(ලංකා ඊ නිව්ස් -2019.පෙබ.19, ප.ව.7.55) ව්‍යවස්ථා සභාව යනු මේ රටේ රාජ්‍ය ව්‍යුහය දේශපාලනීකරණය වීමෙන් ගලවා ගැනීම සඳහා පිහිටැවූ ප්‍රධාන ආයතනයයි. ඒ සඳහා ප්‍රථමයෙන් යෝජනා වූයේ දේශපාලනඥයන් තිදෙනෙකු සහ ස්වාධීන පුද්ගලයන් 7 ක් ලෙස සංයුතියක් නමුත් වාසුදේවලාගේ වීරවංශලාගේ විරෝධය මත දේශපාලනඥයන් 7 ක් සහ ස්වාධීන පුරවැසියන් 3 ක සංයුතියක් ලෙස සංශෝධනය විය. එය පිහිටැවූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ය. එකී සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආවේ ජනාධිපති සිරිසේන ය. ඊට අවසන් සංස්කරණ ගෙන ආවේ එවක අධිකරණ ඇමතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ ය. මහින්ද රාජපක්ෂට තුනෙන් දෙකක බලයක් තිබූ පාර්ලිමේන්තුවක මෙය සම්මත වූයේ දෙදෙනෙකුගේ පමණක් ඡන්දය නොමැතිව 223 කගේ කැමැත්තෙනි.
නමුත් දැන් ව්‍යවස්ථා සභාවට විරුද්ධව අවි අමෝරාගෙන සිටිති. ඒ කව්දැයි බැලූ කල ව්‍යවස්ථා සභාව ගෙන ආ සිරිසේනත්, ඊට සංශෝධන ගෙන ආ විජේදාසත් සහ තමන්ට තුනෙන් දෙකක බලයක් තිබියදීත් ඊට පක්ෂව ඡන්දය දුන් මහින්ද රාජපක්ෂත් ය.
මොවුන්ට එක් වරම ව්‍යවස්ථා සභාව අජීර්ණ වූයේ මන්ද? ඒ අන්කිසිවක් නිසා නොව තමන්ට කැමැති පජාත විනිසෙරක් වූ දීපාලි විජේසුන්දර අභියාචනාධිකරණයේ සභාපතිනිය කිරීමට සහ ඇයව පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරිය කිරීමට ව්‍යවස්ථා සභාවේ කැමැත්ත නැති නිසා නොහැකි වීම හේතුවෙනි. සිරිසේන මේ පිලිබඳව කියන්නේ ඇය අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය වන බවයි. නමුත් සත්‍ය තත්ත්වය එය නොවේ. දීපාලි යනු දේශපාලකයන්ට අවශ්‍ය අන්දමට නඩු තීන්දු දීමෙහිලා කප් ගැසූ තැනැත්තියක් වීම නිසා ඇය ලවා තමන්ට අවශ්‍ය නඩු තීන්දු ලියවා ගැනීමට අවශ්‍ය වීමය. අනෙක් අතට ජ්‍යෙෂ්ඨත්වය පමණක් සභාපතිනිය කිරීමට වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ ඇයගේ කල් කිරියාවයි. මේ සම්බන්ධයෙන් අපූරු පිළිතුරක් දී තිබුනේ ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායකතුමාය. ඒ නම් විනිසුරුවරුන් ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් තෝරන්නේ නම් ව්‍යවස්ථා සභාවක් කුමකටද, කෙළින්ම ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි පුද්ගලයාට එය ලබා දිය හැකිය කියා ය.
සිරිසේනලා විජේදාසලා මහින්දලාගේ අග්‍රගන්‍ය විනිසෙර දීපාලි යනු කුමන වර්ගයේ බඩුවක්දැයි ජනතාවට පැහැදිලි කර දීම ලංකා ඊ නිව්ස් සතු යුතුකමකි. විනිසුරුවරුන්ගේ සත්‍ය තත්ත්වය ජනතාවට වාර්තා කිරීම අධිකරණයට අපහාසයක් යයි අප පිළිගන්නේ නැත. ශිෂ්ඨාචාරගත සමාජය පිළිගන්නේ ද නැත. එබැවින් එය වාර්තා කළ හැක්කේ ලංකා ඊ නිව්ස්ට පමණක් බැවින් අප අපගේ යුතුකම ඉටු කිරීමට බැඳී සිටිමු.
