-මාණ්ඩලික වාර්තාකරුවෙක් ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.16, පෙ.ව.11.10-දෙවන සංස්කරණය ප.ව.5.10) හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ හෙට (17) රටින් පැන යෑමට කලින් කර තිබූ සැලසුම ලංකා ඊ නිව්ස් මීට පැය දෙක හමාරකට පමණ පෙර හෙළිදරව් කිරීමත් සමග ගුවන් තොටුපොල වටලනු ඇතැයි බිය වූ බැසිල් මීට විනාඩි 30 කට පමණ පෙර රටින් පැන ගිය බව ලංකා ඊ නිව්ස් වෙත තහවුරු වී තිබේ.
ඔහු පැන ගියේ අප කී ලෙසම රත්මලාන ගුවන් තොටේ නවතා තිබූ N 750 GF වර්ගයේ පුද්ගලික ජෙට් යානයෙනි. එය මීට විනාඩි 30 කට පෙර එනම් උදෑසන 10.40 ට බැසිල් ද රැගෙන ගුවන් ගත විය. එය පිටත් වූයේ ඩුබායි කරා ය. එය ගොඩබැසීමට නියමිතවන්නේ ඩුබායිහි Al Maktoum International Airport වෙතය. එම ගුවන් ගමන නියමිත කාලසටහනට පිටතින් සිදුකළ එකකි. මෙම වේලාව සාමාන්‍යයෙන් ලංකාවේ සිට ඩුබායි කරා ගුවන් ගමන් සිදුනොකරන වේලාවක් බව නියමුවෝ කියති.
බැසිල් රත්මලාන ගුවන් තොට වෙත ආවේ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් දෙදකිනි. ඒවායේ ද අංක තහඩු වෙනස් කර තිබිණ. සාමාන්‍යයෙන් රත්මලානෙන් වීඅයිපී කෙනෙකු පිටත් වන විට ඒ සඳහා වීයිපී ගුවන් හමුදා ආරක්ෂක කණ්ඩයක් කැඳවන්නේ වී නමුත් මෙදින එසේ කැඳවා ඇත්තේ අබාන්ස් සමාගම විසින් සවිකර තිබූ ප්‍රචාරක පුවරුවක් ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් විනාශ කළා කියමින් මිස වීඅයිපී අයෙකු සඳහා යන්න වසන් කරමිනි. බැසිල්ගේ පලා යාම එතරම්ම රහසිගත එකක් විය.
බැසිල් කොරෝනා වැළඳී ඇතැයි බොරුවක් ප්‍රචාරය කර දින කිහිපයක් ලංකා හොස්පිට්ල්හි නතර වී සිටියේ ය.
සේයාරුවේ සඳහන් වන්නේ ඔහුට කොරෝනා වැළඳී ඇතැයි කියා ලංකා හොස්පිට්ල්හි සිටි අවස්ථාවකි. සිනහා වෙමින් සිටින ඔහු අඩුම ගණනේ මුව ආවරණයක් හෝ පැළඳ නැත.
සබැඳි පුවත
ගෝටාගේ ලේ වැගිරීමට පෙර බැසිල් රටින් පනී..! පුද්ගලික ජෙට් යානය මෙන්න..!
---------------------------
by (2022-04-16 11:45:02)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි