමින් වහල්ලු වගේ මැරෙනකම් ජිවත් වෙන්නයි."ගොන් බිජ්ජෝ" දෙන්නට සහ ඔකුන්ගේ සනුහරෙටම මැරුම් කන්න හෝ ජිවිත කාලයම හිරේ (ජාතික වීරයෙක් වන ජෙනේරල් ෆොන්සේකාට වගේ)ලගින්නයි.අපි අපේ මුදල් වියදම් කරමින් මොන තරම් සටනක් කරලද හිටපු ඒකාධිපතියව ගෙදර යැව්වේ.යකෝ මම පුදුම වෙන්නේ අන්තිම දවස වෙනකම් රාජපක්ෂලාගේ ගූ ඇදපු අවුන්ට යහපාලන රජයෙන් ආරක්ෂක ලේකම්,........දුන්න.යහපාලනය ගෙන්න සහයෝගය දුන්නු වුදවිය හිරේ යවන්න හදනවා.තු විතරක් අම්මගේ රෙද්දේ පාලනය.
-- by tikiri banda on 2016-11-26

අපි ඔබ සමග.
-- by Shantha Ranaweera on 2016-11-26

විජේදාස ගේමක් ගහන්නේ්...රට බෙදන ව්‍යවස්ථාවක් ගේන ගමන් ජනතා අවධානය වෙන පැත්තකට ගෙනියන්නයි මේ වගේ වැඩ කරන්නේ....
-- by Bandara on 2016-11-26

සඳරුවන්, ඔබ නොබියව නැගුවේ අපේ හඬයි. අප ඔබත් සමඟයි. විජේදාසයා පාහරයෙක්
-- by Renuka on 2016-11-26

ඊ-නිවුස් නොතිබෙන්න අදටත් අපි සහ අපේ දරුවන්ට සිද්ද වෙන්නේ රාජපක්ෂ හැතිකරයට වහල්කම් කරමින් වහල්ලු වගේ මැරෙනකම් ජිවත් වෙන්නයි."ගොන් බිජ්ජෝ" දෙන්නට සහ ඔකුන්ගේ සනුහරෙටම මැරුම් කන්න හෝ ජිවිත කාලයම හිරේ (ජාතික වීරයෙක් වන ජෙනේරල් ෆොන්සේකාට වගේ)ලගින්නයි.අපි අපේ මුදල් වියදම් කරමින් මොන තරම් සටනක් කරලද හිටපු ඒකාධිපතියව ගෙදර යැව්වේ.යකෝ මම පුදුම වෙන්නේ අන්තිම දවස වෙනකම් රාජපක්ෂලාගේ ගූ ඇදපු අවුන්ට යහපාලන රජයෙන් ආරක්ෂක ලේකම්,........දුන්න.යහපාලනය ගෙන්න සහයෝගය දුන්නු වුදවිය හිරේ යවන්න හදනවා.තු විතරක් අම්මගේ රෙද්දේ පාලනය. -- by tikiri banda on 2016-11-26 ammage redde puke-paalanayata HENA 7 ma wediyan... a ke inna horun okkotamath HENA 7 ma wediyan. hora nadukara/kariyontath HENA 7 ma wediyan... paahara wal ballanta rata giyaa aayeth.. koti ganan janathawage salli viyadam korala chandeyak thibbe labukanda da yako..? nodamaking.. henama gahapiyaw mewata wagakiwayuthu ekalata...
-- by Heneyaa on 2016-11-27

balu wijedasa huxxxge putha me anduwen elawanne neththe eyi.....? -- by tikiri on 2016-11-26 balu wijedasa huxxxge putha me anduwen elawanne neththe eyi.....? -- by tikiri on 2016-11-26 balu wijedasa huxxxge putha me anduwen elawanne neththe eyi.....? -- by tikiri on 2016-11-26 balu wijedasa huxxxge putha me anduwen elawanne neththe eyi.....? -- by tikiri on 2016-11-26 balu wijedasa huxxxge putha me anduwen elawanne neththe eyi.....? -- by tikiri on 2016-11-26 balu wijedasa huxxxge putha me anduwen elawanne neththe eyi.....? -- by tikiri on 2016-11-26 PUNA PUNAA API SEMADENAAMA LAKSA 62 K jAN 8 HITAPU JANATHAWA HAA THAWATH LAKSA 50 K ada ahanne puna punaa onna oyatikai.. a hora deal daaseyaa gena kiyaddi. thawa prashna kandarawak thibe. a waa passe eka eka ahannmu..
-- by GonnunwooVoters on 2016-11-27

Dear Mr Sandaruwan, You are a hero of our country. I have immense respect for you. LEN has been serving this nation by giving the truth fearlessly, in spite of innumerable obstacles. So the entire nation is indebted to you. I am very worried scoundrels like Wijedasa are bent on harming you. I am confident they will never succeed. But the President and the Prime Minister must take notice of this situation and take corrective action. Actually they are bound to do this because LEN played a crucial role in bringing them to power. Otherwise they will abet an offence by an act of omission. At the bottom of my heart I wish you well. May all your endeavours become successful!
-- by Samarakoon Bandara on 2016-11-27

This story against Sandaruwan is extremely baseless with lots of legislative factual errors. Even today I have noticed some of the Sri Lankan media releasing pictures and photographs of suspected crimes. Undoubtedly this is a plan organised by some filthy elements such as Dealdasa kaluwarnakulasuriya so on under the sponsorship of a drug channel, since their every effort became fruitless to safe guard a prisoner from the prison .
-- by Shane on 2016-11-27

ලංකාවේ මාද්‍ය කාරයෝ මාද්‍ය නිදහස ගැන කතා කරන්නෙ උන්ට කෙල උනාම විතරයි යකෝ මුන්ට ලියන්න දෙයක් ඇත්තෙම නැද්ද ඊනිව්ස් වලට උන අසාධාරණය ගැන
-- by චේගු on 2016-11-28

ජාත්‍යන්තරය කුමක් කීවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යලි ගේනවා: ලංකා ඊ නිව්ස් ජාතික අනතුරක්: කර්තෘ සඳරුවන් පුලන්නෙක්: ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ලංකාවට ගෙන්වා නඩු අහනවා -විජයදාස රාජපක්ෂ බුරා පනී (Video) (ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.18, ප.ව‍‍‍‍‍‍.6.15) අය වැය විවාදයට අද සහභාගී වූ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ආන්දෝලනාත්මක කතා කිහිපයක් පැවසීය. Deal Daasa November 18 mehema kiyanne, a kiyanne okkoma plan karala thibila. mare maru ape rate usaavi. hora thakkadi deal dasayek kiyana padeta natana vinisuru badu inna adikaranayak da ane apita dan thiyenne? mun kawda me rate minissunge nadu ahanda bandawagathha loku mahaththuru?
-- by GampahaNadukiyanno on 2016-11-28

me wage vihilu sapayana VINISU BADU thaamath adikarana sewaye thiyaagana inne kukku bonda da amme...?
-- by ChootiPutha on 2016-11-28

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links