-සුනිල් ගාමිණී ජයලත්ගේ යළිත් හෙළිකරයි..!
(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.16, ප.ව.9.45) මේ රජය බලයට පත්වීමෙන් පසුව පත් කරන ලද අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ටර්නි ප්‍රදීප් කුමාර යටතේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවෙමින් පවතින දූෂිත ක්‍රියා පිළිබඳව අප විසින් මීට පෙර අවස්ථා තුනක දී සාක්ෂි සාධක සහිතව පෙන්වා දී ඇති බව පළමු සඳහන් කිරීමට කැමැත්තෙමු. එම හෙළිදරව් කිරීම් සිදු කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස 02 වැනි දා, සැප්තැම්බර් 10 වැනිදා සහ සැප්තැම්බර් 20 වැනි දා යන දිනයන්හී දී ය.
එම හෙළිදරව් කිරීම් වලින් අප බලාපොරොත්තු වූයේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඉලක්කයක් ව පවතින, රාජ්‍ය ආයතන වල සිදුවන දූෂිත ක්‍රියාවන් නතර කිරීමට දරන උත්සාහයට ජනමාධ්‍යවේදීන්ගෙන් සිදු විය යුතු දායකත්වය, වගකීම, සහ යුතුකම ඉටු කිරීමට ය. එහෙත් කණගාටුවට කරුණ නම් ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු දූෂණය පිටු දැකීම ගැන සිදු කරන දැඩි වාග් ප්‍රහාරයන්ගේ තරමට ම, දූෂණයට වැට බැඳීමට අවශ්‍ය පියවර ගැනීමට ක්‍රියාත්මක නොවීම ය.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දූෂිත ක්‍රියා පිළිබඳව පළමු හෙළිදරව්ව අප විසින් සිදු කරනු ලැබුවේ, ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් එම ආයතනයට පත් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව කඩිනමින් මැදිහත් වී මෙම දූෂිත ක්‍රියා නතර කිරීමට ක්‍රියා කරනු ඇතැයි යන අපේක්ෂාව ඇතිව ය. නමුත් එම හෙළිදරව්වෙන් පසුව එය එසේ සිදු නොවූණා පමණක් නොව, අධ්‍යක්ෂ ජනරාල්වරයා ද දූෂිත නිළධාරීන් සමඟ එක්ව දූෂිත ක්‍රියා පිළිවෙත දිගටම ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළේය.
මේ තත්ත්වය යටතේ, අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර විසින් එම ආයතනයේ දූෂිත නිළධාරීන් රකින අයුරුත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන CLEAN SRILANKA ව්‍යාපෘතියට මුවා වී සිදු කරනු ලැබූ දූෂිත ක්‍රියා පිළිබඳවත් හෙළිදරව් කළ අපි, අඩුම තරමින් එම දූෂිත ක්‍රියාව නතර කිරීමට හෝ ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානයවත් යොමු කරන ලෙස ඉල්ලා සිටියෙමු. අවාසනාවක මහත, අප විසින් මෙම දූෂිත ක්‍රියා හෙළිදරව් කර මාස දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති මේ වනවිටත් ජාතික ජනබලවේග ආණ්ඩුව පත් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අදාල ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා හෝ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන්ගේ හෝ මේ දූෂිත ක්‍රියා පිළිවෙත නතර කිරීමට කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින දූෂිත ක්‍රියා වලට අදාල ලිඛිත සාක්ෂි සාධක අප සතුව පවතින බැවින් පළමුව අපි ඒවා එකින් එක ජනතාව හමුවේ එළිදරව් කිරීමට ක්‍රියා කරන්නෙමු. රජයේ ඇමතිවරු හෝ ජාතික ජනබලවේග ආණ්ඩුවේ වගකිව යුතු පිරිස් තව දුරටත් දූෂිතයන්ට ඉඩ සලසන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම්, මෙම දූෂිත ක්‍රියා සිදු කර ඇති පිරිස් වලට එරෙහිව පුරවැසියන් ලෙස නීතිය හමුවට යෑමට ද අපි පසුබට නො වන්නෙමු.
අද අපේ හෙළිදරව්ව, ගාල්ල දිස්ත්‍රික්කයේ බූස්ස වැල්ලබඩ හදිසි වෙරළ රක්ෂණ වැඩ බිම සඳහා යන්ත්‍ර සැපයීමේ කොන්ත්‍රාත්තුවේ දී සිදු කර ඇති දූෂිත ක්‍රියාව පිළිබඳව ය.
පළමුවෙන් ම සඳහන් කළ යුත්තේ, මෙම වෙරළ සංරක්ෂණ කටයුත්ත සිදු කිරීමට මුල් වී ක්‍රියා කොට ඇත්තේ, ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ W. K. G. පුෂ්ප කුමාර යන අය විසින් බව ය. රජයේ මුදල් භාවිතා කොට අදාළ සංරක්ෂණ කටයුත්ත සිදු කර ඇත්තේ පුෂ්ප කුමාර ගේ මිතුරෙකු ට අයත් හෝටලයක් ආසන්නව ය.
මෙම සංරක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම වෙනුවෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොන්ත්‍රාත්කරුවන් ගෙන් මිල ගණන් කැඳවීමක් සිදු කර ඇත. මෙසේ මිල ගණන් කැඳවා ඇත්තේ, යන්ත්‍ර පැය 150 ක් සඳහා ටොන් 12 එක්ස්කැවේටර් යන්ත්‍රයක් සහ දින 6 ක් සඳහා කුලී පදනම මත, කියුබ් 3 ක ධාරිතාවයෙන් යුතු ටිපර් රථයක් සැපයීම වෙනුවෙනි. මීට අදාළව කැඳවනු ලැබූ ලංසු විවෘත කර ඇත්තේ 2025 මාර්තු 24 වැනි දින දී ය.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සැපයුම් කරුවන් වන M. D. Construction, Dayamond Construction සහ Arkin Engineering (PVT) Ltd යන ආයතන වලින් ලංසු කැඳවා ඇති නමුත්, ටෙන්ඩරය විවෘත කළ විට ලංසු ඉදිරිපත් කොට තිබී ඇත්තේ M. D. Construction ආයතනය පමණි. එම ආයතනය ඉදිරිපත් කර තිබූ ලංසු මිල ගණන් වන්නේ, ටොන් 12 එක්ස්කැවේටර් යන්ත්‍රයට පැයක් සඳහා රු. 8250 ක් සහ එක් දිනක් සඳහා කියුබ් 3 ටිපර් රථයක් වෙනුවෙන් රු. 38500 කි.
සාමාන්‍යයෙන් ලංසු ඉදිරිපත් කළ පුද්ගලයන්, ලංසු විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වන නමුත් මෙම අවස්ථාවේදී කිසිදු ලංසු කරුවෙකු සහභාගි වී නොමැත. ලංසු විවෘත කිරීමේ කමිටුව, එම ලංසු විවෘත කිරීමෙන් පසුව අදාළ මිල ගණන් එම ලංසු ලේඛන වල සඳහන් කොට, අනිවාර්යයෙන් යෙදිය යුතු දින මුද්‍රාව යොදා ඒ මත ලංසු විවෘත කිරීමේ කමිටුවේ සමාජිකයන් විසින් ඔවුන්ගේ අත්සන් යොදා ඇත.
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව නම්, ඉන් අනතුරුව සිදු විය යුත්තේ අදාල ලේඛන ප්‍රසම්පාදන කළමනාකරණ අංශය ට භාර දීම ය. ප්‍රසම්පාදන කළමනාකරණ අංශය යනු මෙවැනි ආයතනයකට අතිශය වැදගත් සහ අනිවාර්ය ව්‍යුහයක් වුවද, මේ රජය යටතේ පත් වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම අංශය මෙතෙක් පිහිටුවා නැත. මේ තත්ත්වය යටතේ ලංසු විවෘත කිරීමෙන් පසුව එම ලේඛන භාර ගනු ලබන්නේ වෙරළ සංවර්ධන අංශයේ ප්‍රධාන ඉංජිනේරු සකුන්ත පත්මසිරි යන අය විසිනි. මෙම පුද්ගලයා අතිශය දූෂිත පුද්ගලයෙකු බව අප මීට පෙර පළ කළ ලිපි මගින් පෙන්වා දී ඇත්තෙමු. අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රසම්පාදන කළමනාකරණ අංශය පිහිටුවීම නොකර සිටින්නේ ද මෙම දූෂිත නිලධාරීයාගේ දූෂිත ක්‍රියා පිළිවෙත පවත්වාගෙන යෑමට සහය ලබා දිමේ අරමුණ ඇතිව ය.
