~

යහපාලන ආණ්ඩුව නාවුක හමුදාවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ රාජපක්ෂ අවතාර වලට මෙපමණ බයද? ඝාතන දූෂණ හෙලිකරන ලුතිනන් කොමදෝරු වෙලගෙදර යලි අනතුරේ

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.14, ප.ව‍‍‍‍‍‍.11.30) යහපාලන ආණ්ඩුවේ කොන්ද පණ නැති කම පෙන්වන ප්‍රධාන සිදුවීමක් වූ නාවුක හමුදාවේ කරන්නාගොඩ යුගයේ ඝාතන සහ දූෂන හෙලිකළ ලුතිනන් කොමදෝරු කේ.සී. වෙලගෙදර ආරක්ෂා නොකර ඔහු ඝාතකයන් සහ දූෂකයන් රකින වත්මන් කුමන්ත්‍රණ කාරයන්ට බිලි දීමේ සිද්ධි දාමයේ නවතම සිද්ධිය ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

74 වතාවක් පිටරට ගිය යෝෂිත රාජපක්ෂ ඉන්  50 වතාවක්ම අනවසරයෙන් පිටරට ගොස් තිබියදී ඔහු නිරුපද්‍රිතව තබා කේ.සී.වෙලගෙදර එක් වතාවක් පිටරට යෑම සම්බන්ධයෙන් ඔහුට වසර 4 ක් උසස් වීම් නොදීමට රාජපක්ෂගේ නඩු මෙහෙයවන ජජ් ඇඩ්වකේට් ශවීන්ද්‍ර ප්‍රනාන්දු මෙහෙයැවූ නාවුක හමුදා අධිකරණයක් තීන්දු කළ බව මීට පෙර අප විසින් වාර්තා කරන ලදී. එම තීන්දුවට එරෙහිව වෙලගෙදර විසින් අභියාචනයක් සේනාධිනායක ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවද වාර්තා කරන ලදී. 

නාවුක හමුදාවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ සිටින රාජපක්ෂ රෙජීමයට තවමත් කඩේ යන බත් බැලයන් විසින් වෙලගෙදරගේ  අභියාචනය ජනාධිපතිවරයා වෙත අද දක්වාම ලබා නොදී ඔහු තවත් හමුදා අධිකරණයක් ඉදිරියට කැඳවීමට කුමන්ත්‍රණය කිරීම නවතම සිදුවීමයි.

හමුදා නිලධාරියෙකුට සේනාධිනායකයා වෙත අභියාචනා ඉදිරිපත් කළ හැක්කේ තම හමුදාපතිවරයා හරහා ය. ඒ අනුව වෙලගෙදරගේ ගේ අභියාචනය වත්මන් නාවුක හමුදාපතිවරයා තමා අතේ තබා ගනිමින් සතියක් කල් මැරුවේය. ඉන්පසු එය ආරක්ෂක අමාත්‍යාංශය වෙත යවා ඇති අතර දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් වන සිරිපාල හෙට්ටිආරච්චි නමැති මරාවාදී සට්ටැඹියා එය තමා වෙත සඟවා ගනිමින් සති 3 ක් තිස්සේ ජනාධිපතිවරයා වෙත යවා නැත. 

මෙකී සිරිපාල හෙට්ටිආරච්චි මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයට පැමිණ වසර 10 කට අධිකය. රාජ්‍ය නිලධාරියෙකුට එක ආයතනයක සේවය කළ හැක්කේ වසර 5 ක් පමණි යන නීතිය සිරිපාල හෙට්ටිආරච්චිට බලපා නොමැත. රාජපක්ෂලාගේ වනචර දශකයේ ඔවුන් සමග එක පතේ කෑ සිරිපාල හෙට්ටිආරච්චි කරන්නේ තවමත් ඒ වනචර දශකයේ සිදුවූ ඝාතන දූෂන හොරකම් වසන් කිරීමට උදව් කිරීම  බව මෙම වෙලගෙදර සිද්ධියෙන් මනා ලෙස පැහැදිලි වේ. 

මීට අමතරව කේ.සී.වෙලගෙදර නාවුක හමුදාව තුල බරපතල තර්ජනයකට ලක්ව තිබේ.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් පුද්ගලිකවම මෙහෙයවන ලද ඝාතකයන් පිරිසක් විසින් 2010 දී ත්‍රිකුණාමලයේ සිසුන් 7 දෙනෙකු ඇතුළු 28 ක් කප්පම්  සඳහා පැහැරගෙන, කප්පම් ලබා ගැනීමෙන් පසු මරා දැමීම සම්බන්ධයෙන්ද, ඕස්ට්‍රේලියාවට සරණාගතයන් බෝට්ටු පිටින් පැටවීමට සම්බන්ධ වූ නාවික හමුදා නිලධාරීන් පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් තිබෙන පරීක්ෂණයේදී ලුතිනන් කොමදෝරු කේ.සී වෙලගෙදර ප්‍රබල සාක්කි කරුවෙකි. 

පසුගියදා ඔහුගේ ලිය කියවිලි ඇතුලත් ලොකරය නාවුක හමුදාවේ කුමන්ත්‍රණ කරුවන් විසින් කඩා වටිනා ලිය කියවිලි සොරකම් කරගෙන ගොස් තිබේ. 

එපමණක් නොව දැන් වෙලගෙදරට සාක්කි දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යෑමට අවශ්‍ය අවසරය ලබා දෙන්නේ ද නැත.

නවතම තත්ත්වය නම් වෙලගෙදරට එරෙහිව තවත් හමුදා අධිකරණයක් කැඳවීමට ලක ලැහැස්ති වීමයි.  

මේ සියලු අවනීතික කාරණා පිටුපස සිටින්නේ ඝාතකයන් සහ දූෂකයන් ආරක්ෂා කරන වත්මන් නාවුක හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ය. 

ප්‍රශ්නය වන්නේ යහපාලනප්‍රේමී අති බහුතර ජනතා ඡන්දයෙන් පත්වූ යහපාලන සේනාධිනායකයෙකු රටේ සිටියදී තවමත් රාජපක්ෂ යුගයේ අවතාර වලට තමන්ට අවශ්‍ය ආකාරයට සෙල්ලම් වෙට්ටු වංගු දැමීමට ඉඩ හසර සලසා තිබීම ය. මේ අවතාර එළවා දමා තත්ත්වය තමාට අවශ්‍ය ආකාරයට පාලනය කර ගත නොහැකි වෙතොත්  සේනාධිනායකයාගේ ජීවිතයද අනතුරේ බව සටහන් කර තැබිය යුතුය.

සබැඳි පුවත්
1) 50 වතාවක් හමුදා විනය කැඩූ යෝෂිත නිදැල්ලේ තබා එක් වතාවක් විනය කැඩූ යහපාලනවාදියාට දඬුවම් දීම ගැන හේතු කියන්න ආ නාවික හමුදා ප්‍රකාශක ඇනගනී : සුජීව සේනසිංහ ගොබ්බකම ප්‍රදර්ශනය කරයි (Video)

2) ආරක්ෂක ලේකම් යහපාලනය කණපිට ගස්සන බව යලි සනාථ කරයි: 29 වතාවක් රට ගිය යෝෂිත නිරුපද්‍රිතව සිටියදී එක් වතාවක් රට ගිය රජයේ සාක්කිකරුවාට මහින්දගේ නීතිඥයා ලවා දඬුවම් දෙයි

3) පුදුමයි ඒත් ඇත්තයි..! රාජපක්ෂලාගේ බයියෝ සේනාධිනායකයාට කොකා පෙන්වති..!! රාජපක්ෂගේ බයියෙක් නාවික හමුදාවේ නඩුත් අසා යහපාලනවාදීන් හිරේ දමන්නත් යයි

---------------------------
by     (2016-07-14 20:05:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Janaadhipathithumaa mema siddhiya gana vahaama madahathveema avashyayai.
-- by nareen on 2016-07-15

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links