~

අභියාචනාධිකරණයට දින 2 ක් සභාපති කෙනෙක් නෑ..! සිරිසේන සිතා මතා අධිකරණය බිඳවට්ටන්න කරන කුමන්ත්‍රණ මෙන්න.!!

චන්ද්‍රප්‍රදීප් ‌හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2019.ජන.25, පෙ.ව.11.15) අධිකරණය විසින් ව්‍යවස්ථාව කැඩූ පුද්ගලයෙකු ලෙස තීන්දු කළ ජනාධිපති සිරිසේනගේ අධිකරණ විරෝධය හේතුවෙන් දැනට දින 2 ක් තිස්සේ රටේ අභියාචනාධිකරණයට සභාපති විනිසුරුවරයෙකු නොමැති වී තිබේ. මෙය ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූවකි. 

ඊට හේතු වී ඇත්තේ ජනාධිපති වරයා විසින් දූෂිත නුසුදුසු විනිසුරුවරියක් වූ දීපාලි විජේසුන්දරගේ නම  අභියාචනාධිකරණයේ සභාපති ලෙස පුන පුනා නම් කර එවීමය. 

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ දී ජනාධිපති විසින් නම් කරන විනිසුරුවරුන් ව්‍යවස්ථා සභාවෙන් අනුමත කළ යුතුය. 

හරියටම සිරිසේන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සිදුකළ දිනට පෙර දිනයේ පළමු වරට අභියාචනාධිකරණයේ පුරප්පාඩු සඳහා විනිසුරුවරුන් නම් කර එවන ලද අතර එහිදී ද සභාපතිනිය ලෙස නම් කර එවූ දීපාලි විජේසුන්දරගේ නම ව්‍යවස්ථාව සභාව විසින් ප්‍රතික්ෂේප කෙරිණ. ( කියවන්න එදින ඒ පිලිබඳ ලංකා ඊ නිව්ස් පුවත - ජනතාද්‍රෝහී ජනාධිපති නම් කළ දූෂිත විනිසුරු බඩු දෙක විසිවේ..! තුරෙයිරාජා සහ අමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට..! ප්‍රීති පද්මන්ට බයද? ව්‍යවස්ථා සභාවට ආචාරය..!!)

දීපාලි නැතිවම බැරිද? ප්‍රීති පද්මන් කළුද?

ඉන්පසුව පසුගිය 22 දා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාව අභියාචනාධිකරණයේ සභාපති ලෙස වරක් ප්‍රතික්ෂේප කළ දීපාලිගේ නමම යලිදු වතාවක් එවා තිබිණ. මෙවරද ව්‍යවස්ථා සභාව ඇයගේ නම ප්‍රතික්ෂේප කර යවා තිබේ. 
 
ඒ අනුව ජනාධිපතිවරයා වැඩ බලන සභාපතිවරයෙකු නම් කරන ලද නමුත් එය ව්‍යවස්ථා විරෝධීය. අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩ බලන ප්‍රධානියෙකු නම් කළ හැක්කේ ප්‍රධානියෙකු සිටිනවා නම් පමණි. දැන් අභියාචනාධිකරණයට පෙරේදා 23 දා රාත්‍රී සිට සභාපති විනිසුරුවරයෙකු හෝ වරියක නැත. ඒ අනුව වැඩ බැලීමට කිසිවෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලයක් නැත. 
 
ව්‍යවස්ථාව කැඩීම උදේ සවස කෑම කනවා සේ සිදුකරන ජනාධිපතිවරයා සිතා මතාම අධිකරණ ක්‍රියාවලිය කඩා කප්පල් කරමින් සිටී. 

බන්ධුල කරුණාරත්න නම් දූෂිතයා

පසුගිය 22 දා ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණයට නම් කර එවන ලද බන්ධුල කරුණාරත්න නමැති මහාධිකරණ විනිසුරුගේ නමද ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ආපසු යවා ඇත. 
 
ඔහු විනිසුරු ධූරයේ සිටිමින් ව්‍යාපාර කරන්නෙකු බව ප්‍රකට කාරණයක් වන අතර ඩෙප් අගවිනිසුරුතුමා විසින් ඔහුට එරෙහිව දුන් නඩු තීන්දුවක ඔහු කිසිදු උසස් වීමකට නුසුදුස්සෙකු ලෙස නම් කරන ලද නඩු තීන්දුවක් ද පවතිද්දී ජනාධිපති එවැනි දූෂිතයෙකු අභියාචනාධිකරණයට නම් කර තිබේ. ඩෙප් අගවිනිසුරුතුමා එවැනි නඩු තීන්දුවක් දී ඇත්තේ බන්ධුල කරුණාරත්න ලියන නඩු තීන්දු කිසිදු නීත්‍යාණුකූල භාවයක් නොමැති වීමද පක්ෂග්‍රාහී වීමද යන විෂමාචාර සලකා බලා ය.

කොමිසමේ අනුමැතියක් නෑ 

මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණයක් වන්නේ අගවිනිසුරුතුමා ඇතුළු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද නම් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කළ යුතු වුවද දැන් ජනාධිපති සිරිසේන එවන්නේ එලෙස අධිකරණ සේවා කොමිසම විසින් අනුමත කරන ලද නම් නොවීමයි.

අක්ක බැරිනම් නංගි

මේ අතර තවත් දූෂිත මහාධිකරණ විනිසුරුවරියක වන මේනකා විජේසුන්දරව ද අභියාචනාධිකරණයට පත් කිරීමට ජනාධිපතිවරයා කැස කවයි. දීපාලිගේ නැගණිය වන ඇය අක්කාට දෙවැනි නොවන දූෂිත විනිසුරුවරියකි. කුරුණෑගල ජනතාව ඇයගේ කෙරුවාව හොඳින් දන්නා අතර ඇය විනිසුරුවරයෙකු සතු විය යුතු සදාචාරවත් ජීවිතයද උල්ලංඝනය කරමින් විවාහක මහාචාර්ය වරයෙකුගේ පවුල කඩා ඔහු සමග අනියම් ප්‍රේම ජීවිතයක් ගත කරන්නියකි. ඒවාද විනිසුරුවරයෙකුගේ උසස්වීම් කෙරෙහි බලපාන බව ජනාධිපතිවරයා දැන ගත යුතුය.
ගෝඨාගේ කුප්‍රකට උපදේශක හෙන්දා සිරිසේනගේ උපදේශක කරගෙන
 
ඔම්බුඩ්ස්මන්ගේ ධූරයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතාගේ නම ජනාධිපතිවරයා විසින් පසුගිය ව්‍යවස්ථා සභාවට යෝජනා කර තිබූ අතර ඒ නම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබිණ. 
 
නමුත් ජනාධිපතිගේ යෝජනා අනුව ව්‍යවස්ථා සභාව විසින් පත් කළ යුතු පොලිස් කොමිසමේ පුරප්පාඩු ද මානව හිමිකම් කොමිසමේ තනතුරුද සඳහා නම් යෝජනා කර එවීම ද ජනාධිපතිවරයා විසින් මග හරිමින් සිටී. ඒ වෙනුවට ඔහු කරමින් ඉන්නේ මානව හිමිකම් සංවිධාන වලට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරමින් මානව හිමිකම් සුරැකීම බල්ලාට දමා කටයුතු කිරීමයි. 

ජනාධිපතිවරයාගේ මේ නීච ඒකාධිපති කටයුතු කෙරෙහි බලපා ඇත්තේ ඔහුගේ වර්තමාන අලුත් හිතවතුන්ය. දැන් ඔහුගේ ප්‍රධාන උපදේශකයා වී ඉන්නේ කුප්‍රකට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහ තවත් කුප්‍රකට හිටපු ආරක්ෂක උපදේශකයෙකු සහ බුද්ධි නිලධාරියෙකු වන හෙන්දාවිතාරණ ය. හෙන්දාවිතාරණ යනු ගෝඨාභය රාජපක්ෂ සමග පසුගිය වනචර දශකයේ ඝාතන අතුරුදහන් කිරීම් ජාතිවාදී කුමන්ත්‍රණ ඇති කිරීම් ආදියට නායකත්වය දුන් මිනීමරු චරිතයකි. 
 
ඔක්. 26 දියත් කළ කුමන්ත්‍රණයත් සමග සිය රට කැඳවූ තවත් අපූරු කුමන්ත්‍රණකරුවෙකු වූ හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ යාන්තම් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බලා පිටත් කර යවා ඇත. 

චන්ද්‍රප්‍රදීප්

සබැඳි පුවත්
* ජනතාද්‍රෝහී ජනාධිපති නම් කළ දූෂිත විනිසුරු බඩු දෙක විසිවේ..! තුරෙයිරාජා සහ අමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට..! ප්‍රීති පද්මන්ට බයද? ව්‍යවස්ථා සභාවට ආචාරය..!!  
* ගරුත්වය සුනඛ අධෝ මුඛයේ උලා ගත් විනිසුරුවරියන් ඩබලක් යහපාලනද්‍රෝහී ජනාධිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට නම් කරලා

---------------------------
by     (2019-01-25 06:10:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links