දීපාලි විජේසුන්දර සිය විනිසුරු දිවිය ආරම්භ කෙළේ මහේස්ත්‍රාත්වරියක් ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙනි. වරක් එහි තිබූ නඩුවක රජයේ සාක්කිකාරියක වූ රජයේ ඉහල පෙළේ කීර්තිමත් නිලධාරිනියකට නඩුවට පෙනී සිටීමට නොහැකි වීම හේතුවෙන් වරෙන්තු නිකුත් කෙරිණ. ඇය විත්තිකාරියක් නොව රජයේ සාක්කිකාරියකි. ඇය නමින් ධර්මතිලක වූවාය. වරෙන්තුවක් තිබීම නිසා ධර්මතිලක අත් අඩංගුවට ගත් පොලිසිය ඇයට බෙහෝ කරුණාවෙන් සලකා ඇයව මහේස්ත්‍රාත්වරියගේ නිල නිවස වෙත ඉදිරිපත් කළාය. එදින සිකුරාදා දිනයක සවස් වරුව ය. මහේස්ත්‍රාත්වරිය වූයේ අපගේ කතානායිකාව වන දීපාලි විජේසුන්දරය. ඇය පුරුද්දක් ලෙස නිල නිවසට සැකරුවන් ඉදිරිපත් කරනවාට අකමැත්තක් දක්වන්නියකි. ඒ අවස්ථාවේ ධර්මතිලක මහත්මිය සිටියේ සිය අත දරුවාට කිරිපොවමින් පොලිස් ජීප් රථයේ ය. පොලිසිය ද එය එතරම් සැලකිල්ලකට නොගත්තේ ඇය අපරාධ නඩුවක විත්තිකාරියක් නොව රජයේ සාක්කිකාරිනියක් වූ නිසා ය. නමුත් දීපාලි විජේසුන්දර කෙළේ තමා වෙත ඉදිරිපත් කෙළේ කව්දැයි හෝ නොතකා ධර්මතිලක මහත්මියව සති දෙකකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ය. මහේස්ත්‍රාත්වරයෙකුගේ හෝ වරියකගේ හෝ මූලික ක්‍රියාවක් විය යුත්තේ තමා ඉදිරියට කැඳවන්නේ මළ මිනියක්ද සත්‍ය මනුෂයෙක්දැයි ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා හිස ඔසවා ඒ පුද්ගලයා දෙස බැලිය යුතු වීමයි. බලා තීන්දු කළ යුතුමය. එය විය යුත්තක්ම ය. දීපාලි ඇය දෙස නොබලාම ඇයව රිමාන්ඩ් කෙළේ විනිසුරු වගකීම් නොතකා ය.
පසුව ධර්මතිලක මහත්මිය රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී ඇයව හඳුනාගත් රජයේ තවත් ඉහළ නිලධාරියෙකු සිද්ධියෙන් කම්පා වී මෝර්ෂන් එකක් දමා ඇයව එළියට ගැනීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් දීපාලිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණ. ධර්මතිලක මහත්මියගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් නොමිලේ පෙනී සිටියේ රටේ ප්‍රකට නීතිඥයෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා වීම විශේෂ ය. 1986 දී විභාග වූ ඒ නඩුව ධර්මතිලක එරෙහිව අබේනායක නම් විය. නඩුව විභාග කළේ එවක අගවිනිසුරු ශර්වානන්ද, සෙනෙවිරත්න සහ තම්බයියා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි. එහිදී දීපාලිගේ ක්‍රියා කලාපය විනිසුරුවරුන් තිදෙනාම දැඩි සේ හෙළා දැක්කාහ. ධර්මතිලක මහත්මිය ඉල්ලූ සහන දුන් විනිසුරුවෝ දීපාලි පිළිබඳ අධිකරණ සේවා කොමිසමට පැමිණිලිද කළහ. ඒ හේතුවෙන් ඇයගේ උසස්වීම් කාලයකට අවලංගු කෙරිණ.
ඒ දීපාලි විජේසුන්දර තම විනිසුරු දිවිය ආරම්භ කළ අපූරුව ය.
පසුකලෙක දීපාලි විජේසුන්දර මහනුවර අධිකරණ කලාපයට මාරු වීමක් ලැබුවා ය. එහිදී ඇය නඩු තීන්දු ඩීල් දැම්මේ ‘රීසා’ නමැති මුස්ලිම් ජාතික නීතිඥයෙකු මාර්ගයෙනි. කලක් ගතවෙද්දී රීසා සමග දීපාලි අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූවාය. ඒ වන විට දීපාලිට මෙන්ම රීසාට ද වෙනම පවුල් ජීවිත තිබූ අතර දරුවන්ද සිටියහ. මේ සම්බන්ධයට විශ්‍රාමික විනිසුරුවරයෙකු වු දීපාලිගේ පියා ද රීසාගේ පියාද දෙදෙනාම දැඩිව විරුද්ධ වූහ. නමුත් සිය අනියම් සම්බන්ධය නැවැත්වූදේ දීපාලි සහ රීසා නොවේ.
මොවුන් හමුවීමට නිතර යොදා ගත් රහසිගත ස්ථානයක් වූයේ මහනුවර ගැටඹේ විහාරය අසල තිබූ ඉන්ධන පිරවුම් හලයි. දිනක් එහි රැක සිටි රීසාගේ පියා දීපාලිව අල්ලා ගත්තේ බඩුත් සමග ය. එහිදී රීසාගේ පියා දීපාලි මහේස්ත්‍රාත්වරියක් බව නොසලකා ඇයට කම්මුල් පහර කීපයක් දී, “පට්ට වේසි, තෝ අනුන්ගේ පවුල් කඩා ඉහිරුවන්නේ නැතිව පළ යන්න” යැයි අමු තිත්ත කුණුහරුපයෙන් බැන වැදී එළවා දැම්මේ ඉන්ධන පිරවුම් හලේ දෙනෝ දහක් බලා සිටිය දී ය. එතැනින්ම දීපාලි-රීසා පෙම් පළහිලව්ව නතර වූ අතර දීපාලි වෙනත් ප්‍රදේශයකට මාරුවක් හදා ගත්තා ය.
දීපාලි අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කෙළේ ඒ අන්දමට ය.
දීපාලි විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරියකව සිටියදී ඇයගේ දියණියගේ විවාහ මංගල උත්සවයට අත්සන් තැබීමට ආරාධනා කරන ලද්දේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ය. (එය විනිසුරු සදාචාරය උල්ලංඝනය කරන්නකි) මහින්ද රාජපක්ෂ දීපාලි අමතන්නේ ‘චූටි නංගි’ කියා ය. විවාහයට අත්සන් කිරීමෙන් පසු මහින්ද රුපියල් දස ලක්ෂයක කෑෂ් චෙක් පතක් මනාලිය අත තැබුවේ ය. විවාහය නිමා වීමෙන් පසු අලුත්ම අලුත් ලියාපදිංචි නොකළ බෙන්ස් රථයක් ත්‍යාගයක් ලෙස දීපාලිගේ නිවසට යැව්වේ ය. රථය පදවාගෙන ගියේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ කොමාන්ඩෝ බලකායේ කපිතාන් වරයෙකි. මේවා අල්ලස් ගැනීම් මිස අනෙකක් නොවේ. මේ අල්ලස් ගැනීම් සිදුවූයේ ඇය සරත් ෆොන්සේකාගේ සුදු කොඩි නඩුව විමසන අතරවාරයේ දී වීම තවත් බරපතල ය. සුදු කොඩි නඩුව අවසානයේ ඇය රාසික් නමැති තවත් තක්කඩි විනිසොරෙකු සමග එක්ව ෆොන්සේකා වරදකරු කරමින් හිරගෙට නියම කළ අතර විනිසුරු වරාවැව මහතා පමණක් ෆොන්සේකා නිවැරදි කරු කරමින් බෙදුනු නඩු තීන්දුවක් දුන්නේ ය. සුදු කොඩි නඩු තීන්දුවෙන් පසු දීපාලිට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් සහ සුදුසුකම් වලින් පිරි විනිසුරුවරුන් 7 දෙනෙකු සිටියදී මහින්ද රාජපක්ෂ ඇයව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කෙළේය.
අද දීපාලි ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩිම අභියාචනාධිකරණ විනිසුරුවරිය වී සිටින්නේ ඒ අන්දමට ය.
මහින්ද රාජපක්ෂගේ අධිකරණ කෙරුවාව ලෝකයටම ඔප්පු කළ නඩු තීන්දුවක් වූයේ ‘චූටි නංගි’ දීපාලි විජේසුන්දර තම ස්වාමියා රාජපක්ෂ පිනවීම සඳහා දුන් නඩු තීන්දුවකි. ඒ නම් මාධ්‍යවේදී තිස්සනායගම්ට එරෙහිව දුන් කන පැලෙන නඩු තීන්දුවයි. ඔහු ලියූ කුඩා ලිපියක පේලි කිහිපයකින් ත්‍රස්තවාදයට අනුබල දුන්නා කියා දීපාලි විසින් තිස්සනායගම්ව වසර 20 ක් බරපතල වැඩ ඇතිව හිරේ දැම්මේ ය. ඒ ඔහුට විරුද්ධව කිසිදු සාක්කියක් නොමැතිව තිබිය දීය. මන්ද යත් ඔහු ලියූ පේලි කිහිපයෙන් ත්‍රස්තවාදයට අනුබලයක් ලැබුනා කියා සාක්කි සහිතව ඔප්පු කළ නොහැකිව තිබිය දීය. දීපාලි තිස්සනාගම්ට එරෙහිව භාවිතා කෙළේ ඔහු අත් අඩංගුවේ සිටියදී ටීඅයිඩියට දුන් කට උත්තරයකි. එය ටීඅයිඩිය විසින් සිංහලෙන් ලියන ලද්දක් වන අතර තිස්සනායගම් රඳවා ගෙන සිටියදී ඊට අත්සන් කර තිබිණ. සිංහල නොදත් තිස්සනායගම් සිංහලෙන් ලියූ කට උත්තරයකට අත්සන් තැබුවේ බිය වැද්දීම නිසා බව ඔ්නෑම ගොං වැස්සියකට තේරුම් යා යුතු වුවද දීපාලිට ඒ ගැන වගේ වගක් නොවීය. ඇයට තමා ඉදිරියට පමුණුවන ඔ්නෑම දෙමළෙක් කොටියෙකි. ඒ අනුව ඇය තිස්සනායගම් වසර 20 කට බරපතල වැඩ ඇතිව හිරේ දැම්මා ය. අහෝ මුළු ලෝකයක්ම තිස්ස නායගම් වෙනුවෙන් පෙනී සිටි අතර එවක ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවා පුද්ගලිකවම එකී නඩු තීන්දුව හෙළා දැක්කේ ය. අවසානයේ මහින්ද රාජපක්ෂට සිදුවූයේ තම ආණ්ඩුවේ ගෞරවය වෙනුවෙන් තිස්සනායගම්ට ජනාධිපති සමාව දී නිදහස් කිරීමට ය. තිස්සනායගම් රට අතහැර ගියේ ය.
දීපාලි තම ස්වාමීන්ගේ වුවමනා ඉෂ්ට කරන්නට ගොස් රටම බාල්දු කෙළේ ඒ අන්දමට ය.
දීපාලි විජේසුන්දර අමු ජාතිවාදී විනිසෙරකි. ඇය ඉදිරියට පමුණුවන ඔ්නෑම දෙමළ ජාතිකයෙක් කොටියෙකි. පසුගිය යුද කාලයේ දී ඇය අනන්තවත් නිදොස් දෙමළ මිනිසුන් හිරේ දැම්මාය. හිරේ දමා ඒ ගැන උදාරම් කතාද කීවා ය. තිස්සනායගම් නඩු තීන්දුව හැර ඇයගේ එවන් තවත් ප්‍රසිද්ධ කෙරුවාවක් වූයේ රවිරාජ් ඝාතකයන් නිදහස් කරමින් මධ්‍යම රාත්‍රියත් පසුවී දුන් නඩු තීන්දුවට එරෙහිව රවිරාජ්ගේ ඥාතීන් ඉදිරිපත් කරන ලද අභියාචන පෙත්සම ඉතාමත් අසාධාරණ ලෙස එක දිනයෙන්ම විසිකර දැමීම ය. ඊට හේතු වූයේ පැමිණිලි පාර්ශවයට එදින අධිකරණයට ඉදිරිපත්වීමට වූ නොහැකියාවයි. රවිරාජ්ගේ බිරිඳ දරුවන් සිටියේ විදේශ ගතව ය. සාමාන්‍යයෙන් පැමිණිලි පාර්ශවයට නඩුවකට පැමිණීමට නොහැකි වූවා කියා එක් දිනයෙන් නඩුව විසිකරන රටක් නැත. නමුත් දීපාලිට ඒවා වලංගු නැත. රවිරාජ්ගේ ඥාතීන්ට ඒ නඩු තීන්දුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉන් සදා අහිමි විය.
දීපාලි යුක්තිය පසිඳලන්නේ ඒ අන්දමට ය
දීපාලි අභියාචනාධිකරණයේ සභාපතිධූරයට නොගැලපෙන තවත් හේතු ඇත. ඉන් ප්‍රධාන කාරණයක් වන්නේ එකී ධූරය නිකම්ම නඩු අසන ප්‍රධාන ධූරයට එහා ගිය පරිපාලන වගකීම් සහිත ධූරයක් වීම ය. දීපාලිගේ අනර්ඝ පරිපාලනයට එක් උදාහරණයක් මෙසේ ය.
දීපාලිට පෙර අභියාචනාධිකරණයේ සභාපතිව සිටි සූරසේන විනිසුරුතුමා විසින් දිලිප් නවාස් නමැති අභියාචනාධිකරණ විනිසුරුව නඩු විභාගයෙන් ඉවත් කෙළේය. ඒ අන් කිසිහේතුවක් නිසා නොව දිලිප් නවාස් දුන් නඩු තීන්දු සියයකට අධික ප්‍රමාණයක නඩු තීන්දුව ලියා නැති වීමයි. එනම් රාජකාරිය පැහැර හැරීමයි. එනම් ඔහු නඩු තීන්දුව විවෘත අධිකරණයේ දී කටින් ප්‍රකාශ කර ඇති නමුත් ඒ කිසිදු නඩු තීන්දුවක් ලිඛිතව ලියා නැති වීමය. මෙහි දී යුක්තිය මුහුණ දෙන ප්‍රශ්නය නම් එවැනි නඩු තීන්දුවකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඈපෑල් ගැනීමට නොහැකි වීමයි. දිලිප් නවාස් හිර වී සිටින ප්‍රශ්නයක් වේ. ඒනම් ඔහු සහ මඩවල විනිසුරුවරිය එක්ව විභාග කර දුන් නඩු තීන්දු ලියා නොතිබීමයි. දැන් ඒවා ලියූවද මඩවල විනිසුරුවරියගේ අත්සන ගැනීම ප්‍රශ්නයකි. මන්ද යත් ඇය දැන් අභාවප්‍රාප්ත වී සිටීමයි.
මේ අනුව සූරසේන සභාපතිව සිටියදී දිලිප් නවාස් නඩු විමසීමෙන් ඉවත් කර තැබුවේ පරණ නඩු තීන්දු ලියා අහවර කරන තුරුය. නමුත් දීපාලි දැන් සභාපති තනතුරේ වැඩ බැලීමට පැමිණි සැනින් දිලිප් නවාස් යළිදු නඩු විභාගයට කැඳවා තිබේ. මෙයින් නිසැක වශයෙන්ම අභියාචනාධිකරණයේ පරිපාලනය අවුල් වීම වැළැක්විය නොහැකිය.
දීපාලි අභියාචනාධිකරණයේ පරිපාලන ප්‍රශ්න විසඳන්නේ ඒ අන්දමට ය.
මේ හේතු සහ තවත් හේතු රාශියක් මත හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මෙන්ම වත්මන් අගවිනිසුරු නලීන් පෙරේරාද දීපාලි විජේසුන්දර අභියාචනාධිකරණ සභාපති ධූරයට සුදුසු යැයි නම් කළේ නැත. ව්‍යවස්ථා සභාව ඇයව පුන පුනා ප්‍රතික්ෂේප කරන්නේ එබැවිනි.
ව්‍යවස්ථා සභාවත් කඩා කප්පල් කර අභියාචනාධිකරණයේ සභාපතිධූරයටත් ඉන්පසුව අගවිනිසුරුධූරයටත් දීපාලි විජේසුන්දර වැන්නියක් පත් කිරීමට වළිකන සිරිසේනගේ මහින්දගේ සහ විජේදාසගේ සද්භාවය පිළිබඳ නීති ගරුක ශිෂ්ඨ සම්පන්න රටවැසියා ප්‍රශ්න කරන්නේ ඉහත හේතු නිසා ය.
---------------------------
by (2019-02-19 19:30:13)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි