~

“පොඩ්ඩක් 3 වෙනිදා පහුවෙනකම් ඉන්න, ඔයාලා විජේදාසට කළා වගේ, මං මගේ පැත්තේ ද්‍රෝහීන්වත් සුද්ධ කරනවා..“ -ජනාධිපති රැඩිකල් රැල්ලට ශපථ කරයි

(ලංකා ඊ නිව්ස් - 2017.අගෝ.27,  ප.ව‍‍.4.00) යහපාලන සම්මුති ආණ්ඩුවේ හිඳිමින් ඊට ද්‍රෝහියෙකු වූ විජේදාස රාජපක්ෂ හෙවත් ඩීල්දාස ඇමැති ධූර වලින් පන්නා දැමුවා සේ ශ්‍රීලනිප පාර්ශවයේ සිටින ද්‍රෝහීන් සම්බන්ධයෙන්ද ලබන 3 වෙනිදායින් පසු තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘එජාප රැඩිකල් රැල්ලේ‘ මන්ත්‍රී කණ්ඩායමට ශපථ කර තිබේ.

ජනාධිපතිවරයා මෙසේ ශපථ කර ඇත්තේ පසුගිය 23 වෙනිදා රාත්‍රී ‘එජාප රැඩිකල් රැල්ලේ‘ මන්ත්‍රී කණ්ඩායම හමුවී සාකච්ඡා කළ අවස්ථාවේ දී ය. 

‘රැඩිකල් රැල්ල‘ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියේ ආණ්ඩුවේ සම්මුතියට පිටුපා ක්‍රියා කරන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන්ද කරුණු කියා පෑමට ය. ‘ජනාධිපතිතුමා පත් කෙළේ විශාල කැප කිරීමකින් තම පිරිස බවත් එබැවින් ශ්‍රීලනිපයේ එදා ඔබතුමාට විරුද්ධ වූ අයට වඩා තමන් ජනාධිපතිතුමා රැක ගැනීමට ක්‍රියා කරනවා‘ යයි ‘රැඩිකල් රැල්ල‘ ජනාධිපතිවරයාට අවංකවම දැනුම් දී තිබේ.  ජනාධිපතිවරයා ඉහත පොරොන්දුව ලබා දී ඇත්තේ ඒ අවස්ථාවේ දී ය. 

“පොඩ්ඩක් ඉන්න, තුන්වෙනිදා ශ්‍රීලනිප සම්මේලනයෙන් පසුව මං මගේ පැත්තේ කකුලෙන් අදින අය සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නවා“ ජනාධිපතිවරයා ශපථ කර ඇත. 

මෙම සාකච්ඡාව ඉතාමත් ප්‍රතිඵල දායක සාකච්ඡාවක් වූ අතර ජනාධිපති වරයා ‘රැඩිකල් රැල්ලට‘ කියා සිටියේ “ඔබ තුමන්ලා මේ කැරැල්ල මේ ආකාරයට මීට වසරකට පෙර වත් නැගුවා නම් අපි මෙලහකටත් හොරු අල්ලලා“ කියා ය. ‘එජාප රැඩිකල් රැල්ලට‘ ජනාධිපතිවරයාගේ ආශිර්වාදය හිමි වී තිබේ.

ප්‍රධාන සාකච්ඡාවෙන් අමතරව ජනාධිපතිවරයා ‘රැඩිකල් රැල්ලට‘ යෝජනා කර ඇත්තේ විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මිලියන 3 ක් පමණ සිටින බවත් ඔවුන් ලංකාවේ ජනමතයට විශාල බලපෑමක් කරන බවත් එබැවින් ඒ අය යහපාලනය අරභයා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ ඔවුන් රටට වැඩ දායක ලෙස සංවිධානය කිරීමට කටයුතු ආරම්භ කළ යුතු බවයි. දැනට සිංහල ඩයස්පෝරාව ලෙසත් දෙමළ ඩයස්පෝරාව ලෙසත් වෙන වෙනම කටයුතු කරන මේ කණ්ඩායම් ‘ශ්‍රී ලාංකික ඩයස්පෝරාව‘ ලෙස එකට එකතු කළ යුතු යයිද ඒ සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනා බැගින් පිටරටවලට ගොස් කටයුතු ආරම්භ කරන ලෙසද ජනාධිපතිවරයා ‘රැඩිකල් රැල්ලෙන්‘ ඉල්ලා ඇත.

එහිදී ‘රැඩිකල් රැල්ලේ‘ සිටි ආචාර්ය උපාධිධාරී මන්ත්‍රීවරයෙකු පවසා ඇත්තේ තමන් දැනටමත් ඒ සම්බන්ධයෙන් සංකල්ප පත්‍රිකාවක් සූදානම් කර ඇති බවයි. 

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග රාත්‍රී භෝජනයද වැළැඳූ ‘රැඩිකල් රැල්ල‘ ඉදිරි පිම්ම පැනීමට මහත් උද්යෝගයෙන් යුතුව නික්ම ගියහ.   

සබැඳි පුවත
එජාප ‘රැඩිකල් රැල්ල‘ අගමැති පසුකර ජනාධිපති දෙසට..! ඩීල්දාසගේ ඇමතිකම් ගලවන ගැසට් නිවේදනය හෙට: ගැලවූ ඇමැතිධූර දෙකට දෙන්නෙක් 
    

   

---------------------------
by     (2017-08-27 10:54:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links