~

අප කීවා හරි..! රාජ්‍ය සේවා කොමිසමත් කොමිටල් සමයමක් වෙයි.! අජූත සභාපතියෝ මේවාට පිළිතුරු දෙනු..!

-ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන් පිරිසක් ලියති

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.16, පෙ.ව‍.00.45) "රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් ඉවරයි ! රාජපක්ෂ ගැත්තියක් පත්කිරිමට සියල්ල සුදානම්" මැයෙන් ලංකා ඊ නිව්ස් 2023.07.12 දින වාර්තා කරන ලද පත්කිරීම ඒ ආකාරයෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ රාජපක්ෂ - රනිල් ගැති සභාපති සනත් එදීරිවීර විසින් පසුගියදා සිදුකෙළේ ය.

සභාපති සනත් එදීරිවීර යනු කවරෙක්ද...?

මේ සනත් එදීරිවීර  යනු කවරෙක්ද...? රාජකීය විද්‍යාලයට ගිය පමනින් රාජකීයයකු නොවන බව මේ සභාපතිවරයා පෙන්වා දී හමාරය.

පාර්ලිමේන්තු මහ ලේකම් විසින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත්‍ර කැදවීය. මේ අයදුම්පත්‍ර එවු අයදුම්පත්‍ර ලාභීන්ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුස්සන් ඒ ඒ කොමිෂන් සභාවන්ට පත් කරන ලදී. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පත්කළ මෙම සභාපතිවරයා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අයදුම්පතක් යොමු නොකළ තැනැත්තෙකැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. රනිල් රාජපක්ෂ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඝෘජුවම මොහුගේ අයදුම්පත  නිර්දේශයක් සමගම එවා තිබුනේ සනත් එදිරිවීර ට වයස අවු 71 ක් නිසාය. කොමිෂන් සභා සදහා උපරිම වයස යොදා තිබුනේ අවු 65 ලෙසටය. රනිල් රාජපක්ෂ ගේ අතිජාත මිත්‍රයා වන නිසා රාජ්‍ය සේවා කොමිසමේ සභාපති කමට ඔහු පත් කර ගත්තේ ය.

සනත් එදීරිවීර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  පළමු පන්තියේ නිලධාරීයෙක් ලෙස සේවය කොට රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී පෞද්ගලික අංශයේ රැකියාවක් කර ඇත. එම රැකියාවෙන් මොහු  අවුරුදු 65 සම්පුර්න වීමෙන් පසුව ගෙදරට වී සිටින අතරතුරේදී අරගලකරුවන්ගේ ජයග්‍රහණයේ පිහිටෙන් රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු මොහුට මෙම තනතුර ලබා දී ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් ගාමිනි සෙනරත් නිසාය.

හිස් මිනිසෙකුගේ තප්පුලෑම..

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත්වූවන් අතර සභාපති වරයාට වඩා ඉහළ සුදුසුකම් ඇති සාමාජිකයින් 4 දෙනෙක් සිටිති. ඔවුන් 4 දෙනාම අමාත්‍යාංශ ලේකම්වරුය. මෙම සභාපතිවරයා රාජ්‍ය සේවයේ දරා ඇති ඉහලම තනතුර ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ධූරයයි. ඒ නිසා රාජ්‍ය සේවය ගැන ඇති දැනුමේ බොල්හඬ පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදී පරිපාලන නිලධාරීන්ට මනාව වැටහුන අතර එම සාකච්ඡාව පුරාම ඔහුට තිබු පරමාර්ථය වූයේ රජයට සල්ලි ඉතිරිකර දීම පමණි. එම සාකච්ඡාව පුරාම ඔහු තප්පුලෑවේ ආයතන ප්‍රධානීයකුගේ වැරැද්දකින්  විභාගයක් පැවැත්වීම කල් යෑම තුල නිලධාරීන්ට ලැබෙන වරප්‍රසාද කපා දැමිය යුතු බවය.

රාජපක්ෂ ගැත්තිය ලේකම් ලෙස පත් කළ හැටි..                      

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් තනතුර සඳහා වෙනත් අමාත්‍යාංශවලට නියම කර ඇති සම්මුඛ පරික්ෂණ මණ්ඩල, ලකුනු පටිපාටි ප්‍රසිද්ධ කර නැත. අනෙක් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සඳහා සුදුස්සන් පත්කිරිම සඳහා නියම කර ඇති කිසිම ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් තෝරාගැනීම සඳහා මෙම රාජපක්ෂ ගැති සභාපතිවරයා යොදා ගත්තේම නැත. මෙම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් තනතුර සඳහා අයදුම්කරුවන් 13 දෙනෙක් අයදුම්පත් එවා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්හ. ජුලි 12 දින ලංකා ඊ නිව්ස් කී පරිදිම මෙම 13 දෙනාගෙන් අඩුම ජ්‍යෙෂ්ඨතාවය ඇති රාජපක්ෂ ගැත්තිය පත් කරන ලදී. ඇයව තෝරාගැනීමෙන් පසු රාජකාරි භාරගැනීමට දුරකතනයෙන් මෙම සභාපතිවරයා ඇයට පෞද්ගලිකවම ආරාධනා කොට ඇත. කොමිෂන් සභාවට මැය පත්කළ බවත් ඒ සඳහා අනුමැතිය ගන්නේත් ඇයට රාජකාරි භාරගැනීමට ආරාධනා කිරීමෙන් අනතුරුව බව සභාවේ සෑම සේවක සේවිකාවක්ම දන්නා ප්‍රසිද්ධ රහසකි.

හොඳම හරිය..

වෙනත් ආයතනයකට / නිලධාරියෙකුට පිලිතුරක් ලබාදීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව මාස දෙකක් තුනක් කල් ගන්නා අතරතුර මෙම ලේකම්වරිය පත්කිරීම සඳහා වූ ලිපිය සභාවේ අනුමැතිය ගත් විගසම සභාපතිට අයත් නිල රථයෙන්ම ගාමිනි සෙනරත්ගේ නිවසට යවා ඇති පත්කිරිම් ලිපිය, දැනට පත්වු ලේකම්වරියගේ ස්වාමියා වන කළුතර දිස්ත්‍රික් ලේකම් විසින් කළුතර සිට එවන ලද රථයෙන්, ඇයගේ නිවසටම ලියුම යවන විට වෙලාව පස්වරු 7 පසු වී ඇත. ඔන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වැඩ. හොඳම හරිය ඇත්තේ මැය තෝරා ගත්තේ කෙසේද යන්න 2000 කට ආසන්න ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ප්‍රශ්න කිරීම මතය. සම්මුඛ පරීක්ෂණයට සහභාගි වූ 13 දෙනාගේ ජ්‍යෙෂ්ඨත්වය ට වඩා අඩු මැය පත්වූ අන්දම හෙලිදරව් කරන මෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිට අභියෝග කරන්නේ පහත කරුණු නිසාය.

ලේකම් කළ මංගලා දයාරත්න ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩුම වන්නේ මෙහෙමයි..

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ධූරය සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයට පැමිණි නිලධාරින් හා ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨතා තොරතුරු මෙසේය. මෙම සම්මුඛ පරීක්ෂනය සඳහා සහභාගි වු තනුජා මුරුගේෂන් මිය වැඩබැලු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරියයි. ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨත්ව ලේඛනයේ 13 වැනියා ය. ඇය 1991 වර්ෂයේ  ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුලත්වන්නීය. අනුරාධ විජේකෝන් ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ 27 වෙනියා. ඔහු 1992 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවය ට අවතීර්ණ වී විශේෂ ශ්‍රේණියට පැමිණෙන්නේ 2012.01.01 ය. සුනන්ද කාරියප්පෙරුම මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයට එන්නේ 1992 වසරේ වන අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතා  ලේඛනයේ 20 වෙනියා ඔහුය . ඔහු විශේෂ ශ්‍රේණියට පත්වන්නේ 2011 වර්ෂයේදී ය. බී රණවීර මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1995 කණ්ඩායමේ  නිලධාරීයෙකු වන අතර ඔහු ජ්‍යෙෂ්ඨතාවය අතරින් 49 වැනියා ය. ඔහු 2013.07.01 දින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට පත්වී ඇත. ප්‍රදීපා සේරසිංහ මහත්මිය, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1995 කණ්ඩායමේ වන අතර  ඇය ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ 50 වැනියා ය. ඇයද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට පත්වන්නේ 2013.07.01 දිනය.  SMAL ගුණතිලක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1995 කණ්ඩායමේ සාමාජිකයකු වන අතර ඔහු ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිටින්නේ 52 ලෙසට ය.  ඔහු ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට පත්වන්නේ 2013.07.01 දිනය. YL මොහොමඩ් නවවි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට පත්වන්නේ 2015.01.07 වන අතර ඔහුද 95 කණ්ඩායමේ සාමාජිකයකු වෙන අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ 61 වෙනියාය. I සභාලිංගම් මහත්මිය 1995 කණ්ඩායමේ වන අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට පත්වන්නේ 2015.01.07 දිනය. ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ 68 වෙනියාය. G. වීරවික්‍රම මහතා 1995 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 95 කණ්ඩායමේ වන අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට පත්වන්නේ 2016.01.01 දිනය. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ 79 වැනියාය. LA කළුකපුආරචිචි මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය කමිටුවේ ලේකම් වන අතර ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1998 කණ්ඩායමේ ය. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට පත්වන්නේ 2016.07.01 දිනය. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ 106 වැනියා ය. මංගලා දයාරත්න මහත්මිය, අපේ කතානායිකාව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ 168 වැනියා ය. ඇයද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1998 කණ්ඩායමේ සාමාජිකයකු වේ. ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්  රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස  පත්කරන ලද රාජපක්ෂ ගැත්තා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ලෙස පත්කරන්නේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් වු කනිෂ්ඨතම නිලධාරිනියයි. ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයට පැමිණෙන්නේ 2000 වසරේදීය. ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට පත්වන්නේ 2018.07.01 දිනය. ඇය ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ 179 වැනියාය.

කොහොමද ස්වාධීන කොමිෂන් සභාවේ වැඩ...?

ලංකා ඊ නිව්ස් කිව් දෙයක් වැරදී නැත. දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සිටිමින් මෙම තනතුරට අයැදුම් කළ නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වී බස්නාහිර පලාත් සභාවට ගොස් ඇති අතර අනෙක් නිලධාරිනිය ද කොමිෂන් සභාවෙන් ඉවත් විමට කටයුතු කරමින් සිටී. ජ්‍යෙෂ්ඨත්වය , ඉහල අධ්‍යාපන සුදුසුකම් , පලපුරුද්ද, වැනි කරැනු තඹ දොයිතුවකට ගණන් නොගත්  පරිනත නොවු මෙම  සභාපතිවරයා  කාසි මල්ලට පස්ස  දී ඇත. පහේ පංතියේ ළමයෙකුට වුවද තේරෙන දේ මේ ගොන් සභාපතිට තේරුම්නොයෑම රාජ්‍ය සේවයට අබසරනකි. මෙවැනි සභාපතිවරුන් ඉන්නා රටක නැවත අරගල ඇතිනොවේ යැයි කිව හැක්කේ කාටද....?  මෙම සම්මුඛ පරීක්ෂනයට සහභාගිවූවන් පරිපාලන අභියාචනාධිකරනයට (AAT) අභියාචනයක් ඉදිරිපත් නොකරන්නේ පත්වීම් බලධාරියා සමඟ ඇර ගන්නවාට වඩා වෙනත් වැඩක් බලාගන්නා එක ඇඟට ගුණ නිසාය.

සම්මුඛ පරීක්ෂනයට ඉදිරිපත්වු සෑම අපේක්ෂකයකුටම, අනිවාර්ය පශ්චාත් උපාධියක් තිබෙන අතර සභාපති වරයා තම අත්තනෝමතික තීරණය මත තෝරාගත් මංගලා දයාරත්න ට වඩා අනෙකුත් සියලුම අපේක්ෂකයින් ජ්‍යෙෂ්ඨත්වයෙන්, පලපුරුද්දෙන් ඉහලය. සමහර අපේක්ෂකයින් ට ආචාර්ය උපාධිය පවා ඇත. සම්මුඛ පරීක්ෂනයේ  අන්තිම අපේක්ෂකයා තෝර ගැනීමට මෙම සභාපතිවරයා සොයන ලද සුදුසුකම් මොනවාද යන්න ගැටලුවකි. වෙන කිසිම දෙයක් නොව මොහු මහින්ද රාජපක්ෂ පුමූඛ චෞර වළල්ල මගින් පාලනය කරන්නෙකි.

මෙම අවකල් ක්‍රියාව ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්ම සොයාබැලිය යුතුයි..

සල්ලිවලට විකිණෙන ලේකම් තනතුරු ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ  පමණක් බව මෙම කරුනු වලින් ඔප්පු වන අතර, මේ සබැඳිව කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර සිය මුහුණු පොතේ තැබූ සටහනක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙ සභාපතිට පිලිතුරු දීම සඳහා ඉදිරිපත් කරන්නෙමු. එසේම මෙම සටහන ජනාධිපති ලේකම්ට හා අග්‍රාමාත්‍ය ලේකම්ට ද බලා ගැනීමට හැකිවන පරිදි ඉදිරිපත් කරන්නෙමු. වැටත් නියරත් ගොයම් කා ඇත්නම් කාට කියමුද ? රාජ්‍ය සේවය සකස් කරන්නට නිවැරදි මාර්ගයේ ගෙනයෑමට ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා කර ඇති මෙම අවකල් ක්‍රියාව ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්ම සොයාබැලිය යුතු බව අවධාරණය කරමු.                        

සුනිල් කන්නන්ගරගේ මුහුණු පොතේ පළවූ පහත ප්‍රශ්නාවලියට සභාපති වරයා පිළිතුරු ලබා දියයුතුමය. මෙන්න ඒ ප්‍රශ්න:

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාවේ තනතුරු සඳහා පත්වීම් දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබ තිබේ. මේ පත්වීම් ලබා දෙන ක්‍රියා පටිපාටි ඇතුලත් රීතිමාලාව හඳුන්වන්නේ කාර්ය පටිපාටික රීති යනුවෙනි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව මුලින්ම මේ රීති පැනෙව්වේ 2009 වර්ෂයේ ය. ඉන් අනතුරුව මෑත භාගයේ නව කාර්ය පටිපාටික රීතිමාලාවක්ද සකස් කර ප්‍රකාශයට පත්කර තිබේ.

කාර්ය පටිපාටික රීති..

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත ඉහත සඳහන් රීති ප්‍රකාරව රාජ්‍ය සේවාවේ සෑම තනතුරක් සඳහාම බඳවා ගැනීමේ පටිපාටියක් තිබිය යුතුය. එමෙන්ම සෑම සේවාවක් සඳහාම  සේවා ව්‍යවස්තාවක් තිබිය යුතුවේ. මේ කාර්ය පටිපාටික රීති අනුගමනය කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විෂයපථය යටතට ගැනෙන සියලු රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් වලදී අදාලවන අතර ඒ රීතිමාලාව අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය වන්නේද වෙයි.

පොදු ක්‍රියා පටිපාටි මෙසේය..

රාජ්‍ය සේවා කොමිසමේ බලාධිකාරය යටතේ ඇති රාජ්‍ය සේවයේ සෑම තනතුරකටම පත්වීම් ලබාදීමේදී අනුගමනය කළයුතු පොදු ක්‍රියා මාර්ග කාර්ය පටිපාටික රීති වලින් පැහැදිලිව නියම කර තිබේ.ඒ පොදු ක්‍රියා පටිපාටි මෙසේය. සෑම පත්වීමක් සඳහා තෝරා ගැනීමට සේවා ව්‍යස්තාව හෝ බඳවා ගැනීම් පටිපාටියට අනුව පත්වීම් බලධරයා විසින් සම්මුඛ පරීක්ෂන මංඩලයක් පත්කළ යුතුය. සම්මුඛ පරීක්ෂන මංඩලය අවම වශයෙන් සාමාජිකයින් තිදෙනෙකුගෙන්වත් සමන්විත විය යුතුය. සම්මුඛ පරීක්ෂන මංඩලයේ එක්  සාමාජිකයෙකුවත් පුරප්පාඩු පවතින ආයතනයේ නොවන රාජ්‍ය නිලධාරියෙකු විය යුතු අතර එක් කාන්තා සාමාජිකයෙකුවත්  ඇතුලත් විය  යුතුය. සම්මුඛ පරීක්ෂනයේදී ලකුණු ලබාදෙන්නේ නම්, ලකුණු ලබාදෙන ක්‍රමවේදය පිලිබඳව අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ ප්‍රසිද්ධ කළ යුතුය. ලිඛිත විභාගයක් නොමැතිව සම්මුඛ පරීක්ෂනයක් මගින් පමණක් බඳවා ගැනීම සිදු කරන්නේ නම් සම්මුඛ පරීක්ෂනය ව්‍යුහගත එකක් විය යුතු අතර ලකුණු දීමේ ක්‍රමවේදය අයදුම්පත් කැඳවීමේ දැන්වීමේ ප්‍රසිද්ධ කළයුතුය. සම්මුඛ පරීක්ෂන මංඩලය පරීක්ෂනය අවසානයේදී අයදුම් කරුවන් ලබාගත් ලකුණු අනුව ලේඛනයක් පිලියෙල කර සෑම පිටුවකම මංඩල සාමාජිකයින් අත්සන් කළ යුතුය. තවත් බොහෝ දේ ඇතත් මම අද ලියන්න අදහස් කරන දේට මේ ටික ප්‍රමාණවත්ය.

ලේකම් ධූරයට අයදුම්පත් කැඳවීමේ තිබූ විසුළු සහගත බව..

මේ පටිපාටි සේරම මතක්වුනේ රාජ්‍ය සේවා කොමිසම විසින්ම කර ඇති පත්වීමක් පිලිබඳව දැනගත් පසුවය. රාජ්‍ය සේවා කොමිසම කර ඇති පත්වීම එහි ලේකම් ධුරයට කෙනෙක් පත්කිරීමය. ඔය ලේකම්ධුරයට කෙනෙක් පත්කිරීමේ අයදුම්පත් කැඳවීමක් මීට පෙර කරතිබූ වෙලාවක ඒ අයදුම්පත් කැඳවීමේ තිබූ විසුළු සහගත බව හා එහිදී සුදුසුකම් නියම කර තිබූ අන්දම ගැනද විවේචනාත්මක ලිපියක් මා විසින්ම එදා ලියාපල කරන ලදී. ඊට පසු ඒ කොමිෂන් සභාව කම්වූ පරිද්දෙන් පරිච්චින්න වී නව ස්වාධීන සාමාජිකයින් පිරිසක් පත්වීම් ලබන තුරුම ලේකම් ධුරයට කෙනෙක් බඳවා ගැනීම නැවතුනි. දැන් හදිසියේම ලේකම් කෙනෙක් වැඩ භාරගෙන ඇත.ඒ අතර රාජ්‍ය සේවා කොම්ෂමේ මෙතෙක් සේවය කළ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කොමිෂන් සේවයෙන් ඉවත්වීමත් ආරම්භ වී ඇති බවත් දැන ගන්නට ඇත. මේ පසුබිමේ රාජ්‍යසේවා කොමිෂමෙන් විමසා දැන ගැනීමට කරුණු කීපයක් සාමාන්‍ය මහජනතාව නියෝජනය කරන්නෙක් හැටියට මට තිබේ. රාජ්‍ය සේවා කොමිසමේ ස්වාධීන  සභාපති ඇතුලු සාමාජිකත්වයෙන් විමසන මේ ප්‍රශ්න මාලාව සමාජගත කරන අතර පිලිතුරක් දෙන්නේ නම් එයද සමාජ මාධ්‍ය ගත කිරීම මගින් කොමිසමටත් සාධාරණය ඉටුවනු ඇත.

ප්‍රශ්න ටික මෙසේය.

1.) රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ධුරය නම්වූ රාජ්‍යසේවා තනතුර සඳහා බඳවා ගැනීමේ පටිපාටියක් සකස් කර ප්‍රසිද්ධ කර තිබේද?

2.) එසේ බඳවා ගැනීමේ පටිපාටියක් සකස් කර නැතිනම් කොමිසම විසින්ම අනුමත කර ප්‍රසිද්ධ කර ඇති කාර්ය පටිපාටික රීතිමාලාව කොමිසම විසින්ම  උල්ලංඝණය කර ඇති බව පිලිගන්නවාද?

3.) රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ධුරයට පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීමක් සිදුකළේද? එසේනම් එය ප්‍රසිද්ධකළේ කවර ආකාරයකින්ද?

4.) එම අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ බඳවා ගැනීම සඳහා සුදුසු අයදුම් කරුවෙකු තෝරාගන්නා අන්දම  එනම් ලිඛිත විභාගයකින්ද සම්මුඛ පරීක්ෂනයක් මගින්ද නැතිනම් සම්මුඛ පරීක්ෂනයක් හා වෘත්තීය පරීක්ෂනයකින්ද යන වග  ප්‍රසිද්ධ කරනු ලැබුවේද?

5.) සුදුස්සෙකු තෝරා ගැනීම සම්මුඛ පරීක්ෂනයක් පැවැත්වීම  මගින් පමණක් සිදුකරන්නේ නම් අනුමත ලකුණු දීමේ ක්‍රමය අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ ඇතුලත් කරනු ලැබුවේද?

6.) සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා පැවැත්වූ සම්මුඛ පරීක්ෂන මණ්ඩලය සඳහා පත්කළ සාමාජිකයින් ගෙන් පිටස්තර ආයතනයක් නියෝජනය කිරීම සඳහා පත්කළ සාමාජිකයා කවුරුන්ද? (ඔහු හෝ ඇය වෙනත් ස්වාධීන කොමිසමක සාමාජිකයෙක් වන්නට ඇතැයිද සිතමි)

7.) මේ සම්මුඛ පරීක්ෂන මණ්ඩලය අයදුම්කරුවන් සඳහා ලකුණු දීමක් සිදුකළේ ද? ඒ ලකුණු දීමේ ක්‍රමය ප්‍රසිද්ධ කර තිබුනා ද? ඒ ලකුණු සටහන්කළේ පෑනකින්ද? (පෑනකින්ම විය යුතු බව රීතිවල සඳහන්ය)

8.) එක් එක් අයදුම්කරුවා ලබාගත් ලකුණු අනුපිළිවෙලට ලේඛනයක් පිලියෙල කර සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සෑම පිටුවකම අත්සන්කර කොමිසමට ලබාදුන්නේද?

9.) මේ ලකුණු ලේඛනය කොමිෂන් සභාවේ පූර්ණ රැස්වීමකට ඉදිරිපත්කර ලේකම් ධුරයට සුදුසු අයදුම්කරුවා කවරෙක්ද යන්න පිලිබඳව සාමාජිකයින් අතර අදහස් විමසීමක් සිදුවුනේද?

10.) දැනට තෝරාගෙන පත්කර ඇති නිලධාරිනියට වැඩියෙන් ජ්‍යෙෂ්ඨ හා පලපුරුදු නිලධාරීන් නිලධාරිනියන් කීපදෙනෙක්ම සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වූ බව ඇත්තද? ඒඅය අතර කොමිසමේ සේවය කරන නිලධාරීනුත් සිටියේද.? එසේනම් ඒ අය මේ තනතුරට අදාලව සම්මුඛ පරීක්ෂණයේදී ලබාගත් ලකුණු වලට  වැඩියෙන් ලකුණු කොමිසම තෝරාගත් නිලධාරිනියට ලැබී තිබුනාද? එසේනම් ඒ නිලධාරිනියට එපරිද්දෙන් ලකුණු ලැබීමට පදනම්වූ ලකුණු ක්‍රමය ප්‍රසිද්ධ කළ හැකිද?

11.) කොමිෂන් සභාවේ ලේකම්ධුරය සඳහා මේ පත්කර ඇති නිලධාරිනිය  පත්කරන ලෙසට කොමිසමේ සභාපති වරයාට කිසියම් බලවන්ත නිලධාරියෙකුගේ බලපෑමක් සිදුකෙරෙමින් පවතින බවට දැනට සති කීපයකට පෙර ප්‍රසිද්ධ වෙබ් අඩවියක (ලංකා ඊ නිව්ස්) ලිපියක් පලවී තිබුනු බව දන්නේද?

12.) එම වෙබ් ලිපිය අනුව සභාපතිවරයාට විදේශ තානාපති ධුරයක් ලබාදෙන බවට පොරොන්දු වී මේ නිලධාරිනියව කොමිසමේ ලේකම් ධුරයට පත්කරන ලෙසට බලපෑමක් සිදුවෙමින් පවතිනවා යැයි ප්‍රසිද්ධ කර තිබූ බව දන්නේද?

13.) ඒ අන්දමින් ස්වාධීන කොමිසමක ට එල්ල වන බලපෑමක් ගැන ප්‍රසිද්ධ වෙබ් අඩවියක පලවී තිබියදී මේ පත්වීම ගැන තීරණ ගැනීමේදී කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ තෝරා ගැනීමට සම්බන්ධ නොවී අනිකුත් සාමාජිකයින්ට තීරණයක් ගැනීමට ඉඩදීම සදාචාර සම්පන්න බව සභාපතිවරයාට හිතුනේ නැතිද?

14.) රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ ලේකම්ධුරයේ පත්වීම් බලධාරිත්වය කොමිසන් සභාවට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබුනත් ඕනෑම අයෙක් පත්කිරීමේ බලයක් කොමිසමට ලබාදී නැති බවත් කාර්ය පටිපාටික රීතිවලින් බැහැරව පත්වීම්දීමේ බලය කොමිසමේ රඳවාගෙන ඇත්තේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ 12(1) ව්‍යවස්ථාවට යටත්ව බවත් කොමිසම දන්නේද? දන්නවානම් මේ පත්වීම ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ 12(1)ට අනුකූල යයි සහතික විය හැකිද?

15.) මහජනතාව හැටියට අප අපේක්ෂා කළ ස්වාධීනත්වය රාජ්‍ය සේවා කොමිසම විසින් අඛණ්ඩව දිගටම පවත්වාගෙන ආ බව  තහවුරු කිරීමට මේ විමසා ඇති ප්‍රශ්න අරබයා මාධ්‍ය නිවේදනයකින් හෝ  කරුණු පැහැදිලි කරන්නේද?

16.) මේ පත්වීම දීමට කොමිසම ගත් තීරණය අසාධාරණයැයි සම්මුඛ පරීක්ෂනයට සහභාගිවූ අපේක්ෂකයෙක් පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියට පැමිණිලි කළහොත් එය කොමිසමේ අභිමානයට බලවත් පහරක් වනු ඇතැයි හිතෙන්නේ නැතිද.?

ප්‍රශ්න එපමණයි. උත්තර ලැබුනොත් අතුරු ප්‍රශ්න කීපයක් අසන්නට බලාපොරොත්තු වෙමු. (සුනිල් කන්නන්ගරගේ මුහුණු පොතේ සටහන නිමයි)

-ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන් පිරිසක් විසිනි

සබැඳි පුවත
*රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් ඉවරයි..! රාජපක්ෂ ගැත්තියක් පත්කිරිමට සියල්ල සුදානම්...!
-ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන් පිරිසක් ලියති

---------------------------
by     (2023-08-15 19:33:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links