සාමාන්‍යයෙන් යම් මිල ගණන් කැඳවීමක් සිදු කළ විට එක් ලංසු කරුවෙකු පමණක් ලංසු ඉදිරිපත් කළ අවස්ථාවක දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තුනක් තිබේ. පළමුවැන්න නම්, ලංසුව ඉදිරිපත් කළ පුද්ගලයාගේ මිල ගණන් පිළිබඳව සෑහීමකට පත් වේ නම් ඔහුට එම කොන්ත්‍රාත්තුව ලබා දීමය. දෙවැන්න වනුයේ, ඉදිරිපත් කර ඇති මිල ගණන් ඉතා වැඩි නම්, තනි ලංසු කරුවෙකු පමණක් සිටින නිසා, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව එම ලංසුකරු සමඟ අදාල මිල ගණන් අඩු කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට negotiations committee එකක් පත් කිරීම ය. තුන්වන ක්‍රියා මාර්ගය වන්නේ නැවත ලංසු කැඳවීම ය.
ඉහත සඳහන් කළ ක්‍රියා මාර්ග සියල්ල සිදු කිරීමට නිර්දේශ කළ හැක්කේ තාක්ෂණික ඇගැයීම් කමිටුවට පමණි. වැල්ලබඩ හදිසි වෙරළ රක්ෂණ වැඩ බිම සඳහා යන්ත්‍ර සැපයීම වෙනුවෙන් කැඳවන ලද ලංසු විවෘත කිරීමෙන් පසු, ඉහතින් දැක්වූ ක්‍රියා මාර්ග කිසිවක් සිදු කොට නොමැත. ඒ වෙනුවට, සකුන්ත පත්මසිරි නමැති දූෂිත නිලධාරියා සිදු කොට ඇත්තේ කූට ලේඛන සකස් කරමින් තමන්ට හිතවත් කොන්ත්‍රාත් කරුවෙකුට අදාල කොන්ත්‍රාත්තුව ලබාදීමට ක්‍රියා කිරීමය.
මෙම දූෂිත නිලධාරියා තමන් භාරයට ගත් ලංසු විවෘත කිරීමේ ලේඛන, තාක්ෂණික ඇගැයීම් කමිටුවට ලබාදීමට පෙර, අදාල ලංසු ලේඛනය ඔහුගේ අත් අකුරු යොදා ගනිමින් වෙනස් කර ඇත. මෙම වෙනස් කිරීම සිදු කොට ඇත්තේ ලංසු විවෘත කිරීමේ කමිටුවේ සිටි සාමාජිකයන්ට හොරෙන් ය. එසේ වෙනස් කිරීමෙන් පසුව, ලංසු ඉදිරිපත් කර නොතිබුණු ආයතනයක ලංසුවක් ඉතා වංචනික ලෙස අදාල ලංසු විවෘත කිරීමේ ලේඛන ඇතුළත් ලිපිගොනුවට ඇතුළත් කොට ඇත. මෙසේ වංචනික ලෙස ඇතුලත් කොට ඇත්තේ M. M. G. Construction නමැති ආයතනයක් විසින් ඉදිරිපත් කළා යැයි කියන ලංසුවක් ය. M. M. G. Construction නමැති ආයතනය, යන්ත්‍ර සැපයීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ආයතනයක් නොවේ. එම ආයතනය ලියාපදංචි වී නැත්තේ ඔවුන් සතුව යන්ත්‍ර නොමැති නිසා ය. මේ බව ඉතා හොඳින් දන්නා සකූන්ත පත්මසිරි මෙම කෙන්ත්‍රාත්තුව M. M. G. Construction වෙත ලබා දීමට උත්සහ කර ඇත්තේ එමගින් අල්ලස් ලබාගැනීමට හෝ සකුන්ත සතු යන්ත්‍ර මෙම කොන්ත්‍රාත්කරුවා හරහා සේවය සඳහා යෙදවීමට දැයි බරපතල සැකයක් මතු වී ඇත. මෙසේ කූට ලේඛන සැකසීම දීර්ඝ කාලයක සිට සිදුවන්නකි. මෙය ඔහුගේ නිල බලය අයුතු ලෙස භාවිතා කිරීමකි.
සකුන්ත පත්මසිරි නම් වූ මෙම දූෂිත ඉංජිනේරුවරයා වංචනික ලෙස අලුත් ලංසුවක් අදාල ලංසු ලේඛන ලිපි ගොනුවට ඇතුළත් කළද, අනිවාර්ය අවශ්‍යතාවයක්ව පවතින දින මුද්‍රාව ඒ මත සටහන් කර ගැනීමට ඔහුට හැකි වී නැත. එසේම ලංසු විවෘත කිරීමේ කමිටුවේ සාමාජිකයන්ගේ අත්සන් ද එහි නොමැත. මොහු විසින් වෙනස් කළ ලංසු ලේඛන වලට අදාළව තාක්ෂණික ඇගයීම් වාර්තාවද මොහු විසින්ම සකසා ඇත. ඉන් පසුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයින් රවටා ඔවුන්ගේ අත්සන් ඊට ඇතුළත් කිරීමට ද මොහු ක්‍රියා කොට ඇත.
සකුන්ත පත්මසිරි නමැති දූෂිත නිලධාරීයාගේ මෙම වංචාව හෙලිදරව් වන්නේ, මෙය හදිසි වැඩක් ලෙස සලකා, අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා සුළු ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී ය. කූට ලේඛන ඉදිරිපත් කරමින් සුළු ප්‍රසම්පාදන කමිටුව රැවටීමට සකුන්ත පත්මසිරි ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය විසින් කූට ලේඛන සැකසීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීම ආරම්භ වූයේ ඉන් අනතුරුව ය. මේ අතර තුර, තමන්ව රැවටීමට සහ තමන්ව වංචාවකට හසුකර ගැනීමට ගත් උත්සාහය හමුවේ කලකිරීමට පත් වූ සුළු ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරිය එම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත.
අභ්‍යන්තර විගණන අංශය විසින් ආරම්භ කරනු ලැබූ විමර්ශනය දියාරු කිරීමට අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර ක්‍රියා කළ නිසා, විමර්ශනය දිගු කලක් අඩපණව පැවතිණ. කෙසේ වෙතත් වෙරළ සංවර්ධන අංශයේ ප්‍රධාන ඉංජිනේරු සකුන්ත පත්මසිරි විසින් කූට ලේඛන සකසා අදාළ කොන්ත්‍රාත්තුව ඔහු ගේ හිතවතෙකුට ලබාදීමට උත්සාහ කර ඇති බවට අභ්‍යන්තර විගණන අංශය මගින් සිදු කරනු ලැබූ මූලික පරීක්ෂණයේදී ඔප්පු වී ඇත. එම විමර්ශන වාර්තාව අභ්‍යන්තර විගණන අංශය විසින් අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාරට භාර දී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී ය. රජයේ සේවකයෙකු කූට ලේඛන සැකසීම යන වරද සිදු කර ඇති අවස්ථාවක ඊට එරෙහිව ඔහු සම්බන්ධයෙන් ගත යුතු සහ ගත හැකි කිසිදු ක්‍රියා මාර්ගයක් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙතෙක් ගෙන නොමැත. නමුත් මේ වන විට සිදු වී ඇත්තේ ආයතනයේ අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධානියා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයෙන් ඉවත් වී වෙනත් ආයතනයකට ගොස් තිබීමය. මේ තත්ත්වය යටතේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇත.
මෙම කූට ලේඛන සැකසීම දීර්ඝ කාලයක සිට මෙම නිලධාරියා විසින් සිදු කරමින් පවතින දෙයක් වන අතර, මේ ආකාරයට ලන්සු ලේඛන විශාල ප්‍රමාණයක් වෙනස් කරමින් ප්‍රසම්පාදන ක්‍රියාව ඔහු විසින් දිගටම දුෂණය කර ඇත. ඉහතින් දක්වා ඇත්තේ ඔහු විසින් සිදු කළ දුෂණ වලින් අතට අසුවූ එක් දුෂණයක් පමණි.
ලංසු ලේඛන කූට ලෙස වෙනස් කිරීම, වංචා සහගතව ව්‍යාජ ලංසුවක් ලංසු ලේඛන වලට ඇතුලත් කිරීම, ඔහුට අදාළ නොමැති කාර්යයක් වන තාක්ෂණික ඇගැයීම් වාර්තාවක් සකස් කිරීම, එසේම එම වාර්තාව තාක්ෂණික ඇගැයීම් කමිටුවේ සමාජිකයන්ව රවටා අත්සන් ලබා ගැනීම, සුළු ප්‍රසම්පාදන කමිටුව නොමඟ යවා කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ දැරීම, රජයේ මුදල් භාවිතා කොට තම හිතවතුන්ගේ හෝටල් ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම සහ ප්‍රසම්පාදන අනුමැතිය ලැබීමට පෙර අදාළ ඉඳිකිරීම් සිදු කිරීම යන දූෂිත සහ අනීතික කටයුතු විශාල ප්‍රමාණයක් මෙම නිලධාරියා විසින් සිදු කොට ඇත. මීට අදාළ සියලු ලිඛිත සාක්ෂි අප සතුව ඇත. ඉන් කිහිපයක් පමණක් අපි අද මේ වාර්තාව සමඟ ඉදිරිපත් කරමු. (ලංසු ලේඛනය සහ කූඨ ලෙස සැකසූ ලංසු ලේඛනය ඉමේජ වල දැක්වේ - බලන්න)
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන දූෂණ සහ වංචා පිළිබඳව මීට පෙර අප විසින් අවස්ථා කීපයක දී හෙළිදරව් කළ නමුත්, ඒවා වැළැක්වීමට හෝ ඊට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් ගැනීමට ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර ක්‍රියා නො කළේය. ඉන් අනතුරුව අප මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති කාර්ය සාධක බළකා සාමාජිකයන්ගේ හෝ කඩිනම් අවධානය යොමු කරන ලෙස ඉල්ලා තවත් දූෂිත ක්‍රියාවක් පිළිබඳව හෙළිදරව්වක් සිදු කළෙමු. මේ කිසිවකටවත් කිසිදු යහපත් ප්‍රතිචාර දැක්වීමක් මෙතෙක් සිදු වී නැති බව ඉතා කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතු ය.
සාක්ෂි සාධක සහිතව දූෂණ සහ වංචා පිළිබඳව හෙළිදරව් කරන විට, ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නේ කුමක් නිසාද යන්න පිළිබඳව ඇත්තේ විශාල ගැටලුවකි. මේ තත්ත්වය තුළ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන්, එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ණ රැකවරණය ඇතිව දිගින් දිගටම දූෂිත ක්‍රියා සිදු කරමින් සිටින බව එම ආයතනයට සම්බන්ධ තොරතුරු වලින් අප වෙත දිගින් දිගටම වාර්තා වේ. අධ්‍යක්ෂ ජනරාල්වරයා මාතර රාහුල විද්‍යාලයේ සහ රුහුණු සරසවියේ ආදී සිසුවෙකු බවත්, ඒ නිසාම මේ රජයේ ඉහළම මට්ටමේ නිලතල දරමින් සිටින රාහුලයන්ගේ සහ රුහුණු සරසවි සගයන්ගේ රැකවරණය වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇති බවත් ඔහු විසින්ම විවිධ ස්ථාන වල දී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ. එවැනි රැකවරණයක් ලැබෙනවා ද? නොලැබෙනවා ද? යන්න පිළිබඳව අප නොදන්නා නමුත්, වෙරළ සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවන දූෂණයන්ට සහ දූෂිතයන්ට එරෙහිව ක්‍රියා මාර්ග නොගැනීම ප්‍රමාදවීමට යම් ප්‍රබල හේතුවක් බලපා තිබේ ද යන්න පිළිබඳව නම් අපට ඇත්තේ කුහුලකි.
කෙසේ වෙතත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින දූෂිත ක්‍රියා පිළිබඳව අපි තව දුරටත් දිගින් දිගටම කරුණු අනාවරණය කිරීමට සූදානම් ය. ඒවා සම්බන්ධයෙන් කිසියම් වූ හේතුවක් නිසා වත්මන් ආණ්ඩුවේ නිසි අවධානය යොමුවීම වැලකෙන්නේ නම්, අදාළ දූෂිත නිලධාරීන්ට සහ ආණ්ඩුව විසින් පත් කළ බලධාරීන්ට එරෙහිව රටේ පුරවැසියන් ලෙස නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමුවීමටත් අප පසුබට නොවන බව සඳහන් කරමු.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106
සබැඳි ලිපි;
* ජනාධිපතිගේ CLEAN SRILANKA ව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව DIRTY කරළා..! දූෂිත නිලධාරීන්ගේ නම් ගම් මෙන්න..!!
* ජනපති පරීක්ෂනය එන්න පෙර වෙරළ සංරක්ෂණ ලොක්කෝ කූඨ ලේඛන හදන්න පටන් අරන්...! දෙවැනි කොටස මෙන්න..!
* මෙන්න වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර මාෆියාව නම් ගම් එක්ක..! ආයතන ප්‍රධානියා හොරුත් එක්ක...! ඇමතිවරු කිසිත් නොදනී...! අපිත් නිකම් ඉන්නේ නැත..!
---------------------------
by (2025-10-16 18:08:22)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි