(ලංකා ඊ නිව්ස් -2019.ජන.28, ප.ව.5.50) ජනාධිපති සිරිසේන විසින් සැලසුම් සහගතව රටේ අධිකරණය අකර්මන්‍ය කිරීමට කටයුතු කරමින් පස් වන දිනය වන විටත් අභියාචනාධිකරණයට සභාපති විනිසුරුවරයෙකු පත් නොකර සිටීම ජනාධිපතිවරයා සිය රාජකාරිය පැහැර හැරීමක් බව නීතිවේදීහු පවසති.
ව්‍යවස්ථා සභාව විසින් දෙවතාවක්ම ප්‍රතික්ෂේප කරන ලද දූෂිත විනිසුරුවරිය දීපාලි විජේසුන්දරවම යලිදු සභාපති ලෙස නම්කර එවීමටත් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරන ලද බන්ධුල කරුණාරත්න නම් දූෂිත මහාධිකරණ විනිසුරුගේ නම යළිත් වතාවක් අභියාචනාධිකරණයට නම් කිරීමටත් ජනාධිපති සිරිසේන කටයුතු කරමින් සිටී.
ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරන ලද අය නොවන අධිකරණ සේවා කොමිසම විසින් අනුමත කරන ලද අයගේ නම් ජනාධිපති වරයා විසින් ව්‍යවස්ථා සභාවට යැවිය යුතු වුවද ඔහු ඒ රාජකාරිය පැහැර හරිමින් සිටීම නිසා මේ වන විට දින 5 ක් පුරා අභියාචනාධිකරණය අකර්මන්‍යව ඇත.
පවතින නීතිය අනුව අභියාචනාධිකරණය ක්‍රියාත්මක වීමට නම් එහි සභාපතිවරයා සහිතව සාමාජිකයන් 6 ක් හෝ 10 ක් සිටිය යුතුය. එනම් සභාපතිවරයෙකු නොමැති නම් අභියාචනාධිකරණය බල රහිත වේ. සභාපතිවරයෙකු නොමැතිව වැඩ බැලීමට අයෙක් නම් කළ ද නොහැකිය. මේ අනුව නීත්‍යාණුකූලව සැලකුව හොත් දින 5 ක් තිස්සේ අභියාචනාධිකරණය අකර්මන්‍යයව තිබේ.
ජනාධිපති සිරිසේනගේ ව්‍යවස්ථා විරෝදී ක්‍රියාවන් අනුමත නොකර නීතියට අනුව අධිකරණය දුන් තීන්දු අනුව සිරිසේන අධිකරණය සමග වෛර බැඳගෙන සිටින අතර ඔහුට හැසිරවිය හැකි විනිසුරුවරුන් පත් කර ගැනීමට නොගන්නා වෙහෙසක් නැත. දීපාලි සහ බන්ධුල දෙදෙනාම දේශපාලන හෙංචයියන් වන අතර සරත් නන්ද සිල්වාගේ සට්ටැඹියන්ය. අද සිරිසේනගේ නීති උපදේශකයා වී සිටින සරත් නන්ද සිල්වා ට අවශ්‍ය සට්ටැඹියන් විනිසුරුවරුන් ලෙස පත් කර ගන්නට තටමන්නේ එබැවිනි.
ඉහත කී දීපාලි සහ බන්ධුල කරුණාරත්න යන දෙදෙනා පිලිබඳවම අගවිනිසුරුගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිසම අනුමත කර නොමැති බැවින් ජනාධිපති සිරිසේන වෑයම් කරන්නේ නව අගවිනිසුරුවරයා බියපත් කර දීපාලි සහ බන්ධුල දෙදෙනාට අනුමැතියක් ලබා ගැනීමයි. නව අගවිනිසුරුවරයාගේ අතීත දුර්වලතාවයක් අල්ලාගෙන ඔහුව බ්ලැක්මේල් කිරීමට සිරිසේන ජනාධිපති වෑයම් කරමින් සිටින බව ද ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
කෙසේ වෙතත් දීපාලි විජේසුන්දර සහ බන්ධුල කරුණාරත්න දෙදෙනාගේ නම් මීට පෙර සිටි ශ්‍රී පවන් මෙන්ම ප්‍රියසාද් ඩෙෆ් අගවිනිසුරුවරුන් දෙදෙනාම ප්‍රතික්ෂේප කරන ලද නම් දෙකකි. ව්‍යවස්ථා සභාවද ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර කලකට පෙර සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර ගන්නට නොහැකි වූ දූෂිත හෙයියන්තුඩුව විනිසුරුවරයා විශ්‍රාම ගිය නමුදු ඔහුව අලුත් වටයකින් පොලිස් කොමිසමේ සභාපතිවරයා කර ගැනීමට ද සිරිසේන වලිකමින් සිටින බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
ජනාධිපතිවරයෙකු විපක්ෂයට ගිය විට රටකට සිදු කළ හැකි හානිය සිරිසේන ප්‍රදර්ශනය කරමින් සිටී.
සබැඳි පුවත
අභියාචනාධිකරණයට දින 2 ක් සභාපති කෙනෙක් නෑ..! සිරිසේන සිතා මතා අධිකරණය බිඳවට්ටන්න කරන කුමන්ත්‍රණ මෙන්න.!!
---------------------------
by (2019-01-28 12:48:36)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි