~

තුසිත හල්ලොලුවට තර්ජන කිරීම හරහා දැනෙන ‘කුමන්ත්‍රණයක පුළුටු ගඳ‘ සීසීටීවී සාක්කි වලින් තහවුරු කරයි: සේයාරූ සාක්කි මෙන්න

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.20, පෙ.ව‍.10.25) පොලිස් ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිට ඇති පිරිසක් පසුගිය 18 වෙනිදා ට්‍රක් ලොරියකින් (පළමු පුවතේ ‘ඩිමෝ බට්ටා වෑන් රථයක් යැයි හැඳින්වීම සංශෝධනය විය යුතුය)  පොහොර සංස්ථාවේ සභාපති, විදේශ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් තුසිත හල්ලොලුව මහතාගේ මහ ගෙදරට ගොස්  නීති විරෝධී සහ රහසිගත කුමන්ත්‍රණකාරී ලෙස ‘හල්ලොලුව කව්දැයි‘ විමසමින් නිවසේ සිටි වියපත් මව සහ පිරිස බියපත් කිරීම සහ අවට නිවාස වලින්ද ‘හල්ලොලුව කියන්නේ කව්දැයි‘ විමසමින් බියපත් කිරීමට අදාල සීසීටීවී කැමරා සේයාරූ ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. එම සේයාරු මෙහි පහත දැක්වේ.

ඒ අනුව දැක්වෙන්නේ පැමිණ ඇත්තේ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳ ගත් පුද්ගලයන් දෙදෙනෙකි. එක් අයෙකුගේ පොලිස් අංකය පැහැදිලිව දැක්වෙන අතර එහි සඳහන් වන අංකය 58913 වේ.

හදිසි නීතිය නොමැති මේ දිනවල පොලිසියේ යම් කණ්ඩායමක් නිවසක් පරීක්ෂාවට හෝ පුද්ගලයෙකු සොයා නිවසක් වෙත ඒමේ දී පිළිපැදිය යුතු නීති කිහිපයකි.

1) පරීක්ෂාවට පැමිණීමට පෙර අදාල ප්‍රදේශයේ පොලිසියට ඒ බව දැනුවත් කළ යුතුය.
2) තමන් කව්දැයි නිවෙස් හිමියන්ට හඳුන්වා දිය යුතුය. 
3) පුද්ගලයා සොයන්නේ ඇයිදැයි කුමන කාරණයකට දැයි නිවෙස් හිමියන්ට දැනුම් දිය යුතුය. 
(ඉහත 2 සහ 3 කාරණා ලිඛිතව ලබා දිය යුතුය)
4) නිවෙස් පරීක්ෂාවක් නම් ඒ සඳහා අවසරය දුන් අධිකරන නියෝගයක් තිබිය යුතුය. 

ඉහත කිසිවක් මේ පැමිණි පිරිස ඉටු කර නොමැති නිසා මේ පැමිණියේ ඇත්ත පොලිස්ද? හොරා පොලිස්ද? යන්න ප්‍රශ්නයක් යයි තුසිත හල්ලොලුව මහතා පවසයි. අද උදෑසන වන විටත් ඔහු මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ අදාල ප්‍රදේශය බාර මිරිහාන පොලිසියෙන් දැනුම් දී ඇත්තේ එවැනි පොලිස් කණ්ඩායමක් පරීක්ෂාවක් සඳහා එන බව තම පොලිසියට දැනුම් දී නැති බවයි. 

ලෝරන්ස් මාෆියාවේ සිට සුදු වෑන් සංස්කෘතිය දක්වා 

මේ සිදුවීම ගැන නීතිගරුක පුරවැසියන් සැලකිලිමත් වන්නේ අතීත අත්දැකීම් නිසාය. ආරක්ෂක අංශ වල සට්ටැඹියන් යොදවා මාෆියා ඒකක හැදීම ගැන ප්‍රථමයෙන් වාර්තා වන්නේ ප්‍රේමදාස යුගයේදී ය. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ඔහුගේ අනුදැනුම ඇතිව ලෝරන්ස් නමැති පහල ශ්‍රේණියේ පොලිස්  නිලධාරියෙකු විසින් මෙහෙයවන ලද රහසිගත ඒකකයක් තිබිණ.  එහි අන්වර්ථ නාමය වූයේ ‘ලෝරන්ස් මාෆියාව‘ ය. ප්‍රේමදාස ජනාධිපතිවරයාට අයත් නිවාස අමාත්‍යාංශයේ 4 වන මහලේ රහසිගතව පිහිටුවා තිබූ මෙම ‘ලෝරන්ස් මාෆියාව‘ විසින් කළ කී දෑ පිලිබඳ කිසිදු වාර්තාවක් අද දක්වා නැත. කිසිදු පරීක්ෂණයකට ලක් වීමට ඉඩ නොතබා ලෝරන්ස් මාෆියාව විසිරුවා හරින ලද්දේ ප්‍රේමදාස ජනාධිපතිගේ ඝාතනයෙන් පසුව පත්වූ විජේතුංග ජනාධිපතිවරයා විසිනි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයෙක් වූ ලෝරන්ස්ට ඉන්පසු කුමක් වී දැයි කිසිවෙකු නොදනී. ඒවා ගැන පරීක්ෂණ පවත්වා වැරදි කරුවන්ව ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැවිත් හම ගහනවා යි කියා බලයට ආ චන්ද්‍රිකා කුමාරතුංග එවැනි කිසිදු පරීක්ෂනයක් සිදු කෙළේ නැත. අඩුම ගණනේ තම ස්වාමි පුරුෂයාගේ ඝාතනය ගැන හෝ අත් අඩංගුවට ගත් එකී ඝාතකයා ලයනල් වීරසිංහ හෙවත් ‘ටාසන්‘ පිටු 500 ක පමණ කට උත්තරයක් දීමෙන්ද පසු පොලිස් අත් අඩංගුවෙන් අතුරුදහන් වීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් ගැන හෝ පරීක්ෂණ කෙළේ නැත. ඉන්පසුව බලයට ආ රාජපක්ෂලා විසින් මෙවන් ‘මාෆියා‘ පැටව් ගැස්සවීය. සුදු වෑන් සංස්කෘතියක්ම බිහි කෙළේය. ඒවා ගැන පරීක්ෂණ පවත්වන බව කී වර්තමානයේ සිදුවෙමින් තිබෙන්නේ ප්‍රගීත් වැනි පුද්ගලයන්ව සුදු වෑන් වලින් ඉස්සූ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන තිබියදීත් ඔවුන් ඇප මත නිදහස් කරවමින් නීති විරෝධී ලෙස ඔවුන්ට යලි හමුදා තනතුරු පූජා කරන තත්ත්වයකි.  

ඉහත කාරණා නිසා තුසිත හල්ලොලුව මහතාගේ සිද්ධිය හරහා සහ ලංකා ඊ නිව්ස් වෙත ඊට පෙර ලැබී තිබුනු මේ ආකාරයේම පැමිණිලි මත, ඇති වෙන්නට යන යම් ‘නීච කුමන්ත්‍රණයක පුළුටු ගඳක්‘ දැනෙන බැවින්ද, අද එදා නොවන බැවින්ද, ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධ දෙවන වාර්තාව ඉදිරිපත් කරමු.

නීතිය සුරැකිය යුතු පුද්ගලයන් මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණ පවත්වා මහජනතාව තුල ඇතිවෙමින් තිබෙන සැක සංකා දුරුකළ යුතුය. නීතියේ ආධිපත්‍යය පිළිබඳ විශ්වාසය තහවුරු කළ යුතුය. 

 

සබැඳි පුවත
පොලිසියේ ඇඳුම් ඇඳගෙන නීති විරෝධීව මිනිසුන් සොයමින් නිවැසියන් බියපත් කරන කල්ලිය කාගේද? තුසිත හල්ලොලුවටත් තර්ජන..!   

 

---------------------------
by     (2017-02-20 05:47:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

It happened in Pitipana Homagama too. one person with Police uniform. one civil. may be two people with Army uniforms came around 2.00 night last week and asked a person with similar house number as ours. unfortunately our CCTV has directed different direction so no records of their arrival.
-- by PRA on 2017-02-20

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links