(ලංකා ඊ නිව්ස් -2019.ජූලි.08, පෙ.ව.10.20) 2020 ජනාධිපතිවරණ ඡන්දයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වනවා යැයි කියමින් මිනිසුන් මුලා කරමින් සල්ලි ගරන නාගානන්ද කොඩිතුවක්කු නමැත්තාගේ ජනාධිපති අපේක්ෂක සෙප්පඩවිජ්ජාව ඔහු විසින් සිතා මතා සිදුකළ අමූලික වංචාවක් බව අතේ පත්තු වී තිබේ. දූෂණයට විරුද්ධ යැයි බෑඟිරි ගසන මොහු අමු තක්කඩියෙකු බව හෙළි වූයේ සමාජ ක්‍රියාධරයෙකු වූ ඔ්ෂල හේරත් මහතා ඔහු පිලිබඳව පොලිසියට කළ පැමිණිල්ලෙන් පසුව ය.
බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකු වන නාගානන්දට කිසිසේත්ම ජනාධිපතිවරණයකට තරඟ කළ නොහැකිව තිබියදී ඔහු ජනතාව රවටා මුදල් ගරන බව හේරත් මහතාගේ පැමිණිල්ලේ සඳහන් විය.
එකී පැමිණිල්ල ගැන වාර්තාවක් පසුගිය ජුලි 03 දා “ජනාධිපති අපේක්ෂකයෙකු වීමට කිසිදු සුදුසුකමක් නොමැති නමුත් තමා ජනාධිපතිවරණයට එන බව කියමින් මහජනතාව රවටා මුදල් ගරණ නාගානන්දට එරෙහිව ප්‍රකට සමාජ ක්‍රියාධරයෙකුගෙන් පොලිසියට පැමිණිල්ලක්..!” මැයෙන් ලංකා ඊ නිව්ස් වාර්තා කළ අතර ඔ්ෂල හේරත් මහතා පැමිණිලි කර තිබුනේ 02 දා ය.
මෙකී පැමිණිල්ලෙන් දින දෙකකට පසු එනම් ජුලි 04 දා තමන් බ්‍රිතාන්‍ය පුරවැසි භාවය අත්හැරීමේ අයැදුම් පත බාර දුන්නා යැයි නාගානන්ද තම ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණ.
තමන් ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියමින් “නාගා 2020” යනුවෙන් ප්‍රචාරක පාඨ හදා ප්‍රචලිත කරමින් මේ තරම් කාලයක් මේ හාදයා සද්දය දමා ඇත්තේ මිනිසුන් අන්දා මුදල් ගරා ඇත්තේ බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය දරාගෙනය. මේ වන විට තහනම් කර ඇති නමුත් නීතිඥයෙකු වූ මොහු ද්විත්ව පුරවැසියෙකුට රටේ ජනාධිපතිවරණයකට තරඟ කළ නොහැකි බව නොදන්නේ ද? මහ ලොකුවට ‘මම ලෑස්තියි, ගෝඨා ලෑස්තිද?’ කියාද පෝස්ට් ප්‍රචාරය කරද්දී පවා තමන් ද්විත්ව පුරවැසියෙකු බව නොදැන සිටියා ද? ඔ්ෂල හේරත් පොලිසියට පැමිණිලි කර දින දෙකක් පසුවන තුරු තමන් ද්විත්ව පුරවැසියෙකු බව නාගනන්දට අමතක වුනාද? නාගා බබා ද? නැත. මොහු කර ඇත්තේ දැන දැනම ජනතාව රැවැටීමකි .
නාගානන්ද මහජනතාව ගොනාට ඇන්දිල්ලේ හොඳම කොටස ඇත්තේ ඉදිරියේ දී ය. එනම් “නාගානන්දගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හැරීමේ අයැදුම්පත ඊයේ (ජුලි 04) විධිමත්ව බාර දෙනු ලැබීය” යනුවෙන් තමා විසින්ම ප්‍රචාරය කරන්නේ 'මට පුළුවන්' කියා තවත් වටයකින් ජනතාව ඇන්දවීමට ය. නමුත් බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවයෙන් ඉවත්වීමේ ක්‍රියාවලියට අදාල අයැදුම්පත ලියාපදිංචි කිරීමෙන් පසු ඒ සඳහා නිසැක වශයෙන්ම අවමයෙන් මාස 6 කට වැඩි කාලයක් ගත වේ. ඒ බව බ්‍රිතාන්‍යයේ ආගමන විගමන කාරිය බාර ‘හෝම් ඔෆිස්’ හෙවත් ස්වදේශීය කාර්යාල වෙබ් අඩවියේ නිල වශයෙන් පවසා ඇත. (නාගානන්ද ඒ වගද නොදන්නවා නොවේ.)
එනම් ජුලි 4 වෙනිදා නාගානන්ද බාර දුන් පුරවැසිභාවයෙන් ඉවත්වීමේ කටයුත්ත අහවර වන්නේ ස්ථිරවම දෙසැම්බර 4 වෙනිදායින් පසුව ය. එනම් නාගානන්දට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලැබුනත් කිසිසේත්ම 2020 ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි ය. ජනාධිපතිවරණයට ඔක්තෝම්බර් මාසයේදී නාමයෝජනා බාර ගත යුතුය. නාගානන්දට බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ඉවත් කරගෙන ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවානම් ඉදිරිපත් විය හැක්කේ 2025 දීය.
දැන් මේ තක්කඩියා කැම්පේන් කරනවා නම් කළ යුත්තේ ‘නාගා 2020’ කියා නොව ‘නාගා 2025’ කියා ය.
නාගානන්දලා වැනි කපටි තක්කඩියන් ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වනවා යැයි කියා මරහඬ තලන්නේ කිසිසේත්ම ජය ගැනීමකට නොවේ. ජනාධිපතිවරණයකදී රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 13500 ක් පමණ ක්‍රියාත්මක වේ. තම ඡන්ද නියෝජිතයන් දෙදෙනෙකු අවම වශයෙන් එකී ඡන්ද මධ්‍යස්ථාන වලට යෙදැවිය යුතු වේ. එනම් ක්‍රියාධරයන් 27000 ක් ඒ වැඩේට පමණක් රට පුරා යෙදැවිය යුතුය. නාගානන්දලා වැනි තක්කඩියන්ට රට පුරා ක්‍රියාධරයන් 27000 ක් තබා 2700 ක් සොයා ගැනීමට නොහැකිව තිබියදී ජනාධිපතිවරණ ඡන්දයක් ගැන සිතීමද මුලාවකි. නමුත් මොවුන් මෙලෙස ප්‍රචාරය කරන්නේ අන් කිසිවකට නොව හිත හොඳ නමුත් මෝඩ මිනිසුන්ගේ සාක්කුවට විදීමට ය. මොවුන්ගේ තවත් බලාපොරොත්තුවක් තිබේ. එනම් තමන් අපේක්ෂකයෙකු යැයි කියා ප්‍රචාරය කරමින් ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් ගාණක් කපාගෙන අවසානයේ සටනින් ඉවත් වීමට ය. එවිටද ජනතාව ඇන්දවීමට බොරු බේගලයක් කියනු ඇත.
කෙසේ වෙතත් ඔ්ෂල හේරත්ගේ පැමිණිල්ලෙන් නාගානන්දගේ සරම කැඩී ගොස් තිබේ. දැන් 'එක පුළියේ' ය. දූෂණයට විරුද්ධ යැයි කියමින් සෙප්පඩවිජ්ජා පෙන්වා හිත හොඳ මිනිසුන්ගේ හොඳ හිත හූරා කෑම නාගානන්ද වහාම නතර කළ යුතුය. 2020 ජනාධිපතිවරණයකට තරඟ කළ නොහැකි බව දැන දැනම නාගානන්ද ජනතාවගෙන් ලබා ගත් මුදල් වහාම ඒ ජනයාට යළි ලබා දිය යුතුය. තමා මෙතෙක් කෙළේ වංචාවක් යැයි මහජනතාව ඉදිරියේ පාපෝච්ඡාරණය කළ යුතුය. නැතිනම් කළ වංචාවට නීතියෙන් දඬුවම් ලැබිය යුතුය. ඔ්ෂල හේරත්ගේ පැමිණිල්ල බාර ගත් පොලිස් මූලස්ථානය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගෙන් යුක්ත කණ්ඩායමකට බාර දී ඇත.
---------------------------
by (2019-07-08 05:14:25)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි