~

‘(කපු)ටෙක් ශ්‍රී ලංකා‘ හොර තක්කඩියන් කරන්නට ගිය සිසු සූරා කෑම ඇමැති අඛිලගේ නියෝගයෙන් නවතී: ඊ නිව්ස් පුවත ඵලදරයි

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.18,  ප.ව‍‍‍‍‍‍‍.11.40) පාසල්වල පිහිටි පරිගණක සම්පත් භාවිතා කර ‘(කපු)ටෙක් ශ්‍රී ලංකා‘ නමැති හොර තක්කඩි ආයතනයට සිසුන්ගෙන් මුදල් අයකර පාඨමාලා පැවැත්වීමට අධ්‍යාපන ලේකම් වෙනුවට අධ්‍යක්ෂක (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) අත්සනින් පරිගණක සම්පත් මධ්‍යස්ථානවලට ලිපියක් යොමු කිරීම සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් ඊයේ පළ කළ පුවතට අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතා වහා ප්‍රතිචාර දක්වමින් ඇති වන්නට ගිය විනාශය වළක්වා තිබේ. 

ඉහත කී ලිපිය පිළිබඳ කිසිවක් ඇමතිවරයා දැන සිට නැති අතර ඒ පිලිබඳ දැනගෙන ඇත්තේ ලංකා ඊ නිව්ස්හි පළ වූ  පුවත කියැවීමෙනි. සිද්ධිය දැන ගත් වහාම ඊට අදාල සියලු ලිපි ලේඛන ගෙන්වා ගත් ඇමති අඛිල මෙම ගනුදෙනුව වහා නතර කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයාට නියෝග කරන ලදී. මෙවැනි වගකීම් විරහිත කටයුතු හරහා අමාත්‍යාංශයේ කීර්ති නාමයත්, තමා අමාත්‍යවරයා ලෙස ගොඩනගා ගෙන ඇති ජනතා වාදී ප්‍රතිරූපයත් බිඳ වැටෙන අතර අහිංසක සිසු දරුවන් සූරා කෑමට ඉඩ නොදෙන ලෙසත් අවධාරණය කර ඇත.

දිගු කලක් තිස්සේ ජනතාව රැවටීම නිසා මේ වන විට බංකොලොත් තත්ත්වයට වැටී ඇති ‘(කපු)ටෙක් ශ්‍රී ලංකා‘  වැනි තක්කඩි ආයතන කොහෙන් හෝ දේශපාලන හෙංචයියෙකු හොර රහසේ අල්ලාගෙන තම මඩිය තරකර ගැනීමට කරන ලද කූඨ උත්සාහය වළක්වා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් අඛිල විරාජ් ඇමැතිවරයාටත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාටත් මිලියන සංඛ්‍යාත ලංකා ඊ නිව්ස් පාඨක සමූහයේ ස්තූතිය පළ වෙනු නිසැක ය. 

සබැඳි පුවත
පාසැල් වල පරිගණක සම්පත් භාවිතයෙන් සිසුන් සූරා කෑමට ‘(කපු)ටෙක් ශ්‍රී ලංකා‘ හොර තක්කඩියන්ට ඉඩ දීම ගැන ගුරු සංගම් විරෝධය

 

---------------------------
by     (2017-12-18 19:59:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links