~

නරි නාටක රඟ පෑ හල්ඔළුවගේ දුරකථන සීසීඩීය භාරයට..!

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.29, ප.ව.6.35) ජනාධිපති අනුර කුමාර දිසානායකට අභූත චෝදනා සහිත මඩක් ගසා ඉන් බේරෙන්නට තමා ගමන් ගත් රියට වෙඩි තබා තමාටත් පහර දී අදාල තොරතුරු සහිත ලිපි ගොණුව පැහැරගත්තා යයි තමන් විසින්ම රචනා කොට නරි නාටකයක් රඟ දැක්වූ තුසිත හල්ඔළුවට සිද්ධිය පාරා වළල්ලක් වෙමින් හල්ඔළුවගේ දුරකථන සීසීඩියට බාර දෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශය  (සීසීඩීය) සිද්ධියට සම්බන්ධ 6 දෙනෙකු මේ වන විට අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටී.

ප්‍රථමයෙන් අත් අඩංගුවට ගත්තේ  නාරාහේන්පිට චිත්‍රාලේන් හි පදිංචි මොහොමඩ් ෆාරිස් (40), බිංගිරිය ප්‍රසන්නගම පදිංචි සුරංගි උදේශිකා (29) සහ අලපලාගම නයාගල පදිංචි සමිත බණ්ඩාර (42) යන තිදෙනා ය. ඒ තිදෙනා මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අතර ඒ අයගේ තොරතුරු මත අනෙක් තිදෙනා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටී. 

ප්‍රශ්න කිරීම් වල දී හෙළි වී ඇත්තේ ඩුබායි හි සිටින පුද්ගලයෙකුගේ මෙහෙයැවීමෙන් සිද්ධිය සිදුකර ඇති බවයි. ඩුබායි සිටින පුද්ගලයා ඒ වෙනුවෙන් රු. ලක්ෂ 2 ක් ද ගෙවා තිබේ. ඉන්පසුව හෙළිවන කාරණය නම් ඩුබායි හි සිටින පුද්ගලයා තුසිත හල්ඔළුවගේ දිගු කාලීන මිතුරෙකු බවයි. හල්ඔළුවගේ දුරකථනය පරීක්ෂා කිරීමෙන් ඔහු ඩුබායි පුද්ගලයා සමග කෙතරම් සබඳතා පවත්වා ඇතිදැයි හෙළිවනු ඇත. 

නරි නාටක රඟ පා අහක තියෙන අසූචි තම ගුදයේ රුවා ගත් තුසිත හල්ඔළුවට ද නුදුරේදීම කෙහෙළියලාට මහින්දානන්දලාට දුමින්ද දිසානායකලාට තනි රැකිය හැකි වනු ඇත.
 
කොළඹ අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු පිරිසක් පරීක්ෂන මෙහෙයවති. 

සබැඳි පුවත
රටටම බලපාන කිසිදු පදනමක් නැති භයානක අවලාද නැගූ රනිල්ගේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්ට බඩු බනිස් වෙන ලකුණු..!

---------------------------
by     (2025-05-29 13:11:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links