~

ලංකාවට ඩොලර් බිලියන ගණනක් අහිමි කළ, ලංකාවට සෞදියෙන් සමාව ගන්නට වැඩ සිද්ධකළ 'පොල් බූරුවා' තවමත් නිදැල්ලේ..! රනිල් බුදිද?

-විශේෂ වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.02, ප.ව.11.50) "සෞදි අරාබියෙන් ආ රාජ්‍ය නියෝජිතයන්ට අපේ ගොබ්බ සභාපතියෙක් බැනලා..! රටට ලබා දීමට සූදානම් වූ ඩොලර් බිලියන ගණනක ව්‍යපෘතියක් දැන් අනතුරේ..! මැයෙන් ලංකා ඊ නිව්ස් පසුගිය ජූලි 17 දා හෙළිකළ පුවත සත්‍යයක් කරමින් පසුගිය ජුලි 27 දා පැවැති මාධ්‍ය හමුවක දී විදේශ රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය කියා සිටියේ එසේ සෞදි ආරබියෙන් පැමිනි රාජ්‍ය දූත පිරිසකට පොල් සංවර්ධන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු අකටයුත්තක් කර ඇති බවත් ඒ ගැන සෞදි රාජ්‍යයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ලංකාවේ විදේශ අමාත්‍යාංශය සෞදි රාජ්‍යයෙන් සමාව ඉල්ලා සිටි බවයි.

එහිදී ඔහුගෙන් මාධ්‍යවේදියෙක් ඒ නිලධාරියා පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වරයා යැයි වාර්තා වී ඇතැයි පැවැසූ විට තාරක බාලසූරිය කියා සිටියේ ඒ සභාපතිවරයා නොවන බවත් ඒ ගැන පරීක්ෂණයක් කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය අයත් කෘෂිකර්ම අමාත්‍යාංශය බාර ඇමැති රමේෂ් පතිරණට දන්වා ඇති බවයි.

මෙය හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන්ම පේන ඇසීමක් බඳුය.

ලංකා ඊ නිව්ස් නිවැරදිව වාර්තා කළ පරිදි රටම අපකීර්තියට පත්කරමින් රටට වෙනත් රටකින් සමාව ඉල්ලා සිටීමට සිදුවූ සහ රටට ලැබීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 128 ක ව්‍යාපෘතියකින් ලොකු කුට්ටියක් අඩුම තරමේ ඩොලර් බිලියන 10 වත් විදේශ විනිමයක්වත් ලැබීම කඩා කප්පල් කළ පාහරයා අන් කිසිවෙක් නොව පොල් සංවර්ධන මණ්ඩලයේ ගොබ්බ සභාපතියා වූ තමා විසින්ම හොර මහාචාර්ය පට්ටමක් අලවා ගත් (ඔහු හොර මහාචාරියෙකු යයි අපි වගකීමෙන් කියන්නෙමු) රොෂාන් පෙරේරා නමැත්තා ය. ඔහුගේ පාසල් මිතුරෙකු වූ 'කිෂ්' නමැති හීපාටුවා පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතියාගේ සහායකයෙකු ලෙස තබාගෙන සිටියේ කිසිදු නිල මට්ටමකින් තොරවය. දැන් මේ සා විශාල බරපතල සිද්ධියක වගකීම එකී කිෂ් නමැත්තා පිටින් යවා රොෂාන් පෙරේරා නමැති සභාපතිකාරයා අත සෝදාගෙන සිටී.

තාරක බස්නායකට පිස්සුද? හැටිද?

තාරක බාලසුරියගේ මාධ්‍ය හමුවේදී  ඔහු 'අම්මට සිරි' කතාවක් කියයි. එනම් විදේශ දූත පිරිසක් ලංකාවේ නිල සංචාරයක් කිරීමේ දී විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙකු නොමැතිව වෙනත් රේඛීය අමත්‍යාංශයක නිලධාරීන් යෙදවීම සාමාන්‍යයක් බවයි. තාරකයා වෙනත් රටකට නිල දූත පිරිසක සාමාජිකයෙකු ලෙස ගියහොත් අනෙක් රටවල් සලකන්නේ එසේද කියා ඔහු රටට කිව යුතුය. විදේශ දූත පිරිසක් රටකට පැමිණීමෙන් පසු ඔවුන් පිළිගන්නා තැන් සිට රටින් පිටව යනතුරු දක්වාම සියළු වගකීම් පවතින්නේ එරටේ විදේශ අමාත්‍යාංශය සතුව ය. දැන් ලංකාවට සෞදි රජයෙන් සමාව ඉල්ලා සිටීමට සිදුව ඇත්තේ එසේ නොකිරීමේ ආදීනවය නිසා ය. තාරකයා කියන කතාව සත්‍යයක් නම් වරද සිදුකළ පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතියා පත් කළ  කෘෂිකර්ම අමාත්‍යාංශය නොමැතිව විදේශ අමාත්‍යාංශය සෞදි රජයෙන් සමාව ඉල්ලුවේ ඇයි?

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පිරිදි හිරිහැරයට ලක් වූ සෞදි දූත පිරිස තමන්ට හිරිහැර කළේ කව්ද කියා ඍජුවම නම් වශයෙන් සෞදි රාජ්‍යයට දන්වා ඇත. එහි මුලටම සඳහන් කර ඇත්තේ පොල් සංවර්ධන මණ්ඩලයේ පොල් බූරු සභාපතියා හොර මහාචාර්ය රොෂාන් පෙරේරා ගේ නම ය.

තවමත් මේ පොල් බූරුවා පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධූරයේ තබා ගනිමින් කරන්නේ තව දුරටත් සෞදි රාජ්‍යය තරහා කර ගැනීමය. අඩුම ගණනේ නොලැබී යාමට නියමිත වුවද ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතිය යලි සලකා බලා දිනා ගැනීමට හැකි වන්නේ ඔවුන්ට හිරිහැර කළ බූරුවා පන්නා දැමීමෙන් පමණි. ඩොලර් බිලියන 128 ක ව්‍යාපෘතියක් යනු සුළු පටු ගණනක් ද?

තාරකයා දැන් වගකීම කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ ගේ කරේ දමා අත පිසදමා ගැනීමට තටමයි. එය කිසිදා සිදුවන්නේ නැත. මන්ද යත් රමේෂ් පතිරණ සහ පෙර කී ගොබ්බ සභාපතියා අත යට ඩීල් දමන්නේ එකට නිසා ය.

හොර මහාචාරියා පන්නා නොදමා කිසිදා සෞදියෙන් මේ ව්‍යාපෘතිය ලංකාවට නොලැබේ...

රටට පැමිණි නිල විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසකට කෙනෙහිලිකම් කිරීමේ වගකීම ඍජුවම පැටවෙන්නේ විදේශ අමාත්‍යාංශයට මිස වෙනත් රේඛීය අමාත්‍යාංශයක් වූ කෘෂිකර්ම අමාත්‍යාංශයට හෝ එහි ඇමැතියාට නොවේ. ඒ නිසා දැන්වත් සෞදි රාජ්‍යයේ හොඳ හිත දිනාගෙන රටට ලබා ගැනීමට හැකි ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතිය යලි දිනා ගැනීමට නම් තක්කඩිකම කළ පොල් සංවර්ධනයේ පොල්බූරු සභාපතියා හොර මහාචාරියා රොෂාන් පෙරේරා තනතුරින් පන්නා දැමිය යුතුමය.

ඒ මන්ද යත් මෙකී ව්‍යාපෘතිය ලංකාවට ලැබෙන්නේ නම් ඉදිරියට ද සෞදි රාජ්‍යයට ගණුදෙනු කිරීමට සිදුවන එක් ප්‍රධාන ආයතනයක් වන්නේ පොල් සංවර්ධන මණ්ඩලය ය. එවිට ඔවුන්ට වරෙක කෙනෙහිලිකම් කළ එකා එහි මුල් පුටුවේ ඉන්නා තුරු ඔවුන් ඒ ව්‍යාපෘතිය ලංකාවට ලබා දීම ගැන සිතන්නේ වත් නැත. මේ සරල සත්‍යය ලංකාවේ විදේශ අමාත්‍යාංශයට හෝ අඩුම ගණනේ ජනාධිපති රනිල්ටවත් නොතේරෙන්නේ නම් සෞදි රාජ්‍යයෙන් ලැබෙන්න යන ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතිය ගැන බලාපොරොත්තු අතහැර ගත යුතුය.

මෙවැනි ගොං හරක් රැලක්..

රටට ඩොලරුත් නැත. ඩොලර් බිලියන ගණනක් ලැබෙන්නට යන විට කොහේ හරි යන කාලකන්නි හොර තක්කඩියෙක් රැක ගන්නට ගොස් එයද නැති කරගන්නේය. මෙවැනි ගොං හරක් රැලක් පාලනය කරන රටක් බංකොලොත් නොවී තිබුනොත් පමණක් පුදුම විය යුතුය.

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි

සබැඳි පුවත්
* ඩොලර් බිලියන ගණනක් රටට දෙන්න ආ සෞදි රාජ්‍ය නියෝජිතයන්ට බැන වැදුනු එකෙක් ඉවතට..! නමුත් මහමොළකාරයා තවම පුටුවේ...! ඇමැතිට ප්‍රශ්න හයක්..!
* සෞදි අරාබියෙන් ආ රාජ්‍ය නියෝජිතයන්ට අපේ ගොබ්බ සභාපතියෙක් බැනලා..! රටට ලබා දීමට සූදානම් වූ ඩොලර් බිලියන ගණනක ව්‍යපෘතියක් දැන් අනතුරේ..! ජනාධිපතිගේ අවධානයට..!

---------------------------
by     (2023-08-02 23:23:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links