~

රටට ආයුධ ගෙන්වීමට කිලී මහාරාජාට අවසර දීමට යෑම ගැන හමුදා බුද්ධි අංශ තැති ගනී..! ආයුධයි මාධ්‍යයි එක අතට ගැනීමට මහාරාජා ජනමාධ්‍ය නියාමනයට පහර දෙයි

(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.17,  පෙ.ව‍‍‍‍.5.10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානීන් ලෙස තම සට්ටැඹියන් පත් කර, ඔවුනට අත යට වෙනම වැටුප් සහ අල්ලස් ලබා දෙමින් ජනාධිපති මාධ්‍ය ඒකකය තම මාධ්‍ය ජාලයේ ශාඛාවක් බවට පත් කරගෙන,  සිරිසේන මහතාටද කප්පරක් ‘සිඟිති ජංගි‘ අන්දා ඔහුවද ගොනාට අන්දවා ගෙන සිටින කැපිටල් මහාරාජා සමාගමේ අධිපති රාජා මහේන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා, මෙසිරි ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට ආයුධ සැපයීමේ ඒජන්තවරයෙකු ලෙස කමටහන් ලැබීමට යෑම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ තැතිගෙන තිබේ.

පට්ට දූෂිතයෙකු ද, ස්ත්‍රී ධූර්තයෙකුද, බාල විස්කි ලෝලියෙකුද වූ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිව මහාරාජාගේ සට්ටැඹි නිමල් කුක්ගේ නිවසට කැඳවා දොල පිදේනි දී ඔහු මගින් ජනාධිපති සිරිසේන මහතාවද අන්දා, රුසියාවේ නිපදවන ලද යුද නැවක් ඩොලර් මිලියන 300 කට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇඟේ ගැසීමට කරන ලද වෑයම ලංකා ඊ නිව්ස් කරන ලද හෙළිදරව් කිරීම් නිසා යාන්තමින් නතර වුනි. (පහත සබැඳියන් තුල ඇති පෙර පුවත් කියවන්න)

එසේ වී නමුත් තම ජාගර ඉලක්කය අත් නොහැරි කිලී මහාරාජා කලක් තිස්සේ ලංකාවට ආයුධ ගෙන්වූ රුසියානු “Rosoboronexport“ සමාගමේ ඒජන්ත ධූරය ලබා ගනිමින් ලංකාවේ ආයුධ ඒජන්තයෙකු ලෙස නීත්‍යාණුකූල වීමට තැත් කරමින් සිටී.

කිලී මහාරාජා ත්‍රස්තවාදයට උදව් කළ හැටි 

නිදහසින් පසු ලංකාව විනාශ මුඛයට යොමු කළ තිස් අවුරුදු වාර්ගික යුද්ධයේ දී කිලී මහාරාජා කෙළේ ශ්‍රී ලාංකීය රාජ්‍යයට එරෙහිව සටන් කළ ත්‍රස්තවාදීන් සමග සහයෝගයෙන්, ඔවුන්ට කප්පම් දෙමින් තම ව්‍යාපාර සාර්ථක කර ගැනීම බව හමුදා බුද්ධි අංශ ඉතාමත් හොඳින් දනිති. කිලී මහාරාජා පයිප්ප බටයෙන් පමණක් නොව පෙප්සිකෝලා බෝතලයෙන් පවා ත්‍රස්තවාදීන්ට කප්පම් දුන්නේය. කොළඹට ආ ත්‍රස්තවාදීන්ට රැකවරණය දුන්නේය. ත්‍රස්තවාදීන්ට රට යෑමට පහසුකම් සැපයුවේ ය. එබැවින් ත්‍රස්තවාදීන් පරාජයට පත්වීම කිලී මහාරාජාට ඉහිලුම් දුන්නක් නොවීය. 

ඒ බව ඉතාමත් හොඳින් තහවුරු වූයේ ශ්‍රී ලංකා රාජ්‍යයේ හමුදාව ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන බලකොටුව වූ කිලිනොච්චිය තම අණසකට යටත් කර ගනිද්දී කිලී මහාරාජාගේ හැසිරීමෙනි. එය තිස් අවුරුදු යුද්ධයේ තීරණාත්මක කඩ ඉමක් විය. ඔහු තම මාධ්‍ය ජාලයෙන් කිලිනොච්චිය අත්පත් කර ගැනීම වාර්තා කිරීම සුළු කොට දමා එදිනම කොළඹදී ත්‍රස්තවාදීන් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට පළමුතැන දෙමින් තම මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් දුන්නේ ය. එම වාර්තා කරණය කෙතරම් නීච ද යත් එහිදී තුවාල කරුවන් රෝහලට පැටවීම පෙන්වීම සඳහා ඔවුන් භාවිතා කෙළේ සත්‍ය රූප රාමු නොව පැරණි රූප රාමුය. ඒ අන් කිසිවකට නොව කිලිනොච්චි ජයග්‍රහණයට වඩා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වඩා බලවත් බව ජනතාවට ඇඟවීමට ය. සත්‍ය වශයෙන්ම එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හමුදා කඳවුරක් ඉදිරිපස හුදකලාව කර ගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් වූ අතර ඉන් විශාල හානියක් සිදු නොවිණ. නමුත් කිලී මහාරාජා එය දෙගුණ තෙගුණ කරමින් පරණ රූප රාමු සමග ජනතාව මුලා කරමින් වාර්තා කෙළේය. 

කිලී මහාරාජා ඒකාධිපතියාට උදව් කළ හැටි

ඉන් කිපුණු ගෝඨාභය රාජපක්ෂ කෙළේ කිලී මහාරාජාගේ මාධ්‍ය ආයතනයට දරුණු හානි කරමින් පහර දීමයි. ඊට ක්ලේමෝ බෝම්බද භාවිතා කර තිබිණ. එහිදීද කිලී මහාරාජා කෙළේ සත්‍ය වෙනුවෙන් ක්‍රියා කිරීම නොව මිනීමරු ගෝඨාභය සමග ඩීල් එකක් දමා ගැනීමය. ඊට පසු වෙසක් පෝදා තම වෙසක් කලාපය විවෘත කිරීමට කිලී මහාරාජා ආරාධනා කෙළේ තමන්ට ක්ලේමෝ වලින් පහර දුන් ගෝඨාභයට ය. එතැන් සිට රාජපක්ෂලාගේ නමක් කියැවෙන සෑම අවස්ථාවකම ‘මීක්‘ හඬකින් එය වසන් කර රාජපක්ෂලා උත්කර්ෂයට නැංවීමත් එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ ප්‍රධානීන්ට පහර දීමත් තම අංක එකේ ප්‍රවෘත්ති වාර්තාකරණය ලෙස කරගෙන ගියේ ය. මහාරාජාගේ රාජබොරු වලට නොරැවටුණු සැබෑ ජනතාව එජාප නායකයා ප්‍රමුඛ විපක්ෂ සන්ධාන පෙරමුණට ඡන්දය දී රාජපක්ෂලා පරාජය කිරීමෙන් පසු කිලී මහාරාජා අංශක 180 කින් ආපසු වටයක් කරකැවී යහපාලන ජනතා සටනේ යථාර්තය නොදත්, නායකත්ව අත්දැකීම් වල බිංදුවේ සිටි වත්මන් ජනාධිපති සිරිසේන මහතාව බිලී බා ගත්තේ ය. මොළේ කළඳක් ඇති ජනාධිපතිවරයෙක් කිලී මහාරාජාගෙන් වැටුප් ලබන වුන් තම මාධ්‍ය ප්‍රධානීන් කරගන්නේ නැත. නමුත් සිරිසේන මහතා එය කෙළේය. එහි හානි කෙතරම් පෙන්වා දුන්නද ඔහු ගණන් ගන්නේද නැත. ඉන් පෙනී යන්නේ මහාරාජාගේ ඇම ඔහු කෙතරම් දුරට ගිල තිබේද යන්නයි. දැන් ‘රෝයල්ටි ක්ලේම්‘ කරන ලෝකයේ එකම ජනාධිපති මාධ්‍ය අංශය සිරිසේන මහතාගේ මහාරාජා මාධ්‍ය අංශයයි.

රිසි ආකාරයෙන් ජනාධිපතිවරයා බිලී බා ගැනීමේ කූඨක කුමන්ත්‍රණයේ මස්තකප්‍රාප්තිය ලෙස කිලී මහාරාජා තැත් කරන්නේ තමා ලංකාවට ආයුධ ගෙන්වීමේ ඒජන්තයෙකු ලෙස ස්ථාපිත වීමට ය.

එක්කෝ පිස්සු එක්කෝ දේශද්‍රෝහීන් 

රාජ්‍යයකට එරෙහිව ආයුධ සන්නද්ධව සටන් කළ ත්‍රස්තවාදීන් සමග දීර්ඝ කාලයක් විවිධාකාරයෙන් සහයෝගයෙන් කටයුතු කළ පුද්ගලයෙකුට එරට රාජ්‍යයට ආයුධ ගෙන්වීමට බාර දෙන්නේ නම් එ් රාජ්‍යයේ නායකයන්ට එක්කෝ පිස්සු විය යුතුය. නැතිනම් ඔවුන් දේශද්‍රෝහීන් විය යුතුය. මේ දෙකම නොවේ නම් ඔවුන් රාජ්‍ය නායකත්වයට නුසුදුස්සන් විය යුතුය.

කිලී මහාරාජාට ආයුධ ගෙන්වීමේ ඒජන්ත බලයක් දීමට යෑම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ තැතිගෙන සිටින්නේ එබැවිනි. හමුදා බුද්ධි අංශ වලට එකම එක අවිනිශ්චිත විශ්වාසයක් පමණක් තිබේ. එනම් පැරණි ආරක්ෂක ලේකම්වරයා විසින් නිමල් කුක්ගේ නිවසේ බාල විස්කි බොමින් කළ මේ සාපරාධී කුමන්ත්‍රණය නව ආරක්ෂක ලේකම්වරයා විසින් ව්‍යර්ථ කරනු ඇති බවට තිබෙන බලාපොරොත්තුවයි. මන්ද යත් නව ආරක්ෂක ලේකම් ලෙස පත් කරන ලද හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා යනු නීතිගරුක මෙන්ම වගවීම යනු කුමක්දැයි හඳුනන නම්බුකාර ශ්‍රී ලංකා පුරවැසියෙකු බැවිනි. 

ආයුධ ජාවාරම සහ මාධ්‍ය ජාවාරම එක මිටට

මේ අතර කිලී මහාරාජා ආණ්ඩුව අවුළුවා ලූ යෝජිත ජනමාධ්‍ය නියාමන වැඩ පිළිවෙලට ද පහර දෙන්නේ අන් කිසිවක් නිසා නොව මෙකී ආයුධ ගෙන්වීමේ ඒජන්ත කම රඳවා ගැනීමට ය. 

ලෝකයේ කොතැනකවත් ආයුධ ජාවාරම් කරුවන්ට මාධ්‍ය ආයතන පවත්වාගෙන යෑමට ලයිෂන් දෙන්නේ නැත. මාධ්‍ය අයිතිකරුවන්ට ආයුධ ජාවාරම් කරන්න ලයිෂන් දෙන්නේ ද නැත. එවැන්නක් මීට පෙර සිදුව ඇත්තේ හිට්ලර්ගේ පාලන කාලයේ දී පමණි. එහි ප්‍රථිපලය වූයේ දෙවන ලෝක යුද්ධය යි. දෙවන ලෝක යුද්ධයේ අති බිහිසුනු විනාශයෙන් පසු හැඩ ගැසුණු නව ශිෂ්ඨාචාර ලෝකය මාධ්‍ය ව්‍යාපාරය සහ ආයුධ ව්‍යාපාරය එකට ගමන් කරන්නට ඉඩ දෙන්නේ නැත. මේ බව ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින කිලී මහාරාජා තම මාධ්‍ය ජාවාරමත් සමග ආයුධ ජාවාරමත් එක පීල්ලේ තබාගැනීම සඳහා, ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ සටන් කරන ජනමාධ්‍ය නියාමනයක් අවශ්‍යය යන කාරණයට ආණ්ඩුවේ මැදිහත් වීමට මුළු වැර යොදා පහර දෙයි. මන්ද යත් සැබෑ මාධ්‍ය නියාමනයක දී ආයුධ ජාවාරමත් මාධ්‍ය ජාවාරමත් එකට කරගෙන යා නොහැකි බව දන්නා නිසා ය.

කිලී මහාරාජා ආයුධ ඒජන්තයෙක් වීමට යෑම සම්බන්ධයෙන් රාජ්‍යයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී හමුදා බුද්ධි අංශ තැති ගන්නවා නම් කිලී මහාරාජා ජනමාධ්‍ය ජාවාරමත් ආයුධ ජාවාරමත් එක පීල්ලට ගැනීමට තැත් කිරීම ගැන ජනමාධ්‍ය සංවිධාන සහ සැබෑ ජනමාධ්‍යවේදීන් ද සත්‍ය වැටහෙන්නේ නම් තැති ගන්නවා නිසැක ය. 

-චන්ද්‍ර ප්‍රදීප් -

සබැඳි පුවත්
ගෝඨාගේ මිග් ඩීල් එකට නොදෙවෙනි ඩො.මි. 300 ක යුද නැව් ඩීල් එකක්..! කිලී මහාරාජා තුවක්කු නැති යුද නැවක් කරේ ගහයි..! ටෙන්ඩර් පටිපාටි කිසිවක් නෑ..! රුවන් විජේවර්ධනත් නමේ ගූ ගා ගනී..!

මෛත්‍රීගේ රුසියානු සංචාරයේ රාත්‍රී භෝජනයේ ‘තැතිගත් කළු බැටළුවෝ‘...! මහාරාජාගේ ඩො.මි. 300 යුද නැව් ඩීල්කාරයෝ මොස්කව්හිදී මාට්ටු..!!

---------------------------
by     (2017-07-17 04:05:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Stop procurement of arms to SL altogether.
-- by anonymous on 2017-07-17

This is what we the people of Sri lanka wanted from media. All other media must be boycotted and only Lankaenews must follow if we want to make the changes we wanted on 8th january.
-- by Gamini on 2017-07-17

කිලී මහාරාජා ආයුධ ඒජන්තයෙක් වීමට යෑම සම්බන්ධයෙන් රාජ්‍යයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී හමුදා බුද්ධි අංශ තැති ගන්නවා නම් කිලී මහාරාජා ජනමාධ්‍ය ජාවාරමත් ආයුධ ජාවාරමත් එක පීල්ලට ගැනීමට තැත් කිරීම ගැන ජනමාධ්‍ය සංවිධාන සහ සැබෑ ජනමාධ්‍යවේදීන් ද සත්‍ය වැටහෙන්නේ නම් තැති ගන්නවා නිසැක ය.
-- by Sena P on 2017-07-17

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links