-සම්පත් දිල්ලිමුණි ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජන.01, ප.ව.11.30) අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තිලිණ ගමගේ මොරටුව දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත. මෙම ස්ථාන මාරු කිරීම සමාජයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත. මෙම තීරණය, ඔහුට එරෙහි විවිධ චෝදනා හා මෑතකාලීනව මතුවූ ප්‍රශ්න ගත සිදුවීම් මාලාවක් නිසා, ක්‍රියාත්මක වූ කරුණක් බව අපට දැනගන්නට ලැබී ඇත.
මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ සහෝදරයෙකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ තවත් පුද්ගලයෙකු, රජයට පවරාගත් ඉඩමකට වන්දි මුදලක් ලබා ගැනීම සඳහා මැදිහත්කරුවන් වී අදාළ වන්දි මුදල ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන බව පවසමින් චමින්ද තුෂාර වර්ණසුරිය නම් ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් ලක්ෂ 90 ක අල්ලසක් ලබා ගැනීමේදී සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත. විශේෂයෙන්ම, මෙම නඩුව තිලිණ ගමගේ ප්‍රධානත්වය දරණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් විභාග කිරීමට වූ විට, විනිවිදභාවය පිළිබඳ දැඩි ගැටුමක් ඇති කළේය. කෙසේ වෙතත් මෙම නඩුව විභාගයට ගනු ලැබුවේ තිලිණ ගමගේ ගේ සුවච කීකරු ගෝලයෙක් වූ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඉදිරියේය. කෙසේ වෙතත් මැදිරි අංක 01 සිට අංක 8 දක්වා ඇති මහේස්ත්‍රාත් අධිකරණයන්හි ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේය. එම නිසා එම සියලු අධිකරණ ක්‍රියාත්මක වන්නේ ඔහුගේ ප්‍රධානත්වයෙනි.
මේ අතර තමන්ට ඇති මරාල වලින් යන්තම් බේරී රැකියාව බේරාගෙන සිටින තිළිණ ගමගේ තමන්ගේද කුණු කසල ටික උඩට එන බව දැනගත් විගස "ලබැඳියාවන් අතර ගැටුමක්”(Conflict of interest) පවතින බව පවසමින් තම අයියාගේ අල්ලස් නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළත්, එම ඉල්ලීම මගින් තම පවුලේ කෙරුවාවේ විලි වසා ගැනීමට තිළිණ ගමගේට නොහැකි බව 2024 දෙසැම්බර් 28 දින අපගේ ලංකා ඊ නිව්ස් වාර්තාව මගින් පෙන්වා දී තිබිණ.
තිලිණ ගමගේ අභියස විභාග වූ ප්‍රසිද්ධ නඩු දෙකක් වන මුල්‍ය වංචා රැසකට සම්බන්ධ වී සිටින තිලිණි පියුමාලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වූ "හරක් කටා" යන පුද්ගලයා හට විශේෂ නීති සහන සැලසූ බවටද සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර ඇත, "හරක් කටා" නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නඩුව සඳහා පෙනී සිටියේ එදා අධිකරණ ඇමති වූ විජේදාස රාජපක්ෂ ගේ පුතා වන රඛිත රාජපක්ෂය, රඛිත රාජපක්ෂ හා තිලිණ ගමගේ අතර බොහෝ සම්බන්ධකම් තිබු බවද එම සම්බන්ධකම් මත "හරක් කටා" නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට බොහෝ නීති සහන ලබා දී ඇති බවද සමාජ මාධ්‍යවේදීන් විසින් කරුණු වාර්තා කර තිබිණි.
විශේෂයෙන් කුඨ ලේඛන සකසා අලි පැටියෙකු ළඟ තබාගෙන තිබියදී පසුගිය යහපාලන රජය සමයේ වැඩ තහනමට ලක් වී සිටි තිලිණ ගමගේට නැවත තමන්ගේ ජොබ් එක සකසා දී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත් වීමෙන් බව සියලු දෙනාම දන්නා කරුණකි, තිලිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා අධිකරණ කේෂ්ත්‍රයට පැමිණීමට ප්‍රථමයෙන් දේශපාලන සම්බන්ධකම් මත රාජ්‍ය ආයතනයක සභාපතිධුරයක් දරණ ලද පුද්ගලයෙක් වන අතර එම ආයතනයේ ධුරය දරණ කාලයේ පවා යම් යම් දුෂිත ක්‍රියා මාර්ග වලට සම්බන්ධ බවටද තොරතුරු වාර්තා වී තිබිණ. දැනට ඔහු අධිකරණ කේෂ්ත්‍රයේ දැනට ප්‍රධාන මහේස්ත්‍රාත් ධුරය හොබවන ජ්‍යෙෂ්ඨතම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාය. ඔහු නොබෝ දිනකින්ම මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් උසස් වීමට නියමිත වී ඇත,
තම අයියා වන සලෝචන ගමගේ අල්ලස් සිද්ධිය, අධිකරණයේ බලය භාවිතා කරන ආකාරය, සහ තිලිණ ගමගේ පසුපස සිටින දේශපාලන බලවේග පිළිබඳව වාර්තා මගින් නීතියේ අවිශ්වාසකාරී බව අධිකරණය පිලිබඳ සහ ජනතා විශ්වාසය මෙන්ම මෙවැනි චෝදනා යටතේ සිටින මහේස්ත්‍රාත්වරයකුට ඉදිරියේදී මහාධිකරණයක සේවය කිරීම සඳහා අවස්ථාව ලබා දීම මගින් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ විශ්වාසය හා විනිවිදභාවය අඩුකරන අතර මූලික යුක්තියේ පදනමක් ලෙස පවතින අධිකරණයට ඇති ජනතාවගේ විශ්වාසය අහිමි කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. අවසන් වශයෙන්, තිලිණ ගමගේ ගේ අතීත ක්‍රියාවන්,වර්තමාන ක්‍රියාවන්ද ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට දැඩි පහරක් වනු ඇති බව ලංකා ඊ නිව්ස් අපගේ විශ්වාසයයි
සබැඳ පුවත
රෙදි ඉල්ලේ; කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ සහෝදරයා අල්ලස් දැලට මාට්ටු..!
---------------------------
by (2025-01-01 22:58:11)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි