~

රටින් පැන ගිය ඥානසාර ජපානයේ..! පැනගියේ හොර පාස්පෝට් එකකින්..! පැන්නුවේ ‘ජනාධිපති තාත්තා‘ගේ උපදේශකයෙක්..! (Photo)

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.17,  ප.ව‍.12.15) රහස් පොලිසිය විසින් පරීක්ෂන පවත්වන අපරාධ රැසක චුදිතයෙකු මෙන්ම අධිකරණය ඉදිරියේ විභාග වන අපරාධ නඩු රැසක සැකකරුවෙකුව අධිකරණය මග හැරීම නිසා වරෙන්තුකරුවෙකු වී සිටින ගලගොඩ අත්තේ ඥානසාර නමැති පාදඩ සිවුරුකරුවා රටින් පැන ගොස් ඇත්තේ ව්‍යාජ ගමන් බලපත්‍රයකින් වන අතර ඔහුට රටින් පැන ගැනීමට උදව් කර ඇත්තේ ‘ජනාධිපති තාත්තා‘ ගේ උපදේශකයෙකු බවත්, ඔහු දැනට ඉන්නේ ජපානයේ ඉබරාකි පළාතේ පන්සලක බවත් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

ගලගොඩ අත්තේ ඥානසාර රටින් පැන ගිය බව ප්‍රථම වරට පසුගිය 6 වෙනිදා ලංකා ඊ නිව්ස් වාර්තා කරන ලද අතර පසුගිය 11 වෙනිදා අභියාචනාධිකරණය හමුවේ ඔහුට එරෙහිව විභාග වන අධිකරණයට අපහාස කිරීමේ නඩුවට පෙනී සිටීම සඳහාද ඔහු අධිකරණයට පැමිණියේ නැත. කෙසේ වෙතත් ඔහු හෝමාගම අධිකරණයේ පෙනී නොසිටීම ගැන ඔහුට එරෙහිව මේ වන විටත් වරෙන්තු නිකුත් කර තිබේ.  

අප විසින් කළ සොයා බැලීම අනුව ඥානසාර සැප්. 01 දා රටින් පිටව ගොස් ඇත්තේ ව්‍යාජ නමකට සකස් කරන ලද හොර පාස්පෝට් එකක් භාවිතා කරමිනි. ඔහුට ඒ සඳහා උදව් කර ඇත්තේ ‘ජනාධිපති තාත්තා‘ යි අලුතින් හඳුන්වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදේශක තනතුරක් දරණ උලපොනේ සුමංගල නමැති සිවුරුකරු විසිනි. ඥානසාර පසුගියදා අධිකරණයට බාර වූ අවස්ථාවේ දී ඔහුව රැගෙන ආවේද, පසුව නඩු 3 ක්ම සඳහා එකම දිනයක ඇප ලබා දී පිටතට ආ පසු ඔහුව රැගෙන යාමට පැමිණියේ ද උලපනේ සුමංගල නමැති ජනාධිපති උපදේශකයා ය. දැන් ඥානසාර රටින් පන්නවා ඇත්තේ ද උලපොනේ සුමංගල විසින් වන අතර ඔහුද ඒ සමගම ජපානය බලා ගොස් ඇත.

ගලගොඩඅත්තේ ඥානසාර සහ උලපොනේ සුමංගල දෙදෙනාම මේ වන විට No. 1000, Tegomaru, Tsukuba, Ibaraki, 300-2647, Japan යන ලිපිනයේ ජපානයේ ඉබරාකි පළාතේ පිහිටා ඇති රාජපක්ෂවාදී පන්සලක් වන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ පදිංචිව ජපානයේ සිටින බෞද්ධයන්ව ගොනාට අන්දාගෙන ජීවත් වෙති. 

මේ සමග ඇති සේයාරුවේ දැක්වෙන්නේ ඥානසාර අභියාචනාධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු දිනය වූ සැප් 11 දා ඉබරාකි පන්සලට වී සිටි අන්දමයි. ඔහුට ආසන්නයේම දකුණු පසින් ඉන්නේ අඹන්පිටියේ ධම්මානන්ද නමැති හිමිනමක් වන අතර සේයාරුවේ වම් කෙළවරේ ඉන්නේ  මැදගම අමරානන්ද නමැති හිමිනමකි. 

ලංකාවේ නීතිය අනුව අධිකරණය මග හැර සිටින වරෙන්තුකරුවෙකුට රැකවරණය දීමද වරදකි. වැරදි කළ විට ජනාධිපති උපදේශකලා පමණක් නොව ජනාධිපති ලේකම්ලා පවා හිරේ වැටෙන බව මේ වන විට ඔප්පු වී තිබේ. 

සබැඳි පුවත
විජේදාස රැකවරණය අහිමිවීමත් සමග ඥානසාර රටින් පනී

---------------------------
by     (2017-09-17 07:01:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Oh My LankaGod. A great revelation by Len Lanka News. Our Media gentlemen are in deep slumber. Not a word about his departure. Now the authorities should take action to deal with all concern responsible for this serious matter and mete out justice.
-- by Gratiaen Hewa on 2017-09-18

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links