(ලංකා ඊ නිව්ස් -2016.මැයි.28, පෙ.ව.6.40) ‘අලිහොරා විනි-සොරා යුක්තියට පයින් ගසා නීතියේ ඇසට වැලි ගසා පැන යයි‘ මැයෙන් ලංකා ඊ නිව්ස් ඊයේ පළ කළ පුවතින් අනතුරු ඇඟවූ පරිද්දෙන්ම තිලින ගමගේ ගේ නඩුවට ඔහුගේ ගජ මිතුරා ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න සියළු අධිකරණ සදාචාරයන් පසෙක ලා මැදිහත් වී ඇතැයි වාර්තා වේ.
ඒ අලිහොරා විනි-සොරා තිලින ගමගේ නීතියේ ඇසට වැලි ගසා සැඟවී සිටින අතරේ නීතිඥවරයෙකු මාර්ගයෙන් ඊයේ ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලුම් පතක් කණිෂ්ක විජේරත්න විසින් බාර ගැනීමෙනි.
පළමුවෙන්ම කිව යුත්තේ බලපත්‍ර නොමැතිව අලියෙකු ලඟ තබා ගැනීමේ අපරාධය පොදු දේපොල පණත යටතේ ගැණෙන අපරාධයක් බැවින් ‘අපේක්ෂිත ඇප‘ ලබා දිය නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරුවරිය ශිරානි බණ්ඩාරනායක ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන් නඩු තීන්දුවක පැහැදිලිව සඳහන් කර තිබේ.
ඒ අනුව අපේක්ෂිත ඇප අයැදුම් පත සලකා බැලීමක් හෝ නොකළ යුත්තක් වන නමුත් කණිෂ්ක විජේරත්න එය ලබන සඳුදා විභාගයට ගැනීමට නියම කර තිබේ.
ලංකා ඊ නිව්ස් පෙර දින සඳහන් කළ පුවතේ සඳහන් පරිදි පසුගිය 25 දා Judiciary Institute හි පැවැති බුද්ධිමය දේපොල සම්බන්ධ සම්මන්ත්‍රණයකට සහභාගී වූ කණිෂ්ක විජේරත්න, තිලින ගමගේ ට ඇප ලබාදෙන ආකාරය ප්‍රසිද්ධියේ පවසා ඇති බැවින්ද, ඔහු තිලින ගමගේ ගේ අතිජාත මිතුරා වන බැවින්ද මෙම නඩු කර්තව්‍යයෙන් ඔහු ඉවත්ව සිටිය යුතු බව මහේස්ත්‍රාත්වරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.
නමුත් ඒ කිසිවක් නොසලකා ඇති කණිෂ්ක විජේරත්න තම ගජයා වෙනුවෙන් නීතිය අවනීතිය කිරීමට ඉදිරිපත්ව ඇත.
මෙය දේශපාලනඥයන්ගේ ගණුදෙනුවක් නොව මෙය යුක්තියේ මහ දෙවොල වන අධිකරණයේ අපක්ෂපාතීත්වය පිලිබඳ ගණුදෙනුවකි. මෙහිදී මහජනතාවට විශ්වාසය ඇතිවන අයුරින් අධිකරණය හැසිරිය යුතුය.
කට්ටඩියාගේ බඩ උඩ තිබෙන පුහුලට කඩුවෙන් කොටන කපටි කොට්ටෝරුවා මෙන් අධිකරණයට හැසිරිය නොහැක. අධිකරණය එසේ හැසිරුනහොත් ජනතාව දුම්මල වරම අතට ගනු ඇත.
සබැඳි පුවත : අලිහොරා විනි-සොරා යුක්තියට පයින් ගසා නීතියේ ඇසට වැලි ගසා පැන යයි: දුටු තැන අල්ලා සීඅයිඩියට බාර දෙනු..!
---------------------------
by (2016-05-28 01:47:49)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි