~

මාස 4 කින් ජනාධිපති ‘බල්ලා මාර්ක්‘..! දෛවඥයන් කියලා..!! ඊට කලින් යුද නැව් ඩීල් එකෙන් ගාණ කපන්න හදලා: ටෙන්ඩර් කැඳවා නෑ: කැබිනට් ප්‍රකාශක කීවේ බොරු

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.28,  පෙ.ව‍.7.00) මෙතැන් සිට මාස 4 කට පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා “බල්ලා මාර්ක්“ එකට වැටෙනවා යයි ඔහුගේ කේන්දර කරුවන් ස්ථිර වශයෙන්ම පවසා තිබෙන බැවින් ඊට පෙර සනීප මුදලක් හම්බ කර ගැනීමේ අරමුණින් “යුද නැව් ඩීල් එක“ ක්‍රියාත්මක කිරීමට දත කන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු කරුවෝ පවසති.

ගෝඨාගේ ‘මිග් ඩීල්‘ එක පරදන මහාරාජාගේ සහ ජනාධිපති බෑණාගේ ‘යුද නැව් ඩීල් එකට‘ අදාල කැබිනට් පත්‍රිකාව පසුගියදා පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබුනද ලංකා ඊ නිව්ස් වෙතින් එම ඩීල් එකේ සත්‍ය තත්ත්වය අනාවරණය කිරීම නිසා සාකච්ඡාවට නොගෙන කල් දමන ලදී.

ඊයේ(27) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී යුද නැව් ඩීල් එක සම්බන්ධයෙන් සහ එම ඩීල් එකට විරුද්ධ වූ නිසා නාවික හමුදාපතිගේ සේවා දිගුව මාසයකින් අවසන් කිරීම ගැන මාධ්‍ය වේදියෙකු ප්‍රශ්න කළ අවස්ථාවේදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ඍජු පිලිතුරක් නොදී වට වන්දනාවේ ගොස් මග හැරියේ ය. ඔහු කියා සිටියේ රජයේ මිලදී ගැනීම් සම්බන්ධයෙන් කැබිනට් ටෙන්ඩර් මණ්ඩලයක් තිබෙන බවත් එහි තීරණයට එකඟ නොවන්නේ නම් ඊටත් ඉහලින් අභියාචනා මණ්ඩලයක් තිබෙන බවත් ගණුදෙනු සම්බන්ධයෙන් දූෂන චෝදනා නගන්නෝ බහුතරයක් අදාල ටෙන්ඩර් වලට තරඟ කර පරාජය වූ පුද්ගලයන් බවයි. එසේ නොමැතිව යුද නැව් ඩිල් එක ගැන හෝ එම ඩීල් එකට විරුද්ධ වීම නිසා නාවික හමුදාපති පන්නා දැමීමට කරන කුමන්ත්‍රණය ගැන හෝ ඍජුව රාජිත සේනාරත්න මහතා කිසිවක් ප්‍රකාශ කෙළේ නැත. 

මහාරාජා සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා එක්ව සිදුකිරීමට යන මෙකී යුද නැව් ඩීල් එක පිලිබඳ හෙළිදරව් කළ ලංකා ඊ නිව්ස් වන අපට කීමට ඇත්තේ එක දෙයකි. එනම් මෙකී යුද නැව් ඩීල් එක සම්බන්ධයෙන් දේශීයව හෝ ජාත්‍යන්තරව හෝ කවරාකාරයේ හෝ ටෙන්ඩර් කැඳවීමක් සිදුකර නැති බවයි. එවැනි ටෙන්ඩර් කැඳවීමක් කර තිබේ නම් එය හෙළිදරව් කරන ලෙස අපි අභියෝග කරමු...! 

මේ අතර යුද නැව් ඩීල් එකට විරුද්ධ වීම නිසා සියළු නීති සහ සම්ප්‍රදායන් පසෙකට දමා නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා ධූරයට පත්ව මාස 3 ක් යෑමටත් පෙර විශ්‍රාම යැවීමට කරන කුමන්ත්‍රණය ගැන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකු මෙන්ම හිටපු හමුදා නිලධාරියෙකුද වන කීර්තිමත් පුද්ගලයෙකු දැඩි ලෙස කෝප ගැන්වී තිබේ. ආරක්ෂක ලේකම්ගෙන් සිද්ධිය ගැන විමසීමෙන් පසු ඔහු පවසා ඇත්තේ හමුදාපතිවරුන් පත් කිරීම සහ විශ්‍රාම ගැන්වීම මේ තරම් සිල්ලර කාරියක් ලෙස සලකන මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිසේත්ම ජනාධිපති ධූරයට නොගැලපෙන පුද්ගලයෙකු බවයි. මෙයින් ඔහු රට දැවැන්ත අනතුරකට හෙලන බවද මෙතෙක් සිටි කිසිදු ජනාධිපතිවරයෙකු හෝ වරියක තම පුද්ගලික ඩීල් එකක් වෙනුවෙන් හමුදාපතිවරුන් මෙලෙස බිල්ලට දී නැතැයිද එකී ඇමැති වරයා පවසා තිබේ. 

තවත් මාස 4 කින් එනම් ජනවාරියෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘බල්ලා මාර්ක්‘ එකට වැටීම කිසිදු ග්‍රහයෙකුට වැළැක්විය නොහැකි යයි ඔහුගේ දෛවඥයන් විසින් නිශ්චිත ලෙසම පවසා ඇති අතර ඊට පෙර ජනාධිපතිවරයෙකු ලෙස කරනා කියනා දෙයක්, කර කියා ගන්නා ලෙස උපදෙස් දී ඇත. සිය දුවගේ නමින් වෙනත් අය ලවා “ජනාධිපති තාත්තා“ නමින් පොතක් ලියවා ගැනීම සිදු කර ඇත්තේද ව්‍යසනයකට පෙර ජීවිත කතාව ප්‍රකාශයට පත් කර ගැනීමේ ආශාව සන්සිඳවා ගැනීමට බවද පැවසේ. 

කිලී මහාරාජා සහ තිළින සම්පත් නමැති ජනාධිපති බෑණා සමග යුද නැව් ඩීල් එක ඉක්මනින් අහවර කර ගැනීමට උත්සාහ කරන්නේ ද ඒ නිසාම බව පැවසේ. යුද නැව් ඩීල් එකෙන් ලැබෙන කොමිස් මුදල් ගැනීම සඳහා ජනාධිපති බෑණා මේ වන විටත් සිංගප්පූරුවේ ගිණුම් 4ක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. (එකී ගිණුම් අංක ඉදිරි දිනෙක හෙළි කෙරෙනු ඇත.)

සබැඳි පුවත්
* ගෝඨාගේ මිග් ඩීල් එක පරාදයි..! අවුරුදු 10 ක් පරණ යුද නැවක් සමග පරණ ජෙට් 6 ක්, හෙලිකොප්ටර් 2 ක්, යුද ටැංකි 33 කින් මහාරාජා සහ ජනාධිපති බෑණා කෝටි දහස් ගණනක ගැහිල්ලක..! යෝජනාව ජනාධිපතිගෙන්.!!
* මෛත්‍රී ජනපතිගේ ‘බබා හුකුං‘ කාලය ඉවරයි..! මහාරාජාගේ සහ බෑණාගේ යුද නැව් ගැහිල්ලට විරුද්ධ වූ ට්‍රැවිස් සින්නයියා මාසයකින් ගෙදර යවයි..!! අද්මිරාල්ලා 3 ක් යුද නැව එපා කියලා; ගණන් අරන් නෑ

 

---------------------------
by     (2017-09-28 01:47:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

රට පාලනය කරන මහාරාජා බටහිරට ඔත්තු සපයා ලංකාව සහ ඉංදියාව දෙකම රෑකඩ බවට පත්කර ඇත.
-- by lanka on 2017-09-28

Admiral Travis Sinnaiah is a Kandyan. He was born bread in Kandy. We as people from Kandy are Very Proud of him.
-- by Palitha Galapitiya on 2017-09-28

යුද නැව් ඩිල් එක ගැන හෝ එම ඩීල් එකට විරුද්ධ වීම නිසා නාවික හමුදාපති පන්නා දැමීමට කරන කුමන්ත්‍රණය ගැන හෝ ඍජුව රාජිත සේනාරත්න මහතා කිසිවක් ප්‍රකාශ කෙළේ නැත. මහාරාජා සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා එක්ව සිදුකිරීමට යන මෙකී යුද නැව් ඩීල් එක පිලිබඳ හෙළිදරව් කළ ලංකා ඊ නිව්ස් වන අපට කීමට ඇත්තේ එක දෙයකි. එනම් මෙකී යුද නැව් ඩීල් එක සම්බන්ධයෙන් දේශීයව හෝ ජාත්‍යන්තරව හෝ කවරාකාරයේ හෝ ටෙන්ඩර් කැඳවීමක් සිදුකර නැති බවයි. එවැනි ටෙන්ඩර් කැඳවීමක් කර තිබේ නම් එය හෙළිදරව් කරන ලෙස අපි අභියෝග කරමු...!
-- by Sobithawathara on 2017-09-28

යුධ නැව් ටෙන්ඩර් මගඩියට ලංකා ඉතිහාසයේ පත්වූ කීර්තිමත්ම නාවික හමුදාපතිවරයා බිලිදීම හිටං ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාම නින්දිතම දේශද්‍රෝහී පාවාදීම ලෙස ඉතිහාස ගතවනු නියතයි හිටං. මේකෙන් ජනාධිපති තාත්තා හිටං "ජඩාධිපති" තාත්තා වෙනවා නියතයි හිටං
-- by Rajin on 2017-09-29

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links