~

ඉෂාරා දේවේන්ද්‍ර මාධ්‍යවේදිනියට වහා යුක්තිය ඉටු කරනු..!

-මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

(ලංකා ඊ නිව්ස් -2023.අප්‍රේල්.24, ප.ව.5.40) ස්වාධීන රූපවාහිණී සේවයේ (ITN) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වූ ඉෂාරා දේවේන්ද්‍ර සිය මුහුණු පොතේ සටහනක් තබමින්, ආයතන ප්‍රධානියෙකුගෙන් තමන්ට විවිධ ලිංගික අතවරයන්ට නිරන්තරව මුහුණදීමට සිදුවූ බව පවසා තිබේ. මාධ්‍යවේදිනියක් ලෙස මේ ම්ලේච්ඡ ක්‍රියාව නොබියව හෙළිදරව් කිරීමට ඇය ගත් පියවර හා ඇයගේ ධෛර්‍ය්‍ය සම්පන්න භාවය මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය දැඩි ලෙස අගය කරන‍ු ලබයි. මේ  පිළිබඳව ආයතනයේ සභාපතිවරයා ඇතුළු වගකිවයුත්තන්ට සාක්ෂි සහිතව පැමිණිලි කළ ද කිසිදු වගකිවයුත්තෙකු සිය අවධානය යොමු නොකළ බවත්, ඒ නිසාම තම ආත්ම ගෞරවය රැකගැනීම සඳහා ඇය සේවයෙන් ඉවත්වීමට තීරණය කළ බවත් පවසා තිබේ.

රටේ සුළභ ඛේදවාචකයක්..

මෙවැනි අතවරයන්ට කාන්තාවන් නිරන්තරව මුහුණ දෙන පරිසරයක් ආයතනය තුළ පවතින බව ඇය වැඩිදුරටත් පවසා තිබේ. කාන්තාවන්ට  ලිංගික හිංසනයන් සිදුකරමින් නිදහසේ ආයතන තුළ වැජඹෙන්නට මෙවැනි පුද්ගලයන්ට දේශපාලන රැකවරණයන් ලැබීම අපේ රටතුළ සුළභ ඛේදවාචකයකි. එබැවින් රටේ දේශපාලන නායක්ත්වය මේ සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළයුතුව පවතී.

බරපතල වරදක්..

කාන්තා හිංසනය, ලිංගික අපචාර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක දණ්ඩනීති සංග්‍රහය යටතට ගැනෙන බරපතල වරදකි. මෙම සිදුවීම, එවැනි වැරදි සිදුකරමින් මෙවැනි පුද්ගලයන් නිදහසේ හැසිරීම අපේ රටේ රාජ්‍ය පාලනයේ පවතින දුබලතා හෙළිවන තවත් අවස්ථාවකි. සිය ප්‍රවෘත්ති කාමරය තුළ හිංසනයන්ගෙන් තොරව විශේෂයෙන් මාධ්‍යවේදිනියන්ට නිදහසේ සිය මාධ්‍ය කටයුතු සිදුකිරීමට අවශ්‍ය පරිසරය සැකසීම මාධ්‍ය ආයතන ප්‍රධනීන්ගේ වගකීමක් බව අපි සටහන් කරමු.

ශිෂ්ඨ සමාජය ඉවසන්නේ නෑ..

ශිෂ්ඨ සමාජය නොඉවසන, මෙම ම්ලේච්ඡ ක්‍රියාව පිළිබඳව පුළුල් කඩිනම් පරීක්ෂණයක් සිදුකර, ඉෂාරා දේවේන්ද්‍ර මාධ්‍යවේදිනියට යුක්තිය ඉටු කරන්නට, ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සමග එකතුවෙමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ඉහළ ම මැදිහත්වීම ඉටුකරන්නට කටයුතු කරන බව සඳහන් කරමු.

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය රටවල් 146 ක, මාධ්‍ය සංවිධාන 167න් සමන්විත, ලක්ෂ හයකට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක්  සාමාජිකත්වය උසුලන ලෝකයේ ප්‍රබල ම මාධ්‍ය සංවිධානයකි

-මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

සබැඳි පුවත
ITN එකේ ලිංගික අපයෝජක සෙවල නාකින් කව්ද? උන්ගේ ආරක්ෂකයා කව්ද? ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවගෙන් අම්මට සිරි හෙළිදරව්වක්..!

---------------------------
by     (2023-04-24 12:17:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links