~

ජනාධිපති ගමරාලගේ සෝශල් මීඩියා යුනිට් එක අලුතින් හැකරුන් බඳවා ගෙන; විපාක්ෂිකයන්ගේ ඊමේල් ෆේස්බුක් ගිණුම් වලට හොරෙන් රිංගයි; හැකරුන් හඳුනාගන්න

(ලංකා ඊ නිව්ස් -2018.අප්‍රේල්.06, ප.ව‍.5.45) ජනාධිපති ගමරාලගේ තවත් එක් සදාචාර විරෝධී ක්‍රියාවක් අපි ඔබ හමුවේ හෙළි කරමු. එනම් කිසිදු නෛතික පදනමකින් තොරව, විධි නියෝගයකින් තොරව President Social Media කණ්ඩායම මඟින් ශ්‍රී ලාංකිකයන්ගේ ෆේස්බුක් ගිණුම් වල තොරතුරු එකතු කිරීමයි. ඔවුන් පුරවැසියන් තම ෆේස්බුක් හි සිය මිතුරන් හා ශෙයා කරන තමන් සේවය කරන ස්ථානය, එම ආයතනයේ වෙනත් සේවකයින්, ආයතනයේ ප්‍රධානීන්, නෑදෑ හිත මිතුරන්, යන එන ස්ථාන පිළිබඳ වෙන වෙනම ලිපි ගොණු පවත්වාගෙන යන අතර භයානක කරුණු වනුයේ දේශපාලනිකව විරුද්ධ අදහස් දරන අය බිය ගැන්වීමට එම තොරතුරු යොදා ගැනීමය.

මෙම President Social Media ඒකකය භාරව සිටිනුයේ සිරස මාධ්‍ය ජාලයේ නිවේදකයෙකු ලෙස සේවය කරද්දී සේවා කාලය තුල ආයතනයේ දී නිල් චිත්‍රපට බලා ස්වයං වින්දනයේ යෙදී හසුවූ සමීර ඩී සිල්වා හෙවත් ‘අතේ කුරුල්ලා‘ නැමැත්තායි. කලකට ඉහත සිරසෙහී ක්‍රියාත්මක වූ Auto Vision වැඩසටහන මෙහෙයැවූයේ ඔහුය. ගමරාල ජනාධිපතිගේ Social Media Accounts ක්‍රියාත්මක වීම මොහු යටතේ සිදුවෙන අතර, ඊට අමතරව සිය දේශපාලන එදිරිවාදීන් ඉලක්ක කොට මඩ පේජ් කීරීම, මඩ වෙබ්සයිට් කිරීම, අභූත චෝදනා ඉදිරිපත් කොට ඔවුන්ගේ සමාජ ප්‍රතිරූපය බිඳ හෙළීම ඇතුළු සමාජ ජාල තුළ නොයෙකුත් කුප්‍රකට ක්‍රියා මොහු යටතේ සිටින කණ්ඩායම සිදු කරයි. 

ලංකා ඊ නිව්ස් මීට පෙරත් හෙළිකළ පරිදි මෙම ඒකකයේ සේවය කරන ප්‍රධාන හැකරෙක් වනුයේ කුරුණෑගල මලියදේවයේ ආදි ශිෂ්‍යයෙකු වන ශාලික රණතුංග නැමැත්තායි. President Social Media Assistant Director කෙනෙකු වන මොහු කළින් රජය යටතේ Ministry of Defense හි සේවය කර, 2014 නොවැම්බරයේ සිරිසේන ජනාධිපති පොදු අපේක්ෂකයා වීමත් සමගම ඉන් ඉවත් වී 2015 ජනවාරියේ සිට මෙම President Social Media ඒකකයේ සේවය කරනු ලබයි.

මීට පෙර ජනාධිපති සම්බන්ධ තොරතුරු නිකුත් කිරීම, ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම වැනි දේ මෙම President Social Media ඒකකයෙන් සිදු වුවද මෑතක සිට තවත් හැකර්වරුන් සිය සේවයට බඳවා ගන්නා ලදී.  එම දෙදෙනා නම් පුබුදු ප්‍රියශාන් ඉද්දමල්ගොඩ සහ මදුශංඛ අතපත්තු වෙති.

පුබුදු ප්‍රියශාන් නමැත්තා Google Hacking Hall of Fame වල නම ඇති ප්‍රථම ශ්‍රී ලාංකික හැකරා වන අතර ඔහු විසින් Google, Intel, IconFinder වැනි සුප්‍රසිද්ධ සේවාවන් හැක් කර ඇත. මේ සම්බන්ධ තවත් තොරතුරු ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් www.facebook.com/pubudu.priyashan.1 හෝ ඔහුගේ නම Pubudu Priyashan Iddamalgoda ගූගල් කිරීමෙන් ලබාගත හැකිය

President Social Media හි ඔහුගේ අනික් සගයා මදුශංඛ අතපත්තු ගේ Hacking සම්බන්ධ දක්වන දක්ෂතාවය පිළිබඳ සාක්ෂි ඔහුගේ ෆේස්බුක් ගිණුමේ බලාගත හැකිය. www.facebook.com/samithaAthapaththu

ඇමරිකානු රජයට අවශ්‍යව සිටි ලෝක ප්‍රකට රුසියානු හැකරෙකු ලංකාවේ දී හසුවූ නමුත් ජනාධිපති ගමරාල විසින් ඔහුව රහසේම රටින් පිට කෙළේය. ගමරාල සහ ඔහුගේ President Social Media කණ්ඩායම මෙලෙස හැකරුන් බඳවා ගෙන කරනු ලබන කාර්යය කුමක්ද.?

1. එක්සත් ජාතික පාක්ෂික දේශපාලඥයින්ගේ දුරකථන/ඊමේල් හැක් කිරීම සහ ඒවා රහසේ නිරීක්ෂණය.
2. ශ්‍රී ලංකා නිදහස් පක්ශ සිරිසේන විරෝධී දේශපාලඥයින්ගේ දුරකථන/ඊමේල් හැක් කිරීම සහ ඒවා රහසේ නිරීක්ෂණය.
3. ජනමාධ්‍යවේදීන්ගේ දුරකථන, පරිගණක, ඊමේල් හැක් කිරීම සහ ඒවා රහසේ නිරීක්ෂණය.
4. ප්‍රතිවාදී දේශපාලන මත දරන නීතීඥවරුන්ගේ දුරකථන, පරිගණක හැක් කිරීම.
5. Elakiri වැනි පොදු සේවාවන්හි ආණ්ඩු විරෝධී අදහස් පළ කරන්නන් හඳුනා ගැනීම, ඔවුන්ගේ තොරතුරු ගවේශණය.
6. මූණු පොතේ ආණ්ඩුවට එරෙහි පුරවැසි තොරතුරු එකතු කිරීම.
7. විරුද්ධ මත දරණ ෆේස්බුක් ගිණුම් හැක් කිරීම, එමගින් මූණුපොතේ Secret Groups වල සංවාද රහසේ නිරීක්ෂණය.
8. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව විවේචනය කරන ලංකා ඊ නිවුස් වැනි වෙබ් අඩවි වල සර්වර් වලට අනවසරයෙන් ලොග් වී එහි ඇති තොරතුරු එක් ‍රැස් කිරීම ට සහ ඒවා විකෘති කිරීමට උත්සාහ දැරීම. මැතිවරණය ආසන්නයේ දී ලංකා ඊ නිවුස් වෙත එල්ල කළ හැකර් ප්‍රහාරයද මොවුන් විසින් සිදුකරන ලද්දකි. 

ඔබ ආණ්ඩු විරෝධී අදහස් සෝශල් මීඩියා වල පළ කරන අයෙක් නම්, දැනටම මොවුන් ඔබ ගැන විස්තර සොයා, ඔබගේ දුරකථන වලට රිංගා ඔබගේ ෆේස්බුක් එකවුන්ට් එක, ඔබේ පෞද්ගලික Text Messages කියවනවා විය හැක. මෙහි ඇති බරපතලම කාරණය වනුයේ ඔවුන් ඔබටත් නොදැනී ඔබේ තොරතුරු රහසේ නිරීක්ෂණය කිරීමයි. ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස ගමරාලගේ මලයා සිටීම මොවුන්ගේ කූඨ ක්‍රියා වලට මහත් පිටිවහලක් වී තිබේ. 

සමීර ඩී සිල්වා යටතේ පවතින President Social Media ඒකකය මඟින් මඩ වෙබ් සයිට් ක්‍රියාත්මක වීම එක් සදාචාර විරෝධී ක්‍රියාවකි. මෙම කාරණය හිටපු ජනාධිපති සහකාර ලේකම්වරයෙකු වන ඕෂල හේරත් කිහිප වරක්ම ඉතා වගකීමෙන් හෙළි කරන ලද කරුණක් ද වෙයි. සමීර ඩී සිල්වා යටතේ සේවය කරන හැකර් කණ්ඩායම නිදහස් ජනමාධ්‍යයකට, ප්‍රතිවාදී මත දරණ පුද්ගලයින් දේශපාලඥයින්ට, ජනමාධයවේදීන්ට සිය පුද්ගලිකත්වය සම්බන්ධ දැඩි තර්ජනයකි. මෙවැනි හැකරුන් කණ්ඩායමක් ජනාධිපති කාර්යාලයේ සිට ප්‍රජාතන්ත්‍ර විරෝධීව ක්‍රියාත්මක වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැරෑරුම් ලෙස උල්ලංඝනය වෙන ශ්‍රී ලාංකිකයන්ගේ භාෂණයේ නිදහසට මරු පහරක් වන ක්‍රියාවකි.

මෙයට සම්බන්ධ පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙකුගේ නම්, ගම් සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව විස්තර සාක්ෂි සහිතව අපි ඔබ හමුවේ තැබුවෙමු. මේ සම්බන්ධ තොරතුරු ගැන යම්කිසි හෝ සැකයක් ඇතිනම්, අප මෙහි සඳහන් කළ පුබුදු ප්‍රියෂාන් ඉද්දමල්ගොඩ, මධුෂංඛ අතපත්තු යන අයවළුන් වැඩ කරන්නේ කොහේද? ඔවුන් එහි සිට කරනු ලබන්නේ කුමන කාර්යයන්ද? කියා විමසා බැලීමෙන් දැනගත හැකිය.

කිලී මහාරාජාගේ එළිපත්තෙන් එහා මහපාරේ රතිඤ්ඤා පත්තු කළ විටත් ‘මාධ්‍ය නිදහස නැතිවුනෝ‘ යයි මරහඬතලන භාෂණයේ නිදහස ගැන වැඩ කරනවා යැයි කියන සංවිධානවල දොඩවන වත්තලා මේවා ගැන කට පුක පියාගෙන සිටීමෙන් තහවුරු වන්නේ උන්ගේ කටවල් ඇරෙන්නේ සල්ලි ටිකක් කටට වැටෙනවා නම් පමණක් බවය. 

ජනතාවගෙන් සියේට හතරට වැටී සිටින, පාර්ලිමේන්තුවේ 225 න් 16 ට වැටී සිටින, පිස්සු ගමරාලයෙකු වෙනුවෙන් නීති විරෝධීව වැඩ කිරීමට ගොස් ජනතා වෛරයට පාත්‍රවී දිනෙක ඔවුන්ගෙන් අසූචි පහර කෑමෙන් ආරක්ෂා වන්නැයි ශාලික රණතුංග, පුබුදු ප්‍රියෂාන් ඉද්දමල්ගොඩ සහ මධුෂංඛ අතපත්තු නමැත්තන්ට අපි අනතුරු අඟවා සිටිමු. තමන්ට උපදිනවිටම දෙවියන්ගෙන් ලැබුණු යම් හැකියාවක් වේ නම් එය මහජනතාවගේ සුබ සිද්ධියට මිස නීච පාලකයෙකුගේ විකෘති මානසිකත්වය වෙනුවෙන් මුදලට විකුණා ආත්මය විනාශ කර නොගන්නා මෙන් තරුණයන් තිදෙනාට අවවාද කරමු. 

සබැඳි පුවත්
ලංකා ඊ නිව්ස් වෙත සිදුකරන සයිබර් අපරාධයේ නිර්මාතෘලා මෛත්‍රී, ශිරාල් සහ තවත් කොලුවෙක් - වියදම මසකට ඩොලර් 12000 යි -වීලොග් එකක් හෙළිකරයි (Video)

ජනාධිපති මාධ්‍ය ඒකකයේ ‘අතේ කුරුල්ලෝ‘ ට්‍රැවිස් සින්නයියා රණවිරුවාට මඩ ගසති -මෛත්‍රීගේ හිටපු නි.මාධ්‍ය අධ්‍යක්ෂ හෙළිකරයි

---------------------------
by     (2018-04-06 12:23:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links