~

ජනපති මෛත්‍රී ‘සයනයිඩ් පාරේ‘ ඉදිරියට..! අධිකරණ නියෝග නොතකා නාවික හමුදාවේ සුදු වෑන් ඝාතකයන් බේරා ගැනීමට පෙරට

(ලංකා ඊ නිව්ස් -2017.ජන.30, ප.ව‍.12.40) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යලිත් වරක් “රණවිරු මානසිකත්වයට“ යට වී නාවික හමුදාවේ අපරාධකරුවන් පිරිසක් අත් අඩංගුවට ගැනීම වළක්වා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. ජනාධිපතිවරයා මෙම ක්‍රියාව කර ඇත්තේ එකී පිරිස අත් අඩංගුවට ගන්නා ලෙස දී ඇති අධිකරණ නියෝගයක්ද නොතකා ය. 

රාජපක්ෂලාගේ වනචර දශකයේ වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිව සිටි  කාලයේදී කොළඹ සහ  ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි උසස් පෙළ  සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටි දෙමළ, සිංහල සහ මුස්ලිම්  ධනවතුන්ගේ දරුවන්ද ඇතුළු 10 දෙනෙකු නාවික හමුදාවේ ඝාතන කල්ලියක් විසින් සුදු වෑන් වලින් පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් පසුව ඝාතනය කිරීමේ තිරශ්චීන අපරාධ වැලක් සම්බන්ධයෙන් දීර්ඝ පරීක්ෂණයක් සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය) විසින් පසුගිය ජනවාරි 14 දා  නාවික හමුදාවේ වැලිසර නාවික හමුදා කඳවුරේ එවකට සේවය කළ ධම්මික අනිල් මාපා නමැති නිලධාරියෙකු අත් අඩංගුවට ගත්තේය.

පසුව ජනවාරි 26 වෙනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා වෙත ධම්මික අනිල් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු පෙබරවාරි 9 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා අනෙකුත් පුද්ගලයන්ද අත් අඩංගුවට ගන්නා ලෙස සීඅයිඩියට නියෝග කෙළේය. සීඅයිඩිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව එම සිද්ධියට අදාළව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන එවකට කොළඹ බාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද අධිකරණය අවසර දුන්නේය.

ඉන්පසුව තමන්වද අත් අඩංගුවට ගැනීමට යන බව සැලවූ මෙම අපරාධයට සම්බන්ධ එවකට නාවික හමුදාපති ධූරය දැරූ වසන්ත කරන්නාගොඩ සහ වත්මන් නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න දෙදෙනා රහසේම ජනාධිපතිවරයා හමුවී ඔහුව “අන්දා“ ඇත්තේ නාවික හමුදා සාමාජිකයන්ට එරෙහි මෙකී පරීක්ෂණ ‘රණවිරුවන්ට‘ එරෙහිව කරනු ලබන පරීක්ෂණ බවත් එමගින් ජාතික ආරක්ෂාවට බලපෑමක් විය හැකි බවත් ය. මීට පෙරද මෙවැනි තර්ක ගොතමින් වනචර දශකයේ අපරාධ වලට සම්බන්ධ රාජපක්ෂලාගේ හෙංචයියන් ලෙස ක්‍රියා කළ ආරක්ෂක හමුදාවල පිරිස් කෙරෙහි වරදාන ලබා දීමේ පුරුද්දක් ඇති  ජනාධිපතිවරයා මෙම තිරශ්චීන අපරාධයට සම්බන්ධ නාවික හමුදා ප්‍රබලයන් අත් අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි සීඅයිඩියට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයාගේ එම උපදේශය 26 දා අධිකරණය විසින් ‘අනෙකුත් පුද්ගලයන්ද අත් අඩංගුවට ගන්නා ලෙස‘ දුන් නියෝගයට සම්පූර්ණයෙන්ම පිටුපෑමකි. අනෙක් අතට විශාල කාලයක් දරා අපරාධකරුවන් කොටු කර ගැනීමට වෙහෙස ගන්නා අපරාධ පරීක්ෂකයන්ව දුර්මුඛ කිරීමකි.  

කෙසේ වෙතත් ඉන්පසුව වත්මන් නාවික හමුදාපති රවීන්ද්‍ර ගුණරත්න නාවික හමුදාවේ අපරාධ කරුවන්ට පවසා ඇත්තේ තමා ජනාධිපතිවරයා හමුවී සිද්ධිය සම්බන්ධයෙන් ‘ඇපයක් දමා ගත්‘ බැවින් බිය නොවන ලෙස ය.

නාවික හමුදා සුදු වෑන් ඝාතක කණ්ඩායමේ ප්‍රධානියා වන්නේ එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ බඩියා හෙවත් අධි සහායක ලෙස කටයුතු කළ සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් ය. මොවුන් විසින් කප්පම් සඳහා පැහැරගෙන ගොස් කප්පම් ලබා ගෙන මරා දැමූ පුද්ගලයන් සතුව තිබූ වාහන, පැළැඳගෙන තිබූ රත්‍රන් පළඳනා, පවා නාවික හමුදාවේ තිබී මේ වන විට සීඅයිඩිය විසින් සොයා ගෙන තිබේ. ඝාතනය කරන ලද ත්‍රිකුණාමලයේ සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් පවා නේවි සම්පත් ලඟ තිබී හසුවිණ. 

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයක් යොමුව ඇති මෙම සාහසික අපරාධයේ අපරාධකරුවන්ට “රණවිරු“ ලේබලය අලවා ඔවුන්ට දඬුවම් දීමෙන් ගලවා ගැනීමට යහපාලන ජනාධිපතිවරයාට කිසිදු ජනවරමක් ලැබී නැත. මන්ද යත් ඔහු 2015 ජනවාරි 08 වෙනිදා ජනතාවට පොරොන්දු වූයේ රාජපක්ෂ යුගයේ අපරාධ කළ වුන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා දඬුවම් දෙනවා කියා මිස ඔවුන් ‘රණවිරුවන්‘ කියා බේරා ගන්නවා කියා නොවන නිසා ය.

මේ අතර ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමට සහ ලසන්ත ඝාතනයට ඍජු ලෙසම සම්බන්ධ හමුදාවේ අපරාධකාරී නිලධාරීන්ට ජනාධිපතිවරයාගේ කුප්‍රකට ‘සයනයිඩ් කතාවෙන්‘ පසු ඇප මත නිදහස ලැබීමේ ‘වාසනාව‘ හිමි විය. එපමණක් නොව ප්‍රගීත් ගේ අතුරුදහන් කරවීමට සම්බන්ධ වීම නිසා වැඩ තහනම් කර තිබූ යුද හමුදා අපරාධකරුවන් පිරිස යලි රැකියාවේද පිහිටුවේ ය. එය සම්පූර්ණයෙන්ම රටේ ආයතන සංග්‍රහයට පටහැනි ක්‍රියාවකි. රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙකු යම් අපරාධයක සැක කරුවෙක් ලෙස නම් කරමින් නඩුවක් විභාග වන්නේ නම් චෝදනාවෙන් නිදහස් වනතුරු ඔහුගේ වැඩ තහනම් කිරීම වහාම කළ යුතු යැයි ආයතන සංග්‍රහයේ පැහැදිලිවම දැක්වේ. නමුත් ඒ කිසිවක් නොතකා ප්‍රගීත් අතුරුදහන් කරවීමේ සැකකරුවන් සියළු දෙනාටම යුද හමුදාවේ රැකියාව හිමි වී තිබේ. සේනාධිනායකයා ජනාධිපතිවරයා බැවින් ඔහුට මෙම නීති විරෝධී ක්‍රියාවේ වගකීමෙන් ගැලවිය නොහැකිය 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසාන මොහොත දක්වාම ශ්‍රීලනිපයේ මහ ලේකම් ලෙසත්, රාජපක්ෂ රෙජීමයේ ප්‍රධාන කැබිනට් ඇමැතිවරයෙකු ලෙසත්, වැඩ බැලූ ආරක්ෂක ඇමැතිවරයෙකු ලෙසත්, ඒ යුගයේ සිදුකරන ලද සියළු අපරාධ සහ සොරකම් සඳහා වගකීම දැරිය යුත්තේය. නමුත් ජනතාව එය නොතැකුවේ සහ ඔහු එම වගකීමෙන් නිදහස් කෙළේ ඔහු රෙජීමයෙන් ඉවත්වී පොදු අපේක්ෂකයා වීමත්, ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු තමන් නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වන බවටත් කරන ලද ශපථ කිරීම් නිසාය. පොදු අපේක්ෂකයා ජය ගෙන ජනාධිපති වීමෙන් පසු සිරිසේන මහතා නිර්පාක්ෂික නොවී යළි ශ්‍රීලනිපයේ නායකයා වන්නේ නම් පෙරදී ජනතාව විසින් ඔහුව නිදහස් කරන ලද අපරාධ සහ සොරකම් සම්බන්ධයෙන් වගකීමද ඔහු විසින් යලි ලබා ගැනීමක් සිදුකරන්නේ ය. දැන් ඔහු ඊටත් එහා ගොස් රාජපක්ෂ යුගයේ සිදුකරන ලද අපරාධ වලට වගකිව යුතු අපරාධකරුවන්ව බේරා ගැනීමට ද පෙරට පැමිණ තිබේ. සිරිසේන මහතා විසින් මෙසේ ක්‍රියා කිරීම රාජපක්ෂලා මෙලෙස ක්‍රියා කළාටත් වඩා බරපතල වරදකි.

රටක පාලකයා තමන් බලයට ගෙන ආ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීම අත්හළ නොහැකි වගකීමකි. ඉෂ්ඨ කළ නොහැකි බලාපොරොත්තු තිබිය හැකි වුවද ඒ සඳහා උත්සාහ කරන බව හෝ පෙන්වීම පාලකයන්ගේ සිරිතකි. එසේ නොවී තමන් බලයට ගෙන ආ ජනතාව විසින් පරාජය කරන ලද පක්ෂයේ නායකයා වනවාට අමතරව එකී පරාජය කරන ලද බලවේගයන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට වලිකන පාලකයෙක් ලෝක දේශපාලනයෙන් සොයා ගත නොහැකිය. එවැන්නෙකු වන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පමණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට මෙවැනි ‘සයනයිඩ් උපදේශ‘ දෙන අයගෙන් ප්‍රවේශම් නොවී තමන් යන ‘සයනයිඩ් මගේ‘ කෙළවර දක්වා ගොස් ඔහු දේශපාලනිකව හුදකලා අවසානයකට ගොදුරු වීම වැළැක්විය නොහැකිය. 

වැඩි දුර කියවීමට පෙර පුවත්

වනචර දශකයේදී පැහැරගෙන කප්පම් ගෙන ඝාතනය කළ ත්‍රිමලයේ සිසු ඝාතන වැලට සම්බන්ධ නාවික හමුදා නිලධාරියෙක් අත් අඩංගුවට..! තෝරු මෝරු ඇල්ලීම ලඟදීම

වසන්ත කරන්නාගොඩ සහ නාවුක හමුදා සුදු වෑන් ඝාතකයන් සිදුකළ මෙම තිරශ්චීන සිසු ඝාතන ගැන සිද්ධිය කෙටියෙන්

---------------------------
by     (2017-01-30 07:35:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

What Else you can expect from an idiot who has no vision but greed?
-- by Shantha on 2017-01-30

Can My3 be impeached or sued in court of law for aiding and protecting criminals and murderers? Can we go to International Court of Law against My3?
-- by silva on 2017-01-30

Me Gon, P----- kaya gana kiyala wadak na. Me Gon Ballawa " Impeach " karanta Barida ? Nodaking ara " Shiral Lakthilakalata " vili- lajjahawak nadda muge Adviser kenek wela inna eka gana. Ane , Prof. Sarath Wijesooriya mahaththayo, dan nam paththara walata liya-liya indala wadak na. Puluwan tharam ikmanatama Civil Society eke Ugath/Buddhimath pirisak sambanda karagena Next Election ekata Pirisidu - Desha-Palana Pakshayak pihitawamu. Me gana gamburin salaka balanta.
-- by Bandula on 2017-01-31

Nothing to surprise, this is the attitude of ordinary Grama Sevaka. That is his education background and unprofessionalism. However, Mrs. CB responsible for this happening because he won’t be the President without her. No point writing to Professor Sarath Wijesuriya about this because this person cannot understand what educated and professional people saying. We feel very sorry about the all professionals of Civil Society, because all their hard effort is down the drain. Only hope now is mother nature no one could go against her, she will react at right time at right place.
-- by Batty on 2017-01-31

My Dear Batty, Your Comment is very True , unfortunately we got the nominal Independence from the British rule.
-- by Bandula on 2017-01-31

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links