~

ඩොලර් බිලියන ගණනක් රටට දෙන්න ආ සෞදි රාජ්‍ය නියෝජිතයන්ට බැන වැදුනු එකෙක් ඉවතට..! නමුත් මහමොළකාරයා තවම පුටුවේ...! ඇමැතිට ප්‍රශ්න හයක්..!

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ පොල් සංවර්ධන මණ්ඩල වාර්තාකරු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.21, ප.ව.8.45) රටේ ඉවතලන පොල් ලෙල්ල සෞදි අරාබියට අපනයනය කරමින් ඩොලර් බිලියන 128 ක ව්‍යාපෘතියකින් අඩුම තරමේ ඩොලර් බිලියන 10 ක වත් මුදලක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තිබූ මහඟු අවස්ථාව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති රොෂාන් පෙරේරා සහ ඔහුගේ අංක එකේ ගෝලයා වන 'කිෂ්' දෙදෙනාගේ ගොබ්බ තකතීරු ක්‍රියාකලාපය නිසා අහිමි වී යාමේ අනතුරක් ගැන ලංකා ඊ නිව්ස් පසුගිය ජුලි 17 දා "සෞදි අරාබියෙන් ආ රාජ්‍ය නියෝජිතයන්ට අපේ ගොබ්බ සභාපතියෙක් බැනලා..! රටට ලබා දීමට සූදානම් වූ ඩොලර් බිලියන ගණනක ව්‍යපෘතියක් දැන් අනතුරේ..! ජනාධිපතිගේ අවධානයට..! මැයෙන් හෙළිකළෙමු.

අනාවරණයෙන් පසුව පොල් සංවර්ධන මණ්ඩලයේ නිළධාරීන් හා අනෙකුත් පාර්ශව වලින් සිද්ධිය පිළිබඳවත් මේ දෙදෙනාගේ තවත් දූෂන පිළිබඳවත් හෙළිදරව් කරමින් දුරකථන ඇමතුම් හා විද්‍යුත් පණිවුඩ රාශියක්  අප වෙත ලැබිණ.

'කිෂ්' ඉවතට..

ඒ සමඟම අපට දැනගන්නට ලැබුණේ ඉහත කී "කිෂ්" නැමැති ගුප්ත පුද්ගලයා (ඔහුගේ නියම නම 'ක්‍රිෂාන්ත' වේ) වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජනක ධර්ම කීර්ති විසින් වහාම ක්‍රියාත්මක වී ඉවත් කර ඇති බවයි. 'කිෂ්' නමැත්තා පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජනක ධර්මකීර්ති වෙත පොල් සංවර්ධන මන්ඩලයේ සේවකයින් විසින් මීට පෙර වරින් වර පැමිණිලි කළ ද ලේකම්වරයා ඒ පැමිණිලි තඹයකට මායිම් කර නැත.

සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක්, දූෂිත ක්‍රියාවක්,

පොල් සංවර්ධන මණ්ඩලයේ ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය පරිපාලන සේවයෙන් පරිබාහිර පුද්ගලයෙකුට පොල් සංවර්ධන මණ්ඩලය මෙහෙයවීම ඉඳුරා තහනම් වන නමුත්  මෙම 'කිෂ්' නමැත්තාට පොල් සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීම් එහි  සභාපති රොෂාන් පෙරේරා විසින් භාරදීම කිසිවෙකුටත් අදහාගත නොහැකි සිදුවීමකි. සත්‍ය වශයෙන්ම එය සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවකි. දූෂිත ක්‍රියාවකි.

වැටුප් දීමනා නොගත්තේ ඩීල් වලින් කැපෙන ගාන ඇති නිසා ද?

මේ සභාපති රොෂාන් පෙරේරා සුපිරි ඩීල් කාරයෙක් යැයි සේවකයෝ චෝදනා කරති.  ඔහු අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ හිතවතෙකු බව පවසමින් කිෂ් ඔහුගේ පුද්ගලික සහායක තනතුරට පත්කරමින් තම කාර්යාලය තුලම මේසයක් හා පුටුවක් තබා ඔහුට රැකියාවක් ලබා දී ඇත. පුදුමය නම් 'කිෂ්' රජයේ සේවකයෙකු නොවූ අතර ඔහුට රජයෙන් හෝ පොල් සංවර්ධන මණ්ඩලෙන් හෝ කිසිදු වැටුපක් හෝ ගෙවීමක් සිදු කර නැත. නමුත් සභාපතිගේ සියළු වැඩකටයුතු ඔහු විසින් මෙහෙය වූ අතර කාර්යාලයේ අනෙකුත් නිළධාරීන්ට බැන වදිමින් පොල් සංවර්ධන මණ්ඩලයේ කටයුතු තමන්ට හිතු මනාපයට සිදු කරගෙන ගොස් ඇත. පොල් හා ඒ සම්බන්ධ ව්‍යාපාරිකයන්ගේ අපනයන බහාලුම් වල නියැදි පරීක්ෂාවන්ගේ ගැටළුකාරී තත්ව වලදී පොල් සංවර්ධන මණ්ඩලයේ නීති වලට පටහැනිව ව්‍යාජ ලිපි ලේඛන සකස් කොට කිෂ් සහ සභාපතිට හිතැති ව්‍යාපාර ගොඩ දමමින් ව්‍යාපාර වලින් සන්තෝසම් ලබා ගෙන  තමන්ගේ මඩිය තර කර ගනිමින් රාජ්‍ය නීති බල්ලාට දමා කටයුතු කර ඇත. (මේවා සම්බන්ධ සාක්කි අප සතුව තිබේ) රජයෙන් වැටුප් දීමනා නොගෙන ක්‍රියා කර ඇත්තේම පරිබාහිරව අත යටින් ලබා ගන්නා සන්තෝසම් නිසා විය හැකිය. එවිට බැලූ බැල්මට තමන් සුද්දවන්තයන් ලෙස සභාපතිට සහ කිෂ්ට පෙන්විය හැකිය.

අමාත්‍යංශයේ ලේකම්ට ලිඛිතව දැනුම් දුන්නද නෑසූ කන්ව සිටියේ ඇයි?

'කිෂ්' පිළිබඳව අමාත්‍යංශයේ ලේකම්ට ලිඛිතව දැනුම් දුන්නද ලේකම් ද නෑසු කන්ව සිටියේ ඔහුට ද මෙයින් ගත මනාවක් ලැබෙන නිසා විය හැකි ය. ඇමතිවරයාගේ ආශිර්වාදයෙන් යෙහෙන් වැජඹුන මොවුන් දෙදෙනා පිළිබඳව පොල් සංවර්ධන මණ්ඩලයේ සේවකයින් හා අධ්‍යක්ෂක මණ්ඩලය අමාත්‍යංශයේ ලේකම් වෙත පැමිණිළි කළ ද එම පැමිණිලි ආපසු ප්‍රතිප්‍රහාරක් ලෙස ඔවුන්ටම එල්ල වී තිබිණ. එහිදී මේ සභාපති නිළධාරීන්ට බැන වදිමින් සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව තමන්ට රිසි සේ පොල් සංවර්ධන මණ්ඩලයේ මුදල් වියදම් කර ඇත. පොල් හෝ පොල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ කිසිදු දැනුමක් නොමැති 'කිෂ්' සහ සභාපති පොල් සංවර්ධන මණ්ඩලය සතු රුපියල් බිලියනයක තැන්පතු වලට විවිධ මාර්ග ඔස්සේ විදීමට පටන් ගත්තා පමණි.

ඔහු පිළිබඳව අමාත්‍යංශ ලේකම් ජනක ධර්මකීර්තිව දැනුවත් කළ ලිපියක් මෙහි අමුණා ඇත. අපගේ ලිපියෙන් අනාවරණය කළ පරිදි සෞදි රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නින්දිත ලෙස සැලකීම සම්බන්ධයෙන් ද මොනයම් හෝ බොරුවක් ගොතා එයින් ද ගැලවීමට අති දක්ෂයෙකු වන රොෂාන් පෙරේරා දැන් 'කිෂ්' බිල්ලට දී ගැල වී සිටී.

ඇමැති රමේෂ්ට ප්‍රශ්න හයක්...

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ භූමිකාවද ප්‍රශ්න සහගත ය. පහත සඳහන් ප්‍රශ්න වලට ඇමැති රමේෂ් පිළිතුරු දිය යුතුය...

1. වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ හෝ පොල් සංවර්ධන මණ්ඩලයේ සියළු නීතිමය රාමු හොඳින් දැන සිටියද හිතූ හැටියට හොරකම්, වංචා හා දූෂිත ක්‍රියාකාරකම් වල නියැළීමට පොල් සංවර්ධන මණ්ඩලයේ මේ සභාපතිට හා කිෂ් ට ඉඩ දුන්නේ මන් ද..?

2. පොල් ලෙලි කර්මාන්තය ලෙල්ලටම වැටී ඇති කාලයක, රටට අවශ්‍ය විදේශ විනිමය ගලා එන ව්‍යාපෘති ආරක්ෂා කර ගත යුතු කාලයක, එම ව්‍යපෘති සුදුසු පුද්ගලෙකුට භාර නොදී මානසික ව්‍යාධියෙන් පෙළෙන අයට භාර දුන්නේ මන්ද ?.

3. වෛද්‍ය රමේෂ් පතිරණ දූෂිතයෙක් යැයි අපි එක එල්ලේ නොකියමු. නමුත් ඔහුගේ පුද්ගලික ලේකම් 'චින්තක' නමැත්තා අති දූෂිතයෙකි. ඔහුගේ ගජයෙකු වන රොෂාන් පෙරේරා සමඟ එක්ව ව්‍යාපාර කටයුතු කරයි. (ලංකාවේ බහුතර ඇමැතිලා කරන්නේ දූෂිත ලේකම්වරයෙකු පත් කර ඔහු හරහා තම දූෂන වසන් කර ගැනීම බව රටම දන්නා සත්‍යයකි) ඇමැති රමේෂ් පතිරණ මේ පිළිබඳව නොදන්නේ ද?

4. අඩුම තරමේ ලංකාවට ආ සෞදි අරාබි රාජ තාන්ත්‍රිකයින් තිදෙනාට සිදුකළ අපහාසය පිළිබඳ ඇමැතිවරයා අමාත්‍යංශ ලේකම් කැඳවා සිද්ධිය පිළිබඳ මේ දක්වා කිසිදු විමර්ශණයක් සිදු කර නොමැත. ඒ ඇයි..?

5. මෙවැනි සිදුවීම් සුළුපටු නොවන අතර විදේශ විනිමය ලංකාවට වැඩි වැඩියෙන් ගෙන එන්න යැයි ජනාධිපතිවරයා පැවසුව ද ලංකාවට ලැබෙන්න තිබූ ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතියක් රටට අහිමි වී යන ආකාරයට ක්‍රියා කළ සභාපති රොෂාන් පෙරේරා ගේ බලයට ඇමැතිවරයා ද යට වී තිබේ ද? දෙදෙනා එක්ව කුඩු කා තිබේ ද?

6. 'කිෂ්' නැමැත්තා පමණක් ඉවත් කිරීමෙන් මෙම ගැටළුව නොවිසඳෙන බව පැහැදිලි ය. විෂයභාර අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මේ පිළිබඳව සෞදි අරාබි තානාපති කාර්යාලයට නිල වශයෙන් තම කණගාටුව ප්‍රකාශ කර, රටට අහිමි වීමට නියමිත ව්‍යාපෘතිය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්ෂණිකව ක්‍රියා කළ යුතු ය.

(පොල් කර්මාන්තයට සම්බන්ධ වෘත්තීයවේදීන්ගේ සංගමය (PACI) විසින් 'කිෂ්' නමැත්තාගේ දූෂන සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්ට පිටපත් සහිතව සභාපතිට යවන ලද ලිපියක් මේ සමග දැක්වේ)

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ පොල් සංවර්ධන මණ්ඩල වාර්තාකරු විසිනි

සබැඳි පුවත
සෞදි අරාබියෙන් ආ රාජ්‍ය නියෝජිතයන්ට අපේ ගොබ්බ සභාපතියෙක් බැනලා..! රටට ලබා දීමට සූදානම් වූ ඩොලර් බිලියන ගණනක ව්‍යපෘතියක් දැන් අනතුරේ..! ජනාධිපතිගේ අවධානයට..!

---------------------------
by     (2023-07-21 15:40:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links