(ලංකා ඊ නිව්ස් -2026.ජන.20, ප.ව.10.35) ''ලංකා ඊ නිව්ස්'' මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ අධිචෝදනා ලබා සිටින 9 වැනි විත්තිකරු වන කර්නල් ටී.ඊ.ආර්. පීරිස් (O/64454) හෙවත් ලුතිනන් කර්නල් එරන්ත රදීෂ් පීරිස් නමැත්තා ජනවාරි 11 දා සිට ක්‍රියාත්මක වන පරිදි ලුතිනන් කර්නල් ධූරයේ සිට තාවකාලික බ්‍රිගේඩියර් ධූරයකට උසස් කිරීම සම්බන්ධයෙන් පැන නැගුණු විරෝධතාවයට අද කැබිනට් තීන්දු දැනුම් දෙන මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පිළිතුරු දුන්නේ ය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂනයක් පැවැත්වීමට ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන් තිදෙනාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් පරීක්ෂනයක් පවත්වන බවත් එම පරීක්ෂනයේ ප්‍රතිඵල අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බවත් ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කෙළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් "මාධ්‍යවේදී එක්නැලිගොඩ ඝාතකයෙකුට ජනතාවාදී මාලිමා ආණ්ඩුවෙනුත් උසස් වීමක්..!" මැයෙන් සංජය දසනායක ලියූ වාර්තාවක් පසුගිය ජනවාරි 11 වැනිදින පළකළ අතර සිද්ධියට විරෝධය පා ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපතිවරයාට ලිපියක් ද යොමු කළා ය. සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වන තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩුවරගෙදර දෙදෙනා ද දීර්ඝ මාධ්‍ය වාර්තා කිහිපයක්ම සිය යූ ටියුබ් නාලිකා මගින් ප්‍රසිද්ධ කළහ.
අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී සිද්ධිය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්සගෙන් විමසා සිටියේ ද තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩුවරගෙදර මාධ්‍යවේදීන් දෙදෙනා ය.
---------------------------
by (2026-01-20 17:07:35)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි