~

LeN පුවත ඵළදරයි..! පොල්හේන්ගොඩ මිලිටරි වධකාගාරයට මානව හිමිකම් කොමිසම කඩා පනී...! කොමසාරිස් නිමල් පුංචිහේවාට මල් මිටක්...!

-සොල්දාදු උන්නැහේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.14, ප.ව.10.30) මාධ්‍ය තහංචි තහනම් දමා පුද්ගල මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සොල්දාදු උන්නැහේ ලාට අහිමි කරමින් නිර්ලජ්ජිතව හමුදා සාමාජිකයන්ට පැනවූ මාධ්‍ය වාරණය දඩමීමා කරගෙන දේශපාලනික සහ පෞද්ගලික පළිගැනීම් සඳහා පොල්හේන්ගොඩ පිහිටි යුද හමුදා විශේෂ විමර්ශන ඒකකය මිලිටරි පොලිස් වධකාගාරයක් කරගත් මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා පිළිබඳව ඇඟ කිලිපොලා යන අනාවරණයක් "යුද හමුදාවේම විනයාරක්ෂකයා දූෂිතයෙක්..! ඔහුගේ පොල්හේන්ගොඩ මිලිටරි පොලිස් කඳවුර මිහිපිට වධකාගාරයක්..!" මැයෙන් ලංකා ඊ නිව්ස් පෙරේදා වාර්තා කෙළෙමු.

එහිදී අප ජනාධිපති, ජනාධිපති උපදේශක සාගල රත්නායක මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ද එකහෙළා ඉල්ලා සිටියේ ඔවුන්ගේ නියෝජිත කණ්ඩායමක් පොල්හේන්ගොඩ පිහිටි යුද හමුදා පොලිස් වධකාගාරයට යොමු කර සත්‍ය අවබෝධ කරගන්නා ලෙසටය.

කොමිෂන් සභාවේ ක්ෂණික වැටලීම..

අපගේ ප්‍රසිද්ධ ඉල්ලීම අනුව ක්‍රියාකළ එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් පුංචිහේවා, අධ්‍යක්ෂ ලාල් වීරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එම කොමිෂන් සභාවේ ක්ෂණික වැටලීම් අංශයේ ක්ෂණික වැටලීමක් අද (14) උදෑසන 11 ට පොල්හේන්ගොඩ හමුදා කඳවුර කරා දියත් කරන ලද්දේ ය.

එම වැටලීම සිදු වන අවස්ථාව වන විට ද විශාල සෙබළුන් පිරිසක් විවර සිර අඩස්සියේ සහ සිර කූඩු තුල රඳවා තබා සිටි අයුරු මානව හිමිකම් කොමිසම් සභාවේ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත.

රඳවා සිටි හමුදා සෙබළුන්ට ආහාර  දීලත් නෑ....

යුධ හමුදා සහ සිවිල් නීතියට අනුව සාක්ෂිකරුවන් එසේ රඳවා මානසික පීඩනය එල්ල කරමින් දින ගණන් ප්‍රකාශ ලබා ගැනීම නීතිවිරෝධී වන අතර එසේ බලපෑම් එල්ල කරමින් ලබා ගන්නා ප්‍රකාශ තුළින් වෙනත් නිළධාරියෙකුට එරෙහිව දේශපාලනික සහ පෞද්ගලික පලිගැනීම් වලට යොදා ගැනීම අතිශයින් බිහිසුණු අනීතික ක්‍රියාවකි.

මෙසේ රඳවා ගනු ලබන යුද හමුදා සාමාජිකයන්ට රජය මගින් හිමි කර තිබෙන ආහාර වේල් තුන ද ලබා නොදෙන අතර ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් එහි තිබෙන ආපනශාලාවෙන් ආහාර මිලදී ගැනීමට ක්‍රියා කර තිබීම ද නීති විරෝධීය.

ලංකා ඊ නිව්ස් හෙළිකළ හමුදාපතිගේ ආහාර බිල් ලීක් කෙළේ කව්ද හොයන්න 50 ක් අත්අඩංගුවට අරන් අදටත් කූඩුවේ..

මේ අතර ලංකා ඊ නිවුස් අප පසුගිය දිනක ලිපි ලේඛන බිල්පත් සමග අනාවරණය කළ යුද හමුදාපතිගේ විස්මිත ආහාර වියදම් පිළිබඳ ලිපිය පළවීමෙන් අනතුරුව   මෙකී කුප්‍රකට මේජර් ජෙනරාල් ක්ලිෆඩ් සොයිසා විසින්  නීති විරෝධීව නිලධාරීන් හතර දෙනෙක් සහ සෙසු නිළයන් පනස් දෙනෙකු පමණ පොල්හේන්ගොඩ පිහිටි හමුදා පොලිස් මිලිටරි වධකාගාරයේ රඳවා ඔවුන් ශාරීරික මෙන්ම මානසික වධ හිංසන වලට ලක් කරමින් නොයෙකුත් ප්‍රකාශ ලබා ගත් අතර අදටත් ඉන් සමහරෙක්  මිලටරි වධකාගාරයේ සිර කූඩු වල මානව හිමිකම් උල්ලංඝනය වෙමින් දුක් විඳිති.

ආරක්ෂක ලොක්කගේ 'ලැවෙනියා'  සහ සොල්දාදු උන්නැහේලාගේ බිරින්දලා...

ලංකා ඊ නිව්ස් අප වෙත තොරතුරු එව්වාද සොයමින් එලෙස හමුදා සාමාජිකයින් විශාල ප්‍රමාණයකගේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් ඔවුන් අනීතිකව සිර මැදිරි තුළ රඳවා නොයෙකුත් මානසික වධ හිංසාවන්ට ලක් කරමින් සිටින පසුබිමක ඔවුන්ගේ භාර්යාවන්ගේ සහ දරු පවුල් වල අඳෝනා දිවයිනේ නන් දෙසින් නැගෙද්දී  ආරක්ෂක ලොක්කෙක් තම උසස් පැලැන්තියේ බිරිඳට  ලියූ පොත 'ලැවෙනියා' අද වන් දිනක ජනතාවට පෙරලීම ද අධෝමුඛයෙන් සිනහා ගෙන දෙන්නකි.

දුරකථන අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි..

ක්ලිෆර්ඩ් සොයිසා විසින් අත් අඩංගුවට ගන්නා සෙබළුන් පොල්හේන්ගොඩ කඳවුරට ඇතුළු වනවාත් සමගම ඔවුනගේ දුරකථන අත්අඩංගුවට ගනී. එය ද බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සහ නීති විරෝධී ක්‍රියාවක් ලෙස පෙන්වා දිය හැකිය. අත් අඩංගුවට ගත් හමුදා සාමාජිකයන්ගේ අවසරයකින් තොරව දුරකථන දත්ත පද්ධතියට ඇතුල්වන පොල්හේන්ගොඩ  මිලටරි වධකාගාරයේ අලුගෝසුවන් එතැන් සිට කරනු ලබන්නේ සෙබළුන්ගේ රෝම කූපයෙන් රෝම කූපයට මානව හිමිකම් උල්ලංඝනය කිරීම ය.

මානව හිමිකම් කොමිසමෙන් හමුදා සාමාජිකයින්ට පණිවිඩයක්...

මෙසේ අනීතික අත්අඩංගුවට පත්වූ සෙබලුන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් හට හෙට දින සිට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා වෙත ගොස් තමාට සිදුවූ අසාධාරණය  පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කළ හැකි බවට මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් දැනුම් දුන්නේ ය.  ඒ අනුව ක්‍රියා කරමින් තමාට සිදු වූ අසාධාරණ අත්අඩංගුවට ගැනීම සබැඳිව නිර්භීතව මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් කරන ලෙස අප අගතියට පත් සොල්දාදු උන්නැහේලාගෙන් ඉල්ලා සිටිමු.

මේ විනයාරක්ෂාධිපති උම්මත්තකයෙක්..! වහා ඉවත් කරනු..!

මහ දවල් හිරිකිතකින් තොරව හමුදා සාමාජිකයන්ගේ මානව හිමිකම් රෝම කූපයන් රෝම කූපයට උල්ලංඝනය කරන  යුද හමුදාවේ මේ විනයාරක්ෂාධිපති මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා මානසික රෝගි තත්ත්වයකින් පෙළෙන්නෙකු විය හැකිය. මොහුගේ නොමේරූ ක්‍රියාකාරකම් තුළින් සමස්ථ යුධ හමුදාවේම විනය පද්ධතියට මෙන්ම සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යයට සිදුවන හානිය සලකා බලා මොහු දරන තනතුරුවලින් ඉවත් කර මානසික වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස වගකිවයුතු හමුදාපතිගෙන් ආරක්ෂක ලේකම්ගෙන් සහ සේනාධිනායකයා ගෙන් ඉල්ලා සිටින්නෙමු.

විනයාරක්ෂාධිපති මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසාගේ පෙර වැරදි...

1.  2004 වර්ෂයේදී යුද හමුදා විශේෂ විමර්ශන ඒකකයේ කටයුතු කරනු ලැබූ සමයේ ඔබේසේකරපුර සුප්‍රසිද්ධ ඔබේසේකර වලව්වේ ෆෙඩ්රික්  හාමුගේ  සමලිංගික සහකරු සරත් වීරසේකර යන අයගෙන් කප්පම් මුදල් ලබාගෙන එම මුදල් වලින් හෝමාගම ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිකිරීම සහ එම ලබාගත් මුදල් සාධාරණ බව පෙන්වීම සඳහා කිසිදු වරදක් නොකළ යුධ හමුදා මේජර්වරයෙකු වන නෙල්සන් නැමැත්තෙකු අනීතිකව දින තුනක් සිරගත කර තබා ගැනීම.

2. පසුගිය දිනක  යුද හමුදා පොලිස් හේවා රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් ඉදිරියේ නිලධාරී නිවස්නයේදී එම බළකායේම බ්‍රිගේඩියර් වරයෙකු වන සලේ  (මේජර් ජෙනරාල් සලේගේ සහෝදරයා) හට බීමතින් පහර දී විනයාරක්ෂාධිපති ධූරයට නොගැලපෙන අයුරින් හැසිරීම.

3. ඔහුගේ බිරිඳ ගුරු වෘත්තියේ නියැලෙන කිරුළපන මහාමාත්‍ය විදුහලේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියාවට, වැසිකිලි සුද්ද කිරීමට සහ වෙනත් පිරිසුදු කිරීමේ ක්‍රියා සඳහා පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරෙන් හමුදා පොලිස් සාමාජිකයන් යෙදවීම.

4. වාහන හයක් සහ මසකට මිලියන ගණනක තෙල් අවභාවිතා කිරීම.
යු.හ. 17046 මොන්ටෙරෝ ජීප් රථය සඳහා, මාසිකව ඉන්ධන ලීටර්  625 ක් ලබා ගනී.
යු.හ 51375 සුදු කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
යු.හ 50018 කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
යු.හ 51278 KDH වෑන් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.  
යු.හ 10281 ටොයෝටා කාර් රථය සඳහා ඉන්ධන ලීටර් 625 ක් ලබා ගනී.
යු.හ 16154 සුසුකි කාර් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.

5. ආරක්ෂක ලේකම්වරයාගේ භාර්යාව යටතේ රාජකාරි කළ මේජර් තාරක  ගණේෂ් ලේකම් නිවසේ පෞද්ගලික ප්‍රශ්නයක් මුල් කරගෙන දින දහයක් සිරකුටියක රඳවා ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම.

6. ඔහුගේ භාර්යාව වන මහාමාත්‍ය විද්‍යාලය ගුරුවරියක් ලෙස කටයුතු කරන  ප්‍රියන්තිකා ද සොයිසා නැමැත්තිය සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ යැයි කියා ශ්‍රී ලංකාවේ යුධ හමුදා පාබල රෙජිමේන්තුවේ මේජර් වරයෙක්  අසත්‍ය චෝදනා නගා අනීතිකව අත්අඩංගුවට ගැනීම.

7.  ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ රූමත් සෙබලියන් තම පෞද්ගලික කාර්ය සහායිකා ලෙස තබාගනිමින් වාචික සහ ශාරීරික ලිංගික හිංසනයන් සිදු කිරීම.

8. යුද හමුදාව තුළ  හමුදා නීතිය නවමින් නිවැරදි කරුවන් වැරදිකරුවන් කර වැරදිකරුවන් නිවැරදි ලෙස පෙන්වාදෙමින් හමුදා  සාමාජිකයන් දේශපාලන සහ පෞද්ගලික පළිගැනීම්වලට ලක් කර  සමස්ත රණවිරු ඡන්ද ලක්ෂ 40 ක ප්‍රමාණයක් ඉදිරි මැතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව භාවිතා  කිරීමේ කුමන්ත්‍රණයේ කොටස් කරුවෙකු වීම.

9. තමාගේ දූෂණ සහ එතුලින් හමුදාවට විය හැකි හානිය විද්‍යුත් මාධ්‍ය ධාරාවන්ට මාධ්‍ය සාකච්ඡා පවත්වා හෙළි කළ එක්සත්  රණවිරු සංවිධානයේ කැඳවුම්කරු අසේල ධර්මසිරි නමැත්තාගේ අතිශය පෞද්ගලික තොරතුරු යුධ හමුදා ලිපිගොනු තුළින් නීතිවිරෝධීව ලබාගෙන යුධ හමුදා මූලස්ථානයේ සේවය කරන මොහුගේ  සට්ටැඹියෙක් වන  මේජර් චරිත සූරියබණ්ඩාර නැමැත්තා හරහා සමාජ මාධ්‍යට මුදා හැරීම (මේ සබැඳිව අගතියට පත් පාර්ශවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ හමුදාපතිට පැමිණිලි කර ඇති අතර කොළඹ අලුත්කඩේ උසාවි අංක එකේ නඩුවක්ද ගොනු කර ඇත)

10.  ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ලෙස කටයුතු කරන සමයේ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට මානසික පීඩන එල්ල කරමින් පලිගැනීම් වල නිරතවීම සබැඳිව සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට හමුදාපතිවරයාට එවන ලද ලිපි තම කැඩෙට් නිලධාරී පාඨමාලා සගයා වන යුද ලේකම් මාර්ගයෙන් අස්ථානගත කිරීම.

ජනාධිපති තුමනි, ජනාධිපති උපදේශක සාගල රත්නායක සහ මානව හිමිකම් කොමසාරිස්තුමනි,  රාජ්‍යයක පන නල බඳු හමුදා සාමාජිකයන්ගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින්, දේශපාලනික සහ පෞද්ගලික පලිගැනීම වලට ලක්කරමින් යුද හමුදා විනයාරක්ෂාධිපති  තනතුරේ ගොම ගාන මේජර් ජනරාල් ක්ලිෆඩ්  සොයිසා වැන්නවුන් කන් කෙටියෙන් අල්ලා හමුදාවෙන් නෙරපා දැමීමට දෙපාරක් නොසිතා තීරණයක් නොගතහොත්  සමස්ථ දේශයටම ඉන් සිදුවන හානිය මෙතකැයි කියා පැවසිය නොහැකි තරම්ය.

-සොල්දාදු උන්නැහේ

සබැඳි පුවත

යුද හමුදාවේම විනයාරක්ෂකයා දූෂිතයෙක්..! ඔහුගේ පොල්හේන්ගොඩ මිලිටරි පොලිස් කඳවුර මිහිපිට වධකාගාරයක්..!

---------------------------
by     (2023-07-14 17:01:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links