~

මහින්දානන්දගේ පුතා බේරන්න දොරගුළු වසා ඇසූ නඩුවේ ඇත්ත හෙළිවේ..! අධිකරණ ඉතිහාසයේ සහ රිය අනතුරු ඉතිහාසයේ කළු පැල්ලමේ කතාව..!

(ලංකා ඊ නිව්ස් -2019.මාර්තු.04, පෙ.ව.11.45) බොරැල්ල රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර මහතාට මරණාසන්න අනතුරු සිදුකරමින් බීමත්ව රිය පැදවූ රනිශ්ක බණ්ඩාර අලුත්ගමගේ නම් හිටපු ඇමැති මහින්දානන්දගේ පුත්‍රයා සහ ජනාධිපති ආරක්ෂක අංශයේ ‌ ‌පොලිස් අධිකාරීවරයාගේ පුත් විසිත ශ්‍රී විජේසේකර බේරා ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට බලපෑම් කළ ජනාධිපති සිරිසේනගේ සහ අනෙකුත් අයගේ නීච ක්‍රියා කලාපය හෙළි වී තිබේ. 

පිරිස පොලිසියට බාර වූ 25 දා පොලිස්පතිවරයා ලෙස වැඩ බැලූ ජ්‍යෙ.නි.පොලිස්පති වික්‍රමරත්න මහතාට නොදන්වා ජනාධිපති සිරිසේන ඍජුවම දුරකථනයෙන් අමතා ඇත්තේ පොලිසියේ රථවාහන අංශය බාර නි.පොලිස්පති කුප්‍රකට නීතිඥ අජිත් රෝහණට ය. 
 
“කෙසේ හෝ මගේ කොල්ලො දෙන්නා බේරලා ඔවුන්ව මා හමුවට එවිය යුතු” යැයි ජනාධිපති සිරිසේන අජිත් රෝහණට දැනුම් දී ඇත. ඒ අනුව අජිත් රෝහණ පොලිසිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමට ගොස් ඇත්තේ වැඩ බැලූ පොලිස්පතිවරයාටත් නොදන්වා ය. වැඩ බැලූ පොලිස්පති වික්‍රමරත්න මහතා අජිත් රෝහණ අධිකරණයට ගොස් තිබෙන බව දැනගෙන තිබෙන්නේ ඒ පිලිබඳ රූපවාහිනී පුවත් විකාශයේ දී ය. 

අධිකරණයක දොරගුළු ලා ඇසිය හැකි නඩු වර්ග 2 යි

මේ අන්දමටම ජනාධිපතිවරයා මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරට ද බලපෑම් කර තිබේ. ඉසුරු නෙත්තිකුමාර කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා යුක්තියේ දෙවඟන වෛශ්‍යාවකගේ තත්ත්වයට ඇද හෙළා අධිකරණයේ දොරගුළු වසා නඩුව ඇසුවේ ය. 

ලංකාවේ වලංගු අධිකරණ සංවිධාන පණත අනුව අධිකරණයක දොරගුළු වසා නඩු ඇසිය හැක්කේ අවස්ථා දෙකක දී පමණි. එකක් නම් පවුල් ආරවුල් ය. දෙවැන්න නම් ළමා අපචාරයක දී වින්දිත ළමයාගේ ආරක්ෂාව සඳහා ය. මේ අවස්ථා දෙකේදී හැර අධිකරණය වසා නඩු විභාග කළ නොහැකි ය. එසේ නම් මහේස්ත්‍රාත්වරයා අධිකරණය වසා නඩු ඇසුවේ කුමටද? පැහැදිලිවම නීතිය අවනීතිය කිරීමට ය. ඉසුරු නෙත්තිකුමාර සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි යුක්තිප්‍රේමී ජනතාව බලා සිටිති. 

අධිකරණයේ දී අජිත් රෝහණගේ නීච හැසිරීම

මෙහිදී වින්දිත පොලිස් නිලධාරියා පොලිස් පරීක්ෂක ආනන්ද සාගර මහතා කොළඹ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක් කරද්දී නි.පොලිස්පති අජිත් රෝහණ මහින්දානන්දගේ පුතා සහ පොලිස් අධිකාරීගේ පුතා බේරා ගැනීම සඳහා ආනන්ද සාගරව පාවා දුන් ආකාරයද මේ වන විට හෙළිදරව් වී තිබේ. 
 
අජිත් රෝහණ අධිකරණයට දැනුම් දී ඇත්තේ පොලිස් පරීක්ෂක ආනන්ද සාගර අනතුර සිදුවන අවස්ථාවේ දී රාජකාරි ගමනක යෙදී නොසිටි බවයි. එමෙන්ම පොලිස් පරීක්ෂක ආනන්ද සාගර බීමත්ව සිටියාදැයි වෛද්‍ය වාර්තා එනතුරු පැවසිය නොහැකි යයිද අධිකරණයට දැනුම් දී ඇත. ඉන් ඔහු නොකියා කියා ඇත්තේ මහින්දානන්දගේ පුතා නොව පොලිස්පරීක්ෂක වරයා බීමතින් හිඳ ඇති බව ය. අනෙක් අතට අඩුම ගණනේ පොලිස් මෝටර් සයිකලය රාජ්‍ය දේපොලක් වන අතර ඊට අලාභ හානි සිදුකිරීම රාජ්‍ය දේපොලකට හානි කිරීමක් වන නමුත් එවැන්නක් හෝ අජිත් රෝහණ අධිකරණයට ඉදිරිපත් කර නැත. අනතුරට ලක්වූ තම සහෝදර පොලිස් නිලධාරියාට සිහි එනතුරු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි අජිත් රෝහණ අධිකරණයෙන් ඉල්ලා සිටියේ ද නැත. අනතුරට ලක් ව දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන ආනන්ද සාගරගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකුට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට අවස්ථාවක් සලසා දී තිබුනේ ද නැත.   
 
මේ අනුව ඉතිහාසයේ පළමු වතාවට බීමතින් රිය පදවා පොලිසියේ ට්‍රැෆික් ඔ්අයිසී වරයෙකුට මරණාසන්න අනතුරක් සිදුකර වැටී සිටින ඔහු වෙත ගොස් බලා යළි රථයේ නැගී නොනවත්වා පලා ගිය මහින්දානන්දගේ පුත්‍රයා සහ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීගේ පුත්‍රයා ඇතුළු පිරිස (ඔවුන් රියැදුරා ලෙස ඉදිරිපත් කළ අය හැර) ඇප මත නිදහස් කර යැවීමට විනිසුරා කටයුතු කෙළේය.

පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය කුමටද? 

මේ නීච සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ පහළ ශ්‍රේණි වල නිලධාරීහු දැඩි කම්පාවටත් කළකිරීමටත් පත්ව සිටිති. මෙවැනි දීන අකටයුතුකම් වලදීත් නිහඬව සිටීමට නම්  පොලිස් පරීක්ෂක වරුන්ගේ සංගමය නමින් සංගමයක් තිබෙන්නේ කුමකටදැයි ඔව්හු ප්‍රශ්න කරති.

චන්ද්‍රප්‍රදීප්

සබැඳි පුවතක්
යුක්තිය රෙද්ද පල්ලේ..! දොරවල් වසා නඩු අසයි..! ජනාධිපති නියෝගයෙන් කුරිරු රිය අනතුරක් කර පළා ගිය මහින්දානන්දගේ පුතා සහ පිරිවර එළියේ..!! පොලිස් ලොක්කෝ සහෝදර නිලධාරියා පාවාදෙති..!

---------------------------
by     (2019-03-04 06:37:10)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links