~

පනාගොඩ කඳවුරේ පජාත ගැහිල්ල..! අණදෙන නිලධාරියා දැලේ..! දූෂිත මේජර් ජෙනරාල් මෙ(හු)ත්තානන්ද නිදැල්ලේ..! (Photo & Video)

-මස් මාළු හංගලා- සෙබලුන්ට රතු අලයි පරිප්පුයි විතරයි - සොල්දාදු උන්නැහේ හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.18, ප.ව.11.05) "කොල්ලන්ට මදි උනත් මට ප්‍රශ්නයක් නෑ. උන්ට වැඩිපුර පාස් දීලා හරි යවලා මට ඕගොල්ලෝ පාටියට කොහොමහරි බඩු ටික ලැහැස්ති කරන්න. පාටි, No බජට්.! වැඩේ කරන්න."

සාකච්ඡා ශාලාවේ සියල්ලන් ඉදිරියේ මේජර් ජෙනරාල් චානක මෙ(හු)ත්තානන්ද  ප්‍රකාශ කෙළේය.

"සර් අපි ඕවා වෙනම තැනක කතා කරමු"  අණ දෙන නිලධාරී මේජර් ප්‍රසන්න වන්නිආරච්චි පිළිතුරු බැන්දේ ය.

දූෂිත අඥාන මේජර් ජෙනරාල් චානක මෙ(හු)ත්තානන්ද ගේ දූෂණ ගැන ලංකා ඊ නිව්ස් පළමු වරට හෙළි කෙළේ පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදා "යුධ හමුදා දිනයට සමගාමීව දූෂිතයන් හෙළි කරමු...! මේජර් ජෙනරාල් මෙ(හු)ත්තානන්දගේ වැඩ කිඩ මෙන්න..!" නම් සිරස්තලය යටතේ ය.

ඉන්පසු පසුගියදා සිට වාර්තා වූ සිරස්තල සහ පුවත් කිහිපයක් මෙසේය.

"හමුදා සාමාජිකයන්ට සමාජ මාධ්‍ය තහංචි පනවා ඔවුන්ගේ බත් පත මහ දවල් මංකොල්ල කාලා"

"කුකුල් මස් කිලෝ 40 ක්, මාළු කිලෝ 30 ක්, බාස්මති සහල් මිටි එකහමාරක්, සම්බා සහල් මිටි දෙකක්, පොල් තෙල් ලීටර් 25ක්, සුදුළූණු ගෝනි දෙකක්, මිරිස් කරල් ගෝණි දෙකක්, අල ලූනු කුළුබඩු ඇතුළු සාදයක් සඳහා මංකොල්ල කෑ සොල්දාදුවන්ගේ ආහාර රැසක්  යුද හමුදා පොලිසිය විසින් පනාගොඩ අත්අඩංගුවට ගත්තේ ය."

"අණදෙන නිලධාරි මේජර් ප්‍රසන්න වන්නිආරච්චි හමුදා පොලිස් විවර සිර අඩස්සියේ රඳවාගෙන ප්‍රශ්න කරයි."

"අණදෙන නිලධාරී පොලියටත් සල්ලි දීලා"

"QM  ලුතිනන්  බණ්ඩාර අත්අඩංගුවේ දී සියල්ල වමාරයි"

"මහ මොළකරු මේජර් ජෙනරාල් මෙ(හු) ත්තානන්ද තවමත් නිදැල්ලේ.  වරද අණදෙන නිලධාරී පිට පටවයි."

"පරිප්පු බීට් අල එක්ක බත් කාපු සොල්දාදුවන්ගේ සංවේදී වීඩියෝ පට එලියට"

ජනාධිපති නිහඬ ඇයි?

ඉකුත් දෙසැ 15 වන දින පනාගොඩ කඳවුරේ සොල්දාදුවන් ආහාරයට ගන්නා බීට් අල, පරිප්පු සමග බත් පතේ වීඩියෝ දර්ශන මේ සමග ඇති වීඩියෝවේ දැක්වේ. අසරණ වූ එම සොල්දාදුවන් අවසානයේදී මිරිස් කරල් දෙකක්  ලූණු ගෙඩියක් සාක්කුවේ දමා ගෙන විත් දහවල් ආහාරය ගනු ලබන්නේ ජනාධිපතිතුමාගේ නෙත ගැටෙන තුරු එම වීඩියෝ පටය මහජනතාවට ප්‍රසිද්ධ කරන ලෙස ආයාචනා  කරමිණි. එය අපට ද නෙතට කඳුළක් ගෙන දෙන්නක් විය. කෙසේවෙතත්  එම බත් පතේ ඡායාරූප සමග සියලු දර්ශන අප සතුව ඇති නමුත් කොටසක් පමණක් ඉදිරිපත්  කරමු. සම්පූර්ණ වීඩියෝ පටය තුලින් අභිමානවත් හමුදාවකට සිදු වන හානිය සලකා සම්පූර්ණ මුදාහැරීම අත්හිටුවන නමුත් දූෂිත මේජර් ජෙනරාල් මෙ(හු)ත්තානන්ද සහ  දැනට විවෘත සිර අඩස්සියේ පසුවන පොලී මුදලාලි ලෙස හමුදාවේ ප්‍රචලිත මේජර් ප්‍රසන්න වන්නිආරච්චි එම තනතුරු වලින් ඉවත් කර පරීක්ෂණ කටයුතු සිදු නොකළහොත් සියලු සෙබළ සෙබළියන්ගේ ආහාර සුරක්ෂිතතාවය සඳහා සම්පූර්ණ වීඩියෝ පටය ප්‍රසිද්ධ කරන බව කියා සිටිමු.

සොල්දාදුවන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදෙන්නේ ඔවුන් සෞඛ්‍ය සම්පන්නව ශක්තිමත්ව ඕනෑම දේකට මුහුණදීමට සූදානම් කර තැබීමට විනා මෙවැනි හිරිකිත නිලධාරීන්ට එම ආහාරවලින් මංකොල්ලා කා සිය නෑදෑ හිත මිත්‍රාදීන්ට සාද පැවැත්වීමට නොවන බව සේනාධිනායක ජනාධිපතිවරයා ද හමුදාපතිවරයා ද දැන ගත යුතුය. අයවැයෙන් අධික පිරිවැයක් දරනුයේ ආරක්ෂක අමාත්‍යංශයට නම් ජනාධිපතිවරයා එම අමාත්‍යංශයේ ඇමතිවරයා  නම් සන්නද්ධ නායකයා නම් තවදුරත් මෙවැනි නීච ක්‍රියා පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්දැයි අපි ප්‍රශ්න කර සිටිමු.

යුද හමුදා පොලිසියේ රහස්‍ය මෙහෙයුම...

කුප්‍රකට දූෂිත සමස්ත යුද හමුදාවටම අපකීර්තියක් ගෙන දුන් 1 වන ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් මෙ(හු) ත්තානන්ද සිය අණ දෙන නිලධාරී මේජර් ප්‍රසන්න වන්නිආරච්චි සමග එකතුව දින තුනක් තිස්සේ සෙබළ සෙබළියන්ට රජයෙන් හිමි ගන්වා තිබූ මාළු, මස්, බාස්මතී හාල්,  සම්බා හාල්, සුදු ලූනු, අර්තාපල්,  මෙන්ම කෑම සැකසීමට ගන්නා පොල් තෙල්, මිරිස්, සුදු ලූනු, මෙන්ම කුළුබඩු ද  යුධහමුදා රෙගුලාසි වලට පටහැනිව ඊයේ (17) දින අණදෙන නිලධාරිගේ මාමණ්ඩිය ඇතුළු දෙසීයක් දෙනා සඳහා සාදයක් පැවැත්වීමට රැස්කර තබා ගත් අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ යුද හමුදා පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය මගින්  රහස්‍ය මෙහෙයුමක් දියත් කර බඩුත් සමග හොරු අල්ලා ගත්තේ ය.

15 රාත්‍රියේම හමුදා අත්අඩංගුවට පත්වූ  එම  ඒකකයේ උපකරණ පාලක නිලධාරි ලෙස කටයුතු කරන ලුතිතන් බණ්ඩාර  ඇතුළු දහ දෙනකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී  බලකාධිපති ලෙස මේජර් ජෙනරාල් මෙ(හු)ත්තානන්ද සහ අණදෙන නිලධාරි ලෙස මේජර්  වන්නිආරච්චි පත්වූ දා සිට සෙබළ සෙබළියන්ගේ බත්පත ක්‍රමානුකූලව මංකොල්ල කෑ ආකාරය අනාවරණය වී ඇත.

16 උදෑසන යුද හමුදා  පොලිසියට කැඳවූ මෙම දූෂිත අණදෙන  නිලධාරීවරයා විවර සිර අඩස්සිට පමුණුවා රඳවාගෙන ප්‍රශ්න කිරීම් මේ වන විට සිදුකරගෙන යයි.

මොහු  හමුදාපති කාර්යමණ්ඩලයේ මීට පෙර සේවය කර ඇති  නිලධාරියෙකු බැවින් දැන හැඳුනුම්කම් මත යුදහමුදාපති හට තමා බේරා දෙන ලෙස පනිවුඩ පිට පණිවුඩ යවා තිබේ. හමුදාපතිගෙන් මෙතෙක් ඔහුට පක්ෂපාතී ප්‍රතිචාරයක් ලැබී නැතත් ඉදිරියේ කුමක් වේදැයි නොදනී.

සාක්කි තිබියදී නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?

මීට පෙර ලංකා ඊ නිව්ස් හෙළි කළ ආකාරයට මේජර් ජෙනරාල් මෙ(හු)ත්තානන්ද කෝටි ගණනක ටයිල් වංචාවක්  සිදුකර විමර්ශනවලින් වැරදි කරුවෙක් වී චෝදනා පත්‍ර ලැබූ නමුදු ඉහලට මුට්ටි අල්ලා ඔහු නිදැල්ලේ සිටී. පහල කාන්තා නිලධාරිනියන් ගෙන් පවා ලිංගික අල්ලස් ඉල්ලූ,  රජයෙන් පඩි ගන්නා යුධ හමුදා සෙබළුන් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩලය තම නිවසේ වැසිකිළි සේදීම මෙන්ම බැලමෙහෙවරකම් වලට යෙදවු නමුත් තවමත් එකී බළකායේ බලකාධිපති ධුරය හොබවන කුප්‍රකට මේජර් ජෙනරාල් මේ මගඩියේ දී ද තවමත් නිදැල්ලේ සිටිමින් මෙම මගඩිය ද යට ගැසීමට පිඹුරුපත් සකසමින් සිටියි.

ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම් වරයා  හමුදාපතිවරයා ආදීහු දූෂණයේ යෙදෙන, විනය සහ හමුදා නියෝග කඩ කිරීම් සිදුකරන ඕනෑම තරාතිරමක හමුදා නිලධාරීන් එම තනතුරු වලින් ඉවත් කර විනය පරීක්ෂන කරන ආකාරය අපි හොඳින් දැක ඇත්තෙමු. එවන් පසුබිමක මෙම දූෂිත මේජර් ජෙනරාල් මෙ(හු)ත්තානන්ද සහ අණදෙන නිලධාරි මේජර් වන්නිආරච්චි හට මෙතරම් සාක්ෂි තිබියදීත් එකී නීතියම ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි අපට බරපතල ප්‍රශ්නයකි. ඔවුන් තවමත් තනතුරු තනතුරු දරති.

ඔබ සලකන විදිහටම ඔබටත් ලැබෙනු ඇත...   

මෙහි දැක්වෙන සංවේදී වීඩියෝ පටය තුළ ඒ අසරණ සොල්දාදුවන් සේනාධිනායක ජනාධිපතිවරයාගෙන් අයැද සිටින්නේ  ඔවුන්ගේ කෑමට හැම් බේකන් එක් කරන ලෙස නොව ගෙදරින් කෑම නොකන ඔවුන්ට හුස්ම රඳා පවත්වාගෙන ජීවත්වීමට වත් හිමි මස් කෑල්ල, මාලු කෑල්ල මෙන්ම බත්පතේ අයිතිය සුරක්ෂිත කර දෙන ලෙසය.

ඔබ පහළ සොල්දාදුවාට සලකන ආකාරයටම පහළ සොල්දාදුවාගෙන් ඔබට ද ප්‍රති සැලකීම් ලැබෙනු නියත බව ද ඔබට අනතුරු ඇඟවීමක් ලෙස සටහන් කර තබමු..!

(මෙ(හු)ත්තානන්දගේ පාටිය සඳහා සඟවා තිබියදී හමුදා පොලිසිය විසින් අල්ලා ගත් සෙබල සෙබලියන්ට හිමි ආහාර සේයාරූ වල දැක්වේ)

-සොල්දාදු උන්නැහේ

සබැඳි පුවත
යුධ හමුදා දිනයට සමගාමීව දූෂිතයන් හෙළි කරමු...! මේජර් ජෙනරාල් මෙ(හු)ත්තානන්දගේ වැඩ කිඩ මෙන්න..! (Video)

අදාල සොල්දාදුවන්ගේ සංවේදී වීඩියෝව පහතින්

---------------------------
by     (2022-12-18 18:11:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links