(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.15, ප.ව.5.00) ශ්‍රී ලංකාවේ නීති ගරුක පුරවැසියන් අමන්දානන්දයට පත් කරමින් වසර දෙකක් තිස්සේ නිදැල්ලේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අද දහවල් රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. (රාජකාරි කරද්දී අපරාධයකට අත් අඩංගුවට ගත් ප්‍රථම ජ්‍යෙ.නි.පොලිස්පතිවරයා මොහුය. වාස් ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ නොවූ සාමාන්‍ය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විය. අනුර සේනානායක අත් අඩංගුවට ගත්තේ විශ්‍රාම ගැනීමෙන් පසුව ය.)
ලලිත් ජයසිංහ අද අත් අඩංගුවට ගත්තේ යාපනයේ පුංගුඩුතිව්හි විද්‍යා දැරිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවා වූ මහාලිංගම් සිවකුමාර් හෙවත් ස්විස් කුමාර් ජනතාව විසින් අත් අඩංගුවට ගෙන පොලිසියට බාර දීමෙන් පසුවත් ඔහුට පැන යෑමට ඉඩ සැලැස්වීම හේතුවෙනි.
ලලිත් ජයසිංහ අත් අඩංගුවට ගත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ ය. එහි මෙසේ දැක්වේ. “ යම් වරදක් කරනු ලැබූ වරදකරුවෙකු යයි තමා දන්නා වූ හෝ වරදකරු යයි විශ්වාස කිරීමට කරුණු ඇත්තා වූ තැනැත්තෙකු නීත්‍යාණුකූල දඬුවමෙන් ආවරණය කර ගැනීමේ අදහසින් ඔහුට නවාතැන් දීම හෝ ඔහුව සැඟවීම හෝ ඔහුට උපකාර කිරීම හෝ ඔහුව නඩත්තු කිරීම වරදකි.“
ඉහත වරදට ලලිත් ජයසිංහට හිමි විය යුතු දඬුවම ද දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වේ. එ් අනුව ස්විස් කුමාර් යනු මරණ දණ්ඩනය හිමි විය යුතු වරදක් කර ඇති අයෙකු නිසාත් ඔහුට පැන යෑමට උදව් කිරීම නිසාත් ලලිත් ජයසිංහට වසර 5 ක බරපතල සිර දඬුවම් සහ දඩයක් හිමි විය යුතුය. නමුත් නීතිගරුක පුරවැසියන්ගේ මතය නම් නීතිය රැකීමට සිටින මෙතරම් ඉහළ නිලධාරියෙකු මෙම වරද කළ නිසා දඬුවම දෙගුණයකින් වැඩි කළ යුතු බවයි.
මේ තිරිසන් සිද්ධිය වූයේ 2015 මැයි 13 දා ය. පසුව විශාල ජනතා විරෝධයක් පැන නැගී පොලිසියට අධිකරණයට පවා පහර දුන්හ. එහිදී ලංකා ඊ නිව්ස් “පුංගුඩුතිව් පාසැල් දැරිය සමූහ දූෂණය කර මරා දැමීම සහ පසුව නැගී ආ කැරලිකාරිත්වය ගැන ඇත්ත මෙන්න: වගකීම පොලිසිය තුල සිටින කුමන්ත්‍රණ කරුවන්ගේ“ නම් ප්‍රවෘත්තියකින් සිද්ධිය ගැන සත්‍ය හෙළිකරමින් මැයි 21 දා කියා සිටියේ ජනතාව ප්‍රකෝප වූයේ අන් කිසිවක් නිසා නොව ජනතාව අත් අඩංගුවට ගෙන බාර දුන් ස්විස් කුමාර්ට පැන යෑමට පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ඉඩ හසර සලසා දුන් නිසා බවයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වනාහී අංක එකේ රාජපක්ෂවාදී සට්ටැඹියෙකි. කෙතරම් දැයි කිවහොත් රාජපක්ෂලා මීට පෙර රාජපක්ෂලාගේ නීති විරෝධී කාරියන් ඉටු කරවා ගැනීම සඳහා දකුණ බාරව තබා ගත්තේ ලලිත් ජයසිංහවය. මැයි 18, 19 දිනයන් යනු උතුරේ ජනතාව යුද්දයෙන් මිය ගිය වුන් සමරන දිනයන් වන අතර ඒ දිනවල උතුරේ ජනතාවගේ හැඟීම් උත්සන්න වන දින බව දැන දැනම ජනතාව අත් අඩංගුවට ගෙන බාර දුන් සමූහ දූෂකයා සහ ඝාතකයා ලලිත් ජයසිංහ විසින් නිදහස් කර හරින්නේ ජනතාව ප්‍රකෝප කරවීමේ අරමුණිනි. පසුව ප්‍රකෝප වූ මිනිසුන් 125 ක් පමණ අත් අඩංගුවට ගෙන දඬුවම් කළහ. මිනිසුන් නිකරුණේ දඬුවම් කෑවේ ලලිත් ජයසිංහ නිසාය.
සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසියට ලලිත් ජයසිංහ කළ වනචර ක්‍රියාව ගැන සාක්කි ලැබුණු අතර ඔහුව අත් අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලීය. වසර දෙකක් තිස්සේ නීතිපති අවසරය නොලැබුණි.
පසුගියදා යාපනය මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විද්‍යා නඩුව එක දිගට විභාගයට ගැණෙනවාත් සමග ස්විස් කුමාර් නමැති ප්‍රධාන සැකකරුට පැන යාමට ලලිත් ජයසිංහ ඉඩ දුන් බව යලි යලිත් හෙළි විය. සමහර මාධ්‍ය ඒ ගැන ප්‍රශ්න කෙරිණ. මේ තත්ත්වය යටතේ නීතිපතිවරයා ලලිත් ජයසිංහ අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසියට අවසර දුන්නේ ය. ඒ අනුව අද උදෑසන සීඅයිඩියට පැමිණෙන ලෙස ලලිත් ජයසිංහට දැනුම් දුන් අතර ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු රහස් පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගත්තේ ය. මේ වන විට ඔහු කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කයිට්ස් බලා රැගෙන යමින් සිටී.
අත් අඩංගුවට ගනිද්දී ඔහු මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ අතර ඌව පළාතේ ද වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විය. මොහුගේ තිරිසන් වැඩ නිසා මේ වන විට සේවය අතහැර ගිය පොලිස් නිලධාරීන් එමට ය. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ලලිත් ජයසිංහ අත් අඩංගුවට ගත් බව ආරංචි වීමත් සමග මධ්‍යම පළාතේ සහ ඌව පළාතේ මොහුගෙන් පීඩාවට පත්ව සිටි පොලිස් නිලධාරීහු උත්සව පැවැත්වීමට සූදානම්ව සිටිති. මොහු නැගෙනහිර පළාත භාරව සිටියදී වැලි ගොඩ දැමීමේ ජාවාරම් කිරීම නිසා චෝදනාවකට ලක්ව මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබිණ. මොහු සැපයුම් අංශය බාරව සිටියදී පොල්කටු හැඳි වලින් ගසා කෑමේ දූෂනයකට සම්බන්ධ වූ අතර වරද පහලින් ගලා ගියේ ය. මොහු පසුගිය සතිය වනතුරුම වහසි බස් කියමින් සිටියේ 2020 රාජපක්ෂ ආණ්ඩුවක තමා පොලිස්පතිවරයා වන බවයි
පසු සටහන:
ලලිත් ජයසිංහ වැනි පරයන් තිරශ්චීන මිනීමරුවන්ට පැන යෑමට ඉඩ සලසද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වැනි අවංක නිලධාරීන් ගැනද සඳහන් කළ යුතුය. මෙම නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේ දී රජයේ නීතිඥවරයා අධිකරණය අමතමින් කියා සිටියේ විද්‍යා ඝාතනය ගැන පරීක්ෂණ කරද්දී මිනීමරුවන් බේරීමට පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට මිලියන 2 ක් අල්ලස් මුදල් දීමට හැදුවත් ඔහු එය ලබා නොගෙන වැරදි කරුවන් අධිකරණයට ඉදිරිපත් කළ බවයි. අද ලලිත් ජයසිංහ අත් අඩංගුවට ගත්තේ ද රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාය. මෙවැනි නීති ගරුක නිලධාරීන්ට පමණක් නොව ඔවුන්ගේ අඹු දරු මුණුපුරන්ට පවා රටේ නීතිගරුක පුරවැසියන්ගේ සදාතනික ආශිර්වාදය ලැබෙනු නිසැකය.
---------------------------
by (2017-07-15 13:44:49)
Leave a Reply
Salute to Nishantha Silva,But officers above him specially director of CID and others have a say about this arrest. Without their orders Nishantha Silva can not do anything. Just to mention credit should reserve who deserve. (Just for this case)
-- by Jayantha on 2017-07-15
This DIG was trying to throw about his weight once when I had to pay him a visit for an official favour when he was the DIG Personnel at Police Hqs. He never respected to me although I am a Retired Senior Police officer.I saw him answering some Politicos over his phone and promising them to transfer some Police officers ignoring me. Not only that I was sorry to see him scolding one of his Police man in third class language over a lapse of the latter just in front me. I was highly disgusted and left the office. He was not like other DIGs of the Police Dept.
-- by Gratiaen Hewa on 2017-07-15
What happend to the law college lecturer? Didn't he support SSP to release the main culprit?
-- by s.c.perera on 2017-07-15
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි