~

මෛත්‍රීගේ රුසියානු සංචාරයේ රාත්‍රී භෝජනයේ ‘තැතිගත් කළු බැටළුවෝ‘...! මහාරාජාගේ ඩො.මි. 300 යුද නැව් ඩීල්කාරයෝ මොස්කව්හිදී මාට්ටු..!!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.29, පෙ.ව‍‍‍.8.40) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපාය සහාය මිතුරෙකු වී සිටින කැපිටල් මහාරාජා සමාගමේ අධිපති රාජා මහේන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා නමැත්තා මෛත්‍රීගේ නම විකුණමින් රුසියාවේ නිපදවන ලද යුද නැවක් ඩොලර් මිලියන 300 කට නාවික හමුදාවේ ඇඟේ ගසමින් ලංකාවට ආයුධ ගෙන්වන අලුත්ම ඒජන්තයා වීමට දරණ ලද උත්සාහය බකල් ගසා තිබේ. 

ලංකා ඊ නිව්ස් පසුගියදා 15 වෙනිදා “ගෝඨාගේ මිග් ඩීල් එකට නොදෙවෙනි ඩො.මි. 300 ක යුද නැව් ඩීල් එකක්..! “ පුවතින් හෙළිකරන ලද ආකාරයටම මෙකී ‘ඩීල් එක ෆික්ස් කිරීම‘ සඳහා කිලී මහාරාජා යොදවන ලද ඔහුගේ සට්ටැඹියන් වූ නිමල් කුක් සහ ෂෙවාන් ඩැනියල් දෙදෙනා මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ කරන ලද සංචාරයට එක්වී රුසියාවට ද ගියහ. 

ජනාධිපතිවරයාගේ පැමිණීම නිමිත්තෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වූ දොස්තර සමන් වීරසිංහ මහතා විසින් මොස්කව්හි රිට්ස් කාල්ටන් හෝටලයේ දී සංවිධානය කරන ලද 200 ක් පමණ දෙනා සහභාගී වූ අති සාර්ථක රාත්‍රී භෝජන සංග්‍රහයක් විය. පැමිණ සිටි 200 ක් පමණ පිරිසෙන් 150 ක් 160 ක් පමණ වූ අති බහුතරය රුසියානුවන් වූ අතර ශ්‍රී ලාංකිකයන් වූයේ සුළුතරයකි. ඒ සුළු දෙනා අතර ලංකාවෙන් ගිය නිමල් කුක් සහ ෂෙවාන් ඩැනියල් සහභාගී වී සිටිනු දක්නා ලද මොස්කව්හි වෙසෙන ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ පිරිස් ඒ පවත් අපගේ ලන්ඩන් මූලස්ථානය වෙත දැනුම් දෙමින් කියා සිටියේ ලංකා ඊ නිව්ස් කී කතාව සත්‍ය බවත් මහාරාජාගේ ‘යුද නැව් ඩීල් කරුවන්‘ දෙදෙනා මොස්කව් පැමිණ සිටින බවයි. එතැන් සිට ලංකා ඊ නිව්ස් ඔත්තු කරුවෝ ඔවුන් පසුපස වැටී සිටියහ. එතැන් සිට හෙළි වූ තොරතුරු මෙසේය.

“Rosoboronexport“ ඒජන්සියට මහාරාජාගේ බැල්ම 

නිමල් කුක් සහ ෂෙවාන් ඩැනියල් රුසියාවට ගොස් තිබුනේ රජයේ නිල කණ්ඩායමට අනුයුක්තව රජයේ මුදලින් නොවේ. ඔවුන් ගොස් තිබුනේ මහාරාජාගේ මුදලින් ගුවන් ටිකට් පත් රැගෙන වෙනම හෝටල් වෙන්කරවා ගෙන ය. 

රුසියාව යනු ශ්‍රී ලංකාව දීර්ඝකාලයක සිට අවි ආයුධ මිලදී ගන්නා රටකි. එසේ මිලදී ගන්නා ලද ප්‍රධාන රුසියානු සමාගම නම් මොස්කව්හි පිහිටි “Rosoboronexport“ නමැති රාජ්‍ය සහ පුද්ගලික හවුල් සමාගමකි. එම සමාගමේ ශ්‍රී ලංකාවේ සිටි ඒජන්ත වරයා වූයේ ‘ප්‍රියන්ත‘ නමැති රාසපුත්‍රලාගේ ඥාතියෙකි. පසුගියදා ‘ප්‍රියන්ත‘ මිය ගියේ ය. කිලී මහාරාජා උත්සාහ කරන්නේ ප්‍රියන්ත වෙනුවට “Rosoboronexport“ සමාගමේ ශ්‍රී ලංකාවේ ඒජන්තයා වීමට ය. ඒ සඳහා රුසියානු සමාගමට පෙන්විය යුත්තේ තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග ඉතාම කිට්ටු පුද්ගලයෙකු බවත් ශ්‍රී ලංකාවේ රජය සමග තමන්ට ඕනෑම ඩීල් එකක් කළ හැකි බවත්ය. ඩොලර් මිලියන 300 යුද නැව් ඩීල් එක සාර්ථක කර පෙන්වීමෙන් ඒජන්තධූරය ලබා ගැනීම මහාරාජාගේ පරම අභිලාෂය යි. කුක් සහ ෂෙවාන් මොස්කව් ගියේ ඒ වෙනුවෙනි. 

ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු කරුවන් පවසන අන්දමට රුසියාවට ගිය නිමල් කුක් සහ ෂෙවාන් ඩැනියල් දන්නා සෙල්ලම් දා උත්සාහ කර ඇත්තේ “Rosoboronexport“ සමාගමේ ප්‍රධානීන්ට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගස්වා ‘ඩීල් එක ෆික්ස්‘ කර ගැනීමයි. නමුත් එය අසාර්ථක වූ බව අප තොරතුරු කරුවෝ සනාථ කරති. ( අප තොරතුරු කරුවන්ගේද ඇස් වසා ජනාධිපතිවරයා ඩීල් කරුවන් සමග ඉතාමත් රහසිගතව සාකච්ඡා කළාදැයි නොදන්නා නමුත් එය දෙපාර්ශවයටම ඉතාමත් අසීරු වැඩක් බව නම් කිව යුතුය )

ශ්‍රී ලංකාව විනාශ කළ මහාරාජා

දැන් ප්‍රශ්නය වන්නේ එය නොව මහාරාජා වැනි තක්කඩියෙකුට අවි ආයුධ ගෙන්වීමේ වරමක් ලබා දෙනවාද යන්නයි. ඒ ඔහු දෙමළ ජාතිකයෙකු නිසා අන් මාධ්‍යකරුවන් සේ වර්ගවාදීව අප ඊට එරෙහි වෙනවා නොවේ. මහාරාජා යනු ශ්‍රී ලංකාව විනාශ කළ පුද්ගලයන්ගෙන් ප්‍රධාන චරිතයක් ලෙස අප හඳුනාගෙන සිටීමයි. 

වසර 30 ක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමග කළ යුද්ධයේදී මහාරාජා කටයුතු කෙළේ එල්ටීටීඊය සමගත් කොළඹ ආණ්ඩු සමගත් ඩීල් දෙකක ය. එල්ටීටීඊ පාලන ප්‍රදේශ වල වෙළඳාම් කළ හැකිව තිබූ එකම පුද්ගලයා වූයේ මහාරාජා පමණි. ඒ අන් හේතුවක් නිසා නොව එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට කොළඹදී පහසුකම් සැපයීමත් එල්ටීටීඊයට මුදලින් ආධාර කිරීමත් නිසාය. ඔහු එල්ටීටීඊයට කළ ආධාර කොළඹ ආණ්ඩුවලට පෙන්වූයේ එල්ටීටීඊ පාලන ප්‍රදේශවල සිදුකරන වෙළඳාම් නිසා එල්ටීටීඊයට ගෙවිය යුතු බදු හෙවත් කප්පම් ලෙසය. මේවා ගැන ඇති පදම් සාක්කි කොළඹ ආණ්ඩු වලට තිබුනද මහාරාජාගෙන් තමන්ටද තිබෙන වාසි නිසා බොහෝ නායකයෝ ඒවා ගැන ඇස් කන් වසා සිටියහ. (අද සිටින ජවිපෙ නායකයා පවා මහාරාජාගේ නමක්වත් නොදන්නා තොත්ත බබෙකු සේ හැසිරීමෙන් අන් නායකයන් ගැන පාඨකයා සිතාගත යුතුය) මහාරාජාගේ ආයතනයකට ක්ලේමෝ බෝම්බ ගැසීමෙන් පසු මහාරාජා රාජපක්ෂලාගේ සුවච කීකරු ගෝලයෙකු වීම සරලම උදාහරණයක් පමණි. මෙවැනි තක්කඩියෙකුට රටකට අවි ආයුධ ගෙන්වීමේ වරමක් ලැබුනහොත් ඒ රටේ ජාතික ආරක්ෂාවට කුමකින් කුමක් වේදැයි අමුතුවෙන් කිව යුතු නැත. තම ආයුධ විකුණා ගැනීම සඳහාම මහාරාජා තවත් යුද්ධයක් ඇවිලුවේ නැතිනම් පමණක් පුදුම විය යුතුය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේම නායකයන් මහාරාජාට අවි ආයුධ ගෙන්වීමේ වරමක් හිමි වනවාට එක හෙළාම විරුද්ධ බව ඔවුන්ට ගෞරවයක් ලෙස සඳහන් කළ යුතුය. 

මහාරාජා යනු ශ්‍රී ලංකාව විනාශ කළ පුද්ගල චරිතයක් ලෙස අප හඳුනාගෙන සිටින දෙවන කාරණය වන්නේ ලංකාවේ ප්‍රථම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය හිමිකරුවා වී ඔහු තම මාධ්‍ය ජාලය හරහා මේ රටේ මාධ්‍ය කෙරුවාවට සහ සංස්කෘතික මිනිසාට කරන ලද යළි සැකසිය නොහැකි හානියයි. ඒ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් කතුවරයා විසින්ම වෙනම දීර්ඝ ලිපියක් සකස් කරමින් සිටින බැවින් එය මතු දිනෙක දිග හරින්නෙමු. 

සේයාරුව: මොස්කව්හි රිට්ස් කාල්ටන් හෝටලයේ පැවැති රාත්‍රී භෝජනයට සහභාගී වී සිටි ෂෙවාන් ඩැනියල්. කහ පැහැති රවුමේ තැතිගත් කළු බැටලුවෙකු සේ සිටින්නේ ෂෙවාන් ඩැනියෙල් ය.  

සබැඳි පුවත
ගෝඨාගේ මිග් ඩීල් එකට නොදෙවෙනි ඩො.මි. 300 ක යුද නැව් ඩීල් එකක්..! කිලී මහාරාජා තුවක්කු නැති යුද නැවක් කරේ ගහයි..!
ටෙන්ඩර් පටිපාටි කිසිවක් නෑ..! රුවන් විජේවර්ධනත් නමේ ගූ ගා ගනී..!

---------------------------
by     (2017-03-29 03:24:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Yes I agree Maharaja destroyed all media and whole nation and now trying to come to power misleading people in rural areas. We all must be aware of his plans. We must defeat them too.
-- by gamini on 2017-03-29

වැදගත් තැනකට ගියහම වැදගත් විදියට වාඩි වෙන්න වත් දන්නෙ නැති මැට්ටෙක්නෙ මේ ෂෙවාන් ඩැනියෙල් කියන පඩංගුවා...
-- by rex silva on 2017-04-01

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links