(ලංකා ඊ නිව්ස් -2019.පෙබ.25, ප.ව.8.30) බම්බලපිටියේදී කුරිරු ලෙස රිය අනතුරකට භාජනය කළ බොරැල්ල රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර මහතාට අයුක්තිය සිදුකරමින් බීමත්ව අනතුර සිදුකර ම්ලේච්ඡ ලෙස පළා ගිය මහින්දානන්දගේ මාර පුත්තරයා රවිශ්ක බණ්ඩාර අලුත්ගමගේ බේරා ගැනීම සඳහා ජනාධිපති සිරිසේනගේ බලවත් මැදිහත්වීම් හේතුවෙන් පොලිසියත් මහේස්ත්‍රාත්වරයාත් නීච ලෙස ක්‍රියා කිරීමේ අවාසනාවන්ත අත්දැකීමක් අද ශ්‍රී ලංකා වාසී ජනතාවට අත් දකින්නට ලැබිණ.
මහේස්ත්‍රාත්වරයා සිය අපක්ෂපාතී ගරුත්වයට හානි කර ගනිමින් මෙම නඩුව විවෘත අධිකරණයේ විමසන්නේ නැතිව මාධ්‍යවේදීන්ද සෙසු පුද්ගලයන්ද අධිකරණයෙන් ඉවත් කර පොලිසියත් සැකකරුවන්ගේ නීතිඥයනුත් ඉදිරියේ පමණක් නඩුව විභාග කරමින් බීමතින් සිට රථය පැදවූ මහින්දානන්දගේ මාර පුත්තරයා වෙනුවට ඉදිරිපත් කරන ලද රියැදුරා පමණක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරමින් සෙසු සියළු දෙනා ඇප මත මුදා හරිනු ලැබුවේ ය. 
 
සාමාන්‍යයෙන් රිය අනතුරකින් පසු අනතුරට ලක් වූ පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි නම් ඔහුගේ අවදානම් තත්ත්වය සලකා සැකකරුවන්ට ඇප නියම කෙරෙන්නේ නැත.  
 
මෙලෙස අපූරු නඩු විමසීමක් කෙළේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ය. යුක්තිය ඉටුවීම පමණක් මදි බවත් ඒ බව ජනතාවට ඒත්තු යා යුතු බවත් යුක්තිය පසිඳලීමේ මූලික සිද්ධාන්තයක් බව නෙත්තිකුමාර නොදන්නවා විය යුතුය. 
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට අනතුර සිදුකළ WP FZ 9143 දරණ ඩිෆෙන්ඩර් රථය ඒ අවස්ථාවේ පදවා ඇත්තේ මහින්දානන්දගේ පුත් රවිශ්ක බණ්ඩාර අලුත්ගමගේ ය. පිරිස මත්පැන් පානය කර ඇත්තේ බම්බලපිටියේ 'හොටෙල් මවුන්ට් පික්' නමැති ස්ථානයේ දී ය. අනතුර සිදුකිරීමට පෙර වෙනත් වාහන වලටද වෙට්ටු දමමින් අලුත්ගමගේ පුත්‍රයා රථය පදවා ඇති බවට සාක්කි තිබේ. එපමණක් නොව පසුපසින් ආ ප්‍රාඩෝ රථය පැදවූ එහි හිමිකරු ද වූ දුමින්ද සුදම්මික ආටිගල නමැති පුද්ගලයා ප්‍රථමයෙන් පොලිසියට දුන් කට උත්තරයේ දී ඉදිරියෙන් ගිය ඩිෆෙන්ඩර් රථය පැදවූයේ මහින්දානන්දගේ පුතා බව සඳහන් කර තිබී ඇත. සුදම්මික ආටිගල නමැත්තා කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ද වේ. ඔහුගේ පියා වෙල්ගමලාට අයත් උපාලි සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාර සහකරුවෙකි.  
 
මෙකී නඩුවේදී පොලිසිය අගතියට පත් තම සහෝදර රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර මහතා වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට මහින්දානන්දගේ පුතා ගලවා ගැනීම සඳහා පෙනී සිටීම ලජ්ජා සහගතය. කෙදිනකවත් නොමැතිව පොලිසියේ රථ වාහන අංශය බාර නි.පොලිස්පති නීතිඥ අජිත් රෝහණම අධිකරණයේ පෙනී හිඳිමින් මහින්දානන්දගේ පුතාගේ ගැලවීම වෙනුවෙන් කතා කළේ ය. පොලිස්පතිවරයා මේ අවස්ථාවේ රටේ නැති අතර (සිටියා කියා වෙනසක් වන්නේ ද නැත) පොලිසියටත්, පුද්ගලිකවම මහේස්ත්‍රාත්වරයාටත් බලපෑම් සිදුකර ඇත්තේ පොලිසිය බාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බව වාර්තා වේ. ජනාධිපතිගේ බලපෑම් අනුව කට උත්තර පවා ඉවත දමමින් අලුතින් කට උත්තර ලියවා ගෙන ඇතැයි ද වාර්තා වේ. 
සීසීටීවී කැමරා වල මේ තරම් පැහැදිලිව සටහන්ව තිබියදී, මොවුන් බීමතින් සිටි බවත්, අනතුර සිදුකර පළා ගියේ බීමතින් සිටි බව හසුවන නිසා බවත් පසුව වෙනත් රියැදුරෙකු ඉදිරිපත් කර ඇති බවත් ඉතා හොඳින් දැන ගැනීමට අවස්ථාව තිබියදීත් මහේස්ත්‍රාත්වරයා මාධ්‍යවේදීන් පවා ඉවත් කර යුක්තිය රෙද්ද පල්ලේ හෙළන ලද්දේ නීති ගරුක සියළු පුරවැසියන් කම්මුලේ අත් ගසා ගැනීමට සලස්වමිනි. 
 
තව දුරටත් ශ්‍රී ලංකාවේ ස්වාධීන යුක්තිය පසිඳලන පද්ධතියක් ඇතැයි හෙට අනිද්දා ජිනීවා වලට ගොස් කියන්නේ රෙදි ඇඳගෙන දැයි ප්‍රශ්න කළ යුතුය.
---------------------------
by      (2019-02-26 09:54:41)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි