~

වනචර දශකයේදී පැහැරගෙන කප්පම් ගෙන ඝාතනය කළ ත්‍රිමලයේ සිසු ඝාතන වැලට සම්බන්ධ නාවික හමුදා නිලධාරියෙක් අත් අඩංගුවට..! තෝරු මෝරු ඇල්ලීම ලඟදීම

(ලංකා ඊ නිව්ස් -2017.ජන.16, පෙ.ව.7.00) මැදමූලන රාජපක්ෂලා රට යටත් කරගෙන සිටි වනචර දශකයේදී නාවික හමුදාවේ මිනීමරුවන් කල්ලියක් විසින් තරුණ සිසුන් 10 දෙනෙකු සුදු වෑන් වලින් පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් පසු ඝාතනය කිරීමේ අතිශය අමානුෂික අපරාධයට සම්බන්ධ නාවික හමුදා නිලධාරියෙකු වසර ගණනකට පසු රහස් පොලිසිය විසින් පසුගිය සෙනසුරාදා (14) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් වරයෙකු වන ඔහු ඒ.ධම්මික නමැති නිලධාරියෙකි. 

2008-2009  වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිව සිටි  කාලයේදී දෙහිවල, මට්ටක්කුලියේ සහ ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි උසස් පෙළ  සමත් සහ විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටි දෙමළ, සිංහල සහ මුස්ලිම්  ධනවතුන්ගේ දරුවන් 10 දෙනෙකු නාවික හමුදාවේ ඝාතන කල්ලියක් විසින් සුදු වෑන් වලින් පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් පසුව ඝාතනය කර තිබිණි. සාක්කි ලැබුනේ එම සිසුන් 10 දෙනා ගැන පමණක් වුවද කප්පම් සඳහා පැහැරගෙන ඝාතනය කරන ලද දරුවන් ගණන 38 කි.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව මෙම තිරශ්චීන ඝාතන ගැන පරීක්ෂණ කරගෙන යද්දී ආණ්ඩුවේ හිඳිමින් අඟේ හිඳන් කණ කන දේශපාලන ද්‍රෝහියෙකු වන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, සරත් එන් සිල්වා සමග රෑට රෑට ‘නේවි ෂැලේ‘ තුලදී  ඉහත කී අපරාධකරුවන් වෙනුවෙන් නීති උපදෙස් ලබා දෙන බව ලංකා ඊ නිව්ස් විසින් මීට පෙර හෙළි කරන ලදී.

කෙසේ වෙතත් අද වන විට ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන්නේ මෙම ඝාතන වැලේ පරීක්ෂණ බොහෝ දුරට නිමා වී ඇති බවත් ඉදිරි දින වලදී නාවික හමුදාවේ තෝරු මෝරු කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් ය.

වනචර දශකයේ අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ආරක්ෂක හමුදාවල අපරාධකාරයන් වෙනුවෙන් ‘කහින‘ ජනාධිපතිවරයාගේ ‘රණවිරු උන්මාදය‘ මේ අපරාධ සම්බන්ධයෙන් හෝ නතර කර ගත යුතු යැයි යහපාලනප්‍රේමී ජනතාව අවධාරණය කරති. 

වැඩිදුර කියැවීමට පෙර පුවතක්..

වසන්ත කරන්නාගොඩ සහ නාවුක හමුදා සුදු වෑන් ඝාතකයන් සිදුකළ මෙම තිරශ්චීන සිසු ඝාතන ගැන සිද්ධිය කෙටියෙන්

---------------------------
by     (2017-01-16 01:42:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

බොරු සිල් රකිමින් ජනතාව රවටමින් යම පාලනයක් රට තුල ගෙන ගිය පවුකාරයින් හට බුදුන්ගේ දහමේ කියැවෙනා... දිධ්ඨධම්ම වේදනීය කර්මය(කල පව්) පලදීමේ අාර්ම්භය ඉතා ලඟ බව පෙනේ. සෝභිතාවතාර
-- by Sathpurasiya on 2017-01-16

mahaeka hitagena chuu katanakota,podiewun duwa duwa chuu karanawa
-- by wimalasena on 2017-01-16

Dan nam apata tikak vithara sathutui.
-- by nareen on 2017-01-16

Arrest the main culprits. Arresting small sprats won't help the country to move fast towards democracy
-- by Gihan De Saram on 2017-01-18

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links